Sunday, November 08, 2015

අස්වුණේ මහින්ද දුන්න ඇමතිකමකින්ද?

මාරපන් ගිය එකා ඉල්ලා අස්වීමෙහි පසුපස කියැවෙන්නේ ඔහු වැරැද්ද පිළිගෙන ඇති බවය.

මිනිහා ඉල්ලා අස්වෙනවා කියූ විගස මට අහවල් තැනින් පවා හිනා ගියේ ය.

මට ප්‍රශ්ණෙ මාරපන්ට ඇමතිකම දුන්නේ කවුද කියන එක ය.


මිනිහගේ හිස්ට්‍රිය අවුල් බව පරණ කතාවක් නොවේ.

අපේ යහපාලන ගැන්සියේ අය රනිල් ලොක්කාව විවේචනය කරන්නේ නැත‍. දැන් මාරපං ඉල්ලා අස්වීමෙන් පසු එහි යහපාලන සිවිල් සෙට් එකේ ලකුණු දාගන්න ඩයල් එක රනිල් විය යුතු ය.

මගේ අදහස එය ඉල්ලං කෑමක් බවය. රනිල් යනු කොහෙවත් යන මාරපන්ලාව රෙද්ද අස්සේ දාගත් එකා ය. මාරපන් ඉල්ලා අස්කරවන තැනට රනිල්ලා ගියේ යහපාලන සැට් එකේ විරෝධය නිසා ය.


අනික මාරපන් ගිය පසු කැබි නෙට් එක සුද්ධ පවිත්‍ර වන්නේ ද නැත.

රනිල් පහුගිය දවසක පාර්ලිමේන්තුවේ රතුපස්වල ලේ ගෑවුණ අයයැයි කියා, උද්ඝෝෂකයන්ට පහරදුන් අයයැයි කියා හිටපු ඇමතිවරුන්ගේ නම් ලිස්ට් එකක් කියවාගෙන ගියේය. ඒකෙන් එස්බී ව මිස් වී තිබුණි. මිනිහා කැබිනෙට්ටුවේ ය.

මෑත කාලයේ වැරදි කළ ඇමතිවරුන් ඉල්ලා අස්වී නැති නිසා මේ ඉල්ලා අස්වීම අනිවා හොඳ ප්‍රවණතාවයක් බව පැහැදිළිය.

ඒක මේ ආණ්ඩුව අපට 'දුන්' මාර ආදර්ශෙකැයි දැන් ආණ්ඩුවේ පරයන් උදම් අනන්නට ඉඩ ඇත.





උන්ට ඒවා අනන්නට ඉඩ දිය යුතු නැත.

මේවා අපවත්වූ සෝභිත හිමියන් ප්‍රමුඛව සිවිල් සෙට්  එක දිනාගත් දේවල් ය. ගෞරවය ඔවුන්ට ය. 

(තමන්ට හිමි ගෞරවය රනිල්ලා වගේ පච මෝල්වලට පුදා ඉල්ලන් බෙලහීන වීමට සිවිල් සෙට් එක උත්සාහ කළ යුතු නැත.)

ඊළඟ ප්‍රශ්ණෙ ඔය ඇමතිකම දෙන්නේ මොන ළමයාටද කියන එක ය.

16 comments:

  1. අන්තිම ප්‍රශ්නේ වැදගත්..

    ReplyDelete
    Replies
    1. උත්තරේ අනිව නොවැදගත්

      Delete
  2. ළමයෙකුට ම ඇමතිකම තමයි යන්නේ. කලිසමේ චූ කරගන්න වයසේ අය තමයි හැමෝම.

    ReplyDelete
    Replies
    1. යාළුවෙක් කිව්ව හත්පණට පස්සේ අහපු හොඳම ළමා කතාව මාරපන ලු!!!

      Delete
  3. //මේවා අපවත්වූ සෝභිත හිමියන් ප්‍රමුඛව සිවිල් සෙට් එක දිනාගත් දේවල් ය. ගෞරවය ඔවුන්ට ය. //

    එකඟයි.

    ඉස්සරනම් බොහොම කලාතුරකින් බොරුවට අස්වෙන්න හැදුවත් අස්වෙන්න දෙන්නෙ නෑ. මාධ්ය සංදර්ශන පමණයි.

    වැරදි කිරීම හා නිසි ප්‍රමාණයට දඬුවම් නොලැබීම නම් දිගටම තියෙයි. ඒත් චුට්ටක් හරි ලැජ්ජාව තියන බව පෙන්නීම ලංකාවේ ප්‍රමාණයට ලොකු දෙයක්

    ReplyDelete
  4. සිරාවටම් මචං මට මේක ටිකක් පැටලිලා තියෙන නිසයි අහන්නේ, මොකක්ද මාරපන ඇත්තටම කරපු වැරැද්ද??

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඇනෝ මටත් ඔය ටැපලිල්ල ආවනේ, ඉස්සෙල්ලා හොඳ පැහැදිලිවට තිබ්බා, ඇවන්ගාඩ්ට විරුද්ධව රජය ක්‍රියාකරද්දී, ඇවන්ගාඩ් නීති උපදේශක, රජයේ නීති ඇමති කිරීම / වීම දෙකම අතිශය වැරදියි, ඒත් දැන් පේන විදිහට ගොඩ දෙනාට රිදිලා තියෙන්නේ ඒවරදට නෙවෙයි, අමූලික ඇත්තක් ප්‍රසිද්ධයේ ප්‍රකාශකර බය්යෝ ඉස්සරහ ටොය්යන්ට ලැජ්ජාවට පත් කිරීමේ වරදට නේ. මාරපන් කට අරින්නේ නැතිව මූට්ටු කරන් හිටියනම් අවුලක් නෑලු.

      Delete
    2. මටනම් හිතෙන්නේ මේ උන්දැල කියන්නේ මෙහෙම දෙයක් , ඇවන්ගාඩ් ගැන "අපි" පුර්ව මතයක හිටියා නීතිපති ඩොකියුමන්ට් 3000 නෙමෙයි කොච්චර බැලුවත් "අපේ " මතේ වැරදි වෙන්නේ විදියක් නෑ. අර ඩොකියුමන්ට් 3000 හරි ඊට වැඩි ගානක් හරි අපහු බලලා ඊළඟට ඇමති වෙන කෙනා "අපේ" මතේ හරියැයි කියල කියපිය.

      ඇණයා කිවුව වගේ, "අමූලික ඇත්තක් ප්‍රසිද්ධයේ ප්‍රකාශකර බය්යෝ ඉස්සරහ ටොය්යන්ට ලැජ්ජාවට පත් කිරීමේ වරදට" නටන නාඩගමක් වගේ තමයි පෙන්නේ. එහෙම නෙමෙයිනම් නිවැදි කරන්න.

      Delete
    3. ඇවන්ගාඩ් ගැන අපේ පූර්ව මතය ආවේ බ්ලැක් ඇන් වයිට් පෙනෙන දේවල් මත.... මාරපන කිව්වේ අමූලික ඇත්තක් කියන්නේ රොමෑන්ටික් කතාවක්නේ.....
      ඕකට උත්තර ලැබේවි... මේ සතියේ අපේ පත්තරෙන්

      Delete
    4. අපේ මත ඒ ආණ්ඩුව තියෙද්දී එකක් මේ ආණ්ඩුව තියෙද්දී තව එකක් නෙවෙයි.. හේතු සාධක එක්ක අපි මත හදාගන්නවා..... පස්සෙ අතාරින්න නෙවෙයි කෙළවරක් වෙනුවෙන් පෙනී ඉන්න

      Delete
    5. ||හේතු සාධක එක්ක අපි මත හදාගන්නවා..... පස්සෙ අතාරින්න නෙවෙයි කෙළවරක් වෙනුවෙන් පෙනී ඉන්න||

      අනේ බන් ඔය ජෝර්ක් කථා 2000 පස්සේ ඉපදිච්ච් උන්ට කියපන්.

      Delete
  5. මම නම් කියන්නේ බුද්ද සාසොන ඇමතිට දෙන්නෙයි කියලා... මොකෝ ලමයෙකුට දුන්නා වගේම තමයි...

    ReplyDelete
  6. මාරපනට යහපාලන ලොක්කන්ගෙන් කොපමණ බලපෑම් එල්ල වෙලා තියෙනවද කියන එකනම් පේනව ගෝඨාභයව ප්‍රශ්නෙට කොහොම හරි පටලවන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ගෝඨාභයව බේරන්න කියලද කියන්නේ?
      එහෙම කියන්නෙ කාගෙ බලපෑම් උඩද?

      Delete