Sunday, June 26, 2016

ඔව් මම ජර්නලිස්ට් Yes I am Journalist

පහුගිය රාවයක වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියපු ලිපියක් තිබුණා. ඒකෙ තියෙනව දියවැඩියාවට බෙහෙත් කරන දේශීය වෛද්‍යවරුන් එයා ලඟ දියවැඩියාවට බෙහෙත් ගන්න බව. ඒ වගේ ගොඩක් දේශීය වෛද්‍යවරු රහසේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න බව. ඒ කියන්නේ තමන් කරන දේ එයාලටම විශ්වාස නැහැ. තමන් වෛද්‍යවරයෙක් කියල විශ්වාස නැහැ.
පහුගිය සතියේ මගේ හිතමිත්‍රයෙක් සෑහෙන්න දෝෂාරෝපනය කළා. 'උඹ ජර්නලිස්ට් කෙනෙක් කියල කියන්න එපා. මම එහෙම කියනව දැකල තියෙනවද?? (එයා ප්‍රසිද්ධ වෙබ් අඩවියක මාද්‍යවේදියෙක් විදියට වැඩ කරනව, දේශපාලන පක්ෂ පුවත්පතක මාද්‍යවේදියෙක් විදියට වැඩ කලා..)උඹට තව ගොඩක් දුර  යන්න තියෙනව ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.'

එයා වැඩිදුරටත් කීව ජර්නලිසම් කියන්නෙ ප්‍රොෆෙෂන් එකක් නෙවෙයිලු. රස්සාවක් නෙවෙයිලු ඒක.
පහුගිය දිනවල ෆේස්බුක් එකේ ඇතිවුණ අපුල දනවන සංවාදයකදිත් මේ කෑල්ල මතුවුණා. මට මම ජර්නලිස්ට් කෙනෙක් කියල කියාගන්න ඕනලු. මේ ඔක්කොම කරන්නෙ ඒකටලු. මම ජර්නලිස්ට් කියල එකසිය අටපාර කිව්වනම් හරිලු. (එයා මං වෙනුවෙන් 108 පාරක් මම ජර්නලිස්ට් කියල ලියල කමෙන්ට් කරල තිබුණ)
ඊටත් වඩා අපුල දැනෙන ෆේස්බුක් සංවාදයක් යැයි කියාගන්න පුළුවන් ඇරියස් කවර් කරගැනීමකදි තමයි උඩ කීව සහෝදරයම මරු කතාවක් කීවෙ. දැන් හැදෙන ජර්නලිස්ට්ලා අන්වර්ථ නාම වලින් ලියන්නෙම නෑලු. ලියන හැම එකටම තමන්ගෙ නම දාගන්නවලු.
මේක හොඳ කතාවක් සංවාදයට.
මේක ලියන්න කලින් මම නිකන් රවුමක් දැම්ම ෆේස්බුක් එකේ ජනප්‍රිය මාව පතුරු ගහපු අයගෙ ප්‍රොෆයිල් කිහිපයකට එබිල බැලුව.
 ෆේස්බුක් එකේ ජනප්‍රිය ජර්නලිස්ට්ල ගොඩක් තමන්ගෙ ප්‍රොෆයිල් එකේ ඒ බව දාල තිබුණ. නිව්ස් ඩිරෙක්ටර්ස්ල, නිව්ස් එඩිටර්ස්ල, ෆෝමර් ජර්නලිස්ට්ල හිටිය. ඒ වගේම ඉන්ජිනියර්ස්, ඩොක්ටර්ස් ඇතුලු ගොඩක් අය තමන්ගෙ වෘත්තීයභාවය ෆේස්බුක් එකේ දාලා තිබුණ.
ඒ විතරක් නෙවෙයි හොඳම ජර්නලිස්ට් විදියට සම්මානය ගත්තම ඒකත් දාන අය ඉන්නවා. ජනමාද්‍ය සංවිධාන වල තනතුරු ගැන උදම් අනන අය වගේම තමන්ගෙ ජර්නලිසම් කෙරුවාව ගැන නිතර කතා කරන අයත් ඉන්නවා( මේ දේවල් වැරදි බව මම කියන්නෙ නෑ. තමන් කරන හොඳ දේවල් සහ ජයග්‍රහණ ගැන කතා කරන්න ඕනනෙ. )
දැන් ඒ අයව නොදැක්ක වගෙ ඉන්න අය මාව ඉලක්ක කරන්නෙ ඇයි?? හේතුව සාධාරණයි. මම කියපු දෙයක් රුස්සන්නෙ නැති වීම. මම ඒ කියපු දේම අර ෆේස්බුක් පොරක් කිව්වනම් ඒකට ගොඩක් ලයික් වැටෙයි.. මාර කියමනක් වෙයි.  (කොහොමත් මට ඒක අදාල නෑ. කියන්න ආපු දේ කියල ඉන්න ඕන)
එතැනදි මතුවෙන අපූරු තර්කය ටිකක් වැදගත්. ඒ කෙනෙක් තාම ජර්නලිස්ට් කෙනෙක් නෙවෙයි කියන එක. ජර්නලිසම් කියන්නෙ ප්‍රොෆෙෂන් එකක් නෙවෙයි කියන එක. ඕක අපේ මීඩියා වල තියෙන අවුලෙ ලොකු කොටසක්.
කවියො ඔයවගේ කතා කියනව. මම කවියෙක්ද කියල දන්නෑ... මම ලියන්නෙ කවි ද ? කියල මම දන්නෑ වගේ දේවල්..

කවිය පැත්තෙන් එහෙම කියන එක අවුල්ද කියල මම දන්නෑ. ඒත් ජර්නලිස්ට් කෙනෙක් එහෙම කියන එක අවුල් කියල දන්නවා.
මේක වෘත්තියක් හැටියට තාම ලංකාවේ රජය පිළිගන්නෙ නැහැ. මොකද මේ වෘත්තියට සුදුසුකම් නැහැ, වැටුප් තල නැහැ, තාම පිළිගත් උසස්වීම් ක්‍රම නැහැ. බිස්නස්කාරයට හිතෙන හිතෙන අයව ජර්නලිස්ට් කරනව... වැඩියෙන් ගොට්ට අල්ලන කෙනාව එඩිටර් කරනව. (එඩිටර්ස්ල වීම තමා උසස්වීම කියන්න පුළුවන්. )
ඒ වුණත් ලෝකයේ මේක වෘත්තියක්. පිළිගත හැකි වැටුප් තල, අද්‍යාපන සුදුසුකම් වගේම උසස්වීම, ශක්තිමත් වෘත්තීය සමිති මේ වෘත්තියට තියෙනව. ඒ වගේම මේ අය වෘත්තිකභාවය රකිනවා. වෛද්‍යවරුන්ට විනයක් තියෙනවා. ඒක කඩකලාම එයාලගෙම වෘත්තික ආයතන (වෛද්‍ය සභාව) තුලින් විනය පියවර ගන්නවා. වෙනත් වෘත්තිකයනට ඒ වගේ ආයතන (ඉන්ස්ටටියුට්) තියෙනවා. ඒත් ජර්නලිස්ට්ලට ජර්නලිසම් ඉන්ස්ටටියුට් වෙන රටවල තිබුණට ලංකාවෙ නැහැ. ( එහෙම එකක් හදන්න මාද්‍ය සංගම් සියල්ල එකතුවෙලා වරින් වර කරපු සාකච්ඡා තියෙනව. ඒත් තාම වැඩේ කොට උඩ )
කවියා කියන්නෙ වෘත්තීයභාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා ආටිස්ට් කෙනෙක්. කවිය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය එනවා. ඕන කෙනෙක් ලියන එකක් කවියක් වෙනවද කියන ප්‍රශ්නෙ තියෙනව. ඒත් ජර්නලිසම් කියන්නෙ ආටිස්ට් කෙනෙක් කරන ආට් එකක් නෙවෙයි. ඒක වගකීමක් බැඳීමක් තියෙන වෘත්තියක්. මම ජර්නලිස්ට්ද දන්නෑ වගේ බබා පාට් දාන්න බෑ.
අනිත් කාරණේ ජර්නලිස්ට්ලා අන්වර්ථ නාම වලින් ලියන්නෑ තමන්ගෙ නම ප්‍රමෝට් කරන්නයි ඕන වගේ විහිළු කතා.
ග්ලෙන් ග්‍රීන්වර්ල්ඩ් සහ ලෝරා පෝට්‍රස්ට එඩ්වර්ඩ් ස්නෝව්ඩන් ඇමරිකානු බුද්ධි රහස් දෙන්නේ ඒ දෙන්නාගේ නම් ඉදිරියෙන් සටහන් වුණු වැඩ නිරීක්ෂනය කළාට පස්සෙ. ස්නෝව්ඩන් හොඳින් ජර්නලිස්ට්ලව නිරීක්ෂණය කරල තොරතුරු දෙන කෙනාව තීරණය කරනව. ලෝරා සහ ග්ලෙන් අන්වර්ථ නම් පාවිච්චි කළානම්??
වික්ටර් අයිවන් සහ ලසන්ත වික්‍රමතුංගට ගොඩක් තොරතුරු ලැබුණෙ ඒ අය ලියපු දේවල් නිරීක්ෂණය කළ අයගෙන්. මම මට සමීප උදාහරණ ගන්නම්. ලසන්ත රුහුණගේ සහ ටිරන් කුමාර රාජපක්ෂ යුගයේ තොරතුරු ලැබෙන්නේ ඒ අය ලියන ලිපිවලට නම පාවිච්චි කරන නිසා. කේ. සංජීව තමන්ගෙ නමෙන්  එලියේ ආටිකල් ලියනකොට අහවල් තැනට එන්න කියලා කියන්නේ නමත් එක්ක තියෙන ගණුදෙනුව නිසා.
අනෙක් අතට ජර්නලිස්ට් කෙනෙක් තමන්ගෙ නම නැතිව ලියන්න ඕන වෙන්න ඉඩ තියෙනව එයා ලියන්නෙ තහවුරු කර නොගත්ත දෙයක් නම්. ලියන දේවල් ගැන එයාටම විශ්වාස නැත්තන්.
සාමාන්‍යයෙන් කොලම්කරුවන් අන්වර්ථ නාම පාවිච්චි කරනව. පත්තර කතෘවරුන් වෙන නම්වලින් ලියනව. සමහර දේශපාලන විචාර වලට මාද්‍යවේදින් වෙනත් නම් පාවිච්චි කරනව. ලිපි කිහිපයක් ලියන ජ්‍යෙෂ්ඨ (නම එස්ටැබ්ලිෂ් වුණ) මාද්‍යවේදියෙක් වෙන නම් යොදාගන්න පුළුවන්.
පොදුවෙ කිවයුත්තෙ මම මාද්‍යවේදියෙක් කියල කියන්න බයනම් ඒකෙ අවුලක් තියෙනව. මුලින්ම මේක වෘත්තියක් බව පිළිගන්න ඕන.
අනික මාද්‍යවේදියෙක් අනිවාර්‍යයෙන්ම තමන්ගෙ නමට පිළිගැනීමක් හදාගැනීම ගැන හිතන්න ඕන. ඒක වැරැද්දක්‍ ය කියන්න කාටවත් බැහැ. ඒත් සදාචාර විරෝදී (අනඑතිකල්) ක්‍රම වලින් තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න යනවනම් ඒක වැරදියි.
තව කියන්න දේවල් තියෙනව........................................


ප.ලි. - මම කියන්නේ ජර්නලිසම් කියන්නෙ අගය කිරීම නෙවෙයි වෘත්තියක්. අහවලා ජර්නලිස්ට් කිව්වාම ඒක මාර එකක් නෙවෙයි. එයාගෙ වැඩ එක්ක ඉතිහාසය තීරණය කරයි එයා හොඳ ජර්නලිස්ට් කෙනෙක්ද කියලා. ඒකයි අගය කිරීම. ඒක අපටම ගන්නවත් පිට කහන යාලුවෝ ලව්වා කියවගන්නවත් ඕන දෙයක් නෙවෙයි.

24 comments:

  1. හුඟක් තරහ ගිහින් වගේ. තමන්ට ඕනේ දේ තමන් කරන්න ඕනේ. ඔයා මාධ්‍යවේදියෙක් කියල ලියාගන්න ඕනේ නම් එහම් ලියන්න. කාගෙවත් අවසර ගන්න ඕනේ මොකටද ඒකට.

    ReplyDelete
    Replies
    1. තරහක් වෛරයක් ඇතුව නෙවෙයි ලීවෙ

      Delete
    2. මම මාද්‍යවේදියෙක් කියල මම පිළිගන්නවා.. ඒකයි මට ලියන්න ඕන. මම මාද්‍යවේදියෙක් කියල ලියන්න දෙයක් නැහැ, මාත් එක්ක ගණුදෙනු කරන අය ඒ බව දන්නව කියලයි මම හිතන්නෙ.

      Delete
  2. තමන් කැමති දේ කරන්න තමන්ට නිදහස තියෙන්න ඕන. අනික ලියන දේ ගැන හොද විශ්වාසයක් තියෙනවනම් නම ගැන හිතන්න තරම් දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ජර්නලිස්ට් ලියන හැම අකුරක්ම ඇත්ත කියලා කාටත් කලින් එයාට විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕන.

      Delete
  3. අනුන් අපට දෙන තනතුරු, පිළිගැනීම්, ඇතිකිරීම සහ නැතිකිරීම වුන් අතේ. වඩා වටින්නේ අපි අපිට දෙන අගය කිරීම. ඒක තීරණය කරන්නේ අපිමයි. එම තීරණය අවංකවම ඔබටම දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. ඒත් මම කියන්නේ ජර්නලිසම් කියන්නෙ අගය කිරීම නෙවෙයි වෘත්තියක්. අහවලා ජර්නලිස්ට් කිව්වාම ඒක මාර එකක් නෙවෙයි. එයාගෙ වැඩ එක්ක ඉතිහාසය තීරණය කරයි එයා හොඳ ජර්නලිස්ට් කෙනෙක්ද කියලා. ඒකයි අගය කිරීම. ඒක අපටම ගන්නවත් පිට කහන යාලුවෝ ලව්වා කියවගන්නවත් ඕන දෙයක් නෙවෙයි.

      Delete
  4. ගොඩක් දේශීය වෛද්‍යවරු රහසේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න බව //// athha

    ReplyDelete
    Replies
    1. කොත්ත මල්ලි, පස් පංගුව, තැම්බුන් හොදි, අසමෝදගම් ගහන දේශිය බටහිර වෛද්‍යවරුත් අනන්ත ඉන්නවා... දැන් ආරියසෙන යූ ගමගේ මහත්තයා කියන දේ වෙද මහත්තයෙක් කිව්වා නම් මොකෑ වෙන්නේ...

      Delete
    2. ඒකත් ඇත්ත. කොහොමත් මම මෙතැන තර්ක කරන්නේ වැඩියෙන් හොඳ වෛද්‍ය ක්‍රමය මොකක්ද කියන එක නෙවෙයි නිසා ඒක විවෘතව තියමු

      Delete
  5. උඹ කොහෙද බං මාධ්‍යවේදියෙක් කියන්නේ. මාධ්‍ය වේදියෙක් කියන්නේ අම්මට සිරි ලංකාවේ තද අන්තවාදියෙක් වෙන්න ඕන. ඒත් උඹ මොකෑ කරන්නේ හැම එකාටම නෙලනවා.. ඔය පඩත්තල වේසිගේ පුතාලා කියන ඒවට මල පන්නගන්නේ නැතිව. උඹේ වැඩේ උබ කරහන්... මගෙන කුණුහබ්බ අහ ගන්නේ නැතිව... රාවය කියන්නේ උඹට ආභරණයක්.. උඹ ඒකෙන් බැබලෙන ගමන්.. ඒකත් බබලවපන්.. බොග දාන එක අමතක කරන්නත එපා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හැම වෘත්තිකයෙක්ම වෘත්තියට අදාල දේ ඇර හැමදේම කරනවා

      Delete
  6. උතුරේ දෙමළාගේ සැබෑ ප්‍රශ්නය මම දැක්කෙ ඔබේ ලිපි වලින්....අන්තවාදයට පොහොර දමනවා වෙනුවට සැබෑ ගැටලු මොනවාද යන්න පිළිබඳව මාද්‍ය මගින් වියයුත්ත ඔබ ඉටුකිරීම සම්බන්දව හැමවෙලාවෙම ඔබ ගැන ආඩම්බරයි.මේ රටේ බොහෝ මාද්‍ය වේදීන් සිදුකරන්නෙ එක පැත්තක් අරගෙන පුවත් පලකිරීම.එහෙම නැත්තන් ඔහු මතයක ඉඳගෙන ඒ මටය සාදාරනී කරනය වනලෙස පුවත් ඉදිරිපත් කිරීම.ඔවුන් එතනින් එහාට දෙයක් කරන්නෙ නෑ...සැබෑ ගැටලුව කුමක්ද,එය ඇතිවූයේ මන්ද,එය විසදන්නේ කෙසේද ...එවැනි විමසා බැලීම හරි අල්පයි...ඒ අතරෙදි මම ඔබව දැක්ක්ස් ඒ හැමදෙයක්ම කරන මාධ්‍ය කරුවෙක් විදිහට...ඔබට ජය!.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස් වලට ඒ වගේ වටිනාකමක් ලැබුණානම් සතුටුයි

      Delete
  7. ඔබේ කර්තව්‍යය කරගෙන යන්න.
    ඔය කතා හැමෙකක්ම ප්‍රයෝජනයට ගන්න, මේ ලිපිය ලීවා වගේ!

    ReplyDelete
  8. /* උඹට තව ගොඩක් දුර යන්න තියෙනව ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.'*/

    මගේ යාලුවෙකු හිතාගෙන හිටියේ කසාද බැඳලා යුග දිවියක් ගත කරනවා කියන්නේ බැඳලා අවුරුදු විසි පහකින් විතර උදාවෙන තත්වයක් ය කියලයි!

    ReplyDelete
  9. මම කෙලින් කතා කරනව . මේ නිසා සමහරු මා එක්ක අමනාපත් ඇති. ඒක මට කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මම දැන් බ්ලොග් ලියන්නෙ මගෙ සතුට සදහා පමනක් නිසා නිදහසේ අදහස් දක්වන්න බාධාවක් නෑ.

    උඹ මාධ්‍යවේදියෙක් නෙමෙයිනම් වෙන මොකෙක්ද .
    උඹ අභිමානවත් ගෞරවනීය මාධ්‍යවේදියෙක්. එච්චරයි.
    ඔය යාළුව හිතන් ඉන්නෙ මාධ්‍යවේදය කියන්නෙ මහ බක්කක් කියල. මොනවද බං ඕක. මොනවහරි ගලපල ලියන්න පුළුවන්නම් එච්චරයි.මාධ්‍යවේදියෙක් වෙන්න ඕනම එකෙකුට පුලුවන් නෙ.

    නමුත් අපේ පසුගාමී සමාජයෙ මාධ්‍යවේදියට සිවිල් බලයක් ලැබිල තියනව. එහි වක්‍ර ප්‍රතිලාභ ජනතාවටත් ලැබෙනව. හඩක් නැගිය නොහැකි ජනතාවගෙ හඩ.සාමාන්‍ය මිනිහෙකුට වඩා අයුක්තියට එරෙහිව හඩ නගන්න මාධ්‍යවේදියෙකුට පුලුවන්. මීඩියාවලට පාට් එකක් දාන්න ඕනම ලොක්කෙක් දෙපාරක් හිතනව. අන්න ඒක වැදගත්.
    ජර්නලිසම් කියන්නෙ ජොබ් කට්ටක් තමා බන් .වෙන මොකක්ද බං.

    හැබැයි ඉතින් ඒ ජොබ කරන උන්ට හොද ලයිෆ් එකක් තියෙන්න ඕන කියලත් මම විශ්වාස කරනව

    ReplyDelete
  10. එහෙම කියන්න හේතු වෙච්ච කාරණාව සහ අදාළ ලින්කුව වත් දාන්නෙ නැතුව ඒ ගැන කිසිම හාහෝවක් නොදන්නා මිනිස්සුන්ට කරන මේ කතාව මම නම් දකින්නෙ පාළුගෙයි වලං බිඳිල්ලක් විදියටයි. ඔය ජපකරන කතාව කියපු කෙනා කියපු තැන සහ ඒ වෙලාවෙ උඩුව දාල තිබ්බ ස්ටේටස් අප්ඩේට් එක මම දැක්ක. ඒ දාල තිබ්බ ස්ටේටස් අප්ඩේට් එකට මමත් විරුද්ධව අදහසක් පල කරල තිබ්බ මතකයි. මට මතක විදියට සාලාව කඳවුර ගිනි ගත්ත වෙලාවෙ. ජර්නලිස්ට් ඩ නැද්ද කියන කාරනාව එතැනදී මට නම් අදාළ උනේ නෑ. හැබැයි උඩුව එතන දාල තිබ්බ ස්ටේටස් අප්ඩේට් එකෙන් ගංවතුර වෙලාවෙ නලියලා කරපු ප්‍රජා සත්කාරයට ඒකෙන් අනියමින් පහරක් වැදුන සහ ඒ වගේ උත්සාහයන් හෑල්ලු කරලා තිබ්බ වගේ පුද්ගලිකව මට දැනුනු නිසා ඒ වෙනුවෙන් අදහසක් පළකලා. එච්චරයි. ජර්නලිස්ට් කතාව ගැන මම නම් වැඩිදුර දන්නෙ නෑ. කොහොම නමුත් කව්රුන් හෝ මහා බ්ලොග් කරු, මහා සංගීතකරු, මහා මාධ්‍යකරු වගේ මං පොර වංශයෙන් ඉන්න එකට පුද්ගලිකව මම ආස නෑ. එහෙම ඉන්න එවුන්ට පැවැත්මකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. මට ඒ සංවාද හෝ පෞද්ගලික කාරණා වැදගත් නෑ.. මං ඒක අල්ලගෙන දාපු පෝස්ට් එකක්ම නෙවෙයි මේක. මේ පෝස්ට් එකට හේතුව ඒක වුණත්...
      මම මේක දැම්මේ ජර්නලිස්ට් කියන්නේ වෘත්තියක්ද? කියන ජනප්‍රිය සංවාදය අල්ලගෙන මිසක් පෞද්ගලික සිද්ධියක් මත්තෙ නැහෙන්න බලාගෙන නෙවෙයි

      Delete
    2. ජර්නලිස්ට් කියන්නෙ වෘත්තියක්ද කියන එක ජනප්‍රිය මාතෘකාවක්ද?? //පෞද්ගලික සිද්ධියක් මත්තෙ නැහෙන්න බලාගෙන නෙවෙයි// හෙහ්....

      Delete
  11. මට මතක විදිහ හරි නම්... කීප දෙනෙක්ම කියලා තිබ්බේ ජර්නලිස්ට් කෙනෙක් වෙලත් මේ වගේ දේවල් ලියන එක වැරදියි, මිනිස්සු නොමග යනවා කියලා. එතකොට මට මතක හැටියට තරිඳුම කියලා තිබ්බා මම මෙතන කරන්නේ ජර්නලිස්ට් වැඩේ නෙමෙයි වගේ දෙයක්. ඔන්න ඔහොමයි මට මතක... ඕක හරි නම් එතන අවුලක් තියනවා... විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතනයක් නියෝජනය කරන බව ප්‍රොෆයිල් එකේ සඳහන් නම්, යම් කිසි පොදු වැදගත්කමක් ඇති යමක් ප්‍රකාශ කරනකොට වෘත්තීය පසුබිම ඒකට ඔටෝමැටිකලි එකතු වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කරන්න බැහැ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඒ සංවාදය ගැන නෙවෙයි....
      ඒ සංවාදයේදී මතුවුණ කාරණයක් ගැන විතරයි...
      මම ජර්නලිසම් කියන වෘත්තිය කරන බව මම කියනවා... මම ජර්නලිස්ට්... ෆේස්බුක් එකේදී හා බ්ලොග් එකේදීත් කොහේ ගියත් මගේ වෘත්තිය විදියට ජර්නලිස්ට් කියන එක තියෙනවා...
      ඒත් මම ෆේස්බුක් එකේදී කරන්නේ ජර්නලිසම් නෙවෙයි... අනෙක් අතට බ්ලොග් එකේදී කරන්නෙත් ජර්නලිසම් නෙවෙයි

      Delete
  12. ''තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී අැත්තේ මෙහෙවරක් නොව දඬුවමකි.'' බලන්න.
    http://godayage-adaviya.blogspot.com/2016/08/blog-post.html

    ReplyDelete
  13. //මේක වෘත්තියක් හැටියට තාම ලංකාවේ රජය පිළිගන්නෙ නැහැ. මොකද මේ වෘත්තියට සුදුසුකම් නැහැ, වැටුප් තල නැහැ, තාම පිළිගත් උසස්වීම් ක්‍රම නැහැ//
    ඕන නෑ. ගොවිතැන වෘත්තියක්. ඔය මොකුත් තියනවද?

    ReplyDelete