Tuesday, June 02, 2015

විත්‍යාගෙන් පසුව අපි...


මෙතැන අපි කීවේ ජනමාධ්‍ය වලටය. එහෙත් එතැනින් එහාට විත්‍යාගෙන් පසු සමාජය ගැන කතා කළ යුතුය.

විත්‍යාගේ සිදුවීම හර්තාල් කිහිපයකින් පමණක් අවසන් වීද? විත්‍යා ගැන ආණ්ඩුවට තිබෙන වගකීම ඉටිපන්දම් පත්තු කරන සංදර්ශණයකින් අවසන් වීද? විත්‍යා ගැන ජනමාධ්‍ය වලට තිබෙන වගකීම ඇයව දූෂණය කළ ආකාරය ලුණු ඇඹුල් ඇතිව වාර්තා කිරීමෙන් පමණක් නවතීද? විත්‍යා ගැන ජනාධිපතිවරයාට තිබෙන වගකීම විශේෂ උසාවියක් දමන බව කීමෙන් පමණක් නවතීද?


(කියන්න ඕන විජයානන්ද ජයවීර මහත්මයා මට පෙන්වලා දුන්න කරුණක්. විත්‍යාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරේ ඇතිවුනු විරෝධය දකුණට තේරුම්ගත නොහැකි වුණේ කොහොමද කියලා. උතුරේ මිනිස්සු වැඩියෙන් බලන්නේ ඉන්දියානු ටෙලිවිෂන්. ඉන්දියානු ජනමාධ්‍ය. නිර්භයාගේ සිදුවීමත් එක්ක ඉන්දියාවේ ඇතිවුණ විරෝධතා රැල්ල අපට එතරම් සමීප නැතත් උතුරේ මිනිස්සුන්ට සමීපයි. විත්‍යා සම්බන්ධයෙන් පොලීසිය මන්දගාමී වීමත් අර ආභාෂයත් නිසා තමයි උතුරේ විරෝධතා ඇතිවුණේ. අපේ ගොන් ජනමාධ්‍ය වලට බැරිවුණා ඒක තේරුම් කරන්න. උතුරේ ජාතිවාදී නැගිටීම්ය කියලා මහින්දගේ ප්‍රොජෙක්ට් එකට පොහොර දැම්මා අපේ මාධ්‍ය. ඒකෙන් වුණේ මෙතැනින් පටන්ගත්ත ස්ත්‍රී දූෂණ විරෝධය ජාතිවාදයට පටුවීම.)


විත්‍යාෙගන් පසුව ගතවුණු කාල සීමාව තුල ස්ත්‍රී දූෂණ කීයක්නම් සිදුවීද? ස්ත්‍රීදූෂණයක් ගැන ජනමාධ්‍ය වාර්තා සැකසෙන්නේ එය සිදුවූ හැටි දැනගෙන මඳක් කම්පා වී ඊළඟ ප්‍රවෘත්තිය දක්වා මාරුවීමට පමණක්මය.

අප සිටින්නේ අශීලාචාර සමාජයකය. කාන්තාවට, ස්ත්‍රීත්වයට ගරු නොකරන සමාජයකය. මෙය පිටුදැකීමට සමාජය තුළින්ම පුළුල් සංවාදයක් ඇතිවිය යුතුය. දේශපාලයන් ඕවා කරන්නේ නැත. එදා සටනේදී රෝසි, විජයකලා ඇමතිවරියන් හැසිරුනු ආකාරය ලජ්ජා සහගතය. මෙහි බරපතලකම ගැන කිසිදු වැටහීමක් ඔවුන්ට නැත.


විත්‍යා පුද්ගලයෙක් නොවේ. සමාජ අර්බුදයක සංකේතයකි. විත්‍යාෙග් කතා පුවත යට යන්නට ඉඩ දිය යුතු නැත. සමාජ ව්‍යාපාරයන් අතරින් 

විත්‍යාෙගන් පසු අප ගැන සංවාදයක් මතුවිය යුතුය.


එයට වේදිකාවක් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සූදානම් කර ඇත. ජුනි නවවෙනි අඟහරුවාදා හවස 4ට බොරැල්ල නගරෝදය ශාලාවෙහි (කැම්බල් පිටිය පහු කරලා ටිකක් දුර ගියාම බොරැල්ල බන්ධනාගාරයට පාරෙන් එහා පැත්තේ) විත්‍යාෙගන් පසු සමාජය ගැන කතා කරන්නට වේදිකාවක් නිර්මාණය වී ඇත.



සුමිත්‍රා රාහුබද්ධ, ආචාර්ය හරිනි අමරසූරිය, නාලක ගුණවර්ධන, චන්දන සිරිමල්වත්ත, ධර්මසිරි බණ්ඩාරණායක, නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුළු ජනමාධ්‍ය, සිවිල් සමාජය, කාන්තා සංවිධාන නියෝජනය කරමින් බුද්ධිමතුන් රැසක් එයට සහභාගී වීමට නියමිතව ඇත.


විත්‍යා ගැන කතාකර විසිර යන්නට නොව විත්‍යාෙගන් එහාට තිබෙන බරපතල ප්‍රශ්ණය ගැන කතා කරන්නට එදිනට පැමිණෙන ලෙස ආරාධනා කරන්නෙමු.

5 comments:


  1. ලින්ගික අල්ලස් වලට නිවුස් කියන්න කෙල්ලන් ගන්නා මාජ්ජ ආයතන වල ජේශ්ට මාජ්ජවේදියෝ පලමුව තම තමන් වැඩ කරනා මාජ්ජ ආයතන ලින්ගික අල්ලස් වලින් බේරා ගත්තොත් නේද වඩා හොඳ?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක වඩා හොඳයි.... ඉතින් එන්න අපි කතා කරමු

      Delete
    2. පුලුවන් නම් ගුනදාස ලියනගේ මැතිතුමා ලියූ "දෝන කමලාවතී" පොත හොයාගෙන කියවන්න....

      ජනමාද්යවේදීන් ම තමන් සමග වැඩ කරනා කාන්තාවන් ට හැටේ දශකයේ හිටන් සිද්දකරගෙන යන ලින්ගික අතවර ගැන දැනගන්න පුලුවනි...

      ඔවා දෙනු පරහට.....
      තමා සම්මතයේ සිට...

      Delete
  2. විත්‍යා ගියා. නිසි පිළියමක් ඇති නොකරොත් තවත් විත්‍යා ලා යයි.

    ReplyDelete
  3. සාරුවලියනගේ සුනිල්ගේ දක්ෂතාවය ගැන හොයන්න අකුරැස්සට ගියපු මාධ්‍ය සහෝදරයෙක් මරු කතාවක් කිව්වා. සුනිලා ගැන විස්තරේ කියනවට වඩා ගමේ ඇව්වෝ ගොඩ දෙනෙක් මෑන්ස්ගේ ගුණේ වයන්න අරගෙන. එක පොරක් සුනිලගෙ රති කෙලිය අර්ථකතනය කරලා තිබුණේ ‘‘සුනිල් අයියගෙ වරදකට තියෙන්න ඉතින් ඕක තමයි.. නැත්නම් හොඳ මනුස්සයා‘‘ කියලයි. උසාවියට ගැහිල්ල කෙසේ වෙතත් යුක්තිය සම්බන්ධයෙන් දකුණේ හෘද සාක්ෂියේ හරස්කඩක් මේ කතාවලින් කියවෙනවා. සටන් කරන විලාසය වෙනස් වෙන්න පුළුවන් භූගෝලීය විෂමතා අනුව. ඒත් මිනිස්සුන්ට සටන්කරන්න කොණ්දක් හා හදවතක් ඕනෑ..එහෙම බැලුවාම ඒක දකුණට වඩා උතුරට ටොන් ගාණින් තිබෙනවා. ඒ හේතු උඩ උතුරේ මිනිස්සු ගැන මට නම් ආඩම්බරයි..

    ReplyDelete