ඒත් ඇත්තටම රතුපස්වල ප්‍රශ්ණ තාමත් තියෙනවා.
පුරවැසි බලයත්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට අපිත් රතුපස්වලට ගියේ තවමත් නොවිසඳුණු රතුපස්වල ගැටලු වලට විසඳුම් ලබාගන්නට සූදානම් වෙන රතුපස්වල සහෝදර මිනිසුන්ව දිරිගැන්වීම සඳහා.
එදා වෙඩි පහර කෑ මෙලන් පෙත්සම අත්සන් කරමින් |
ප්‍රධාන වශයෙන් රතුපස්වල තියෙන ප්‍රශ්ණය තමයි තවමත් එහේ වතුර පිරිසිදු ජලය නොවීම. 1997 ඉඳන් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාව නිසා ජලය විස සහිත පාවිච්චියට නොසුදුසු තත්වයේ බව තේරුම් ගත්ත ගමේ මිනිස්සු කර්මාන්තශාලාව අයින් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලුවා. 2013 වෙනකන් ඉල්ලීම් කරලා විසඳුමක් නැති තැන තමයි මිනිස්සු පාරට බහින්නේ. අවුරුදු ගාණක් තිස්සේ පැවතිච්ච කර්මාන්තශාලාව කුරිරු රාජපක්ෂලාගේ අත්වලින් හලපු අහිංසක මිනිස්සුන්ගේ ලේ ගංගාවකට ගහගෙන ගියත් වෙන්න ඔන විනාසය වෙලා ඉවරයි. තව වසර විස්සක්වත් යනකන් විස වෙච්ච භූගත ජලය සාමාන්‍ය තත්වයට එන්නේ නැහැ.
ජෝසෆ් ස්ටාලින් උද්වේගකර කතාවක් කරමින් |
එදා රාජපක්ෂලාගේ අණින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා. තුන්දෙනෙක් මරා දැම්මා. පනහකට ආසන්න පිරිසකට තුවාල කළා. සමහරුන්ට තවමත් රැකියාවක්වත් කරගන්න බැහැ. මේ තුවාල ලබපු අයට වන්දි ලබා දීලා නැහැ තාමත්. ඒ වගේම රතුපස්වල ජනතාවට ආණ්ඩුව පැත්තෙන් අයුතු ජන රාශිය සහ දේපළ වලට හානි කිරීම කියන චෝදනා යටතේ නඩු පටලවලා තියෙනවා. සමහරුන්ට ගස්ලබු ගස් කැඩුවා කියලා. තවමත් ඒ අයින් කරගෙන නෑ. ගමේ මිනිස්සු දසදහස් ගණන් තවමත් වියදම් කරනවා මේ නඩු වලින් බේරෙන්න.
රතුපස්වල ත්‍රස්තවාදයට මූලිකවම වගකියන්න ඕන එවකට ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. මේ අපරාධකාරයන්ට තවමත් දඬුවම් දීල නැහැ. රතුපස්වලදී වෙඩි තියන්න අණ දුන්නු බ්‍රිෙග්ඩියර් දේශප්‍රිය කියන ත්‍රස්තවාදියා තවමත් තුර්කියේ තානාපති.
තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ශාලික විමලසේන |
මාස හයක් ගිහිල්ලත් වගකීම් ඉටුවෙලා නැහැ.
තරුණ මාධ්‍යවේදීන් එක්ක රතුපස්වල මිනිස්සු ආයෙමත් සටන පටන් ගන්නවා... සාධාරණයක් ඉටුවෙනකන් රතුපස්වල මිනිස්සු සටන් කරනවා. හැමදාම මිනිස්සු එක්ක ඉන්න පුරවැසි බලයේ වැඩිමල් සහෝදරවරුන් අපි එක්ක ඉන්නවා. පහුගිය ඉරිදා ඒ ගමන පටන් ගත්තා. ගමේ මිනිස්සු සංවිධානය කල රැස්වීමකින් සහ මිනිස්සු එකතුවෙලා අත්සන් කළ පෙත්සමකින්. අපි එදා කළේ මොකක්ද කියලා බිඟුන් පැහැදිලි කරනවා. ලිපිය මෙතැනින්.
ලූෂන් බුලත්සිංහල මහතා සහ පුරවැසි බලය |
බිඟුන් මේනක ගමගේ |
එදා ඒ අය ඇවිත් කළ දිරිමත් කිරීම නිසා ගමේ මිනිස්සු ගොඩක් උද්යෝගයෙන් ඉන්නේ. ඒ අය තමන්ගේ ඉල්ලීම් දිනාගන්නකන් ගමනක් යනු ඇති. ඇත්තටම තරුණ මාධ්‍යවේදීන් විදියට අපටත් ලොකු උත්තේජනයක්. ස්තූතියි අප වඩා ප්‍රවීණ සහෝදරවරුන්ට වගේම ධෛර්යවත් ගම්වාසීන්ටත් සෑහෙන උනන්දුවෙන් රතුපස්වලට යුක්තිය හොයන රතුපස්වල තරුණයා සුරේෂ් පෙරේරාට.
රතුපස්වල ගැන අතරු කතා ගොඩක් තියෙනවා. මේ සටහන ආරම්භක සටහනක්. මිනිසුන් අතර කරපු පළවෙනි කටයුත්ත මිනිස්සුන්ගේ පැත්තෙන් සාර්ථක වීම ගැන උද්යෝගයෙන් ලියන සටහනක්.
ගාමිණී වියන්ගොඩ මහතා |
මට හිතෙන්නේ මිනිසුන් අතර වැඩ කිරීම ටිකක් ඉවසීමෙන් කරන්න ඕන. හැම මනුස්සයාම එක වගේ දැනුම් තේරුම් තියෙන අය නෙවෙයි. හැමෝම මාර උනන්දුවෙන් ඉන්න අයත් නෙවෙයි. තමන් සතු ශක්තිය හැම දෙනාම හරියාකාරව දන්නෙ නැහැ. රතුපස්වලදී වුණත් ඒ යථාර්තය තියෙනවා.
රවීන්ද්‍ර කාරියවසම් සහ සුරේෂ් පෙරේරා |
දැන්ම විසදුවොත් කොහොමද කැම හොයාගන්නෙ,
ReplyDeleteධර්මසේන පතිරාජ, කේ. ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, ජෝසෆ් ස්ටාලින්, ලූෂන් බුලත්සිංහල, කේ. සංජීව, දිලිප් රෝහණ, තිලක් කාරියවසම්
නඩේ ඇතුළු කීදෙනෙක් පවුල් කියක් දැන් අවුරුදු ගානක්ම හම්බ කරගෙන කැවේ ඕකෙන්නේ
රුපියල් වගේද ඩොලර්
අනේ මහත්තයෝ දන්නැති දේවල් කතා නොකර හිටියොත් හොඳයි නේද? උත්තර දෙන්නත් ඕන නැහැ ඔබතුමන්ලට..
Deleteපතිරාජ, වියන්ගොඩ, ජනරංජන, ලූෂන් වගේ නම් නිකන් හැදුණ ඒව නෙවෙයි නේද?
හෙහ් හෙහ්...... උඩුවටත් මේ දවස්වල ඩොලර් එනවලු ටික ටික. මාත් ඉන්නෙ ටිකක් ඉල්ලගන්න.
Deletewe know about most of you'
Deleteඇත්ත තත්වය දන්නෝ දන්නවනෙ නේද?
Deleteපැහැදිලි ව ම වගකීමක් තියෙනවා මචං.. .... මේ විදිහට මේ මාතෘකා අායෙම කරලියට ගෙනැති මේ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරලා දෙන්න වටිනවා... හොද වැඩක් මචං
ReplyDeleteඇත්ත.... සාමාන්‍ය මිනිස්සු තනියෙන් සටන් කරන්නෙ නැහැ... මිනිස්සු අතරට අපි යන්න ඕන
Deleteආ උඩුවෝ ඔය රතුපස්වල ගැටලුව වෙනුවෙන් පෙනි හිටපු කිහිපදෙනෙක් මේ මහා ජන්දෙට ඉදිරිපත් වෙනවා නේද?
ReplyDeleteඅර තුර්කියේ ඉන්න ත්‍රස්තයා විතරක් නෙමේ එවකට ආරක්ෂක ලේඛම් ගෝඨා වගේම සේනාධිනායකයා විදියට කටයුතු කරපු "හොඳම රාජ්‍ය නායකයටත් අනිවර්යෙන් නීති මගින් කටයුතු කරන්න ඕනේ.
ඇත්ත ඇත්ත
Deleteරතුපස්වල සීන් එක මම ඇස වලටම දැක්ක...
ReplyDelete