Wednesday, May 27, 2015

රනිලුත් ගාණට වැඩියි...


ජනවාරි අට මහින්දව පරදවන්න වුණේ මහින්ද හොඳ නැති නිසා ය. එදා මහින්ද පැරදවූයේ යූඇන්පීය හෝ රනිල් විසින් නොවේ. මහජනතාව විසින් ය. හැබැයි එදා දින්නේ මහජනතාව නොවේ රනිල් ප්‍රමුඛ එජාපයයි. මහජනතාවගේ ජයග්‍රහණය තියෙන්නේ ගොඩක් ඈතින් ය.
මහින්ද නරක වූ පමණින් රනිල් හොඳ වන්නේ නැත. සාපේක්ෂ ය. යහපාලනයෙන් පසු කේතුමතිය පහළ නොවන බව අපි දැන සිටියෙමු. සරලව කිව්වොත් රාජපක්ෂ රෙජීමය ඉතා නරක වන අතර එජාප ආණ්ඩුව නරක ය.
අපි ඉතා නරක තැනින් නරක තැනට පැමිණ ඇති අතර අපට දැන් තියෙන අභියෝගය ඉතා නරක අය නැවතත් බලයට ඒමට ගන්නා උත්සාහයයි.

වාසුගේ පකයා සිද්ධියෙන් මේ තත්වය කියැවිය හැකිය.

පාර්ලිමේන්තුවේදී වචන භාවිතයේදී සහ හැසිරීමේදී ගෞරවණීය තත්වයෙන් හැසිරිය යුතු ය්‍වාසු කුණුහරුප කියමින් පාර්ලිමේන්තුව පහත් තත්වයට දමමින් ඉතා නරක ලෙස හැසිරුණේය. ආයේ සාහිත්‍ය පොත් පෙරලමින් කෙස් පැලෙන තර්ක ගෙනෙන්නට අවශ්‍ය නැත. වාසු කීවේ කුණුහරුපයකි. කුණුහරුප කීම ඉතා නරකයි.

හැබැයි එතැනදී රනිල් කළේ නරක වැඩකි.

අගමැතිකම ඔළුවට ගත්ත රනිල්ගේ පසුගිය දිනවල ඇතැම් හැසිරීම් නරක ය. පාර්ලිමේන්තුවේ පොයින්ට් ඔෆ් ඕඩර් මතනැඟී සිටිමින් පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු කතා කරන්නට නැඟිටන විට ඉඳගන්නවා අයිසේ කියමින් නියෝග කරන්නට රනිල්ට අයිතියක් නැත. (වට්ටක්කා ගෙඩියක් වගේ, රැවුළ කපලා එන්න වගේ කතා කෝට් ඇඳලා තමන් මහත්මා දේශපාලඥයෝ කියාගන්න රනිල්ලාට ගැලපෙන්නේ නෑ) මීට පෙරද විපක්ෂ නායකවරයාටද ඉඳගන්නවා ඕයි, ජනාධිපතිට කියලා ටොක්කක් දෙනවා කියා තිබුණි.
රනිල්ගේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඕනෑතරම් අපි අසා ඇත්තෙමු. රනිල් මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කරන්නට ගන්නා අසාමාන්‍ය උත්සාහය ද සුදුසු නැත. විසිවෙනි සංශෝධනය පරක්කු වෙන්නේත් රනිල්ලාගේ වුවමනාව නිසා ය. (හරිනම් ජනවාරි අටවෙනිදා ඉඳන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන වැඩේ පටන් ගන්න තිබුණා)
මේ කතා මහින්ද වෙනුවෙන් කියන කතා නොවේ. මහින්දට වඩා නම් මේ ආණ්ඩුව හොඳ ය. අපි ඉතා නරක අයට ප්‍රතික්ෂේප කරමින්ම දැන් කේතුමතිය පහල වී නැතැයි අවබෝධයෙන් යුතුව ඉදිරියට ගමන් කළ යුතුය. දැන් ආණ්ඩුවේ වැරදි විවේචනය කළ යුත්තේ ඒ පදනමින් ය.

3 comments:

  1. ඔවුන් සේරම එකයි, ඒක අපි පොඩි කාලේ ඉඳලා දන්න සත්‍යයක් නේ?

    අවංක කියන වචනේ විරුද්ධ වචනය දේශපාලුවා කියන එකයි.

    හොර ගුහාව කියන එකට සාමන වචනයක් තමයි පාර්ලිමේන්තුව.

    ReplyDelete
  2. ඇත්ත. අපි උත්සාහ කරන්න ඔ්න ඉදිරියට යෑම සඳහා බලපෑම් කිරීම

    ReplyDelete
  3. ශ්‍රී ලංකාව නමැති වනය පිළිල සෑදුනු මානව ගස්වලින් පරිපූර්ණය - අපි කවදා මේ වනය රටක් කරමුද?

    ReplyDelete