Monday, August 10, 2015

අපි විකුණුවා, රතුපස්වල රාජපක්ෂලාගේ දඩබිම....

රතුපස්වල ගැන අපි ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. සමහර අයට රතුපස්වල ප්‍රශ්ණය අතීතයක් වෙන්න පුළුවන්. රතුපස්වල ලොකු ඛේදවාචකයක් වුණා, දැන් ඒක කාලයත් එක්ක ගෙවිලා ගිහින් කියලා හිතන්න පුළුවන්.

ඒත් ඇත්තටම රතුපස්වල ප්‍රශ්ණ තාමත් තියෙනවා.

පුරවැසි බලයත්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට අපිත් රතුපස්වලට ගියේ තවමත් නොවිසඳුණු රතුපස්වල ගැටලු වලට විසඳුම් ලබාගන්නට සූදානම් වෙන රතුපස්වල සහෝදර මිනිසුන්ව දිරිගැන්වීම සඳහා.

එදා වෙඩි පහර කෑ මෙලන් පෙත්සම අත්සන් කරමින්

ප්‍රධාන වශයෙන් රතුපස්වල තියෙන ප්‍රශ්ණය තමයි තවමත් එහේ වතුර පිරිසිදු ජලය නොවීම. 1997 ඉඳන් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාව නිසා ජලය විස සහිත පාවිච්චියට නොසුදුසු තත්වයේ බව තේරුම්  ගත්ත ගමේ මිනිස්සු කර්මාන්තශාලාව අයින් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලුවා. 2013 වෙනකන් ඉල්ලීම් කරලා විසඳුමක් නැති තැන තමයි මිනිස්සු පාරට බහින්නේ. අවුරුදු ගාණක් තිස්සේ පැවතිච්ච කර්මාන්තශාලාව කුරිරු රාජපක්ෂලාගේ අත්වලින් හලපු අහිංසක මිනිස්සුන්ගේ ලේ ගංගාවකට ගහගෙන ගියත් වෙන්න ඔන විනාසය වෙලා ඉවරයි. තව වසර විස්සක්වත් යනකන් විස වෙච්ච භූගත ජලය සාමාන්‍ය තත්වයට එන්නේ නැහැ.


ජෝසෆ් ස්ටාලින් උද්වේගකර කතාවක් කරමින්
තාමත් රතුපස්වල වතුර එදා වගේම විසයි.

එදා රාජපක්ෂලාගේ අණින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා. තුන්දෙනෙක් මරා දැම්මා. පනහකට ආසන්න පිරිසකට තුවාල කළා. සමහරුන්ට තවමත් රැකියාවක්වත් කරගන්න බැහැ. මේ තුවාල ලබපු අයට වන්දි ලබා දීලා නැහැ තාමත්. ඒ වගේම රතුපස්වල ජනතාවට ආණ්ඩුව පැත්තෙන් අයුතු ජන රාශිය සහ දේපළ වලට හානි කිරීම කියන චෝදනා යටතේ නඩු පටලවලා තියෙනවා. සමහරුන්ට ගස්ලබු ගස් කැඩුවා කියලා. තවමත් ඒ අයින් කරගෙන නෑ. ගමේ මිනිස්සු දසදහස් ගණන් තවමත් වියදම් කරනවා මේ නඩු වලින් බේරෙන්න. 

රතුපස්වල ත්‍රස්තවාදයට මූලිකවම වගකියන්න ඕන එවකට ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. මේ අපරාධකාරයන්ට තවමත් දඬුවම් දීල නැහැ. රතුපස්වලදී වෙඩි තියන්න අණ දුන්නු බ්‍රිෙග්ඩියර් දේශප්‍රිය කියන ත්‍රස්තවාදියා තවමත් තුර්කියේ තානාපති. 


තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ශාලික විමලසේන
ගිය අවුරුද්දෙ නොවැම්බර්  21 වෙනකන් මේ ජනඝාතක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපති වුණේ රතුපස්වල සිදුවීම වගේ සිදුවීම් වල එකතුවෙන්. මිනිහ මීට කලින් පොරොන්දු වුණා රතුපස්වල මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරනවා කියල. ඒ වගේම දුර්වල විපක්ෂයක් වෙලා ඉඳල පුරවැසියන්ගේ විප්ලවයකින් බලයට ආපු එජාපයටත් වගකීමක් තියෙනවා. 

මාස හයක් ගිහිල්ලත් වගකීම් ඉටුවෙලා නැහැ.
  
තරුණ මාධ්‍යවේදීන් එක්ක රතුපස්වල මිනිස්සු ආයෙමත් සටන පටන් ගන්නවා... සාධාරණයක් ඉටුවෙනකන් රතුපස්වල මිනිස්සු සටන් කරනවා. හැමදාම මිනිස්සු එක්ක ඉන්න පුරවැසි බලයේ වැඩිමල් සහෝදරවරුන් අපි එක්ක ඉන්නවා. පහුගිය ඉරිදා ඒ ගමන පටන් ගත්තා. ගමේ මිනිස්සු සංවිධානය කල රැස්වීමකින් සහ මිනිස්සු එකතුවෙලා අත්සන් කළ පෙත්සමකින්. අපි එදා කළේ මොකක්ද කියලා බිඟුන් පැහැදිලි කරනවා. ලිපිය මෙතැනින්.



ලූෂන් බුලත්සිංහල මහතා සහ පුරවැසි බලය
මේ සටහන ලිව්වේ විශේෂයෙන්ම කිහිප දෙනෙක්ට ස්තූති කරන්න. එදා මිනිසුන් අතර ඉන්න පුරවැසි බලය නියෝජනය කරමින් ධර්මසේන පතිරාජ, කේ. ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, ජෝසෆ් ස්ටාලින්, ලූෂන් බුලත්සිංහල, කේ. සංජීව, දිලිප් රෝහණ, තිලක් කාරියවසම් ඇතුළු අයට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. කතා කරන්න ඕනෑ තරම් ජනප්‍රිය වේදිකා තියෙනවා ඒ අයට. කරන්න වැඩ ඕනෑතරම්. ඒත් එතැනට ඇවිත් ගමේ මිනිසුන්ව ආමන්ත්‍රණය කරලා ඒ අයව දිරිගැන්වුවා ඔවුන්. ඒ වගේම පරිසරවේදී රවීන්ද්‍ර කාර්යවසම්ටත් ස්තූති කරන්න ඕන. විශේෂයෙන් ස්තූති කරන්න ඕන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේට. එයා එදා ආවෙත් අමාරුකම් තියෙද්දී. යං නාටය කණ්ඩායමටත් ස්තූති කරන්න ඕන.

බිඟුන් මේනක ගමගේ

එදා ඒ අය ඇවිත් කළ දිරිමත් කිරීම නිසා ගමේ මිනිස්සු ගොඩක් උද්යෝගයෙන් ඉන්නේ. ඒ අය තමන්ගේ ඉල්ලීම් දිනාගන්නකන් ගමනක් යනු ඇති. ඇත්තටම තරුණ මාධ්‍යවේදීන් විදියට අපටත් ලොකු උත්තේජනයක්. ස්තූතියි අප වඩා ප්‍රවීණ සහෝදරවරුන්ට වගේම ධෛර්යවත් ගම්වාසීන්ටත් සෑහෙන උනන්දුවෙන් රතුපස්වලට යුක්තිය හොයන රතුපස්වල තරුණයා සුරේෂ් පෙරේරාට.

රතුපස්වල ගැන අතරු කතා ගොඩක් තියෙනවා. මේ සටහන ආරම්භක සටහනක්. මිනිසුන් අතර කරපු පළවෙනි කටයුත්ත මිනිස්සුන්ගේ පැත්තෙන් සාර්ථක වීම ගැන උද්යෝගයෙන් ලියන සටහනක්.


ගාමිණී වියන්ගොඩ මහතා
අවසාන වශයෙන් මේකත් කිව යුතුයි. අපි රතුපස්වල මිනිස්සුන්ගේ දුකත් විකුණුවා කියලා චෝදනා එනවා. ඇත්ත...... අපි එදා විද්‍යාව විකුණුවා. රතුපස්වලත් විකුණුවා. ඒත් අවසානයේදී අපේ සාක්කුවල නම් මොනවත් නැහැ. අපි විකුණන්නේ අපි වෙනුවෙන් නෙවෙයි. ඉස්සරහටත් මිනිස්සු අතරේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්ණ අපි විකුණනවා. කවුරුහරි අපෙන් අහන්න ඕන ප්‍රශ්ණය ඒක නෙවෙයි.... ඒ විකිණීම් දවසකට දෙකකට විතරද? එතැනින් එහාට උඹල ඒ මිනිස්සුන්ව අතාරිනවද? 

මට හිතෙන්නේ මිනිසුන් අතර වැඩ කිරීම ටිකක් ඉවසීමෙන් කරන්න ඕන. හැම මනුස්සයාම එක වගේ දැනුම් තේරුම් තියෙන අය නෙවෙයි. හැමෝම මාර උනන්දුවෙන් ඉන්න අයත් නෙවෙයි. තමන් සතු ශක්තිය හැම දෙනාම හරියාකාරව දන්නෙ නැහැ. රතුපස්වලදී වුණත් ඒ යථාර්තය තියෙනවා. 

රවීන්ද්‍ර කාරියවසම් සහ සුරේෂ් පෙරේරා
මං හිතන්නේ අපට වගකීමක් තියෙනවා ඉස්සරහට.

10 comments:

  1. දැන්ම විසදුවොත් කොහොමද කැම හොයාගන්නෙ,

    ධර්මසේන පතිරාජ, කේ. ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, ජෝසෆ් ස්ටාලින්, ලූෂන් බුලත්සිංහල, කේ. සංජීව, දිලිප් රෝහණ, තිලක් කාරියවසම්

    නඩේ ඇතුළු කීදෙනෙක් පවුල් කියක් දැන් අවුරුදු ගානක්ම හම්බ කරගෙන කැවේ ඕකෙන්නේ

    රුපියල් වගේද ඩොලර්

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ දන්නැති දේවල් කතා නොකර හිටියොත් හොඳයි නේද? උත්තර දෙන්නත් ඕන නැහැ ඔබතුමන්ලට..
      පතිරාජ, වියන්ගොඩ, ජනරංජන, ලූෂන් වගේ නම් නිකන් හැදුණ ඒව නෙවෙයි නේද?

      Delete
    2. හෙහ් හෙහ්...... උඩුවටත් මේ දවස්වල ඩොලර් එනවලු ටික ටික. මාත් ඉන්නෙ ටිකක් ඉල්ලගන්න.

      Delete
    3. ඇත්ත තත්වය දන්නෝ දන්නවනෙ නේද?

      Delete
  2. පැහැදිලි ව ම වගකීමක් තියෙනවා මචං.. .... මේ විදිහට මේ මාතෘකා අායෙම කරලියට ගෙනැති මේ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරලා දෙන්න වටිනවා... හොද වැඩක් මචං

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... සාමාන්‍ය මිනිස්සු තනියෙන් සටන් කරන්නෙ නැහැ... මිනිස්සු අතරට අපි යන්න ඕන

      Delete
  3. ආ උඩුවෝ ඔය රතුපස්වල ගැටලුව වෙනුවෙන් පෙනි හිටපු කිහිපදෙනෙක් මේ මහා ජන්දෙට ඉදිරිපත් වෙනවා නේද?

    අර තුර්කියේ ඉන්න ත්‍රස්තයා විතරක් නෙමේ එවකට ආරක්ෂක ලේඛම් ගෝඨා වගේම සේනාධිනායකයා විදියට කටයුතු කරපු "හොඳම රාජ්‍ය නායකයටත් අනිවර්යෙන් නීති මගින් කටයුතු කරන්න ඕනේ.

    ReplyDelete
  4. රතුපස්වල සීන් එක මම ඇස වලටම දැක්ක...

    ReplyDelete