//කේසවරාජන් නවරත්නම් ඇතුළු දහස් ගණන් කොටින්ට සම්බන්ද සහ
නොවූ දහස් ගණනක් හමුදාව කිසිම කරදරයක් නොකර බේරා ගත්තා. හිටපු කොටි
සාමාජිකයන් දහස් ගණනක් පුනුරුත්තාපනය කර නිදහස් කළා. බොහෝ හමුදා සාමාජිකයන්
තම ඉතා අවධානම් සහිතව මෙන්ම දිවි පුදා කොටින්ගෙන් ප්‍රාණ ඇපකරුවන් ලෙස
සිටි සාමාන්‍ය දෙමල ජනයා බේරා ගත් බව ඔබලාට අමතකද? දහස්ගණන් කොටි සෙබලියන් දුෂණය කර මරා නොදමා පුනුරුත්තාපනය කර නිදහස් කර ඇති හමුදාවක්. කොටි ප්‍රධාන නායකයන් ඔවුන්ගේ බිරින්දෑ වරුන් හා ළමයින් නොමරා නිදහස් කල හමුදාවක්. ඉසිප්‍රියා හා බාලචන්ද්‍රන් පමණක් අමානුෂිකව ම්ලේච්චාව මරා දමුවායයි ඔබට පිළිගත හැකිද?//
මේ මගේ කලින් සටහනකට මහා කළු සිංහලයා නමින් දමා තිබූ කමෙන්ටුවකි.
(ඔය ගොඩක් එවුන්ගෙ සිංහලකමයි බෞද්ධකමයි අපි දන්නව. මේ දවස්වල මගේ යාළුවෙකුත් හෙනට සිංහල බෞද්ධකම ගැන ටෝක් දිදී යනව. මිනිහ තමයි ඒ කාලේ ඉස්කෝලේ සෙට් එකේ හොඳටම ගංජ ගහපු බඩු ගහපු එකා)මෙවන් ප්‍රශ්ණ වලට නිතර පිළිතුරු දුන්නත් පුංචි පිළිතුරක් ලබාදිය යුතුයයි සිතමි.
කේසවරාජ් අද ජීවත්වන්නේ හමුදාවට පින් සිද්ධ වන්නට නොවේ.
හමුදාවට ඔහුගේ අනාගතතය බාර දුන්නානම් දැන් අපට හොඳ මිත්රෙයකුත්, දමිළ සිනමාවට දක්ෂ අධ්‍යක්ෂවරයෙකුත්, ප්‍රියාට හොඳ ගුරුවරයෙකුත් දැන් නොමැත. (ඔහුගේ කතාව ඉදිරියේදී ලියන්නම්. තාම ඒකට පසුබිමක් හැදිල නැහැ.)යුද්ධයෙන් පසුවද ඔහුට හමුදාවෙන් කරදර මිස යහපතක් වී නැත. අනෙක ඔහු පුනරුත්ථාපනය වන්නට අවශ්‍ය කෙනෙක් නොවේ. කලාකරුවෙක් මිස ඔහු යුද්ධ කල කෙනෙක් නොවේ.
ඉසිප්‍රියා හා බාලචන්ද්‍රන් පමණක් මරා දැමූ බව මමද නොකියමි. ඒ හෙළිදරව් වූ මරණ (මිනීමැරුම්?) අතරින් දෙකක් පමණකි. ඊට වඩා බොහෝ මරණ සිදුවන්නට ඇත.



//(ඔය ගොඩක් එවුන්ගෙ සිංහලකමයි බෞද්ධකමයි අපි දන්නව. මේ දවස්වල මගේ යාළුවෙකුත් හෙනට සිංහල බෞද්ධකම ගැන ටෝක් දිදී යනව. මිනිහ තමයි ඒ කාලේ ඉස්කෝලේ සෙට් එකේ හොඳටම ගංජ ගහපු බඩු ගහපු එකා)//
ReplyDeleteඔබගේ දැනුම ඉහත අදහසින්ම පේනවා. ඔබගේ ලියවිල්ලේ අර්ථය අනුව ඔහු වැරදි වැඩ කලේ ඉස්කෝලේ යන කාලෙදී විතරයි නේ. ඉතින් වැරදි කරපු කෙනෙකුට ඒවා හදාගෙන දැන් හොඳින් ඉන්න බැරිද? ඔහුට බනිනවා නම් දැන් කරන වැරදි වලට බනින්න. ඔහු දැන් වැරදි කරනවා නම් ඒ සමග බෞද්ධකම ගැන ටෝක් දිදී යනව නම් එයයි වැරදි.
අයියෝ පොර තාමත් එහෙම තමයි....
Deleteහමුදාවක් යමක් කළා කියා හමුදාවට වැරැද්ද පැටවීමට නම් එම හමුදාවේ හමුදාපති සිට පහලට අණ හරහා එම වැරැද්ද සිදු කිරීමට අවශ්‍ය නියෝග තිබිය යුතුය. නැත්නම් එම වැරැද්ද අදාළ පුද්ගලයන් විසින් කල දෙයක් වන අතර සාක්ෂි මත එම පුද්ගලයන්ට අදාලව නීතිය ක්‍රියාත්මක් කිරීම කල හැක. රතු පස්වල කියාවද එසේය එයට අදාළ නිතිය ක්‍රියාත්මක වෙමින් පවතී. හමුදා සාමාජිකයන් අතරද විකෘති ආසා ඇති අය මෙන්ම අදික පළිගැනීමේ චේතනා සහිත අය සිටිය හැක(LTTE ඒ හැසිරීම අනුව එය අනිවාර්යෙන් සිදුවිය හැක) ඔවුන් අතින් සිදුවූ අපරාද වේ නම් ඒවා ඔවුන් කල දේ මිස හමුදාව කල දේ නොවේ. ශ්‍රී ලාංකික හමුදාව අවසන් සටනේදී කිසි විටක යුධ අපරාද කළා කියා අප පිළිගන්නේ නැත
ReplyDeleteඇයි අපි වෙනුවෙන් අපි එපිසෝඩ් 0 තිබුනේ 88-89. හොඳ වෙලාවට ඩිජිටල් ෆොටෝ හෝ වීඩියෝ තිබුණේ නෑ!
ReplyDeleteඔබ ආදරය කරන කොටි හමුදාව ආදර්ශමත් එකක්ද
ReplyDeleteඔවුන් දෙමළ නොවන අයට කළ අපරාධ පසෙක තබමු. උතුරේ ඔවුන් ගෙන ගියේ යහපත් පාලනයක්ද
සමහරවිට ඔබ ඒවා බොරුයි කියා කියාවි. එසේනම් මේවාත් බොරුය.
ඔබගේ මහාවීර නායකයා පොඩි එවුන්ගේ බෙල්ලේ සයනයිඩ් එල්ලූ හැටි අමතකද
ඔබට ඒවා ප්‍රතික්ශේප කරන්නට බැරිය
ප්රභාකරන් මියගිය දිනයේ මෙරට ජනතාව කිරිබත් කෑම ඔබට දුකක් වී ඇත. ඔබේ එන්ජීඕ ස්වාමීන්ගේ දුක ඔබේද දුක වීම පැහැදිලිය.
ReplyDeleteඑහෙත් ප්රභාකරන් යනු මෙරට ජනතාවගේ සතුරාය. එදා අප බසයකට නැගුනේද කොයි වෙලේ පුපුරයිද කියා සැකයෙනි.
ඔබට අවශ්‍ය කැලේට ගොස් තපස් රකින බෞද්ධයන්ය . එවිට ඊළම පහසු බැවිනි.
ඇත්තෙන්ම ඔබගේ ස්වාමීන් ඊළම සදහා ලංකාව තෝරාගත්තේද මේ බෞද්ධ පසුබිම නිසාය. ඉන්දියාවෙන් , මැලේසියාවෙන් ඊළම් ඉල්ලන්න ගියානම් කන්න වෙන බව ඔවුහු කල්පනා කළහ.
බින් ලාඩන් මියගියවිට ඇමරිකානුවන්ට ප්‍රීතිවෙන්න පුළුවන් හැබැයි ලංකාවෙ අපට බැහැ.