Friday, June 22, 2018

උතුරේදී කොටියෙක් මරා සැමරීම

තිරිසන්නු. ජීවිතයක වටිනාකම පිළිබඳ දැනුමක් නැති, හැඟීම නැති ජීවීන්. ජීවත්වීමේ සටන වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් අය. 

මනුෂ්‍යයෝ. සතුන්ට වඩා උසස්යැයි පිළිගැනෙන ශිෂ්ඨ ජීවීන්. ඇතැම්විට සොබාදහම අනවශ්‍ය විදියට පාලනය කරමින් ජීවත්වීමට අපට වරමක් ලැබුණායැයි අපි හිතන්නේත් අපි තිරිසනුන්ට වඩා ශිෂ්ඨ යැයි සිතන නිසා වෙන්න ඇති. 



මනුෂ්‍යයෙක් මනුෂ්‍යත්වය යැයි අපි හිතන, ශිෂ්ඨයැයි සිතන ඇගයීම්වලට පිටින් මොනවාහරි කළොත් අපි ඒ මනුෂ්‍යයා තිරිසන් වැඩක් කළායැයි කියනවා. ඇතැම්විට තර්ක බුද්ධියක් නැති, ශිෂ්ඨත්වය නොතේරෙන සතෙක් කරනවාටත් වඩා එවැනි ක්‍රියාවක් මිනිසෙක් කිරීම අශිෂ්ඨයැයි තර්ක කරනවා. 

කිලිනොච්චියේදී තිරිසනෙක්ව ඝාතනය කළ මිනිසුන්ව මිනිසුන් විසින් තිරිසනුන් ලෙසම හඳුන්වන්නේ ඒ නිසා විය හැකියි. මා පෞද්ගලිකව ඒ ඝාතනය පිළිබඳ වීඩියෝව බැලුවේ නැහැ. එවැනි වීඩියෝවක් නරඹා විඳින්නට දෙයක් මට නැහැ. හැබැයි මම ඒ වීඩියෝවෙන් පසුව ඇති වූ සංවාදය බැලුවා.  ඒ සංවාදයේදී වීඩියෝවේ වෙන්නේ මොනවාදැයි හොඳින් විස්තර කරලා තියෙනවා. 

මම මේ ඝාතන සිදුවීම ගැන විනිශ්චයක් දෙන්න කැමති නැහැ. මේ කොටියා මේ ගම්මානයේ ජනතාවට මීට පෙර කරදර කරලා තියෙනවාද. ඒවා නිසා මොන තරම් ගම්මානයේ මිනිසුන්ට හානි වෙලා තියෙනවාද. වගේ කාරණා මම දන්නෙ නැහැ. 

සතුන් ගැන විශ්වාස පද්ධතිද එක එක ජනවර්ගයන්ට අනුව වෙනස්. දැඩි කතෝලික භක්තිකයෙක්ට වුණත් තමන්ගෙ ආගම අනුව සතුන්ව ඝාතනය කරන්න පුලුවන්. හැබැයි අවංක මුස්ලිම් භක්තිකයෙක්ට අහිංසක සතුන්ව ඝාතනය කරන්න බැරි බව මම අහලා තියෙනවා. ආගමේ තියෙනවාලු. සතුන්ව මරන්න බැරි බව. ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් විකෘති කරලා අවස්ථාවාදී වැඩවලට පාවිච්චි කරන අය නෙවෙයි, ( ත්‍රස්තවාදීන්ට ආගමක් නැහැ. ) සැබෑ ඉස්ලාම් ධර්මය විශ්වාස කරන අය කියලා තියෙනවා ඉස්ලාම් ධර්මයේ පරිසරය ගැන ඉගැන්වීම් බොහොමයක් තියෙනවා කියලා. සතුන්ව සහ ගහකොල ආරක්ෂා කරගන්නයි ඉස්ලාම් ධර්මයේ උගන්වන්නෙ. කෙසේ වෙතත් ස්වභාවයෙන්ම හින්දු ධර්මය ටිකක් ප්‍රචණ්ඩයි. රෞද්‍රයි. කාටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. හින්දු විශ්වාස සමඟ ඔවුන් ගවයාට දේවත්වයෙන් සලකනවා. ආසියානු සංස්කෘතිය තුළ නාගයාට ගරු කරනවා. ඒත් බොහෝ සතුන්ව විතරක් නෙවෙයි, මිනිසුන්ව ඝාතනය කිරීම ගැනත් හින්දු ධර්මයෙන් ආවරණයක් සැපයෙනවා. 

සැබෑ බුද්ධ ධර්මය ඊට වඩා විප්ලවීයයි. බෞද්ධ ධර්මයේදී කිසිම භේදයක් නැතිව සියළු සත්වයෝ නිදුක් වේවා කියන අපූරු වාක්‍යය තියෙනවා. මාංශ භක්ෂක සමාජයකට එවැනි ධර්මයක් දෙසන්නට බුද්ධාගම පෙළඹුනේ අහම්බයෙන් නෙවෙයි. ඒ කාලයෙ තිබුණූ ජෛන ධර්මයේ ආභාෂය ගෞතම බෞද්ධ නම් ශාස්තෲවරයාට ඒ සඳහා ලැබුණා. 

අවිහිංසාවාදයේ පැරඩියක්යැයි සිතෙන තරම්ම ජෛන ධර්මයේ අවිහිංසාව ගැන කතාකරන බව අපි දන්නවා. ඊට වඩා අඩුවෙන් බෞද්ධ ධර්මයේ අවිහිංසාව කතාකරනවා. හින්දු ධර්මයේදී හෝ එවැනි වෙනත් ධර්මයකදී මෙන් 

ඒ සංස්කෘතික පසුබිම ඇතැම්විට කොටියාව ඝාතනය කිරීමෙන් පසුව ඒ ජනතාව විනෝද වීමට හේතුව වෙන්න ඇති. ඇත්තටම මම පෞද්ගලිකවම කිසිම සතෙක්ව මරනවාට කැමති නැහැ. මොකක්හරි සොෆ්ට් ස්පොට් එකක් හින්දා. ඒත් මම අවුලක් නැතිව මස් වර්ග හෙම කනවා. මොකද මරන වැඩේට මම සම්බන්ධ නෑනෙ. සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හැඟීම් සහ තර්ක බුද්ධිය අතරේ ඉතාම වංක, කුහක, ගුප්ත අදහස් පද්ධතියක් තමයි මට තියෙන්නෙ. මිනිස්සු ඝාතනය ගැන බුද්ධියෙන් සහ හැඟීම් වලින් එකහෙළා විරුද්ධ වෙන්න පුලුවන්. සතුන් ඝාතනය ගැන හැඟීම් වලින් දැඩි විරෝධයක් එද්දී තර්ක බුද්ධියෙන් ඒ විරෝධය මකලා දානවා. 

ගුණදාස අමරසේකර ලියපු කතරගම කියන කවිය මතක් වෙනවා. 

කොහොමහරි අර මිනිස්මසු දෙමළ නිසාම අර සතාව ඝාතනය කරලා සමරන්න ඇති. මොකද බෞද්ධ සංස්කෘතිය සතුන්ව ඝාතනය කරනවාට විරුද්ධයිනෙ. ඇත්තටම. අවංකවම මම විශ්වාස කරනවා බෞද්ධ ආකල්ප නිසා අපේ මිනිස්සු බහුතරයක් අතර යම් සාමකාමී බවක් තියෙනවා. ලේ බිංදුවක් දකින්නත් බයයි. 

ඉතින් අර මැරීමට සහ මරා සැමරීම ඝාතකයො දෙමළ වීමම හේතු වෙන්න ඇති. ඒත් ඒ මරා දැමීමට කොටියා මිනිස්සුන්ට හානි කිරීමත් හේතු වෙන්න ඇති. ඒත් මොන කරදරය කළත්, මොන හිංසාව කළත් කොටියෙක්ව මරා දැමීම අනුමත කරන්න බැහැ.

මැරීම විතරක් නෙවෙයි, මරා සැමරීම වැරදියිනෙ. කරදරකාර කොටියෙක්ව මරා සැමරීම. සැමරීම. අවුරුද්දෙන් අවුරුද්ද පාටි දමා සැමරීම. කිරිබත් කෑම. සැමරීම. සමරනවාට විරුද්ධ වෙන අයත් මැරීම. මරලා හරි ගන්නයැයි කීම. මරලා හරි රට හැදීම. මැරීම. මරනවාට විරුද්ධ බෞද්ධ දහම...............



මේ, ඒක නෙවෙයි. 



















එක කොටියෙක්ව නෙවෙයි, කොටි රොත්තක් ඝාතනය කරලා ඒක සැමරුවේ මොන ආගමේ අයද? කාවහරි මැරුවාම මරපු එක සාධාරණය කරන්න ඌ කොටියෙක්නෙ. කියලා කියන්නෙ කවුද?

නෑ... මම නිකමට ඇහුවා විතරයි. මට බණින්න ඕනෙ නැහැ. මොන තිරිසනාව වුණත් ඝාතනය කරලා සමරන එක වැරදියි කියලා කිව්වානෙ. ඒ නිසයි ඇහුවෙ. 






මම මේ අවසානයට ආවේ බෞද්ධ ධර්මයට අපහාස කිරීමට නෙවෙයි. බෞද්ධ ධර්මයේ තියෙන ආකල්පවලට මම ගෞරව කරනවා. ඒ වගේම මම ඒවා විශ්වාස කරනවා. ඒත් ලංකාවෙ බෞද්ධයෝ ඒවා විශ්වාස කරන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ සාමය ගැන කීවාම ඒක විශ්වාස කරන්නෙ නෑ. ප්‍රශ්ණෙ ඒකයි. ඒ නිසා මම කියන්නෙ දකුණේදී ඝාතනයක් කළොත් ඒක බෞද්ධ නිසා සිදුවුණ දෙයක්ය කියන අයත් වැරදියි. උතුරේදී ඝාතනයක් කළොත් ඒක බෞද්ධ නොවන නිසා සිදුවුණ දෙයක්ය කියන එකත් වැරදියි. 

19 comments:

  1. අන්තිම පොටෝ එකේ රතුපාට බයික් එක Bendit එකක් :D

    මේකට ආගම් ,ජාති , උතුර දකුණ ,පෙර වැරදි ගලපල මොකටද.
    එම සිදුවීමේදී මිනිසුන් විසින් තිරිසනුන් ලෙස හැසිරී ඇත.

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි කී දේම තමයි මමත් කියන්නෙ. ගලපනවා දැකලයි අපි මේක ලිව්වෙ.

      ගලපනවනං ගලපලා බලමු.... ලියද්දී ඒකයි අපෙ අදහස වුණෙ

      Delete
  2. ප්‍රශ්නය තමන්ගෙ නොවෙනතාක් කල් පිළිතුර දාර්ශනිකයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි නියම ම comment එක. ඒ පලාතේ මිනිස්සු මූ නිසා කොච්චර බයෙන් ඉන්න ඇත්ද? අනික එක මිනිහෙක් ව හරි මරල මූ ඒ රහට පුරුදු උනා නම්, තව කී දෙනෙක්ව මරන්න තිබ්බ ද කවුද දන්නේ?

      Delete
    2. /// ප්‍රශ්නය තමන්ගෙ නොවෙනතාක් කල් පිළිතුර දාර්ශනිකයි. ///
      මේක ඒකට ගැළපෙන්නේ නැහැ...
      සත්තු ඔය වගේ ගං වල ඕනේ තරම් ඉන්නවා, මොකක්හරි හේතුවකට ඌ මිනිස්සු වැඩිපුර ගැවසෙන තැනකට ඇවිත්...
      සමහර විට රෑට කාල පොඩි නැප් එකක් දාල ආපහු යනවා කියල හිතාගත්තට එළි වෙන්න කළින් ඇහැරුනේ නැති වෙන්නත් ඇති...

      ඔය කාලකන්ණි මිනිස්සු ටික පැත්තකට ගියානම් එක්කෝ වනජීවී එකෙන් ඌව අල්ලයි, එහෙමත් නැත්තන් ආයේ රෑ උනහම ඌ ආයේ කැලේට යයි...

      Delete
    3. /// මේක තමයි නියම ම comment එක. ඒ පලාතේ මිනිස්සු මූ නිසා කොච්චර බයෙන් ඉන්න ඇත්ද? අනික එක මිනිහෙක් ව හරි මරල මූ ඒ රහට පුරුදු උනා නම්, තව කී දෙනෙක්ව මරන්න තිබ්බ ද කවුද දන්නේ? ///

      සත්තු ගැන තියෙන පොත් පත් ටිකක් කියවන්න...
      ලංකාවේ පුනානි වල කොටිය මිනිස්සුන්ව කෑවට පස්සේ ආයේ කිසිම වාර්තාවක් නැහැ...
      බය තියෙන එකා කැරපොත්තටත් බයයි...

      Delete
    4. අපේ ගෙදරට මීයෙක් ඇවිත් මම මහන්සියෙන් හම්බ කරපු දේ විනාස කරන වා නම් මම මුලින්ම කරන්නේ මීයෝ ගැන පොත් කියවන එක නෙමෙයි, මී කතුරක් ගෙනත් අටවන එක. මෙතන කොටියා ගැන හැමෝම කතා කරන්නේ මේක උතුරේ සිද්ධ උන නිසා. මේ නැවතත් මතු වුනේ ජාතිවාදය මිසක් අවිහිංසාවාද ය නෙමෙයි.

      Delete
    5. මෙතන කිසිකෙනෙක් ජාතිවාදයක් ඇදල නෑ..

      නූගත් අමන රැලක් තිරිසන් සතෙක්ගෙන් සතෙක් මරලා ආතල් එකක් ගත්තා..

      ගං වලට ගිහින් වැඩක් කරන්න ගියාම ගංවල ඉන්න අති පණ්ඩිතයෝ එක්ක ලේසි නෑ..ගමට ගියාම ඉන්න ඕන උං කියන විදියට.වනජීවි එකෙන් නෙවෙයි සක්කරයා ආවත් වැඩේ කොරන්න ඕන ගමේ අයියලාට ඕන විදියට.ආව උන්ව හරෝල යවලා ගමේ සැට් එක අකුල අස්සෙ හිටිය කොටිය කොනිත්තන්න ගිහින් ඌට කිටල කෙලෝගෙන ඌව මැරුවා..
      ඔච්චර නෙවැ ආයෙ මොකද ඕකෙ හෝදන්නෙ 😂😂

      Delete
    6. මගෙත් අදහස මේ ප්‍රශ්ණය ගැන කතාකරපු බහුතරයකට ජාතිවාදය අදාල වුණ බව. හැබැයි බොහෝ අය කිසිම ජාතිවාදී අදහසක් නැතිව කතාකළා.

      Delete
  3. සතාව දැක්කං දුකයි. ඕකා පුරු පුරු ගගා කකුලෙ දැවටෙන බෝංචියි බතුයි කන එකෙක් උනා නං ඕකා මැරූ එවුන්ට සහ ගහනව. හැබැයි ඕකා අපේ වත්තට පැන්නා නං අම්මපා මාත් අහුවෙච්චි එකෙං කොටනව පරාණ බයට. ඇයි යකෝ කොටියෙක් නෙ.

    ඒ වගෙම තමා ඕකව නොමරා අල්ලලා කූඩු කරලා වෙනිං තැනකට ගෙනිහිං දාලා ලස්සනට කේස් එක බේරන ක්‍රමත් තියෙනවා. හැබැයි ඉතිං එහෙම ක්‍රම ක්‍රියාත්මක කරන්න ඔය සමාජෙ මෝරලා මදි. ඔය දකුණු ඉන්දීය චිත්‍රපටි දැඩි ලෙස නැරඹීමට ඇබ්බැහි වීමේ ප්‍රතිඵල. ඔය වගේ මිනිස්සු තමයි කාගෙ හරි කීමකට කැති කොටයක් අරගෙන අනිකගෙ බෙල්ල කපන්න පනින්නෙත්. ඒකට උතුරු දකුණු, භාෂා, ආගම් බේදයක් නෑ. ඒක මොලේ වැඩකරන ආකාරය පිළිබඳ ගැටළුවක්.

    ReplyDelete
  4. බුදු දහමේ යුද්ධ කිරීම ගැන මතය ගැන බයිබලය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
    ජේසු කියන්නේ පුකේ රැඩිකල් මිනිහෙක්.
    එයා කලේම යුදෙව් සමාජයවුල් කිරීයි. ඉතින් යුදෙව් පූජකවරු ඉවසලා ඉවසලා බැරිම තැන ජාතිය ආගම බේරගන්න ජේසු මරන්න තීරනය කලා.
    එහිදී පිලාත් ආන්ඩු කාරයට අවශ්‍ය වුනා ජේසු නිදහස් කරන්න එවිට පූජකවරු කීවා ඔහුගේ ලේ අප මතට වේවා කියලා.
    එනම් ජේසු මැරීමෙන් පව් සිදු වෙනවා නම් ඒ පව තමන් බාරගන්න බවයි.
    එම යුදෙව් පූජකවරු තම පෞද්ගලික විමුක්තිය තම ජාතිය වෙනුවෙන් කැපකල වීරයන් පිරිසක්.

    බුදු දහමට අනුව යුද්ධයකදී පව් සිදුවෙනවා. නමුත් අපට සමහර අවස්ථා වල යුදෙව් එදා පූජකවරු කලා මෙන් පව් පින් බලන්නේ නැතුව යුද්ධ කරන්න සිදුවෙනවා.

    මම ප්‍රභාකරන් මැරුන බව අසා රතිඤ්ඤා පත්තු කලේ නෑ. නමුත් ඔහු පවුල පිටින් මරා දැමීම ගැන මට කිසි ගැටළුවක් නෑ.

    බුදුදහමට අනුව කලයුතු හොඳම දෙය යුද්ධ ඇතිවීම වලක්වා ගැනීමයි.
    ඒ අනුව ජාතිවාදය අවුස්සන ශිවාජිලිංගම් වගේ අය මරා දමනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒක ඇත්තනම් බෞද්ධ ධර්මයට තිබුනු ගෞරවය සුන්නද්ධූලි වෙලා යනවා.

      Delete
  5. ඉවාන් පවුලුෂාගේ අදහසට මත් එකඟයි. ලිපිය කියවනකොට මමත් දාන්න හිටියේ ඒ කමෙන්ට් එක. මේ කොටියා තමන්ගේ දරුවෙක් කෑවා නම් අපි මොකද කරන්නේ. එහෙමත් නැත්නම් කකුල් දෙකේ කොටි තමන්ගේ ඥාතියෙක්ව මැරුවා නම් අපේ හිතේ ඇතිවෙන වේදනාව මොකක්ද.
    තවත් මේකට සම්බන්ධ දෙයක් දැක්කා බුකියේ. “බදියුදීන් කැලේ කෑවා. මම මැරැම් කෑවා”

    ReplyDelete
    Replies
    1. කොටි එහෙම මිනිහෙක් දැක්ක පළියට කන්න පනින සත්තු වර්ගයක් නෙමෙයි...
      උන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බයයි...

      බය වෙන්න ඕනේ නම් බය වෙයං කිඹුල්ලු වගේ සත්තුන්ට, උන් කිසි චාරයක් නැතුව අහුවෙන ඕනේ එකෙක් මරල කනවා...

      Delete
    2. කිඹුලා කොටියාට වඩා මිනිස්සුන්ට ළංවෙන්න බයයි. බොහෝවිට කිඹුලා මිනිහෙක්ට පහරදෙන්නෙ තනියෙන් හිටියොත්. කොටියාට අත්දැකීම් තියෙනවා තමන් එද්දී රංචු පිටින් සත්තු දුවනට බවට. ඒ නිසා කොටියා මිනිස්සු රංචුවක් මැද්දට පනින්නත් බය නෑ. කිඹුලා සයිලන්ට් කිලර් කෙනෙක්. කොටියා දඩයක්කාරයෙක්.

      Delete
  6. මෙතන කිසිකෙනෙක් ජාතිවාදයක් ඇදල නෑ..

    නූගත් අමන රැලක් තිරිසන් සතෙක්ගෙන් සතෙක් මරලා උගෙන් ආතල් එකක් ගත්තා.. 

    ගං වලට ගිහින් වැඩක් කරන්න ගියාම ගංවල ඉන්න අති පණ්ඩිතයෝ එක්ක ලේසි නෑ..ගමට ගියාම ඉන්න ඕන උං කියන විදියට.වනජීවි එකෙන් නෙවෙයි සක්කරයා ආවත් වැඩේ කොරන්න ඕන ගමේ අයියලාට ඕන විදියට.ආව උන්ව හරෝල යවලා ගමේ සැට් එක අකුල අස්සෙ හිටිය කොටිය කොනිත්තන්න ගිහින් ඌට කිටල කෙලෝගෙන ඌව මැරුවා.. මරල හුරේදාල ඉඳල ඉඳල වදින චෑන්ස් එකෙන් පට්ට ආතල් එකක් ගත්තා
    ඔච්චර නෙවැ ආයෙ මොකද ඕකෙ හෝදන්නෙ 😂😂

    කොටිය කන්න ඕන නෑ කොටියගෙ සයිඩ් කණ්නාඩියක් ගමේ එකෙක්ගෙ ඇඟේ ගෑවුනානං බලන්න තිබුණ කොටිය කන කෑම..උපං ගං බයියො වෙච්ච අපි නොදන්නවයි මොකෝ ගං ගැන.කොහෙත් එහෙම තමා ..අන්නේකයි

    ReplyDelete