Tuesday, October 27, 2015

මම සමකාමියෙක්?



(මාස කිහිපයකට කලින් ලියූ සටහනකි)
 
ලෝකය දියුණු වෙමින් පවතී. තාක්ෂනය සමඟම ලෝකය පිළිබඳ දැනුමද ඒ තුලින් සංස්කෘතියද වෙනස් වෙමින් පවතින්නේය.
සමකාමී වීම කියන්නේ ලෙඩක් නොවන බවත් එය ජීව විද්‍යාත්මක තත්වයක් බවත් දැන් ඔප්පු වී ඇත. සතුන් අතරද සමකාමී ලිංගික හැසිරීම් තිබෙන බව ඔප්පු වී තිබේ. ( සංස්කෘතිය කියන්නේ එකම විදියට තියෙන්න ඕන දෙයක් නෙවෙයි වෙනස් වෙන්න ඕන. ඉස්සර වගේ කවුරු හරි සමකාමී කෙනෙක් හිටියම තොවිල් කරලා පිස්සු කෙලින්න ඕන නැහැ.)


සමකාමී වීම යනු ලෙඩක් නොවන නිසා සමකාමී හැසිරීම් යනු සංස්කෘතිය විනාස කරන ආගමට පටහැනි දෙයක් නොවේ. (සමකාමී අයට නීත්‍යානුකූල අවසරය ලැබෙන්න ඕන කියන එක් පැහැදිලියි. ආයෙ තර්ක කරන්න දෙයක් නෑ)

ඇමරිකාවේ අධිකරණ නියෝගය සමඟ ෆේස්බුක් හරහා මේ වන විට රේන්බෝ ෆිල්ටර් කැම්පේන් එකක් පටන්ගෙන තිබේ. සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් රේන්බෝ ෆිල්ටර් යෙදූ ප්‍රොෆයිල් පික්චර්ස් දා ගත්හ. (සමකාමී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සමකාමී වෙන්නම ඕන නැහැ.

රේන්බෝ ඉෆෙක්ට් එකේ මුල නොදැන ලංකාවේ බොහෝ දෙනෙක් මුලින්ම දාගෙන තිබූ නමුත් පසුව ඒවා ඉවත් කළහ. (මම මුලින් මුල නොදැන නොදා හිටියා. මුල දැනගත්තාම දාගත්තා

පහුගිය දවසක එක්සත් ජාතීන්ගේ සමුළුවක සමලිංගික අයිතින් වෙනුවෙන් වූ යෝජනාවකට ලංකාවේ විදේශ අැමතිවරයා පක්ෂව ඡන්දය පප්‍රකාශ කොට තිබූ අතර එය මහත් අපරාධයක් මෙන් බොහෝ දෙනෙකු විදේශ ඇමතිවරයාව විවේචනය කර තිබුණි.

ලංකාවේ සමකාමී අයිතීන් ගැන තිබෙන්නේ තවමත් පසුගාමී ගොත්‍රික ආකල්පයකි. සමකාමී අයිතීන් නීතිගත කරන්නට තීරණයක් ගතහොත් ලංකාවේ හාමුදුරුවරු සෙට් එක පාරට බහිනු ඇත. (සමකාමී සීන් එකට වඩා පුළුල්ව ගත්තොත් ලංකාවට කෙළවෙලා තියෙන්නේ හාමුදුරුවරු සෙට් එක නිසා තමා.)


මට කියන්නට ඕනෑ වෙනත් දෙයකි.

ලංකාවේ සමකාමී විවාහය නීතිගත කරන ලෙස ඉල්ලා ප්‍රසිද්ධ ඉල්ලීම් සිදුවන්නේ නැති තරම්ය. සමකාමී අයිතීන් ගැන සංවාදයක් නැත. (සල්ලි, බලය තියෙන අය ඒවා පාවිච්චි කරලා කොහොමහරි ගොඩ යනවා. එයාලා කතා කරන්නේ නැහැ සමකාමී අයිතීන් වෙනුවෙන්. ගම්වල, සාමාන්‍ය පවුල්වල අය පව්)

සමකාමී ලෙස ඉපදුණු අය තමන්ගේ හැඟීම් ප්‍රසිද්ධියේ නොකියා හංගාගෙන සිටිති. ( ඒක මාර වේදනාවක්. ආදරය කරන්න අයිතියක් නැහැ. ආදරය කියාගන්න බෑ. ඒ අය මොනවා කරන්නද? ඒ තමන් ඉපදුණු හැටි)

(මගේ ළඟම යාළුවෙක් ඉන්නවා. එයා ගේ. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. බඳින්න ඉන්නේ. ඒ දෙන්නාම පව්. ඇත්ත හංගගෙන බොරුවට ලව් කරනවා එක්කෙනෙක්. තමාගෙන් තෘප්තියක් නොලබන කෙනෙක්ට තමන් නිවැරදි තෝරාගැනීම කළා කියලා හිතාගෙන ආදරය කරනවා අනෙකා. මේ දෙන්නා බැන්දාම මේක කොහොම පුපුරයිද?)

අවුල තමන් සමකාමියෙක් යැයි කියන්නට අප බිය වීමය.


(ලස්සන ෆිල්ම් එකක් විසාකේස චන්ද්‍රසේකරම්ගේ ෆ්‍රැන්ග්‍රිපැණි. සංස්කෘතියට අනුගත වෙන්න ගිහින් කෙල්ලෙක්ව විවාහ කරගත්ත කොල්ලෙක් සහ ඇත්තට මුහුණ දෙමින් උඩුගම් පීනන්න බය නොවුණු කොල්ලෙක් අතර ප්‍රේමය මේ චිත්‍රපටියේ තියෙන්නේ.)


 තමන් සමකාමියෙක් නම් ඒ ගැන කියන්නට ආදරය කිරීමට තමන්ට තියෙන අයිතිය ගැන ප්‍රසිද්ධියේ කියන්නට හා ඒ වෙනුවෙන් සටන් වදන්නට අපට හැකිවිය යුතුය. ඒ අයව ධෛර්යවත් කරන්නට සමකාමීන් වුණත් නොවුනත් නවීන ලෝකයක ජීවත්වෙන අප උත්සාහ ගත යුතු ය.


   

                                සමකාමී කලාකරුවෙක් වන මැකල්මෝර් ගයන සේම් ලව් ගීතය

15 comments:

  1. පුදුමය යනු සමකාමී සීන් එකට වැඩියෙන් විරුද්ධ වෙන බොහෝ ආගමික සංස්ථා වල ව්‍යුහය සැකසී ඇත්තේ සමලිංගික පදනමක් යටතේ වීමය.

    ReplyDelete
  2. පිස්සු කෙලින්න එපා උඩුවා

    පන්සල් වල නායක් හාමුදුරුවරු විවාහ කරන්නද උඹ ලෑස්ති වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහෝ ආගමික සංස්ථා ගොඩනැගිල තියෙන්නේ සමලි. පදනමකින්, වි.ලි. පදනමකින් නොවේ. නමුත් ආගමික සංස්ථා කාමුකත්වයෙන් බැහැර වෙලා, ලෝකෝත්තර පදනමක ඉන්න නිසා. එතන සමකාමී තත්ත්වයක් නැහැ. නමුත් යම් කැනක, ලෝකෝත්තර පදනම බිඳ වැටුණොත්, එතන තියෙන්නේ, සමකාමීබවක්.

      Delete
    2. මාතලන් සහෝදරයා වැරදියට වටහාගත් දෙයක් ඇත. එනම්, ආදරය හා කාමය කියන්නේ 1ක් නොව 2ක් බව. ආදරයක් තුළ කාමයක් තිබිය හැක. විවාහයකට මේ දෙකම අවශ්‍යයයි. එසේම කාමය නොමැති ආදරයක්ද පැවතිය හැක. සාහිත්‍යයට එක් වන්නේ මෙවන් ආදරයන්ය. එසේම ආදරයක් නොමැති කාමයක්ද පැවතිය හැකිය. මෙවැනි කාමයන් පහසුවෙන් මුදලට විකිණේ.

      Delete
  3. මහාචාර්‍ය ඇල්ෆ්‍රඩ් කින්සි පවසන පරිදි sexual orientation යනු පරිසරය මත වෙනස් විය හැකි තත්වයකි

    ReplyDelete
  4. සමලිංගික විවාහයනම් පස්සේ පුලුවන් මගේ ඥාති සහෝදරයෙක් විවාහක බිරිඳට අමතරව තව කෙනෙක් ආශ්‍රය කරනවා ඒ වුනාට මේ පරසුද්දගේ නීතියට අනුව මුස්ලිම් ආගමට හැරෙන්නැතුව බහු විවාහයක් කරගන්න බෑ. ඒ නිසා සමලිංගික විවාහයට පෙර බහු විවාහයට අවසර ගන්න බලමු

    ReplyDelete
    Replies
    1. ඔබේ සමහර කොමෙන්ට් තියනව අපිට අවුරුද්දක් කල්පනා කරන්න වෙන.
      මට සිතෙන දෙයක් තමයි අපි ජගත්ට වඩා පරිකල්පනයෙන් කොයි තරම් පිටුපසින්ද කියන එක. ( හැම වෙලාවෙම නෙමේ හොදේ හෙහ් හෙහ් )

      Delete
  5. පිරිමියෙක් තව පිරිමියෙක්ව ඉඹින එක මට නම් මහ පිළිකුලක්,අප්පිරියයි,
    හැබැයි එතන අවංක ආදරයක් ඇති කියලත් හිතෙනව.
    මට මෙතන ප්‍රශ්නයක් තියනව. ආදරය ප්‍රකාශ කරනව කියල සමකාමී කොල්ලෙක් තව කොල්ලෙකුට ආදරය ප්‍රකාශ කරන්නෙ කොහොමද. බහුතරය විශම නෙ.
    සමකාමී කොල්ලෙක් විශම කොල්ලෙක්ව පොලබවගත්තොත් අන්න එතන වරදක් තියනව නේද
    මේක පොඩි එවුන්ට ගල් කැපීමක් වෙනව නේද.සාමාන්‍යයෙන් පොළබවගන්නෙ පොඩි එවුන්නෙ. ඒක ළමා අපචාරයක් නේද?

    සමකාමීන් ගැන මම අන්තවාදී නෑ. මට දුකයි ඇත්තටම සමකාමී දෙදෙනෙකුගෙ අවංක ආදරය ශ්‍රේෂ්ට වෙන්නත් පුලුවන්.
    ඒත් සමස්තයක් විදියට පුකේ අරින සමාජයකට මගෙ කැමැත්තක් නෑ බන්. ඕක බෝ වුනොත් එකම පුක් කෙලියක් වෙයි බටහිර රටවල වගෙ.

    ReplyDelete
  6. මෙහෙමයි... ලිංගිකත්වය ඇතිවෙන්නෙ මම නම් හිතන විදියට පරපුර බෝ කරන්න ඕන නිසාවට ස්වභාව ධර්මයෙන් .. පුරුෂ ලින්ගන සහ ස්ත්‍රී යෝනිය අතර විතරක් සිද්ධවෙන්න ඕන සහ සිද්ධ වුනු ගනුදෙනුවට පියයුරු, මුඛය , ගුදය, කළවා සහ තව තවත් ස්ථාන එකතු වෙලා ෆුල් මාවලස් වැඩක් වෙලා තියෙන්නෙ. ඒ මොක උනත් විරුද්ධ ලිංගිකයන් අතර සිද්ධ වෙන්න නියමිත ඒ අහවල් කාරනාවට අර කියපු දේවල් එක උනාම ඒක ඒ වැඩේට උත්ප්‍රේරකයක් වෙන එක හැබෑවයි කියමුකෝ....
    මට නම් ඔය කොලු ගැහිලි සහ ආප්ප ( සිංගලෙන් කිව්වොත්) පේන්නේ අස්වාභාවික දෙයක් විදියට. අර විමලරත්න කුමාරගම කවියා කිව්ව වගේ "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම" ටයිප් එකට සද්ද නැතුව ඉන්නව. කවුරු හරි අපිට අරින්න ආවොත්නේ ප්‍රශ්නේ වෙන්නෙ. ඔය ට්‍රෙන්ඩ් එකට දේදුනු පිංතූරු දාපු අයියල වගේ ට්‍රෙන්ඩ් එකට පුක කාරයෝ සහ ආප්ප කාරියෝ බිහි වෙන්නත් බැරි කමක් නෑ. ට්‍රෙන්ඩ් එක මේකයි කිව්වොත් පුක උනත් දෙන්න අපේ එවුන් පසුබට නොවෙන නිසා. සමාජයේ සමහර ස්ට්‍රේට් උන් ඉන්නවා, හැබැයි පෙළඹවීමක් ආවොත් ගේ වෙන්නත් පුළුවන්.. ඔය ඊනියා නිදහස මාකට් උනොත් ගෙදර ගෑනිට කෙල කෙල ඉන්න එකා අල්ලපු ගෙදර එකාට පුක දෙන්න ගියොත් ඒකත් සමාජ ව්‍යසනයක් වෙන්න පුළුවන්. දැන් බටහිරින් එන ට්‍රෙන්ඩ් එකට විවාහ කාරිය කොරගෙන මේකටත් අලුත් විදියට එන්න ආවට ඔය සීන් පුරාන කාලේ ඉඳන්ම පැවතගෙන එනව. අපේ ගමේ ඉස්සර හිටියලු ඔහොම ගල් සෙට් එකක්. උන්ට කිව්වෙ "අක්‍රශුමෝකස" සෙට් එක කියලලු (අපේ තාත්තල දාපු නමක්). ඒ කිව්වෙ "අයතා ක්‍රමයට ශුක්‍ර මෝචනය කරන්නන්ගේ සංගමය" කෙටි කරලා. බුදුන්ගෙ කාලෙත් ඔව්ව තියෙන්න ඇති. ඕන පුකක්.. අපිට මොකෝ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් මම කියන්නෙ. මෙහෙ කෙල්ලන්ටනෙ පාරෙ බැහැල යන්න බැරි. බටහිර රටවල කොල්ලන්ටත් පාරෙ බැහැල යන්න බෑ පිරිමි හින්ද . පිරිමියෙක් ඉන්න රූම් එකක නවාතැන් ගත කරන්න කලින් සමකාමියෙක්ද කියල අහනව. බයේ බෑ. මේ ලගදි බටහිර රටක කැම්පස් එකක කෙනෙකුට තීසිස් එකක් ලියන්න මම උදවු කළා.සෙක්සුවල් හැරස්මන්ට් ගැන. එහෙ කාන්තා අතවර වලට වඩා වැඩිලු පිරිමින්ට සිදුවන අතවර. ඒ කියන්නෙ පිරිමින්ට පිරිමින්ගෙන් වෙන ලිංගික අතවර. පිරිමි වැස්ලින්, පොල්තෙල් බෝතල් අරගෙන කොල්ලො පස්සෙ එලවන සමාජයක් බිහිවෙනව බන්.
      පිරිමියෙක් දැක්කහම තව පිරිමියෙකුට කැලේ කඩාගෙන දුවන්න වෙනව බන් මේ පුකේ අයිතිවාසිකම් හින්ද.
      ඉස්සරත් අපේ සමාජයෙ ඕක තිබ්බ. පන්සලේ සෙල්ලම කියලනෙ කිව්වෙ. දැන් මේක අනබෙර ගහගෙන කසාද බැදල අඩව් අල්ලල කරන්නනෙ මුන්ට ඕන වෙලා තියෙන්නෙ.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියාගේ අන්තවාදී අදහසට මං විරුද්ධයි......
      නවත්තන්න ඕන සෙක්ෂුවල් හැරස්මන්ට් මිසක් සෙක්ෂුවල් ෆ්‍රීඩම් නෙවෙයි

      Delete
  7. අපි හිතනවට වඩා තත්වය ගැඹුරුයි....
    අවුල් මිනිස්සුන්ගේ අවුල් වැඩ නීති මොනව වුණත් වෙනස් වෙන්නෙ නැහැ..
    ඒත් සජ්ජා සහ මධ්‍යස්ථයාගේ අදහස් වලට වඩා සම්පූර්ණ වෙනස් අදහසක් මට තියෙන්නේ..

    සමකාමීන්ට ප්‍රසිද්ධියේ ඒ බව කියලා සමාජයේ සමාන අවස්ථා ලබාගන්න පුළුවන් නම්
    තමන්ට සහකාරයෙක් හොයාගන්න අමාරු නැහැ... ස්ට්‍රේට් අයව අවශ්‍යතා සඳහා පොලඹවගන්න ඕන නැහැ....

    බලහත්කාර ලිංගික ක්‍රියා ඉතින් සමකාමී වුණත් එකයි විරුද්ධ ලිංගිකයෙක්ට කළත් එකයි... වැරැද්ද වැරැද්දමයි.....

    ස්ට්‍රේට් විදියට සමාජයේ පෙනී ඉන්න අය ගේ වෙන්න කැමතිනම් වුණාට ප්‍රශ්ණයක් නෑ.. ඒ මනුස්සයා වැඩියෙන් කැමති ගේ සෙක්ස් වලට නං... සෙක්ස් කියන එක තවදුරටත් වර්ගයා බෝ කරන දෙයක් කරගන්න තරං අපි ගෝත්‍රික වෙන්න ඕන නැහැනේ....

    ReplyDelete
  8. සර් ආතර් සී. ක්ලාක් මහතාගේ ඔරියන්ටේෂන් එක ගැන කාටහරි අදහසක් කියන්න තියනවද? ක්ලාක් මහතා ලංකාවේ ජීවත්වීමට තීරණය කිරීමට බලපෑ පෞද්ගලික හේතුව දන්නවාද? On a trip to Florida in 1953[1] Clarke met and quickly married Marilyn Mayfield, a 22-year-old American divorcee with a young son. They separated permanently after six months, although the divorce was not finalised until 1964.[27] "The marriage was incompatible from the beginning", says Clarke.[27] Clarke never remarried, but was close to a Sri Lankan man, Leslie Ekanayake, whom the author called his "only perfect friend of a lifetime" in his dedication to The Fountains of Paradise.[28] Clarke is buried with Ekanayake, who predeceased him by three decades, in the Colombo central cemetery. In his biography of Stanley Kubrick, John Baxter cites Clarke's homosexuality as a reason why he relocated, due to more tolerant laws with regard to homosexuality in Sri Lanka.[29] Journalists who enquired of Clarke whether he was gay were told, "No, merely mildly cheerful."[30] However, Michael Moorcock has written:
    Everyone knew he was gay. In the 1950s I'd go out drinking with his boyfriend. We met his protégés, western and eastern, and their families, people who had only the most generous praise for his kindness. Self-absorbed he might be and a teetotaller, but an impeccable gent through and through.[31]
    In an interview in the July 1986 issue of Playboy magazine, when asked if he had had a bisexual experience, Clarke stated "Of course. Who hasn't?".[32] In his obituary, Clarke's friend Kerry O'Quinn wrote: "Yes, Arthur was gay ... As Isaac Asimov once told me, 'I think he simply found he preferred men.' Arthur didn't publicize his sexuality – that wasn't the focus of his life – but if asked, he was open and honest."[33]
    Clarke maintained a vast collection of manuscripts and personal memoirs, maintained by his brother Fred Clarke in Taunton, Somerset, England, and referred to as the "Clarkives." Clarke said that some of his private diaries will not be published until 30 years after his death. When asked why they were sealed, he answered "Well, there might be all sorts of embarrassing things in them."[3] ----from Wikipedia

    ReplyDelete