Monday, November 16, 2015

ෆිලුම් බැලිල්ල....

චිත්‍රපටි බැලිල්ලේ ගොඩක් දුර ගියපු පොරක් නෙවෙයි මං.. ෆිල්ම් වල හයහතර විතරයි දන්නෙ... උණක් තියෙන නිසා ෆිල්ම් බැලිල්ල ගැන පොඩියට ලියන්න හිතුව... 

මේ දවස්වල ෆිල්ම් ෆෙස්ටිවල් හින්ද ෆිල්ම් බලන්න කට්ටිය සෙට් වෙනව.. ෆිල්ම් ගැන කතා වෙනව...

පෝලිම් දැක්කම පිස්සු හැදෙනව... 


අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන්ගේ ෂැඩෝව් කිල් බලන්න සෙට් වුණ වෙලාවේ තමයි මේ පෝස්ටුව දාන්න හිතුනේ.... 

ඒ ෆිල්ම් එක ගොඩක් ස්පීඩ් යන එකක් නෙවෙයි... ඒත් ඉස්සරහ හිටපු ටැමිල් යාළුවෝ කිහිපදෙනා ෆිල්ම් එකේදී විවිධ සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින් තමයි ෆිල්ම් එක රසවින්දේ... එයාලාගේ සද්ද නිවිලා ෆිල්ම් එක බලන්න ඇවිත් හිටපු අයට ඇල්ලුවේ නැහැ.... 

ෆිල්ම් බැලිල්ලෙත් කලාවක් තියෙනව කියන එක අලුත් බයිලයක් නෙවෙයි.. ඒත් ඒ කතාව හරියට සෙට් වුණා මේ සිද්ධියේදී....

ඊයේ දීවාලී... අජිත්ගේ වේදාලම් රිලීස් වුණේ ඊයේ.. ටැමිල් ෆිල්ම් බැලිල්ලේ තියෙන්නේ මෙන්න මේ ෆිල්ම් එකට ප්‍රතිචාර දැක්වීමේ සීන් එක....

විසිල් සද්ද නැතිව ටැමිල් ෆිල්ම් එකක් බැලිල්ල කම්ප්ලීට් වෙන්නෙ නෑ... ෆිල්ම් එක හදන්නෙම හීරෝගෙ එන්ට්‍රන්ස් එක, කෙල්ලගෙ එන්ට්‍රන්ස් එක විසිල් වලට ඕන විරාම තියමින්...... හින්දි සිනමාවෙත් මේ ලයින් එක තියෙනවා... (රන්ජන්ලගේ වගේ ලංකාවේ ෆිල්ම් වල විසිල් එක ෆිල්ම් ඕඩියෝ එකේම එනවා... මොකද අපේ ඉන්න නළුවන්ට විසිල් ගහන්න බල්ලෙක්වත් නෑ)

මේ ජනප්‍රිය මසාල ෆිල්ම් මිනිස්සුන්ව හිතන්න යොමු කරවන්නෙ නැතත් සිනමාව කම්ප්ලීට් වෙන්නෙ මේ දෙපැත්තම එක්ක......................

සිනමා ශාලාවලට යන්නෙ නැතුව ෆිලුම් බලන්නත් පුළුවන්..

කම්පියුටර් නොතිබුණු.. හෝල් එකට යන්නත් අවස්ථාව නොලැබුණු... ඉස්සර අපි ෆිල්ම් එක ටීවි එකේ පෙන්නනකන් බලන් හිටිය.. සැරෙන් සැරේ ඇඩ් දාන අතරේ ෆිල්ම් එක බැලුවා.

දැන් වැඩිපුර කට්ටිය ඩවුන්ලෝඩ් කරල ෆිල්ම් එක ගෙවල් වල කාමරේට වෙලා හෙඩ්සෙට් දාගෙන හොරෙන් බලනව.. ඒ තමයි නූතනම නැරඹුම් මාදිලිය.. කවුරුත් දන්නෙ නෑ මෙයා මොනවද බලන්නෙ කියල..

හෝල් වල සෙට් පිටින් බලනව........

ඒ බලද්දිත් සමහරු නිහඬව සිනමාව විඳිනව... තවත් සමහරු විසිල්ගහලා ෆිල්ම් බලනවා...

ෆිලුම් බැලිල්ලෙත් කලාවක් තියෙනව.. ෆිලුම් හදන අයට ඒකත් වැදගත්.....


14 comments:

  1. දෙමල් පිලුමක් බලන්න ඕන හෝල් එකකට ගිහිල්ලා. හැක්

    ReplyDelete
    Replies
    1. අද රෑ බලන්නයි හිතාන ඉන්නේ...

      Delete
  2. දෙමළ මූවීස්වල ඩීවීඩී වල ප්‍රශ්නය තමයි ඉංග්ලිෂ් සබ්ටයිටල් නැති එක, හින්දි මූවීස්වල වගේ.


    මනි රත්නම් ගේ මූවීස්වල වෙනම හින්දි එකක් තියෙන නිසා වැඩි ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. භාෂාව තේරුම් ගත්තනං මරු

      Delete
  3. ඇඩ් එක්කුත් එක්ක බලනකොට තමයි ගතිය තියෙන්නෙ..........

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්... මැදදි පම්ප් එකක් එහෙම දාලා ඇවිත් ඉඳගෙන බලන්න පුළුවන්නේ

      Delete
  4. දෙමළ චාටර්නෙ english නම් මරු.

    ReplyDelete
    Replies
    1. දෙමළ චාටර් කියල කියන්න ඔයාට අයිතියක් නෑ... ඕනම භෘෂාවකින් සිනමාව මරු

      Delete
    2. දෙමළ චාටර් වෙන්නේ ඒකාකාරීත්වය නිසා!

      Delete
    3. හරි ෆිල්ම් අහුවෙලා නැත්නම් ඒකාකාරීයි!!! ඒත් දෙමළ ෆිල්ම් විවිධාකාරයේ ඒවා තියෙනවා

      Delete
  5. උඩුවාට ස්තුති කරන්න කාරණා දෙකයි; එක, හොල් වල ෆිලුම් බලපු සොදුරු අතීතය සිහි ගැන්වීම, විශේෂයෙන් දෙමළ කොල්ලො කනේ ඇගිලි ඔබාගෙන ෆිලුම් බැලිම, ඒකේ පළවෙනි අත්දැකීම ගත්තේ පුත්තලමෙදි, හෝල් එකේ ලයිට් නිවන කොටත් විස්සක්වත් හිටියේ නෑ, ඒත් ටික වෙලාවකින් නළුවා, අර කාන් බයික් එකකින් ස්ටුන්ට් එකක් දාගෙන එන්ටර් වෙනකොටම කණ පැලෙන්න විසිල් සීයක් දෙසීයක් විතර ආවා ඇත්තටම මට බය වෙලා ගියේ නැතුවා විතරයි. මැඩ්රාස් වල හෝල් එකක් ඇතුලට යන්න දවස් තුනක් විතර පොලීමේ ගිහිල්ලා ආපහු හැරෙන්න වුනා හවුස් ෆුල් නිසා.

    අර දෙවෙනි සිතූතිය බ්ලොග් එකේ ටෙම්ලේට් එකට, මම මේකට ආපු ගමන්ම ස්ක්‍රීන් එක පිහිදාගන්නවා, ඒක ලොකු සේවයක්.

    ReplyDelete
    Replies
    1. දෙවැනි ස්තූතියට ස්තූතියි...

      මං ඇත්තටම වැඩියෙන්ම කැමති ඒ වගේ ෆිල්ම් හෝල් වල බලන්න. සිනමාව හෝ මොකක්හරි නමකින් හඳුන්වන්න පුළුවන් ටැමිල් මසාලා මුළු ඇඟෙන්ම බලන්න... සද්දෙට හිනා වෙන්න... සතුටට කෑ ගහන්න...
      ජෝකර්ට හූ කියන්න... නිළියට ඕ... කියන්න

      Delete
  6. ටැමිල් ෆිල්ම් 20ට වඩා බලා නැත...ඒකත් ඔෆීසීයේ අනිත් එකාගේ උවමනාවට බාපු එකක් වෙන බලන්ඩ එකක් නැතිම වෙලාවක බැලුවොත් තමා!! බලපුවා නම් හොදයි! මතක විදියට බලපු පලවෙනි ටැමිල් එක Boys...ළගදී බලපුවාගෙන් EYE(I) වගේ නමක් තියෙන එක පට්ට!

    ඔය අස්සට එහෙන් මෙහෙන් වැටෙන කොමෙන්ට් ටිකත් පට්ට...දෙමල අයට ඇදුම් ගැන සුපිරියට ඇද කියන්ඩ පුළුවන්!!!

    ReplyDelete
    Replies
    1. දෙමළ ෆිල්ම් කිව්වම ගොඩක් පුළුල්... කට්ටිය දන්නේ ටිකයි

      Delete