Friday, September 25, 2015

මරලා දාන දඬුවම ඉල්ලන්නේ පිස්සෝ...

ලියන්න බැරිනම් බ්ලොග් එක දීපන් ළමයෙකුට

දින ගණනක් තිස්සේ පෝස්ට් එකක් නොළිවීම නිසා මිතුරෙකු ෆේස්බුක් හරහා මට එසේ එවා තිබුණි. යාපනයේ ගත කළ සතියත් ඉන්පසුව මඟහැරුණු වැඩ කටයුතු ආවරණය කරන්නට ගතවූ සතියත් නිසා බ්ලොග් එක වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොවීය. මේ නිහඬතාවයෙන් පසුව ලියන ලිවීමකි.

මරණ දඬුවම ඉල්ලන ජනතා වීරයා

මරණ දඬුවම

ස්ත්‍රී දූෂණ අඩු කරන්න මරණ දඬුවම ඕනෑයයි කට්ටිය හඬ නඟන්නට පටන්ගෙන තිබේ. ඇත්තටම මරන දඬුවම දීමෙන් මේ අපරාධ නැවැත්විය හැකිද? ඒ ගැන ඕනෑ තරම් වාද විවාද තිබිය හැකිය. අපට නම් මරණ දඬුවම වැනි ගෝත්‍රික දඬුවම් ක්‍රම හරහා සමාජය හදන්නට කරන යෝජනා ජෝක්ස්ම ය. ඊයේ පෙරේදා සංවාදයකදී විදර්ශන සහෝදරයා කී පරිදි පිස්සුවකි. සමාජය තියෙන්නේ කොතැනකද? මේ  කතා කරන්නේ මොනවාද?


අපි උතුරේ මිනිසුන්ව සමූලඝාතනය කරද්දී පාටි දැමූ රටකි. ඉසිප්‍රියා දූෂණය වෙද්දී කිරිබත් කා සැමරූ ආත්මාර්ථකාමීන් බහුතරයක් වෙසෙන සමාජයකි. ඇත්තටම යුද්ධයේදී සිදුවූයේ මොනවාදැයි සොයාබලන්නටවත් සූදානම් නැති මාන්නාධික කාලකණ්නි ජාතියකි. ලංකාවේ විකෘති ආශාවන්ගෙන් පිරි අපරාධකාරයන් යනු සාමාන්‍ය සමාජයක අසාමාන්‍ය පිරිසක් නොව අසාමාන්‍ය සමාජයක සාමාන්‍ය පිරිසකි. (අදහස සජීව සමරනායකගෙන්)

දවසකට එක ගාණෙ දූෂණය වෙන නිසා පෝලිමට එල්ලමුද?
ඉතින් අපරාධකාරයන් පිරි රටක පව්කාරයන්ට ගල්ගැසීමෙන් අපරාධ නවත්වාගත හැකිවනු ඇතිද? ගල්ගසන්නේ පව් නොකරන උපාසකයන්ද? නීතියෙන් ගැලවීම කජුකෑමක් වූ ලංකාව වැනි ඇට්ටර රටක දඬුවමට තියෙන බයෙන් අපරාධ නවත්වාගත හැකිද? මේ නම් රන්ජන් රාමනායකලාගේ ලීඩර් වැනි අපත චිත්‍රපටිවලින් එහා නොගිය විකෘතියකි.

මෙසේ සිතමු, පාර්ලිමේන්තුවේ සිටින අපරාධකරුවන් කොපමණද? දේශපාලන බලය නිසා දකිද්දිත් පොලීසියට චූ යන ජාතියේ ස්ත්‍රී දූෂකයන් කොපමණ සිටීද? සමාජ පිළිල වන්නේ මොවුන් නොවේද? සමස්ථ සමාජයම අපරාධකරුවන්ගෙන් පිරී ඇති පසුබිමක මේ අසාමාන්‍ය සමාජය මරණ දඬුවම ඉල්ලන්නේ ඉඳහිට පීඩිතයෙකු ප්‍රසිද්ධියේ මරා දමා අධම ආතල් එකක් ලබාගන්නට ය.

දැනට මරණ දඬුවම නියම වූ දහසකට අධික සංඛ්‍යාවක් සිටින්නේ ය. සියල්ලන්ම පාහේ පීඩිත මිනිසුන් ය. නීතියෙන් රිංගන්නට දේශපාලන පසුබිමක් නොමැති වුන් ය. ජීවිතයත් මරණයත් අතර ලොවක වසර ගණනාවක් තිස්සේ දුක් විඳින මිනිසුන් ය. පුස්සෙ අයියා ලියූ සටහන කියවන්න   මරණ දඬුවමෙන් ආතල් ගන්නට කැමති විකෘති ආශාවක් ඇති අසාමාන්‍ය සමාජයෙන් ඉල්ලන්නට ඇත්තේ මරාපියව් මේ මිනිස්සුන්ව. මරලා තොපේ ආසාව ඉටුකරගනියව් කියාය. දාහක් පමණ සිටිනා නිසා එල්ලුම් ගහෙන් මේ මිනිස්සු මරන්නට දිගු කාලයක් ගතවෙනු ඇත. ඒ නිසා හිට්ලර්ගේ කාලයේ මෙන් ගෑස් කාමරයකට දමා මේ මිනිසුන්ව මරා දැමිය හැකිය. 

මේ හිට්ලර් විසින් අපරාධකාරයන් යැයි සිතූ මිනිසුන්ය
වීඩියෝ කොට උදේ හවා පෙන්නන්නටද පුළුවන් ය. අන්න අපරාධකාරයෝ මැරෙන හැටි!! කියමින් කුරිරු ආතල් එකක් ලැබිය හැකිය.  'මරණ දඬුවම ඉල්ලන අයට මේසේ තර්ක කළ හැකියි!!! මේක වීඩියෝ කරලා උදේ හවා ටීවි එකේ පෙන්නන්න ඕන අපරාධ කරන්න ඉන්න අයව බය කරන්න, එතකොට අපරාධ අඩු වේවි.' 

ප්‍රභාකරන්ගේ මිනිය පෙන්වමින් ආතල් ගත් සමාජයට මෙයින් අළුත්ම පන්නයේ ආතල් එකක් මෙයින් ලැබෙනු ඇත. (දැන් ප්‍රභාකරන්ගෙල් මිනියෙන් පරණ ආතල් එක එන්නේ නෑ)

අවසන් කරන්නේ බෙල්ලන්විල විමලරතන හිමි රාවයට කී දෙයකිනි. 'බුද්ධ දර්ශණය යනු හේතුඵලවාදයකි. පිළියම් කළ යුත්තේ ඵලයට නොව හේතුවටයි. මරණ දඬුවම යනු අපරාධ නමැති හේතුවට පිළියම් කිරීමක් නොව ඵලයට පිළියම් කිරීමකි. අනෙක් අතට එය ප්‍රාණඝාතනයකි.' ලංකාවේ දැන් තියෙන්නේ බුද්ධ දර්ශණය නොවේ. මහානාමගේ කාලයේ සිට චීවරධාරීන් විසින් විකෘති කළ අන්ධභක්තික ආගමකි. වත්මන් ලංකාවට බුදුන් පැමිණ බණ දේශනා කළත් බොදුබල සේනාවෙන් ගුටිකන නිසා බණ කියා වැඩක් නැත. මෙසේ කිව යුතුය.

මේ වගේ ක්‍රමයකින් උණත් උඹලට ඕන ආතල් එක ලැබෙනව

මිනීමරුවනි!!! මරණ දඬුවම ක්‍රියාත්මක කරපියව්.....


13 comments:

  1. සමස්ථ සමාජයම අපරාධකරුවන්ගෙන් පිරී ඇති පසුබිමක මේ අසාමාන්‍ය සමාජය මරණ දඬුවම ඉල්ලන්නේ ඉඳහිට පීඩිතයෙකු ප්‍රසිද්ධියේ මරා දමා අධම ආතල් එකක් ලබාගන්නට ය. //

    ඔබ හරි.මේ අයට ඕන මරනව බලන්න ඒ ගැන අහන්න. මේ සමාජයක් ලෙස පරපීඩාකාමුකත්වය එන්ජෝයි කරන්න තියන ආශාව. කවුරුහරි පීඩිතයෙක් එල්ලල ආතල් එක ගත්තට කිසිම ධනපතියෙක් එල්ලුම් ගහේ යන්නෙ නෑ.සමාජයම වෙලා ගත්ත පරපීඩාකාමුකත්වයටයි බෙහෙත් කරන්න ඕන.
    71 දි 89 දි සහ උතුරෙදි මේ ආතල් එක ලැබුන නිසා ඒ කාලෙ මරන දඩුවම ඉල්ලල පාරට බහින්න ඕන වුනේ නෑ.
    දැක්කද එන්ජී ඕ ගෑනියක් කීපවරක්ම උඩ පැන්න මරන්න මරන්නමරන්න කියල.සැකකාරයො අන්න පාපොච්චාරනය කරනව .සතියක් ඇතුලත මරන්න කියල.ඒ ආර සිසුවයි ටයිල් බාස්වයි.

    මුළු සමාජයම අලුගෝසු මානසිකත්වයකට ඇද දාල.
    නමුත් ජාත්‍යාන්තරයෙ තියෙන්නෙ මරණ දඩුවමට එරෙහි ප්‍රවනතාවයක්.පාප් වහන්සෙත් ඒ ගැන ප්‍රකාශයක් කරල.

    මේ රැල්ල නම් කෘතිමව නිර්මානය කළ එකක්.

    ReplyDelete
  2. එකක්.. ඉසිප්‍රියා දුෂණය වුඋවා යයි පිළිගත හැකි සාක්ෂියක් මෙතෙක් කොහෙවත් නෑ.. ඒක වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙසයි දකින්නේ..
    අනිත් සියල්ල සමඟ එකඟයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ, කාන්තාවකගේ ඇදුම් ගලවා ප්‍රදර්ශණයට තැබීම ස්ත්‍රී දූෂණයක් නොවේයිනේ.

      Delete
    2. දූෂණය කරනව කියන්නේ මොකක්ද? සම්පූර්ණයෙන් නිරුවත් කරලා පස්සේ මරලා දාන එකට වෙනම වචනයක් දෙන්න මං ඒක ලියන්නම්

      Delete
  3. මරණ දඬුවම ගෙනත් දෙන්නට උඩපනින අපේ මිනිස්සු , මරණ දණ්ඩනය දීමට අදාල වූ නීති රීති වල , රටේ නීති පද්ධතියේ ඇති ප්‍රසිද්ධ “හිල්“ වහන්න කිසිම උනන්දුවක් නැති පාටයි . දැනට තිබෙන විදියට මරණ දඬුවම ගෙනාවත් , කුඩු මුදලාලිලා බේරෙයි , කුඩු ගහන කොල්ලෙක් මරයි , කොමිපියුටරේ පෝර්න් තියා ගත්ත එකා මරාවි , හැබැයි “ස්ත්‍රී දුෂණ සීයක් කරල පාටි දාපු එකාට උසස් වීමක් දෙයි “ ., මේ ටික තේරුම් ගන්න බැරි සමාජයක් , රැල්ලට ගහගෙන යමින් “ස්වයංවින්දනයක්‘ ලබනවා විතරයි .
    ස්තුතියි අද කතා කළ යුතුම මාතෘකාවක් ගැන වැදගත් සටහනක් තැබුවාට .

    මෙ ගැන මමත් මෙන්න මේ ලිපිය තුල කරුණු ටිකක් එකතු කළා ,

    මරණ දඬුවම කෝකටත් තෛලයද ?

    ReplyDelete
  4. ඉදිරිපත් කරල තියෙන කරුණු වලට සෑහෙන දුරට එකඟයි. එනිසා හොඳ ලිපියක් (කියල කියන්නම්, මොකද එකඟ වෙනව නම් හොඳ ලිපියක්.. නැත්නම් නරක ලිපියක්නෙ)

    ReplyDelete
  5. 'මරණ දණ්ඩනය'ක්‍රියාත්මක කිරීමෙන් රටේ සංවිධානත්මක අපරාධ වල ඉතා සුළු අඩුවක් සිදු වෙන්ට පුළුවන්.අනිත් දේ අපේ වගේ සමාජක 'මරණ දණ්ඩනය'ක්‍රියාත්මක කිරීමෙන් සැබෑ වරදකරුවන් කෙසේ වෙතත් නිරපරාදේ අහිංසකයින් එල්ලෙන්න තියෙන අවස්ථා වැඩියි.දැක්කානේ 2001 සිදු වෙච්චි "උඩතලවින්න"ඝාතන වල වැරදි කරුවන් උනේ හමුදා සොල්දාදුවෝ.උන්ව මෙහෙයවපු උන් අදටත් පාර්ලිමේන්තුවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... තාජුඩීන්ලගෙ උණත් අන්තිමට අහුවෙන්නේ වෙනම කට්ටියක්

      Delete
  6. obata bohoma sthuthiy.mama kawadawth hithuwe na Lankawe me wage aththa dakinna,kathakaranna puluwan tharunayo indeevi kiyala.maara sathutuy umba gana.mama bandanagaara niladaariyek.....oba vishishtay daruwo.........

    ReplyDelete
    Replies
    1. Prarhichara apawa dirimath karai...
      Thawa thawath udugam bala pinanna

      Delete
  7. මට මෙතනදී තියනව වෙනම ප්‍රශ්නයක්. මම මේ විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. සේයා දැරියගේ සිදුවීමෙන් පස්සේ මතු වෙච්ච සිද්ධිය හා බැඳුණු ඒත් කෙලින්ම සම්බන්ධ නොවන ප්‍රධාන මාතෘකා දෙකක් තිබ්බා. එම සිද්ධිය වාර්තාකරණයේදී බොහෝ මාධ්‍ය දැක්වූ අසංවේදී බව. මහජනයා අතරින් මතුවූ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි යන ඉල්ලීම.

    බොහෝ මාධ්‍ය මෙහිදී ක්‍රියා කලේ ඉතා පහත් ආකාරයට. නුසුදුසු ඡායාරූප භාවිතා කරමින්, සැකකරුවන් වැරදිකරුවන් කරමින්, සිදුවීම පියවරෙන් පියවර විස්තර කරමින් ඔවුන් සිදුකල ක්‍රියාව හරිම අශිෂ්ටයි. ඒ වගේම මරණ දඬුවම ඉල්ලූ බොහෝ දෙනෙක් තමන් එය ඉල්ලූ ආකාරය මගින් අප සමාජයේ ඇති ම්ළේච්ඡ ස්වභාවය හෙළිකලා.

    නමුත් එතනින් එහාට සිදුවූ දෙය බොහෝ දෙනෙක් දුටුවේ නෑ මම හිතන්නේ. අර කියපු අසංවේදී මාධ්‍ය වාර්තා සාමාන්‍යයෙන් ඊට විරුද්ධ වූ අයගේ ලිපි වලට තේමා වුණා. පොලිසියේ ක්‍රියා කලාපය හාස්‍යයට ලක් වුණා. මරණ දඬුවමේ ඇති ම්ලේච්ඡ ස්වභාවය පෙන්වා දෙනු ලැබුවා. නමුත් ඒ සියල්ල මැද අර වින්දිතයන්ට ලැබිය යුතුවූ පෞද්ගලිකත්වය, ගෞරවය ගිළිහුණා. මුලින් කී අසංවේදී වාර්තා මෙන්ම ඒවා විවේචනය කරල වාර්තා වලද දැරිය පවුලේ උදවිය සහ ඔවුන් කල කී දෑ භාවිතා වුණේ ඔවුන් ඇත්තටම ජීවත්වෙන පුද්ගලයන් නොවේ වගේ. ඒ ප්‍රති විවේචනයන් බොහොමයක මූලික අරමුණ අර පලමු අසංවේදී වාර්තා හාස්‍යයට ලක් කිරීම. එහිදී එම අපරාධය දෙස යම් කිසි හාස්‍යෝත්පාදක ලෙස බැල්මක් වැටී තිබුණා.

    මරණ දඬුවම ගැන කතිකාවෙදි වුවත් සිදුවුණේ අවධානය මූලික සිදුවීමෙන් ගිලිහී ගොස් එය මරණ දඬුවමට පක්ෂ විපක්ෂ පිරිස් වල ගැටුමක් බවට පත් වුණා. විශේෂයෙන්ම මේ ගැන සඳහන් කරනකොට කියන්න ඕනේ දෙයක් තමයි, සමහර පිරිස් මේ මරණ දඬුවම ඉල්ලීම කියන එක කලේ නිකම්ම ප්‍රතිචාරයක් දැක්වීමක් විදිහට පමණයි කියන එක. 'මුන්ව උල තියන්න ඕනේ, රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ' වගේ දේවල් මිනිසුන්ගේ ක්ෂණික හැඟීම් පෙන්වන ප්‍රතිචාර පමණයි. කොහොම හරි මට කියන්න අවශ්‍ය වුණේ... අර පළමු වැරදිකරුවන්ව විවේචනය කල දෙවෙනි පිරිසෙන් බොහොමයක්ද, වෙනස් අදහස් සහිත වුවත් අර සමාජයට උරුම අසංවේදීතාවය ඔවුන්ගෙනුත් පෙන්නුම් කරනු ලැබුවා කියලා තමා. එක පිරිසක් එක ආකාරයකින් හිට්ස් ලබා ගැනීමේ නිරතව සිටියදී, අනිත් පිරිස ඊට විරුද්ධව යාමෙන් හිට්ස් ලබා ගැණීමක නිරතව හිටියා. මේ හිට්ස් කියන්නේ බ්ලොග් වල ඇති හිට්ස්ම නෙමේ, යම් ජනප්‍රියත්වක් කියලා හිතමුකෝ. ඔවුන් සියලු දෙනා වෙතින්ම අර මූලික කරුණ සහ ඊට සම්බන්ධ පුද්ගලයන් වෙත ලැබිය යුතු වූ අයිතිවාසිකම් මග හැරුණා.

    මෙම ලිපියේදී මරණ දඬුවම ඉල්ලීම වෙනම මාතෘකාවක් ලෙස සාකච්ඡා කිරීමට උත්සාහ දැරීම ගැන මට තියෙන්නේ පැහැදීමක්. මෙතනදී එය නැවතත් සේයා දැරියගේ සිද්ධිය සමග සම්බන්ධ කිරීමේ වරද පැටවෙන්නේ මටයි. නමුත් මරණ දඬුවම ඉල්ලීම ජෝක් එකක්, පිස්සුවක් වැනි යෙදුම් භාවිතයෙන්, ඒ සඳහා ප්‍රයොජනවත් කතිකාවක් නිර්මාණය කරගන්න පුළුවන්ද?

    ReplyDelete
  8. මේක බුදුන්ගේ දේශයලු....
    ලෝකෙන් උතුම් රටලු....

    *ක තමා....

    ReplyDelete