Friday, July 03, 2015

කටවහගං සුසිල් ප්‍රේම්ජයන්ත් පරයා...



(පරයා යනු පකයා යන්නට වඩා හොඳ සාහිත්‍යමය වචනයක්. පිට එකා යන්නට පරයා යෙදිය හැකියි.. මේක කුණුහරුපයක් කියලා කියනවනං කියන්න තියෙන්නේ හා..... කුණුහරුපයක් තමයි.. සුසිලට විතරක් නෙවෙයි අපටත් කුණුහරුප කියන්න පුළුවන් නේ.)

මේ සටහන මාධ්‍යවේදීන් දෙකේ කොළයට දමමින් සුසිල් කියූ කතාවට පිළිතුරු ලෙස ලියැවුණකි.  (එතැන සිටි මාධ්‍යෙව්දීන් කවුද, ඔවුන්ගේ අලය මොකක්ද කියලා හොයන්න ඕන නැහැ)

මේ සටහනේදී සුසිල්ට කිසිදු ගරු යෙදුමක් නැත. ඌ දේශපාලඥයා නම් වෘත්තිය තෝරාගත් එකෙකි, මම මාධ්‍යෙව්දියා නම් වෘත්තිය තෝරාගත් එකෙක්මි. 

අපි ප්‍රෙස් තියනවා, මාධ්‍ය නිවේදන දානවා. ඒව ඇති. (තව අහන්න එන්න ඕන නැහැ.) මින්පස්සේ දෙන්නෙ නැහැ කිසිදෙයක්. මගෙන් කුණුහරුප අහගන්න එපා කියා සුසිල් එතැනදී කියා තිබුණි.

(ගොන් හරකො උඹල දාන දාන එක ලියන්න නං ජර්නලිස්ට්ලා ඕන නැහැනේ. දෙන දෙන එව්ව කොපි කරල පල කරන්න පිටපත් ලියන ලිපිකරුවො ටිකක් ගන්න කියල උඹලගෙ ගජ යාළුවො වෙච්ච මාධ්‍ය හිමිකරුවන්ට කියපං)

සුසිල් එතැන මාධ්‍යවේදීන්ට සැර දමන්නේ ඔහුගෙන් කටු කන්නට ආ බල්ලන් පිරිසක් ගාණට මාධ්‍ය වෘත්තිකයන්ව දමමිනි.

වත්මනෙහි ලංකාවේ හැම වෘත්තියක්ම දූෂණය වී තිබේ. එවන් තත්වයක මාධ්‍ය වෘත්තියේ පමණක් සුපිරි වෘත්තිකයන් පිරිසක් බලාපොරොත්තු විය නොහැකිය.  (වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය විතරක් නෙවෙයි පැවිදි අයත් අන්තිම දූෂිතයි. මෙහෙම කියනනේ සටහන ඉවර වෙලා කට්ටිය මාධ්‍යවේදීන්ගේ අලේ ගැන ප්‍රශ්ණ කරලා මාධ්‍යවේදී මුව හමට තලලා සුසිල්ව අමතක කරන්න ඉඩ තියෙන නිසා )

ලංකාවේ මාධ්‍ය වේදියාට ලැබී තිබෙණ තැන කුමක්ද? අපි තොරතුරු සොයමින් හිඟා කන බල්ලන් නොවේ. අපි දේශපාලඥයන්ව හො වෙනත් කෙනෙක්ව ප්‍රශ්ණ කරන්නේ අපේ ඇම්මක් සුව කරගන්නට නොවේ. අපේ රස්සාව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සන්තර්පණය කිරීමයි. (ඒක සිද්ධ වෙන විදිය ගැන විවේචන ඕන තරම්. කුණු වෙලා ගඳගහන ලංකාවේ හැම වෘත්තියකම ඒ වගේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් මම කියන්න යන්නේ අපි කරන්නේ දෙකයි පණහේ රස්සාවක් නොවන වග)

මෙවන් සිදුවීම් ඕන තරම් සිදුවී ඇත. මර්වින් සිල්වාද මාධ්‍යවේදීන්ට කිහිප වරක්ම සද්දය දමා තිබුණි. රන්ජන් වරක් රාජපක්ෂලා සම්බන්ධයෙන් සෝමා එදිරිසිංහගෙන් හෝ බුද්ධික කුලසේකරගෙන් ඇසිය යුත්තක් ධම්මික යටිකිඳගෙන් අසමින් පොර විය. සමාජයටද මාධ්‍යවේදීයා කටු කන බල්ලන් පිරිසකි. මාධ්‍ය හිමිකරුවා සහ මාධ්‍යවේදියා යනු දෙදෙනෙකි. බොහො තැන්වලින් තැලෙන්නේ මාධ්‍යවේදීන්ය.

මට කියන්ට ඇත්තේ මෙයයි.

අපි දේශපාලඥයන්ට වඩා පහත් වෘත්තියක් කරන, උන් වරෙන් කියන විට එන පළයන් කියන වට යන පිරිසක් වෙන්නට කැමති නැත. ඇමතිතුමා කියමින් විස්සට තිහට නැවෙන්නට අපට අවැසි නැත. දේශපාලඥයා සේම අපි ගරුත්වයක් ඇති වෘත්තියක් කරන්නෙමු. (දේශපාලඥයා මොනවද කරන්නේ?)

මාධ්‍යවේදී සහෝදරයන්ටද යමක් කිව යුතුය.

එතැන සුසිල් එසේ කෑ ගසන විට ඔයා කවුද අපට කුණුහරුප කියන්න? වගේ සද්දයක් දමන්නට අපට හැකි විය යුතුය. (ඒක එච්චරම ප්‍රායෝගික නෑ. අයිවන් මහත්තයගෙ රාවයේ ඉඳන් මට එහෙම කියන්න පුළුවන් වුණත් වෙන ආයතනයක කෙනෙක් එහෙම කීවොත් උඩින් පණිවිඩේ ගිහින් ජොබ් එකටත් කෙළවයි)
අපේ වෘත්තියට හිමිවිය යුතු ගරුත්වය දිනාගැනීම එතරම් පහසු නැත. එහෙත් මේ හිඟන පඩියක් ලබන හැම තැනින්ම බලු වන අපේ වෘත්තියට මීට වඩා ගරුත්වයක් දිනාගත යුතුය. මීට වඩා තත්වයක් ලබාගත යුතුය.  

(එ්කට අපේ පැත්තෙන් වෙන්න ඕන දේවලුත් තියෙනවා. අපි දැනගන්න ඕන අපේ කොලටි එක හදාගන්න)

සුසිල්ලාගන් මෙවැනි කතන්දර අප ඇසිය යුතු නැත. අප නැතුව ඕකුන්ට බැරිය. පර දේශපාලඥයන්ට මාධ්‍යවේදීන් දෙවැනි විය යුතු නැත.



14 comments:

  1. දැන් බලද්දි තවත් චණ්ඩි ඉදලා නේද?????

    ReplyDelete
  2. උඹලම තමා උන්ව සුද්ද කරන්නෙත්....අන්තිමට උන් උඹලටම කෙලින කම් උඹලා දන්නේ නෑ...
    ලංකාවේ දේශපාලකයෝ මෙච්චර චන්ඩි කරේ මාධ්‍ය....උන්ට කඩේ ගිහින් උන්ව ලොකු කලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අපේ වෘත්තිය කරන අයම තමයි මේ මිනිස්සුන්ව ලොකු කරන්නේ

      Delete
  3. ලන්කාවෙ ඔය කියනා මාද්ය පොඩියන් ලා කසාද බඳිනකොට අස්සන් කරන්නේ මාද්ය ලොක්කොද, නැතනම් දේසපාලුවොද?

    බෝතල් පත්තර මල්ලිලා ගේ සදාචාරෙ රෙද්ද අස්සෙන් හැලෙන්නෙ ඔය වගෙ වෙලාවට නේ....


    අනේ අපිට නිකන් සුදු ලූනු පොඩිකරන්න එපා බෝතල් පත්තර මල්ලිලා!!!

    ReplyDelete
    Replies
    1. කසාද බඳිද්දී හිතවත්කම අනුව තමන් කැමති කෙනෙක්ව තෝරගෙන අත්සන් කරන්න පුළුවන්... සදාචාරේ රෙද්ද අස්සෙ හලාගන්න උන් මේ වගේ අවකාශ වලට එන්නෙ නෑ. උන්ගෙ ෆේස්බුක් අකවුන්ට් වලත් තියෙන්නේ මල්වල පොටෝ. සංවාද අවකාශයට එන අපි තමා අන්තිමේදි කතා අහගන්නේ

      Delete
  4. උඹ රාවයේ ඉන්න නිසා මෙතන මොකුත් කියන්න බෑ ඉතිං අපටත්.
    අනිත් එවුන් බහුතරයක් ගැන නං කියන්න තියෙන්නෙ සුසිල්ගෙ වචනයට උන් සුදුසුයි කියන එක තමයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ගැන....
      ඒක ඇත්ත.. හැමෝම නෙවේ බහුතරයක්

      Delete
  5. එතන කොන්දක් තිබුන එකෙක් උන්නේ නැති උනත්, මේ වගේ දෙයක් ලියන්න කොඳක් තිබුන උඹට මගේ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. මම එතැන හිටියනං මාත් කටවහගෙන ඉඳියිද දන්නෙ නැහැ. ලියද්දි එන ගට සාමාන්‍ය ජීවිතේදී එන්නේ නැහැනේ

      Delete
  6. උඹලාටත් තියෙන්නේ ඕකුන්ව වර්ජනය කරන්න.සුසිල්ගේ ඔය ප්‍රකශය හා හැසිරීම රුපවාහිනියේ දුටුවා.පිළිකුල් සහගත හැසිරීමක්.

    ReplyDelete
    Replies
    1. හැම මාධ්‍යයක්ම එකතු වෙලා එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.. ඒත් අපේ මාධ්‍ය සමාජය ඒ තරම් දියුණු නැහැනේ

      Delete
  7. මේක කරන්න මාධයවේදිනුත් හරියට ඉන්න ඕනේ නේද? අද වැඩි දෙනා ඉන්නේ කියන දෙයක් ලියන, දෙන දෙයක් කාලා එහෙයි කියන මාධ්‍යෙව්දින් නිසා කෙලින වැඩකරන කෙනෙකුට වුනත් එහෙම කතා කරන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත... වැඩි දෙනෙක් එහෙමයි... මුලින්ම වෙනස් කරන්න ඕන එතැන

      Delete