Monday, August 08, 2016

විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද?

බල්ලොත් එක්ක බෑ කියන්නේ මෑත කාලයේ වැඩියෙන්ම බැණුම් අහපු වැඩියෙන්ම බලපු නාට්‍යය....




ඒක සාර්ථක වෙන්න අන් සියල්ලට වඩා ප්‍රධාන හේතුව වුණේ අතිවිශිෂ්ඨ නළුවන් දෙන්නෙක්. ගිහාන් ප්‍රනාන්දු සහ විජය නන්දසිරි...

එතුමා, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් වගේ නිර්මාණ හරහා ටෙලිනාට්‍ය වල වෙනම මාක් එකක් ඔහු තිබ්බා.

අනෙක් අතට සිකුරු හතේ කියන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්.... ඒකෙන් විජය නන්දසිරිගෙන් චිත්‍රපටියක් ගොඩදාන්න පුළුවන් කියලා ඔප්පු වුණා.... හරහට වැටිලා කෙළින් නැඟිටින බන්දුලාගේ දැනියෙල් මිගෙල්  ජෝක් රහවිඳලම අපුල වෙලා හිටපු අය විජයගෙ ජෝක් බලන්න ගියා.... නිං හන්තර්, කෝ මාක් නෝ මාක්, සුහද කෙකා, මගෝඩිගෝඩයි වගේ විජය නන්දසිරි තමන්ගේ සිනමා රැල්ලක් හදාගත්තා...

ඒත් අන්තිමට ඔහු කරලා තියෙන්නේ මොකක්ද? බඩ මහත පන්තියක් පීඩිත මිනිසුන්ව අමතක කරපු ලෝකයක විහිළු භාණ්ඩයක් බවට පත්වෙලා ඔහු හිටියා... ඔහු සටන් කළේ නැහැ.... භීෂණකාරී යුගයක ඔහු නිහඬවම හිටියා....

අතිවිශිෂ්ඨ අසමසම රංගන ශිල්පියා විජය නන්දසිරි පරමාදර්ශයක් නෙවෙයි...



ප්‍රියංකර රත්නායක එක්ක මෑත දවසක සෑහෙන සාකච්ඡාවක හිටියා. ඊට ටික දවසකට කලින් ගිහාන් ප්‍රනාන්දු එක්කත් කතා කළා. ඒ විතරක් නෙවෙයි සරත් කොතලාවල එක්කත් දිග ඉන්ටවීව් එකකදී කතා කරන්න ලැබුණා.

මේ අය එක්ක කතා කරද්දී මං ඇහුව දෙයක් තමයි මෑත කාලයේ විශිෂ්ඨ නළුවෝ සෑහෙන පිරිසකට විකට ටෙලිනාට්‍ය, විකට නාට්‍ය සහ විකට චිත්‍රපටි ඇතුළේ හිරවෙන්න වෙලා තිබුණු හිරවීම. ඒවා කරන්න ඔවුන්ට සිද්ධවෙලා තිබුණේ එදිනෙදා යමක් හොයාගන්නට. සම්භාව්‍ය නිර්මාණ ඒ දක්ෂයන්ට නොලැබුණා විතරක් නෙවෙයි ඉඳහිට හැදෙන එවන් නිර්මාණ වලින් එදිනෙදා ජීවත්වෙන්නවත් ඔවුන්ට ආදායමක් ලැබුණේ නැහැ.

ඒ කතාවේදී මේ හැමෝම කතාකළා විජය නන්දසිරි ගැන. ඔහු වගේ ප්‍රතිභාපූර්ණයෙක්ට විකට නාට්‍ය වල හිරවෙන්න වීම ගැන.




දැන් විජය නන්දසිරිම මිය ගිහින්....

මේ හදිසියේ ඔහු ගැන මොනවා ලියන්නද? හෙට අනිද්දා වෙද්දී ඔහු ගැන පත්තර පිටු ගණන් ලියැවේවි. ටීවි එකේ වාර්තා වැඩසටහන් කරාවි.

හෙට ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ගිරිරාජ් කෞෂල්‍ය වගේ නළුවන්ටත් උරුම මේ වගේ අනාගතයක්ද?

මනමේ කුමාරයා සිය ජීවිතය සුහද කොකා ලෙස අවසන් කළා....

මෙය කලාවේ ඛේදවාචකයක ප්‍රථිඵලයක් කියලා කියන්න පුළුවන්....

ඒකේ තවත් කෑල්ලක් තියෙනවා... (සමාවෙන්න විජය නන්දසිරි)

ඔහු රංගනයේ අතිවිශිෂ්ඨ බව ඇත්තයි... එහෙත් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින්නට ඔහු සටන් කළ ප්‍රමාණය තවත් මදි... විජය නන්දසිරිලාත් කලාවේ ඛේදවාචකයේ ගොදුරු බවට පත්වුණා මිස ඔවුන් ඒකට විරුද්ධව සටන් කරන්නට පෙළඹුනා මදි කියලයි හිතෙන්නේ....

වෙනස කිව්වේ මහින්ද මෛත්‍රී ආණ්ඩු මාරුව වගේ හිංචි පිංචි වැඩ නෙවෙයි... ඒවාට සම්බන්ධ වීම හෝ නොවීම එයාගේ පෞද්ගලික කාර්යයක්....  (දැන් වෙනස කිව්වාම ඒ බයිලාවම තමයි මතක් වෙන්නේ)


‘‘දෙස්‌ විදෙස්‌ ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවයත්, නොයෙක්‌ ස්‌ථානවලදී ලැබූ සම්මාන සහතිකත් හැරුණු කොට වෘත්තීය මට්‌ටමේ කලාකරුවකු වන මට කිසිදු රජයකින් ලැබුණු විශේෂිත වූ කිසිවක්‌ නැහැ. අත පය හයිය තියෙන කම් මේ සෙල්ලම් පෙන්විය හැකි වුවත් වයසට යමින් පවතින මා වැනි බොහෝ කලාකරුවන්ට අද කිසිදු හව්හරණක්‌ නැති බව සිහිපත් කළ යුතුයි. අපේ රටේ කලාකරුවන්ගේ අනාගතය ඇත්තටම හරිම ශෝචනීයයි. අපට පැන්ෂන් එකක්‌වත් නැහැ. ඒ වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කිරීමට කිසිදු රජයක්‌ මැදිහත් වුණු බවක්‌ පෙනෙන්නටවත් නැහැ.‘‘


මේ දිවයිනට ඔහු කී කතාවක්.....



‘‘මේ දිනවල මම වේදිකා නාට්‍යය කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ‘මල්වඩම් අනවශ්‍යයි’, ‘බල්ලොත් එක්ක බෑ’ නාට්‍ය එක්ක මම රට වටේම යනවා. සමහරු අහනවා ඇයි අලුතින් වේදිකා නාට්‍යයක් කරන්නේ නැත්තේ කියලා. 2016 අවසන් වෙනකල් එක සති අන්තයක්වත් හොයා ගන්න නෑ මට. දින වෙන් කරගෙන තියෙන්නේ නාට්‍යය සඳහා.‘‘


මේ අද පුවත්පතට ඔහු කී කතාවක්...

ප.ලි. - මං උඩින් කී කතා ඔහුට අසාධාරණයක් අගරුවක් වෙන්න පුළුවන්... ඒත් පරමාදර්ශවත් දැවැන්ත චරිතවත් රැකගෙන මොනවා කරන්නද? මං නොදන්නා සටනක් විජය නන්දසිරි කරලා තියෙනවා වෙන්න පුළුවන්... අවසාන වශයෙන් ඔහුව මං ඇතිවෙන්න රසවිඳලා තියෙනවා... ඔහු විප්ලව කරන්නවත් වෙනස්කං කරන්න ඕනෙවත් කියලා නීතියක් නැහැ... ඔහු කාටවත් ණය නැහැ... ඔහු විශාල කැපකිරීම් එක්ක මහන්සි වෙලා වැඩ කරපු කලාකාරයෙක්...

46 comments:

  1. //අත පය හයිය තියෙන කම් මේ සෙල්ලම් පෙන්විය හැකි වුවත් වයසට යමින් පවතින මා වැනි බොහෝ කලාකරුවන්ට අද කිසිදු හව්හරණක්‌ නැති බව සිහිපත් කළ යුතුයි. අපේ රටේ කලාකරුවන්ගේ අනාගතය ඇත්තටම හරිම ශෝචනීයයි// මැරෙන්න කලින් එයාම කියල තියෙනවා කියන්න ඕනි ටික..

    සුභ ගමන් මහත්මයාණෙනි!

    ReplyDelete
  2. බුකියේ කියවෙන සමහර දේ දැක මා ලියන්න ගියේත් මේ කාරණාම තමයි.

    ඇත්ත තිත්තයි.

    මනමේ කර කර හිටියා නම් විජය නන්දසිරි මැරුණා කීවම කවුද ඒ කියලා අහයි

    ReplyDelete
  3. කලාකරුවන්ගේ පමණක් නොව අපේ රටේ බොහෝ දෙනෙක්ගේ අවසාන භාගය අතිශෝචනීයයි... මුල් හා තරුණ භාගයත් ලොකුවට කියන්න හොඳක් නැනේ.. මේ පුවත් දැකලා දැන් ටිකක් වෙලා.. දින 20ක් වයසැති ළදරුවෙක් ගෙයක ගේට්ටුවක් ලඟ දාලා ගිහින් කියලත් මේ පුවත එක්කම කියවන්න ලැබුනා.. ඇත්තටම හිතා ගන්න බැරි උනා මේ පුවත් දෙකම..

    ReplyDelete
  4. විජය නන්දසිරි හාස්‍ය චරිත නොකලනම් උබ මේවගේ පෝස්ට් එකක්වත් දාන්නෙ නෑ. මාළිගාවත්තෙ ප්ලැට් වල දුප්පත් ජීවිතයක් ගතකරපු විජය යම් වත්කමක් සහිත පුද්ගලයෙක් වුණේ හාස්‍ය රංගනය නිසයි. නළුවො විප්ලව කරන්න ඕන කියල හිතන් ඉන්න එක ලංකාවෙ ගොන් වාමාංශිකයන්ගෙ තියෙන අදහසක්

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගොන් වාමාංශිකයො කොරපු විප්ලවේ මොකක්ද?
      ඒත් උඩුවා කියන්නෙ ඔය කියන විප්ලවයක් ගැන නෙවෙයි.
      //වෙනස කිව්වේ මහින්ද මෛත්‍රී ආණ්ඩු මාරුව වගේ හිංචි පිංචි වැඩ නෙවෙයි... ඒවාට සම්බන්ධ වීම හෝ නොවීම එයාගේ පෞද්ගලික කාර්යයක්.... //

      Delete
  5. ඔහුගේ රංගනයන් රස විඳි කෙනෙක් ලෙස ඔහුගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය උපරිමයෙන් සිදු කල පුද්ගලයෙක් හැටියට පමණයි මට පෙනෙනේ. මහතාණෙනි ඔබට නිවන් සුව.

    ReplyDelete
  6. ඔහු විප්ලව කරන්නවත් වෙනස්කං කරන්න ඕනෙවත් කියලා නීතියක් නැහැ... ඔහු කාටවත් ණය නැහැ... ඔහු විශාල කැපකිරීම් එක්ක මහන්සි වෙලා වැඩ කරපු කලාකාරයෙක්..

    ReplyDelete
    Replies
    1. මට කොහොමත් තේරෙන්නෙ නෑ කලා කාරයින්ගෙන් විප්ලව හා පණිවුඩ බලාපොරොත්තු වෙන එක සහ එහෙම කරනවයි කියන අය අන් කලාකාරයින්ට වඩා උසස් කියල හිතන එක.
      වෘත්තිමය කලාකාරයෙක් කරන්න ඕනෙ සාර්ථකව කලාවෙන් වින්දනයක් ලබා දෙන එක.
      පණිවුඩයක් දෙන්න ඕනෙ නම් දීපු දෙන්, එය ලැබෙන අයට ලැබුන දෙන්. ඒත් මූලික කාර්‍යය ඒක නෙමෙයි. ඒක නැතිවුනයි කියල අගය අඩු වෙන්නෙ නෑ

      Delete
    2. ප්‍රා ජේ, බනිස් ගෙඩියට සීනි දාන්න ඕනැමයි කියල නීතියක් නෑ. ඒත් ගල් බනිස් ගෙඩියට වඩා සීනි බනිස් රසයි.

      Delete
    3. එතකොට වික්ටර් රත්නායක ගල් බනිස් ද සීනි බනිස්ද?

      Delete
    4. Pra Jay oya kiyana eththa kathawa me rate inna bahutharayak denata wisheshayen ugath kiyala hithagena inna ayata therenne ne. Kalakarayek karanna one thamange rasikayanta vindanayak labadena eka misak wena deyak newei. Vijaya eka therum aran hitiya kiyalai mama hithanne. Ohuge prathibhawa apathe giya kiyana ekanam eththa.

      Delete
    5. Pra Jay oya kiyana eththa kathawa me rate inna bahutharayak denata wisheshayen ugath kiyala hithagena inna ayata therenne ne. Kalakarayek karanna one thamange rasikayanta vindanayak labadena eka misak wena deyak newei. Vijaya eka therum aran hitiya kiyalai mama hithanne. Ohuge prathibhawa apathe giya kiyana ekanam eththa.

      Delete
  7. කලාකාරය විප්ලව කාරයෙක්ම විය යුතුද? විප්ලවය... ඕක එක විදිහක මත්වීමක්. එහෙම මත්වෙච්ච කෙනා හිතන්නෙ කලාකාරයයි පූජකයයි මුදලාලියි දේශපාලකයයි ගුරුවරයයි ශිශ්‍යයයි හැම එකාම විප්ලවකාරයෙක් වියයුතුයි කියලද? මොකක්ද ඔය කියන විප්ලවය මේ ලෝකෙ කොහෙද එහෙම එකක් තියෙන්නෙ? විජය කලාවට සේවයක් කලා වගේම විජය ජීවත් වෙන්න ඕනිත් කලාවෙන්මයි. ඒක එයාගෙ වුර්තිය.

    ReplyDelete
    Replies
    1. කරුණාකරලා මං ප්‍රා ජේ ට දාපු කොමෙන්ට් එක බලන්න.

      Delete
  8. මොකක් විජය නන්දසිරි මියගිහින්??
    අයියෝ මේක කියෝල ඉවර වෙලා පත්තෙරෙන් බලලා කන්ෆර්ම් කර ගත්තේ.
    මට අනුව නම් ඔහු අපූර්ව රන්ගන ශිල්පියෙක්.
    කරාකාරයෝ සමාජය වෙනස් කරන්න කියලා බෝඩ් උස්සගෙන හෝ හයි ප්‍රෙෂර් වතුර පාරවල් කන්න වෙන පිකට් වලට යන්න ම ඕන නෑ . .
    එතුමා - සුහද කොකා වගේ නිර්මාන හරහා තිර රචකයා උපරිමයෙන් මනසින් නිරුවත් කරපු මැති ඇමතිලා ගේ චරිත උපරිම තාත්විකබවෙන් රඟපාලා මැති ඇමැතිලා ගැන මද්‍යස්ථ මත දරපු උන්ගේ ආතල් කුඩු කිරීම හෝ උන්ව අනුකම්පාවට ලක් කිරීම ම විජයගේ විප්ලවයක් කියලා මම හිතන්නේ

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මමත් විජය නන්දසිරිව රස විඳලා තියෙනවා "දෙයියොත් දන්නේ නැහැ"නාට්‍ය තුලින්ඒ. වගේම ගිහාන් ප්‍රනානදුවත් රස විඳලා තියෙනවා "චරිතේ හොරු අරන් " නාට්‍යාවෙතින්.හැබැයි දෙන්නා එකම වේදිකා නාට්‍යක චරිත නිරුපණය කරනවා දැකලා නැහැ.

      //මනමේ කුමාරයා සිය ජීවිතය සුහද කොකා ලෙස අවසන් කළා.//

      මේතැනදී විජය නන්දසිරිට විතරක් චෝදනා කල නොහැකියි.රසිකත්වය විවිධයි.බහුතර රසික ඉල්ලුමක් තියෙන නිර්මාණ තමයි නිර්මාණකරුවෝත් කරන්න බලන්නේ.ඒ නිර්මාණ පිටුපස්සේ වාණිජ අරමුණු අනිවාර්යෙන් තියෙනවානේ.සම්භාව්‍ය වුනත් ආර්ථිකමය වශයෙන් පාඩු ලබන නිර්මණයකට මුදල් යොදවන්න කැමති නිෂ්පාදකයෝ ඉන්නවාද?අනිත් අතට එවැනි දුවන්න බැරි නාට්‍යක රඟපාල නිර්මාණකරුවෝ තමන්ගේ ජිවිතේ අවසාන කාලයේ රජයෙන් යැපෙන්න බලන් ඉන්න ඕනද? විජය නන්දසිරි තමන්ට ගෙවිමක්,මිලක් තියෙන නාට්‍යවල රඟපෑවා.ඔහු ආණ්ඩුවෙන් අපිට අරවා දුන්නේ නැහැ.මෙව්වා දුන්නේ නැහැ කියනවාට වඩා තමන්ගේ හැකියාවෙන් යමක් උපාය ගැනීමයි වඩා වැදගත් වෙන්නේ.

      Delete
  10. ඔබතුමා ඔය කියන සටන් කිරීම කියන්නේ කාටවත්ම තේරෙන්නේ නැති, එකාගේ එකාගේ මුණු බලාගෙන විරෝගෙන නියෝගෙන ඉන්න සම්භාව්‍ය කෘති වල රඟපෑම නම් විජය නන්දසිරි කියන්නේ පොරක් නෙවෙයි.
    එහෙමත් නැත්නං ඔබතුමා ඔය කියන්නේ මොකක් හරි පක්ෂෙකට ඒ කියන්නේ රතු නිල් කොළ වගේ පාටකට කඩේ යෑම නම් විජය නන්දසිරි කියන්නේ පොරක් නෙවෙයි
    නැත්නං හැමදාම මොකක් හරි මගුලක වැරද්දක්ම හොය හොය, දිව්‍ය ලෝකෙ ගෙනල්ල ඉස්සරහින් තිබ්බත් අයියෝ පඬුපුල් ආසනේ උනුයිනේ කියන එක නං විජය කියන්නේ පොරක් නෙවෙයි.
    මටනං විජය නන්දසිරි කියන්නේ පොරක්. නිකන්ම නිකම් මනුස්සයෙක් නෙවෙයි මාර පොරක්.
    මනමේ බලලත් මිනිස්සු වින්දනයක් ලබනවනං, සුහද කොකා බලලත් මිනිස්සු වින්දනයක් ලබනවා නං මොකද්ද සුහද කොකාගේ ඇති වැරැද්ද. ඒක ප්‍රබුද්ද මදිද?
    සාමාන්‍ය මිනිස්සුන් දවස පුරාම ඉන්නේ සටන් කරලා තමයි මහත්තයෝ. ඒ මිනිස්සුන්ට ටීවී එක ඉස්සරහ ඉඳන් සම්භාවය කුණුහරුප තේරුම් ගන්න සටන් කරන්න තරන් පණක් ඉතුරු වෙලා නෑ රෑ වෙනකොට. ලෑලි උස්සගෙන සමාජ අසාදාරනෙට විරුද්දව සටන් කරන වීරයෝ වගේ නෙවේ. ඒ මිනිස්සු ඉන්නේ පවුල් නඩත්තු කරන්න සටන් කරලා. එහෙම මිනිස්සුන්ට විජය නන්දසිරි කියන්නේ ප්‍රශ්න අමතක කරවපු , එහෙම නැත්තන් පොඩි වෙලාවකට හරි හිනා වෙන්න හේතුවක් හදල දුන්නු මනුස්සයෙක්. පවුලේ හැමෝම එකට වාඩි වෙලා එතුමා රඟපාපු ටෙලි නාට්‍ය , චිත්‍රපටි බැලුවා. හිනා උනා. ඒවා ගැන කතා කලා.
    මට නං විජය නන්දසිරි කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලා කරුවෙක්. ඔහු මිය ගියා කියල දැනගත්තු වෙලාවේ ඉඳල ඉන්නේ හරිම දුකෙන්. විස්වාස කරන්නත් අමාරුයි

    ReplyDelete
  11. මම විජය නන්දසිරිව මම මුලින්ම දැක්කේ සයිමන් නවගත්තේගමගේ 'සුබ සහ යස' නාට්‍යයේ. මට මතක හැටියට මහ අැමති.... මේ ලඟදි බැළුවා සුහද කොකා.
    තැනක දෙකක දැක්කා, සමහරු චෝදනා කරනවා විජයට විකට නළුවෙක් කියන එක හරි නෑ කියල. මේ සටහන විජය සටන් නොකල නලූවෙක් කියනවා. මට හිතෙන්නේ නම් විජය සටන් කිරීමේ ජෝක් එක තේරුම්ගත් නළුවෙක් කියලායි.

    ReplyDelete
  12. විජය නනද්සිරි සමුගැනීම අප හැමටම මහත් ශෙෘ්කයක්

    ReplyDelete
  13. විජය නන්දසිරි අති දක්ෂ කලා කාරයෙක්. ඔහු සිංහබාහු, මනමේ නාට්‍ය වල රඟපාමින් පෙන්වූ දක්ෂතාවය අති විශිෂ්ටයි. පසු කාලයේදී නොකියා ෆෝන් කාරයා වගේ නොඉඳ විජය ස්මාට් ෆෝන් යුගයට මාරු වුනා. ඒත් ඔහු එතැනදිත් අනභිබවනීයයි. ඔහුගෙ චරිතය පරමාදර්ශී නොවන බව ඇත්ත. ඒත් ඔහු පූජනීයයි.

    ReplyDelete
  14. මම ඔය අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නෙ නෑ. උදාහරණයකට "සුහද කොකා". පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී නොහිටියට පීඩිත පන්තිය තලන පෙලන කපටි දේශපාලකයින්ව හාස්‍යයට ලක් කිරීමක්නෙ කරන්නෙ. සෘජුවම මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොහිටියට කල කරුවෙක් හටියට ඔහු කලකරුවෙකු වශයෙන් ඔහුගෙ කාර්ය භාර්‍යය ඉටු කරලා තියෙනව කියල මගේ වැටහීමට අනුව තෙරෙන්නේ

    ReplyDelete
  15. කලාකරුවො සමාජ ශෝධනය /සමාජ සටන් කරන්න ඕන කියන එක අද කාලෙ වෙනකොට කොයි තරම් වලංගුද? අද වෙනකොට කලාවත් එක රැකියාවක්.ඒක නිසා ඔය ගෙවල් නෑ පෙන්ෂන් නෑ කියන කන්කෙඳිරි අද වෙනකොට අදාල නෑ වගේම කලාවෙන් සමාජ විප්ලව කරන ෆැන්ටසිත් අදට අදාල නෑ.කලාවෙන් සමාජ විප්ලව කරන්න ගියපු කපුගේ මහත්තෙයට බඩ වියත රැක ගන්න සන්ෆ්ලවර්ස් ලට සින්දු විකුණන්න උනා.මං නම් ඒකට කැමතියි.කැම්පස් වල දොරවල් වහන් අහපු කපුගේ මහත්තෙයව ත්‍රීවිල් බෆල් වලිනුත් ඇහෙන්න පටන් ගත්ත.බස් අජිත් අහනවට වඩා කපුගේව සන්ෆලවර් එක්ක හරි අහන එක මට නම් සැපයි.අද වෙන කොට එදා කපුගේල මුහුණ දීපු තත්වය තවත් ඉදිරියට ගිහින්.කැම්පස් වල , වේදිකා නාට්‍ය හෝල් වල දොරවල් වහන් බලපු විජය නන්දසිරිව සුහද කොකා නැත්නම් එතුමා එක්ක කහටගස්දිගිලියේ ඉඳන් වනාතෙ වෙනකන් ටීවී පෙට්ටිවලින් පේන්න ගන්නව.බස් අජිත් පන්නයේ විහිලු කතා බලපු මිනිස්සුන්ට සන්ෆලවර් නාට්ටියක හරි කපුගේ පන්නයේ රඟපෑමක් දකින්න පුළුවන් වෙන්නෙ විජය නන්දසිරි කියන නළුවා ඇති කරපු රැල්ලත් එක්ක.ඔහු මැරෙන්නෙ ලංකාවෙ අංක එකේ විකට නළුව විදිහට.ඔය කරපු විප්ලවේ මදැයි?

    ReplyDelete
  16. මම හිතන්නේ මේ උඩුවා කියන්න හදන්නේ කාලාන්තරයක් තිස්සේ අගාධයකට ඇදවැටෙන අපේ රටේ කාලාව ගැන වෙන්න ඕන. එහෙම නැතුව මේ දැන් මිය ගිහින් ඉන්න කලාකරුවා ගැන නෙමේ. කලාව කර්මාන්තයක්/ තවත් එක් රැකියාවක් වීමේ ප්‍රතිවිපාක ගැන කතා කරන්න හිතෙන්නේ ගොඩක් වෙලාවට කලාකාරයෙක් බරපතල ලෙස අසනීප උනාම ( නාමල් උඩුගම ) එක්කෝ මිය ගියාම නැත්නම් කාත් කවුරුවත් නැතුව අසරණ උනාම. ඒකත් රැල්ලක් වෙලාද මන්දා...මේ මට හිතුනු දේ.

    ඇත්තමට කලාවෙන් මූදල් හම්බකිරීම තමන් ගොඩ යාමට භාවිතා වීම වෙන්නෙ ඇයි, එය නැවැත්විය හැකිද ? එහෙම කලොත් කලාකරුවා කියන අපි වගේම අවශ්‍යතා තියන සාමාන්‍ය මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද... මට හිතෙන්නේ අපි තාම ඉන්නේ මුල. මුල ඉදන් අගක් ගැන කතා කිරිම හරියට ගඟට ඉනි කැපිමක් වගෙයි මට හිතෙන්නේ. ඒ ඒ පුද්ගලයා තමාට හැකි පමණින් තනිව ගොඩ නැඟි කරන්නාවු මෙහෙය පිටුපස බරපතල ඛෙදවාචකයක් හැංගිලා හොල්මන් කරන්නේ කලාකරුව පිටිපස විතරක් නම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. \\...පුද්ගලයා තමාට හැකි පමණින් තනිව ගොඩ නැඟි කරන්නාවු මෙහෙය පිටුපස බරපතල ඛෙදවාචකයක් හැංගිලා හොල්මන් කරන්නේ කලාකරුව පිටිපස විතරක් නම් නෙමේ...// ඔන්න ඕක තමයි ඇත්ත. සිරාවටම. එකෙන්ම එකගයි

      Delete
  17. මචන්, ඕනෑම දෙයක් දෙවිදියකට දකින්ට පුලුවන් උනත් මේ පොස්ට් එකේ තිබ්බ දේවල් වලින් පුදුම උන. මේ මනුස්සය හැකියාවෙන් ඩිමාන්ඩ් කරලා හොඳට හම්බකරගෙන කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ද නොවී ජිවත් උන නිසා පරමාදර්ශ නැහැ කියල කියනවනම් එක පට්ට විහිළුවක්. දැන් ඔය කියන විදිහට කලාකරයන්ටත් ආණ්ඩුවෙන් සලකන්න කියනවනම් එකත් පට්ට ජෝක් එකක්. ලංකාවේ කවුද නිකන් කලවුර්තියේ යෙදෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් හම්බකරන දවස්වල ඔවුන් අනාගතය ගැන හිතන්නේ නැතිව බීල බීල සුදු කෙලල බඩු ගහල සේසතම නැතිවෙලා අන්තිමට වයසට ගියහම කියනවා අපි කලාකාරයෝ අපි දැන් අසරණයි කියල. ඒ අතින් විජය අනාගතය කලින් දැකල කොන්ද පන ඇති කලාකාරයෙක් විදිහට ලෝකෙට බරක් නොවී පවුලේ අනාගතයත් ආරක්ෂා කරලා සමුගත්ත එකම ඇති විශේෂ සම්මානයක් දෙන්න. අනික ඔය දේශපාලන වැඩ කරල පක්ෂයකට පක්ෂව මැරිලා ගියානම් අර පැරා ලියල තිබ්බ වගේ කොටසක් දුක් වෙයි තවත් කොටසක් සන්තෝස වෙයි. එකෙන් වෙන්නේ මැරිච්ච මිනිහව තව තවත් චාටර් වෙන එක. අනික කලාකරයෝන්ටයි දොස්තරලා ටයි දේශපාලකයෝන්ටයි අරුන්ටයි මුන්ටයි ගොවියෝන්ටයි ඔක්කොන්ටම ආණ්ඩුවෙන් සැලකුම් ලැබෙනවානම් සාමාන්‍ය ජනතාවට ආණ්ඩුවෙන් විශේෂ සහන අරුන්ට වගේ නොලැබෙන්නේ උන් ඔපපාතිකද කියල තමයි මටනම් අහන්ට වෙන්නේ. අනික අවසාන වශයෙන් උබත් ඔය ජනමාද්‍ය වුර්තිය රට හදන්ට සමාජය ගොඩනගන්න කියන පරමාර්ථයෙන් කරනවානම් මට කියන්න තියෙන්නේ කොහොමහරි සල්ලි වලින් ගොඩයන්ට ක්‍රමයකුත් හදාගනින් මචන් කියලයි. මොකද ලංකාවේ ඔය පරමාදර්ශී සිස්ටම් එක කවදාවත් හරියන්නේ නෑ මචෝ.

    ReplyDelete
  18. Great all of you have touch surface ,Wijaya must have had very good relationship with different intellectuals but he was line up with praising MR ,sometimes he might have thought during his period it was good to praised him for his survival. however we all have to answer "What happens to PRINCE MANAME to go down till "Suhadakoka"was it "question of ART or something else?

    ReplyDelete
  19. මේක සුළු දෙයක්
    මෙයා මේ කියන්නේ, විජය නන්දසිරි සිංහලයාගෙන් දෙමලාට වූ දරුණු අසාධාරණය ගැන මොනවාහරි කිව්වෙ නෑ කියලා

    ReplyDelete
  20. ගෝත්‍රික සමාජයක ප්‍රබුද්ධ කළාවක් බලාපොරොත්තු වෙන්න එපා.

    විජය නන්දසිරිගේ අඩුව දැනෙන්නේ දේවිකා මිහිරාණිට විතරයි..

    රටේ මහ එකාගේ ඉඳලා බස් එකට නගින හිඟන්නා දක්වා ඉන්නේ විජය නන්දසිරිලා තමයි.

    ReplyDelete
    Replies
    1. විජය නන්දසිරිලා නෙවී උන් පින්පොන්ලා නැත්තං ටෙනිසන් කුරේලා

      Delete
  21. කලාකරුවා ඔහුගේ නිර්මාණ හරහා සමාජයේ ඉදිරි ගමනට දායකත්වයක් දෙයි නම් වඩා හොඳය. ඔහු එසේ නොකරයි නම් ඔහු නරක විය නොහැක මන්ද යත් ඔහුගෙන් අප මූලිකව බලාපොරොත්තු විය යුත්තේ රඟපෑමයි. ඉන් ඔබ්බට ගිය දේශපාලනික කාර්යයක ඔහු නියලේද නැද්ද යනු ඔහුගේ පෞද්ගලික කාරණයකි.

    ReplyDelete
  22. තුන්වන දේශපාලන බලවේගයේ දැවැන්ත චරිතයක් වූ (අපට නම් එදාත් එසේ වුයේ නැත )වීරසන්ගිලි පනික්කියා අදහාගෙන සිටි අයට පසුව කුමක් සිදුවීද?

    ReplyDelete
  23. ඔහු නිර්දේසපාලන සත්වයෙකු නොවේ...
    මනෝරත්න, දිද්දෙනිය, ශ්‍රියන්ත, ලාල් කුලරත්න ආදී කලාකරුවන් සාමාජිකත්වය දරන අසූවේ කන්ඩායමේ සාමාජිකයෙකි!

    ReplyDelete
  24. VIJAYA SATAN KALA UTHUDA ...OW VIJAYA SATAN KALA DIGU KALEENA ROGAYAK EKKA JAEWETHAYA GEWAMIN BIRIDAY DAROWO DENNAY EKKA JEWETHAYA JAYA GANNA SATAN KALA
    UDUWA'' KIYANA SATANA MOKAKADA ...DAROWO BIRIDA BADAGINNE THIYALA ...BORU VIPLAWA KARAN EKADA ...EHEMA NETHINAMA SAMBAWAYA KIYAN ANDABOOTHA NIRMANA WALTA WITHARAK PENEE IDALA RETATH NOKA LUMBINIYE IDAN PAYIN GEDARA YANA EKAD...WIJAY SATAN KALA EKA DIGATA WEDA KALE ...API HEMOTAMA THIYENA ANAGATHA BAYA WENUWEN...MATA ANUWA WIJAYA KALA KARUWEK APITA WINDANAYA GENA DUN SEBE KALA KARUWEK OBATA NIWANSUWA

    ReplyDelete
    Replies
    1. ///විජය සටන් කලා උදිත...ඔව් විජය සටන් කලා දිඟු කාලීන රෝගයක් එක්ක ජීවිතය ගෙවමින් බිරිඳ , දරුවෝ දෙන්නා එක්ක ජීවිතය ජය ගන්න සටන් කලා..උඩුවා කියන සටන මොකද්ද ... දරුවෝ බිරිඳ බඩගින්නේ තියලා.. බොරු විප්ලව කරන එකද ... එහෙම නැතිනම් සම්භාව්‍ය කියන අන්ධබූත නිර්මාණ වලට විතරක් පෙනී ඉදලා රැටත් නොකා ලුම්බිනියේ ඉඳන් පයින් ගෙදරට යන එකද...විජය සටන් කලා එක දිඟට වැඩ කලේ... අපි හැමෝටම තියෙන අනාගත බය වෙනුවෙන්...මට අනූව විජය කලාකරුවෙක් අපිට වින්ඳනය ගෙන දුන් සැබැ කලා කරුවෙක්, ඔබට නිවන්සුව...///

      මේ comment එක හිතට දැනෙන්න ලියලා තියන නිස මට මේ දේ කරනන හිතුනා.

      Delete
  25. මමත් හරි ආශාවෙන් සිකුරු හතේ සහ සුහද කොකා බැලුවා. මිනිස්සු හිනස්සවන්න කුණුහරුප අවශ්‍යම නෑ. විජය නන්දසිරි තමන්ගේ දක්ෂ රඟපෑම මගින් ඒක අපට පෙන්නුවා... අපිත් තරුණ කාලේ හිතුවේ ඔය තරිඳු කියන්නා වගේ තමයි.. ඒත් ශ්‍රී ලංකික සමාජයේ බහුතරයක් අතරට යන්න පුළුවන් "ජනප්‍රිය " තලයේ වැඩ වලින් බව නිහාල්, විජය පමණක් නොව ගුණදාස කපුගේ පවා පෙන්වලා තියෙනවා.. මේ අය කිසිවෙකුගේ දක්ෂතාවය ඒ නිසා අඩුවුණේ නෑ..

    ReplyDelete
  26. බොහෝ නළු නිලියන්ට දේශපාලනයක් තියෙනවා. මමනම් හිතන්නෙ විජේ නන්දසිරිටත් දේශපාලනයක් ඇති. ඒත් ඔහු වාමාංශිකවත් ප්‍රගතිශීලී කෙනෙක්වත් නෙවෙයි කියල තමයි පේන්නේ. ඔහු රඟපෑ චරිත වලත් යම් සම්ප්‍රදායික බවක් තියෙනවා.

    ReplyDelete