Tuesday, June 02, 2015

මෛත්‍රී SLFP සභාපතිකමෙන් බම්බු ගහන්න එපා



උඹට රනිල්ව අගමැති කරන්ඩ ඕන නම් ශ්‍රිලනිප සභාපතිකමේ බම්බු ගහපන් යැයි වාසු කියා තිබුණේය. වාසු කියපු විදියට නැතත් පුරවැසියන් විදියට අපිත් කිව යුත්තේ ශ්‍රිලනිප සභාපතිකමේ බම්බු ගහන්නැතුව අයින්වෙයන් කියාය. ( ඇයි බං ශ්‍රිලනිප සභාපතිකම මෛත්‍රිට වැඩක් නැහැනේ. එයාට දේශපාලන අනාගතයක් නැහැනේ.. අවුරුදු  පහක් ඉඳලා විශ්‍රාම යනව කියලනෙ කිව්වේ. මේක කලින් සටහනකින් කිව්වා. මේ තියෙන්නේ)




වාසු කිව්වේ රනිල්ට අගමැතිකම දෙන්න ඕනනම් බම්බු ගහපන් කියාය. අප කිව යුත්තේ උඹ ශ්‍රිලනිප දිනවන වගකීමක් කරගහගන්නේ මොකද? ඕක බාරදීලා නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් වෙයන් කියාය. ශ්‍රිලනිපයට ආකර්ශණීය නායකයෙක් ඔවුන් සොයාගනු ඇත. (මහින්ද වුණත් කමක් නැහැ. මහ ඡන්දෙකදී රිදෙන්න දෙන්න පුළුවන් මහින්ද ආවොත්)

ජනවාරි අටවෙනිදා මෛත්‍රීට පැවරුණේ පක්ෂයක වගකීමක් නොව ජාතියක වගකීමකි. එහෙත් මෛත්‍රීත් එජාපයත් හැමෝමත් කරන්නේ උඩින් පල්ලෙන් ජාතික වගකීමේ කෑලි කෑලි ඉටුකරමින් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් වැඩ කිරීමය. (බම්බු ගහනව)
මෛත්‍රී ගැනවත් රනිල් ගැනවත් මහින්ද ගැනවත් (ඇයි යකෝ) අනුර කුමාර ගැනවත් නොව දේශපාලනයේදී පුරවැසියන් තමන් ගැනම විශ්වාසය තැබිය යුතුය. (දේශපාලඥයො නෙවෙයි දේශපාලනය විශ්වාස කරන්න)



ජනවාරි අටෙන් පස්සේ දැන් ප්‍රගතිශීලි යැයි කියන පිරිසත් ඇතුළු සියළු දෙනාම කිසියම් දේශපාලන බලවේගයක් ගැන විශ්වාසය තබන්නට පටන් ගෙන ඇත. (මහින්ද, රනිල්, මෛත්‍රී, ජේවීපී, ෆොන්සේකා බ්ලා බ්ලා බ්ලා)

 මෙතැන මට කියන්නට තියෙන්නේ යුද්ධයත් රාජපක්ෂ යුගයත් ජනවාරි අටවැනිදාත් දින සීයත් පුරවැසියන්ට ඉගැන්වූයේ වෙනත් පාඩමක් බවය. 94දී හරියට පාඩම ඉගෙන නොගෙන චන්ද්‍රිකාවත් ශ්‍රිලනිපයත් විශ්වාස කොට අපි වසර විස්සක් නාගත්තෙමු. (දේශපාලඥයො නෙවෙයි දේශපාලනය විශ්වාස කරන්න)

මේ ලිව්වේ අපි හොඳින්ම දන්නා සත්‍යයක් මිස අළුත් දෙයක් නොවේ. කළ යුත්තේ කුමක්දැයි අපි හෙමිහිට සාකච්ඡා කරමු...

10 comments:

  1. කතාව නම් ඇත්ත. ඒත් ඒක මේ අදාළ අය තේරුම් ගනීද කියලා තමයි ප්‍රශ්නේ.

    ReplyDelete
  2. // උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වන බව ලීවේ ඒ නිසාය //

    ඩී වී උපුල් තුමා පොලිස් මූල්ය අපරාද කොට්ටාසේ වැඩකරන පොලිස් කාරයන් ව ගල් ගහල මරමු කිවුවේ ඔයා ගෙ ලිපිය කියවල්ල වෙන්ඩ ඇති නේද?

    උසාවි වලට ගල් ගහන එකට වඩා පොලිස් කාරයන් ට ගල් ගහලා මරන එක ප්‍රගතිශීලී නේ?

    ඒහෙම නැත්නම් ඒ ප්‍රකාසේ කලේ මහින්ද වාදියෙක් නිසා උතුරේ උසාවි වලට ගල් ගැසීම ශ්‍රේස්ට වන අතර දකුනේ උපුල් ව හිරේ දාන්න කියලා ලිපියක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වුනේ ඇයි කියලා කලින් මම ලියලා තයෙනවානේ... උපුල් කියන දේයි උතුරේ මිනිස්සු කරපු දේයි අතර සම්බන්ධයක් නැහැ... මෙතැන ලියන්න විදියක් නැහැ... ඊළඟ සටහනින් මේ මාතෘකාව කතා කරන්නම්

      Delete
    2. මම උත්තරේ ලියල තියනවා නේ....මෙන්න ඊලඟ ලිපියට මාතෘකාව:

      // උතුරේ උසාවි වලට ගල් ගැසීම ශ්‍රේස්ට වන අතර දකුනේ උපුල් ව වහාම හිරේ දමනු! //

      Delete
    3. වැරදි ඩීවී උපුල්ද කතා කරද්දී අත්පුඩි ගහපු අයද?

      Delete
    4. ඒක තමයි මාතෘකාව

      Delete
  3. බම්බුව තමයි බම්බුව ..... හැක් හැක්

    ReplyDelete
  4. කොහොමත් ජනාධිපති නිර්පාක්ෂිකයෙකු වීම රටට පොදුවේ යහපත් දෙයක් බව මගෙත් හැඟීමයි.අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතයක් නම් ඔහු එක දේශපාලන පක්‍ෂයක නායකයකු වීම එතරම් සුදුසු දෙයකුත් නොවේ.

    ReplyDelete
  5. දේශපාලඥයො නෙවෙයි දේශපාලනය විශ්වාස කරන්න....

    ReplyDelete
  6. වාසු පකයා කියන ඒව එච්චර ගනන් ගන්න එපා. පොරට දැන් පිස්සු තද වෙලා..

    ReplyDelete