මනි රත්නම්ගෙ අලුත්ම චිත්‍රපටිය ආවා. බැලුවා. හොඳයි. ඒත් අඩුපාඩු ටිකක් තියෙනවා.... කෙටි රිවීව් එකක් මේ වීඩියෝවෙන් බලන්ඩ පුලුවන්....
මනි රත්නම්,
රෙහ්මාන්, සේදුපති, සිම්බු, අරවින්ද් සාමි, ජෝතිකා, ප්‍රකාශ් රාජ්, සේකර් ප්‍රසාද්,
සන්තෝෂ් සිවන් ඇතුළු සිනමාවේ දැවැන්ත නම් තොගයක් එක්ක නිර්මාණය කරපු චෙක්ක චිවන්ත
වානම් චිත්‍රපටියට ෆිල්ම් හෝල් හවුස්ෆුල් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
චිත්‍රපටිය
ඇවිල්ලා දවස් දෙකකට පස්සේත්, 29 වැනි සෙනසුරාදා දෙහිවල කොන්කෝඩ් එකට ගිය අපට ෂෝ එක
හවුස්ෆුල් නිසා මඟහැරුණා. එහෙමම කඩාගෙන මරදාන සිනෙසිටියට ගිහිල්ලා රෑ නවයෙ දර්ශනය
බලන්න තමයි අමාරුවෙන් හෝල් එකට රිංගගත්තෙ. දැක්ක විදියට සිනෙසිටියෙත් හවුස් ෆුල්.
සාමාන්‍යයෙන් සිනමාහල්වලට නොයන රසිකයෙක්ට වුණත් චෙක්ක චිවන්ත වානම් බලන්න නම්
අනිවාර්යයෙන් හෝල් එකකට යන එක වටිනවා. හෝල් එක ඇතුලෙ එනර්ජි එක, චියර්ස් එක්ක චිත්‍රපටිය
උපරිමයෙන් ෆීල් වෙනවා.
රොමෑන්ටික්
චිත්‍රපටි, රාවන් වගේ චිත්‍රපටි කරපු මනි රත්නම් නැවතත් මෙවර යන්නේ නාගරික
ගැන්ග්ස්ටර්ලාගේ චිත්‍රපටියකට. තලපති චිත්‍රපටිය මහාභාරතයේ චරිත වර්ථමානයට ගැලපෙන
ලෙස ප්‍රතිනිර්මාණය කිරීමක්. චෙක්ක චිවන්ත වානම් කියන්නෙ පොන්නියින් සෙල්වන් කියන
1950 දෙමළ ඓතිහාසික කතාවෙ ආභාෂයෙන් හදපු චිත්‍රපටියක්. පරණ කතාව ලංකාවත් යටත්
කරගත්තු චෝල රජ කෙනෙක් සහ දරුවන් පිළිබද කතාවක්. චිත්‍රපටිය දැවැන්ත අපරාධකාරී ව්‍යාපාරිකයෙකු
සහ ඔහුගේ පුතුන් තිදෙනා අතර කතාවක්.
අනිවාර්යයෙන්ම
මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ මෙතෙක් අප බලපු චිත්‍රපටි අතරින් හොඳම එක. චිත්‍රපටියේ
ඉන්න, ඉහළින් කීව විශිෂ්ඨයන් එකතුවුණාම කොහොමත් වටිනා චිත්‍රපටියක් නිර්මාණය
වෙනවා. එහෙත් මනි රත්නම්ගේ සහ සන්තෝෂ් සිවන්ගේ රූප මායාවල් එක්ක ගත්තාම මේකේ යම්
යම් අඩුවක් තියෙනවා. මොකද මේ චිත්‍රපටියේදී රූපරාමුවල රැඳී ඉන්න මනි රත්නම් උත්සාහ
කරන්නෙ නැහැ. ඒ වෙනුවට වේගයෙන් රූපයෙන් රූපයට මාරු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා.
චෙක්ක චිවන්ත
වානම් කියන්නෙ එපිසෝඩ් අටක විතර සීරීස් එකක් විදියට කරන්න තිබුණු සංකල්පයක්.
හිතන්න. මේ චිත්‍රපටියට ප්‍රධාන චරිත හතරක් තියෙනවා. නළුවෝ හතරදෙනෙක්. මේ
හතරදෙනාටම සමව සලකන්න වෙනවා. තව කාන්තා චරිත, ප්‍රකාශ් රාජ්ගේ සේනාපති චරිතය වගේ
ඒවා හමුවෙනවා. මේ සියළු චරිත එක්ක පැය දෙකහමාරක් ඇතුලෙ කතාවක් කියන්නත්
සිද්ධවෙනවා. අපි චිත්‍රපටියක් බලද්දී ඒකෙ ඉන්න චරිත විසින් ගන්න තීරණ එක්ක
අපි ගැටගැහෙන්න ඕන. එහෙත් මේ වගේ චරිත ගොඩක් ඉන්නවානම් එක චරිතයක් එක්ක අපට
මුහුවෙන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. සමහර වෙලාවට එක ඩයලොග් එකකින් අපට චරිතයක්
එක්ක මුහුවෙන්න වෙනවා.
සමහර තැන්වල
සාර්ථකයි. වර්ධාන් එක්ක ප්‍රේක්ෂකයා
ගැටගැහෙනවා. වර්ධාන් ඩයලොග් දෙක තුනකින් තමන් කළ දේවල් කළේ ඇයි කියලා කියනවා. ඊතිව
හඳුන්වාදෙන සීන් එක උපරිමයි. එතැනින් පස්සෙ බලන අපි ඊතිට ලව් කරන්න ගන්නවා. ඒත්
අනෙක් චරිත සියල්ලටම සමීප වෙන්න අසීරුයි. රසූල්ට පවා අපි ආදරය කරන්නෙ ඒ චරිතය කරන
විජේ සේදුපති නිසා නෙවෙයි. චිත්‍රපටිය බලද්දී කාටහරි අඩුවක් දැනුණොත් ඒ අසාර්ථක
තැන් ටික ගැන තමයි.
එක පැත්තකින්
මනි රත්නම්ම අපට පෙන්වලා දුන්න දැවැන්ත කාන්තා චරිත මේ චිත්‍රපටියෙදී මුණගැහෙන්නෙ
නෑ.
අනෙක බොහෝ
අවස්ථා එක්ක අපට ඉමෝෂනලි කනෙක්ට් වෙන්න බැහැ. චිත්‍රපටියේ තියෙන මරණ අතරින් එකක්
හැර අනෙක් එකක්වත් අපව ෂොක් කරන්නෙ නැහැ. ඒත් එකම එක මරණයක් විතරක් උපරිමයෙන්
ඩිලිවර් කරලා තියෙනවා. චිත්‍රපටිය නොබලපු අයට ස්පොයිලර් නිසා ඒක කියන්න බැහැ. ඒ
මරණය ලස්සන රොමෑන්ටික් දර්ශනයක් මැද්දෙ එකපාරම එන ස්නයිපර් පහරකින් එන බව කියන්න
පුලුවන්. සන්තෝෂ් සිවන්ගෙ සුන්දර රූපරාමු මැද්දට ඒ ෂොකින් සීන් එක එනවා. ඒ
හැරුණුකොට චිත්‍රපටියෙ සිද්ධවෙන මරණ හැටහුටහමාරම වේගයෙන් සිද්ධවෙනවා. කවුරුවත්
හරිහැටි අඬන්නෙවත් නැහැ. තවත් සමහර චරිත අතුරුදන් වෙනවා. ඔහේ අත්හැරලා දානවා.
අරුන් විජේ ඩිලිවර් කරන මර්ඩර් ටික හැර අනෙක් ගොඩක් මර්ඩර්ස් වලදී මරණ කෙනාගෙන්
වුණත් ලොකු ෆීලින් එකක් මැවෙන්නෙ නැහැ.
චිත්‍රපටියෙ
ස්කෝර් කරනවා තුන්දෙනෙක්. ඒ තමයි සහෝදරයො තුන්දෙනා. හොඳට කල්පනා කළොත් වැඩිපුරම
ස්කෝ කරන්නෙ සිම්බු. සිම්බු එක්ක තමයි හෝල් එකේ හිටපු ප්‍රේක්ෂකයො වැඩිපුරම
බැඳුනෙ. දෙවැනියා අරවින්ද් සාමි. මේ චිත්‍රපටිය නැවත සිනමාවට ආපු අරවින්ද්සාමිට
නියම වටිනාකම දුන්න චිත්‍රපටියක්. අරුන් විජේගෙ ඇතුලෙ තියෙන අපූරු ටැලන්ට් එක මේ
චිත්‍රපටියෙන් මතු වෙනවා.
අන්තිමට ඉතින්
සුපුරුදු ලෙස, විජේ සේදුපති...... උඹ නම් මාරයි.
රෙහ්මාන්... ඔබ දෙවියෙක්.
සේකර් ප්‍රසාද්... උඹ චිත්‍රපටි කපනවා කැපිල්ලක්!! තනි ඇහැට කඳුලක් එන
විදියට.
සන්තෝෂ්
සිවන්... උඹ කැමරාකාරයෙක් වුණාට කවියෙක්. සිත්තරෙක්.
මේ හැම
දක්ෂයාම එකතුවෙද්දී ප්‍රොජෙක්ට් එක ෆිල්ම් හෝල් පුරවන්න සමත් වෙනවා.