Monday, December 07, 2015

මැග්නිටෝ සහ ප්‍රභාකරන්.....

මැග්නිටෝ හමුවෙන්නේ එක්ස් මෙන් සිනමා කතා මාලාවේදී ය. ප්‍රභාකරන් හමු වන්නේ ලංකාවේ දේශපාලනය තුළදී ය.


මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්‍රතිවීරයා යි.


එක්ස් මෙන් කතා මාලාවට අනුව ලෝකයේ හෝමෝ සේපියන් හා මියුටන් ( ජාන විකෘතිකයන්) ලෙස මිනිසුන් දෙවර්ගයකි. මියුටන්ලාට විශේෂිත බලයන් තිබෙන අතර හොමෝ සේපියන්ලා බහුතරය වෙයි. 

මියුටන්ලා විවිධ පරීක්ෂණ සඳහා අල්ලා ගනිමින් කූඩු කරන අතර සාමාන්‍ය මිනිසුන් මියුටන්ලාට බියක් දැක්වීම නිසා විවිධ අවස්ථාවල මියුටන්ලා පීඩනයට ලක් වේ.

මියුටන්ලාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන ප්‍රධාන කණ්ඩායම් දෙකකි. එක් කණ්ඩායමක් මහාචාර්ය චාල්ස් ෂේවියර් නම් මියුටන්ගේ නායකත්වයෙන් යුතු අතර අනෙක් කණ්ඩායම මැග්නිටෝගේ කණ්ඩායමයි. සාමය විකල්පය නොවේයැයි එරික් ලෙන්ෂර් (මැග්නිටෝ) කියයි.



චාල්ස් කියන්නේ මිනිසුන් සහ මියුටන්ලා අතර සංහිඳියාව ඇති කිරීම නිදහස බවයි. චාල්ස් තෝරාගන්නේ අසීරු මාර්ගයයි. 

මියුටන් සගයන් පීඩනයට ලක්වේ. මරණයට ලක්වේ. චාල්ස් අවිහිංසාවේ මාර්ගයේ යද්දී මියුටන් සගයන් මියයාමේ ක්ෂණික සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන්නට ඔහුට හැකි නොවේ. මැග්නිටෝ මිනිසුන්ට පහර දෙමින් ක්ෂණික සිදුවීම් වලට ප්‍රතිචාර දක්වයි. ‘ඔයා අපේ අය වෙනුවෙන් සටන් කරන්න තිබුණා. ඒන්ජල්, ඇශේෂල්, එමා, බැන්ෂි මියුටන් සහෝදර සහෝදරියන් ඔක්කොම මරා දැම්මා. ඔයා කොහේද හිටියේ චාල්ස්? හැංගිලා‘ ඉතා සාධාරණ ලෙස මැග්නිටෝ චාල්ස්ව ප්‍රශ්ණ කරයි.

මැග්නිටෝ මියුටන්ලාගේ හදවතට ආමන්ත්‍රණය කරමින් ඔවුන්ව සටනට පොළඹවයි. ඔබ තවදුරටත් සැඟවී සිටිය යුතු නැහැ. මිනිසුන් මෙන් ඔබලා දුර්වල නැහැ ශක්තිමත්. සටන් කරන්න. මැග්නිටෝ එසේ කියද්දී චාල්ස් ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියටයි. අක්ස් මෙන් අවසාන චිත්‍රපටියෛ් අවසානයේදී එරික් කරන කතාවෙන් එය පැහැදිළි වේවි.



ඔබ ආත්මාරක්ෂාව වෙනුවෙන් හෝ අනෙකාට හානියක් කරන්නට මියුටන් ලෙස ඔබට ලැබුණු බලය පාවිච්චි කරන්නේ නම් එය අනෙකාව බිය ගැන්වීමට හේතු වනු ඇති. මියුටන්ලා ගැන සැකය වර්ධනය වෙනු ඇති. එය එකිනෙකා අතර යුද්ධයට හේතු වනු ඇති. අවියට අවියෙන් පිළිතුරු දී විමුක්තිය දිනා ගත නොහැකියි.



මෙය හොඳින් තේරුම්ගැනීමට නම් එක්ස්මෙන් කතා මාලාව ඔබ නැරඹිය යුතුයි.  කත මාලාවේ දැනට ඇති අවසාන චිත්‍රපටියේදී මිනිසුන් විසින් ප්‍රබල මියුටන්ලාගේ හැකියාවන් එක්කරගත් ප්‍රබල අවියක් නිපදවනවා. එයට හසුවී සියලු මියුටන්වරුන් සමූලඝාතනය කෙරනෙවා. ලෝකය දරුණු යුද්ධයකට යනවා. ඒ වනවිට මැග්නිටෝ සත්‍යය තේරුම් ගෙන චාල්ස් සමඟ එක්ව සිටින්නේ. අපි මෙච්චරකල් ගහමරාගෙන නාස්ති කරපු කාලයෙන් ටිකක් ලැබුණානම් වටිනවා චාල්ස්. වියපත් මැග්නිටෝ අවසාන චිත්‍රපටියේදී එහෙම කියනවා.  මැග්නිටෝ එක්ස්මෙන් චිත්‍රපටියේ දුෂ්ඨයා වුණත් ඔහු සටන් කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්. ඔහු වැරදි මාර්ගයක් තෝරාගැනීමයි ගැටලුව.

හිංසනයට එරෙහිව හිංසනය පාවිච්චි කිරීමෙහි ප්‍රථිඵලය සැකය හා නොනවතින ගැටුම් විතරයි. එක්තරා සමයෙක දෙමළ මිනිසුන් මත දරුණු හිංසනයක් පැටවෙනවා. දෙමළ වීම නිසාම මිනිසුන්ව මරණයට පත් කරවනවා. මියුටන්ලාව වගේ.

එහි ප්‍රථිඵලය වෙනුවට හිංසනයෙන් ගැලවෙන්නට හිංසනය උපක්‍රමයක් කරගත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් උතුරේ ඇති වෙනවා. ඒ මැග්නිටෝ තෝරාගත් මාර්ගය. එයට පිළිතුරු දීමට සිංහල බහුතරය තෝරාගන්නේ ද මැග්නිටෝ මාර්ගය. (Brotherhood and LTTE ) උතුරේ සන්නද්ධ කණ්ඩායම් සමූලඝාතනය කර ප්‍රශ්ණය විසඳන්නට ඔවුන් උත්සාහ කරනවා. එහිදී බොහෝවිට අහිංසකයන් ද සැකයට ලක්ව හිංසනයට ලක් වෙනවා.


එහි ප්‍රථිඵලය අර සන්නද්ධ කණ්ඩායම්වලට විරුද්ධ අයත් ජීවිතය ගලවාගැනීම පිණිස ටිකෙන් ටික හිංසනයට හිංසනයෙන් පිළිතුරු දීමේ මාර්ගය වෙත ඇදී යෑමයි. කල් යද්දී වඩාත් ස්මාර්ට් සහ දෙමළ මිනිසුන් වෙනුවෙන් අවංකව පෙනී සිටියායැයි වැඩියෙන් පෙනී ගිය එල්ටීටීඊය සහ ප්‍රභාකරන් වඩා ශක්තිමත් වී ලාංකීය දෙමළ ජනතාවගේ වීරයා ලෙස අද වනතුරු ප්‍රභා අධිනිශ්චය වීමයි.

සැකයෙන් සැකයට වර්ධනය වී අවසානයේ තිස් අවුරුදු යුද්ධයක් දක්වා ගියා.... තාමත් සැකය තියෙනවා.

කළු ජූලියෙන්


අතුරුදන්වූවන්, මියගිය සිවිල් වැසියන් පිළිබඳ ප්‍රශ්ණ තවම තියෙනවා! ඒවා නොවිසඳුනහොත් කුමක් සිදුවේවිද?

අපි මේ සියළු මිනිසුන් අතර චාල්ස් ෂේවියර්ලා සොයනවා. ඔවුන් වැඩිවන තරමට. එකතු වෙන තරමට. ශක්තිමත් වෙන තරමට. වඩා යහපත් කෙළවරකට යන්න පුළුවන් වේවි. අපි එකතු වෙමු!!! 

25 comments:

  1. බොහෝ දෙනා මොහුනේ නම "ප්‍රභාකරන්" ලෙස සදහන් කරනවා නමුත් ඔහුගේ නියම නම පිරිපාහරන් මෙය ඇත්තෙන්ම මේ මිනීමරුවාට ගැලපෙනවා හරියට මේවගේ අර්ථයක් තමයි ලබන්නේ "පාහර වැඩවලින් පිරි " වගේ.

    පිරිපාහරන්, කියන්නේ මිනිමරුවෙකුයි, රෝහණ විජේවීර වගේම මිනිමරුවෙකුයි. මේ දෙදෙනාම ඉතාම බියගුල්ලන් දෙදෙනෙකුයි.
    මේ දෙදෙනාම තමාගේම ජාතිය සමුල ඝාතනය කිරීමට පසුබට වී නෑ.

    විජේවීර අන්තිම අවස්ථාවේ තම දරුපවුල ආරක්ෂා කිරීමට ඉල්ලීම් කල බව සදහන් වෙනවා. අනුන්ගේ දරුපවුල් ඝාතනය කල මේ මිනීමරුවා තමන්ගේ දරු පවුල ගැන සිතනවා. පිරිපාහරන් කියන්නේ ඒවගේම මිනිමරුවකුයි අන්තිම අවස්ථාවේ ගැලවීමට ඔහු උත්සාහ කලේ තම ජනතාව වැඩිවැඩියෙන් ඝාතනය කරවා, ඒ ඔස්සේ එන අන්තර්ජාතික පීඩනය තුලින් තම ආරක්ෂාව තහවරු කරගැනීමයි.

    ReplyDelete
    Replies
    1. විජේවීර අත්හරිමු!! 
      ඉන්පස්සේ ප්‍රභාකරන් විතරක්ද අනුන්ගේ දරුවන්ව අමතක කළේ?
      ඉසිප්‍රියා මැරුණේ කොහොමද? බාලචන්ද්‍රන් මැරුණේ කොහොමද? (ප්‍රභාකරන් ත්‍රස්තවාදියා නිසා බාලචන්ද්‍රන්ව මරපු එක සාධාරණීයකරණය කරනවද?)
      පහුගිය දවසක මඩකලපුවේ ඇවිද්දා!! 
      මඩකලපුවේ අසූගණන්වල ඉඳන් යුද්ධය නිසා අතුරුදන්වූවන් දහදාහක් විතර ඉන්නවාලු!!
      ලලිත් කුමාර් කියන අහිංසක තරුණයාට වුනේ මොකක්ද?
      ආණ්ඩුවෙන් නැති කරපු කොච්චර දිග නම් ලැයිස්තුවක් කියන්න පුළුවන් ද?
      අහිංසකයන්ගේ ජීවිත ගැන හැඟීමක් තියෙන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි මේක‍. එහෙම ලෝකයක් නෙවෙයි මේක..
      ලංකාවේ ආණ්ඩු සහ ඒවට සහාය දෙන මිනිස්සු තමයි ත්‍රස්තවාදී!!!
      ඒක ත්‍රස්තවාදී බව පිළිනොගෙන එල්ටීටීඊයට බැණ බැණ ඉන්නේ ඇයි?
      මම එල්ටීටීඊ එකේ ඉඳපු අය එක්ක කතා කරලා තියෙනවා. බොහෝම හොඳ හිතක් තියෙන මිනිස්සු ඒ අතරේ ඉන්නවා....
      ඒ හැම කෙනාටම වගේ ආයුධ අතට ගන්න හේතුවක් තියෙනවා. ඔවුන්ගේ කතාවක් තියෙනවා..
      මිනිස්සු ආයුධ අතට ගත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව..
      තමන්ගේම ජනතාව වැඩි වැඩියෙන් ඝාතනය කෙරෙව්වාද නැද්ද කියන එක ගැන කතා කළ යුතුයි!! මම ප්‍රභාකරන්ව දන්නේ නැහැ. (ඒ නිසා මම ප්‍රභාකරන් නිවැරදියි කියලා කියන්නේ නැහැ)
      ඒත් ඝාතනය කෙරෙව්වා කියන කතාවේ ඇත්ත තමයි ආණ්ඩුවෙන් මිනිස්සු ඝාතනය කරා කියන එක....
      ඇයි මිනිස්සු මැරුණේ? ඇයි ප්‍රභාකරන් අතිශය කුරිරු මිනිහෙක් වෙලත් (ඔබට අනුව) එයා වටේ මිනිස්සු එකතු වුණේ? මිනිස්සු ඔහුට ගරු කරන්නේ? තවමත් තමන්ගේ නායකයා කියලා පිළිගන්නේ?
      (එහෙම කරන්න පුළුවන් ක්‍රම දෙකකින්. මහින්ද වගේ ප්‍රචාරණ ව්‍යාපාරයකින් හරි ඇත්තටම යහපත් නායකත්වයකින්)

      Delete
    2. උඩුවා @

      බාලචන්ද්‍රන් ගැන ඔබලා නිතරම මතුරනවා. ඔහු විස්කෝතු කෑ හැටි ගැන අඩනවා. කොටි සිංහල ගම්වලට පැනල පොඩි උන් පෙති ගහල මැරුව. ඒ පොඩි උන් කලින් දා කාල තිබුනෙ ගස්ලබු තම්බල. උන් බාලචන්ද්‍රන් වගෙ පුෂ්ටිමත් නෑ. ඒ නිසා ඔබල ඒ ගැන කතා කරන්නෙත් නෑ.

      මඩකලපුවෙ අතුරුදහන්වීම් කියන්නෙ ඒ අය එල් ටී ටී ඊ එකට බැදිල මැරෙන්න ඇති. දකුනෙ 89 තිබුන වගෙ භීෂනයක් උතුරෙ තිබුනෙ නෑනෙ.විශේෂයෙන් 1991 න් පසු .උතුරෙ තිබුනෙ සම්ප්‍රදායික යුද්ධයක්.

      ප්‍රභාකරන් පිටුපස මිනිස්සු එකතුවුනා කියන ඔබේ තර්කයට හිනා නොවී බැහැ. හිට්ලර් වටාත් මිනිස්සු එකතුවුනා. ඔබට අනුව හිට්ලරුත් සාධාරනද.
      ඔබේ තර්ක හොදයි හිනාවෙන්න. ඔබ අවංකවම මේව විශ්වාස කරගෙන තර්ක කරනවනම් ඔබ ගැන අනුකම්පාවක් ඇතිවෙන්නෙ.

      ප්‍රභාකරන් සිංහල මුස්ලිම් අය මරල වර්ග සමූලඝාතනයක් කළා. හිට්ලර් යුදෙව්වන් මරල වර්ග සමූලඝාතනයක් කළා. දෙන්න සමානයි. ඔබ ප්‍රභාට ගරු කරල හිට්ලර්ට ගරු නොකරන එක වැරදියි. මම යෝජනා කරනවා දෙන්නටම ගරු කරන්න කියල.

      Delete
    3. එල් ටී ටී ඊ ත්‍රස්තවාදී නැතිලු ලංකාවෙ ආන්ඩු සහ ඒවට සහාය දෙන අයලු ත්‍රස්තවාදි. මට හිතා ගන්න බෑ ඔබ මොන වගෙ මිනිහෙක්ද කියල. වචන කටට ආවත් ඒව අපහාස වෙන නිසා ලියන්නෙ නෑ.

      ඔබ නිරෝගී මනසක් ඇති අයෙක් ලෙස උපකල්පනය කරන්නම්කො.

      ප්‍රභාකරන් අතිශය කුරිරු වෙන්නෙ ඉහත කොමෙන්ට්කරුවට අනුවලු. නෑ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියන එක සිහි බුද්ධියක් තියන ඕනම කෙනෙක් කියනව.
      තාජුඩීන්ගෙ මරනය ඔබට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් .(ඒක මිනීමැරුමක් මිස ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි ) නමුත් කොළැඹ බස් පුපුරවපු ඒව ත්‍රස්තවාදී ක්‍රියා නෙමෙයි.
      හැබැයි ඒව ගැන කතා කරන එක ත්‍රස්තවාදී ක්‍රියා (ත්‍රස්තවාදී ලංකාවෙ ආන්ඩු වලට සහාය වීමක් නිසා)

      ඔබ මොකක් හරි හේතුවක් නිසා මේ රටේ බහුතරය ගැන වෛරෙන් ඉන්නෙ. විය හැකි ( අනුමාන කළ හැකි ) හේතු ගැන ඔලුවට ආවත් ඒව මෙතන ලියන්නෙ නෑ.
      විජේල ගාමිනීල වලව්වෙ හාමුට ගහන කොට මිනිස්සු හුරේ දාන්නෙ තමන්ට බැරි එක විජේල ගාමිනීල කරන නිසා.

      ඔබව මෙහෙයවන්නෙත් ඔය වගෙ අවිඥානික හේතුවකින් වෙන්න ඇති. අසාමාන්‍ය ත්‍රස්ත ප්‍රේමයට හේතුව එයයි.

      Delete
  2. \\පිරිපාහරන්, කියන්නේ මිනිමරුවෙකුයි, රෝහණ විජේවීර වගේම මිනිමරුවෙකුයි. මේ දෙදෙනාම ඉතාම බියගුල්ලන් දෙදෙනෙකුයි.//
    ඒ වුණාට,
    ගත යුතු දෙයක් තියෙනවා...
    ඒ තමයි විජේවීර, ප්‍රභාකරන් වගේ අය පටන් ගත්තේ තමන් වෙනුවෙන් නොවෙන එක...
    එහෙම තම්න් වෙනුවෙන් නොවෙන දෙයක් පටන් ගන්ට සෑහෙන අමාරුයි මට පෙනෙන හැටියට...
    ඒක අගය කරන්ට ඕනේ...
    ඒ අතින් විජේවීර උඩින් තියන්ට පුළුවන්. මොකද එයා සිංහල අය වෙනුවෙන් විතරක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි...
    එයාගේ යාල්පානම් වල කරපු රැස්වීම ගැන බැලුවා නම් ටිකක් හොඳයි මට හිතෙන්නේ...
    https://www.youtube.com/watch?v=vsK_-sUSc6w

    (මේ මම මේ බ්ලොග් එකේම කලින් එකකට දාපු කොටස්)

    ReplyDelete
    Replies
    1. තමන්ට රජ වෙන්න තමයි දෙන්නම සටන් කලේ. විජේවීර කිව්වනම් මට රජවෙන්න ඕන .උබල ජීවිත පූජ කරපල්ල කියල කවුරුත් ජීවිත දෙන්නෙ නෑනෙ.

      Delete
  3. //මඩකලපුවෙ අතුරුදහන්වීම් කියන්නෙ ඒ අය එල් ටී ටී ඊ එකට බැදිල මැරෙන්න ඇති//
    ඒක තමයි ප්‍රශ්ණෙ...
    පොඩ්ඩක් මඩකලපුව පැත්තේ ඇවිදලා බලන්න... ඇයි පොඩ්ඩක් ඒ මිනිස්සුන්ගේ හඬට සවන් දෙන්න කැමති නැත්තේ?
    එල්ටීටීඊයට බැඳුන අය වගේම ඉන් පස්සේ ආන්ඩුවෙන් අතුරුදන් කළ අය ඕනතරම්.....

    ReplyDelete
  4. මධ්‍යස්ථ සහෝදරයා මම ප්‍රභාකරන්ට ගරු කරනවා කියලා නෙවෙයි කියන්නේ....
    //ප්‍රභාකරන් විතරක්ද අනුන්ගේ දරුවන්ව අමතක කළේ? //
    //ප්‍රභාකරන් විතරක්ද අනුන්ගේ දරුවන්ව අමතක කළේ? //
    //ප්‍රභාකරන් විතරක්ද අනුන්ගේ දරුවන්ව අමතක කළේ? //

    ප්‍රභාකරන්ව සුදු කරන්න නෙවෙයි ප්‍රභාකරන් තරම්ම කළු අය තවත් ඉන්නවා කියලා කියන්නයි මම උත්සාහ කරන්නේ..

    ඒකයි මම

    එල්ටීටීඊ එක විතරද ත්‍රස්තවාදී කියලා අහන්නේ?
    එල්ටීටීඊයටම බැණ බැණ ඉන්නේ ඇයි? කියලා අහන්නේ....

    එල්ටීටී්‍ය ත්‍රස්තවාදී නැතිලු!! ප්‍රභාකරන්ට මම ගරු කරනවා!! ආණ්ඩුව ‘විතරයි‘ ත්‍රස්තවාදී...
    මේවා මම කියන ඒවා නෙවෙයි.. මධ්‍යස්ථ මතධාරියාගේ උපකල්පන... ඒ මගේ අදහස් නෙවෙයි..

    ප්‍රභාකරන්ව ඉහළින් තියන්න නෙවෙයි මම හදන්නේ... ප්‍රභාකරන් තරම්ම වගකිව යුතු අනිත් අය පෙන්වන්නයි හදන්නේ

    ReplyDelete
    Replies
    1. //ප්‍රභාකරන් ත්‍රස්තවාදියා නිසා බාලචන්ද්‍රන්ව මරපු එක සාධාරණීයකරණය කරනවද?
      බාල චන්ද්‍රන්ගේ මරණයට වගකිව යුත්තේ ප්‍රභාකරන් මන්ද ඔහු තම වැඩිමහල් දරුවන් සංවිධානයට බඳවාගෙන ඉහල තනතුරු දුන්නා. ඒ වගේම බාල වයස්කාරයන්වත් සටන් වලට සම්බන්ධ කරගත්තා. ඹහුට කරන්න තිබුනේ අවුරුදු18ට අඩු අය සංවිධානයට බඳවා නොගැනීම සහ ඔහුගේ දරුවන් පෞද්ගලික කැමැත්ත මත සංවිධානයට බැ‍ෙඳේනම් එයට අවස්ථාව ලබාදීම සහ තනතුරු ලබා දීමේදී ඔවුන්ට විශේෂත්වයක් නොකිරීම.
      ඔහු එවැන්නක් නොකල නිසාම ත්‍රස්තවාදියෙක් ලෙස සලකා ඔහුගේ බාල පුතා මරා දැමීමට අයිතියක් තිබේ.

      Delete
    2. //ත්‍රස්තවාදියෙක් ලෙස සලකා ඔහුගේ බාල පුතා මරා දැමීමට අයිතියක් තිබේ.//

      අපිට ජිනීවා වල ප්‍රශ්න ඇති වුනෙත් මේ වගේ ප්‍රකාශ නිසා වෙන්න ඇති.රටක හමුදාවකට ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන්න බැහැ.කිසිදු පිළිගත් යුධ සම්මුතියකට යටත් වෙන්නේ නැද්ද "අත්අඩංගුවේ ඉන්න සැකකරුවන් මරා දැමීම"

      Delete
  5. //ඉසිප්‍රියා මැරුණේ කොහොමද?
    එල්ටීටීඊ සංවිධානය සිංහලයන් මරනකොට ඉසිප්‍රියා වගේ අය වචනයකින්වත් ඊට විරුද්ධ වුනාද?

    ReplyDelete
    Replies
    1. විරුද්ධ වුණාද නැද්ද කියලා ඔයා දන්නේ කොහොමද?
      ඔයා ඉසිප්‍රියාව ආශ්‍රිය කළාද?
      මම නම් දන්නේ නැහැ විරුද්ධ වුණාද නැද්ද කියලා!!

      Delete
  6. 83දී සිදුවූ සුළු සිදුවීම ගැන වැඩිහිටියන්ගෙන් අසා දැනගත් කරුණු වලට අනුව එහිදී මියගිය දෙමළුන්ගෙන් විශාල පිරිසක් සිංහලයන් කුලහීනයන් ලෙස සලකා අනවශ්‍ය ආඩම්බර කමකින් හැසිරී තිබෙනවා.
    ඒ වගේම සිංහලයන් මරා හමගසා සෙරෙප්පු හැදීමට යෝජනාකල අයට ඡන්දය දුන් ජනතාව එම සිදුවීම්වල වගකීම භාරගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. //83දී සිදුවූ සුළු සිදුවීම//
      එතැනින් එහාට මොන කතා ද?

      Delete
  7. මීට වඩා නිර්මාණශීලී වන්න
    ඉසිප්‍රියාගේ සෙක්සි මිනිය, බාලචන්ද්‍රන්ගේ ඉනසන්ට් මිනිය සහ 83 සුළු සිදුවීමට සම්බන්ධ පින්තූර දෙක විකිනුවා ඇති වෙන කුණු ගොඩක් හොයා ගන්න.
    පුලුවන්නම් (උඹ ගාව පුංචි සිංහල කමක් හෝ ඇත්නම්)
    වටරැක විජිත හාමුදුරුවන්ගේ කොණ විකුනා සිංහල ජාතියටත් ක්‍රෙඩිට් එකක් අරන් දෙන්න.

    ReplyDelete
    Replies
    1. කිසිම ජාතියකට ක්‍රෙඩිට් දෙන්න මට ඕන නැහැ

      Delete
  8. බෝල උඩුවෝ,
    //
    ඉන්පස්සේ ප්‍රභාකරන් විතරක්ද අනුන්ගේ දරුවන්ව අමතක කළේ?
    ඉසිප්‍රියා මැරුණේ කොහොමද? බාලචන්ද්‍රන් මැරුණේ කොහොමද? (ප්‍රභාකරන් ත්‍රස්තවාදියා නිසා බාලචන්ද්‍රන්ව මරපු එක සාධාරණීයකරණය කරනවද?)

    //

    මෙහෙම ත්‍රස්ත සංවිදාන වලට නමින් වත් නොගාවුණු අහිංසක මිනිසුන් ගැහැනුන් පෙතිගසා මැරුව ඔබට මතක නැතිව ඇති, ඔබට මතකද එක අවස්තාවක කොටි ත්‍රස්තවාදින් ගමකට ඇතුළුවන විට එක කුඩා දරුවකු ඇති මවක් පන බයේ තම දරුවා දමා දුවනවා පැමිණි ත්‍රස්තවාදියා දකිනවා මේ දරුවාව එම මොහොතේ ලිපේ තියෙන්නේ රත්වෙච්ච තෙල් තාච්චියක් මේ මෙලෙච්ච ත්‍රස්තවාදියා කරන්නේ අර මාස ගණනක් වයස දරුවාව තෙල් තාච්චියේ දමා මරාදැමීමයි. මන් දැක්කේ නෑ උබ මේ ගැන කතා කරනවා, අඩුගානේ බාලචන්ද්‍රන්ට බිස්කට් එකක් වත් දීල තමයි මරල තෙයෙන්නෙ.

    //මම එල්ටීටීඊ එකේ ඉඳපු අය එක්ක කතා කරලා තියෙනවා. බොහෝම හොඳ හිතක් තියෙන මිනිස්සු ඒ අතරේ ඉන්නවා....//
    උබට අර තෙල් තාච්චියේ දරුවාව දාපු එකා හම්බවෙන්න නතුවාති මයේ හිතේ....

    //ඒ හැම කෙනාටම වගේ ආයුධ අතට ගන්න හේතුවක් තියෙනවා. ඔවුන්ගේ කතාවක් තියෙනවා..
    මිනිස්සු ආයුධ අතට ගත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව..//

    තොට ඔල්මොරෝන්දන්ද ? 1977 පිරිපාහරන් ආයුද අතට ගන්න විට රජයේ හමුදාව සහ පොලිසිය උතුරේ ජනයා ට විරුද්දව කරපු ත්‍රස්තවාදය මොකද්ද ?
    උබ "ත්‍රස්තවාදය" කියන වචනයේ තේරුම වත් දන්නවද ?

    ReplyDelete
    Replies
    1. //බාලචන්ද්‍රන්ට බිස්කට් එකක් වත් දීල තමයි මරල තියෙන්නෙ//
      එහෙම මැරුවම ත්‍රස්තවාදේ නෙවෙයි ද?
      පොඩි වෙනසක් තියෙනව!!  ඔයා කතා කරන විදියෙන් පේන්නෙ ඔයා හමුදා නිල ඇඳුම් ඇඳගත්ත සිංහල හමුදාව කරපු දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා..
      මම දෙමළ හමුදාව කරපු මිනීමැරුම් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ..
      ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ...
      ප්‍රභාකරන් මගේ වීරයායැයි කියන්නේ ඔයාලා..
      මං කියන්නේ ඕකයි...
      මම තෙල් තාච්චියේ දාපු ළමයා ගැන කතා කරන්නැත්තේ ඇයි කියලා අහනවා..
      මං අහන්නේ ඇයි බාලචන්ද්‍රන් ගැන කතා කරන්නේ නැත්තේ කියලා?
      ඕන උත්තරේ තියෙනවා..
      ඔයාලට අනුව බාලචන්ද්‍රන්ට බිස්කට් දීලා මරපු නිසා අවුලක් නෑ...

      Delete
    2. //ඔයාලට අනුව බාලචන්ද්‍රන්ට බිස්කට් දීලා මරපු නිසා අවුලක් නෑ...//

      කොහෙද එහෙම කියල තියෙන්නේ, මම අහන්නේ මම තෙල් තාච්චියේ දාපු ළමයා ගැන සිද්දියද වඩා මෙලෙච්ච බාලචන්ද්‍රන්ට බිස්කට් දීලා මරපු සිද්ධියද වඩා මෙලෙච්ච?

      Delete
  9. මෙයා සල්ලි වලට ලියන කෙනෙක් නෙවෙයි නම් මෙයාට තියෙන්නේ මානසික ගැටලුවක්. සුනිල් මාධව ප්‍රේමතිලකටත් මෙයට සමාන ගැටලුවක් තිබුනා. අන්තිමට එයාට එයා ත්‍රස්තවාදියන්ට කඩේ යනබව නොතේරෙන තරමට මුලා වුනා.

    ReplyDelete
    Replies
    1. කොටින්ගෙන් සල්ලි ගන්නවා වගේ කතා හෙන ගොන් පරණ කතා..මානසික ගැටලුවක් කියන එක ගැන හිතල බලන්න පුළුවන්... ඒත් මං කියන්නේ පිස්සො තමයි මේ දවස්වල ඇත්ත කියන්නේ... පිස්සෝ අහන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න..

      Delete
    2. තමන්ගේ මතයට විරුද්ධ ව ලියන හැමෝටම මානසික ගැටලු තියෙනවා කියෙලා හිතෙන එකත් මානසික ගැටලුවක් වෙන්ඩ පුළුවන්!

      Delete
  10. උඩුවො,
    මුංගෙ තර්ක අහනකොට හිනා යනව. පැහැදිලිව ප්‍රශ්නය ඉදිරිපත් කරල තියෙද්දි තමංගෙ පාට කණ්නාඩියෙං පේන දේ ගැන පුන පුනා කියවන්නෙ.

    ReplyDelete
  11. ප්‍රභාකරන් මිනීමරුවෙක් තමයි! ඒත් ආන්ඩුව 100%ක් හරිද?? ඔක්කෝටම වැඩිය ත්‍රස්තවාදීයෝ තමයි දේශපාලකයෝ! උඩුවා කියන්ඩ හදන්නේ එක! ඒක පිලිගන්ඩ කැමති නැති එකයි අනික් උන්ට තියෙන අවුල!

    ReplyDelete
    Replies
    1. මුලින්ම බලන්න ඕනේ මේ යුද්දයට හේතුව මොකද්ද කියල, මිට මුලිකම හේතුව සිංහල සහ දෙමල දෙසපාලන්නයන් තමන්ට බලය ලබාගැනීමට තම ජනතාව පාවාදුන්න ක්‍රියාවලිය, සහ නිසි ආර්ථික සැලසුමක් නැතව මෝඩ වාමාංශික නායකයන්ගේ උපදෙසනුව වැඩකිරීම නිසා රටේ උග්‍ර රැකියා හිගයක් ඇති වීම. මේක හරියට ගින්දරයි පුළුනුයි එකතු කළා වගේ.

      ගින්න අවිලුනාට පස්සේ අනනවා අතන පිච්චුනා එකට වඩා මෙතන පිච්චිලා තියනවා කියල.

      මෙසේ වසර 30 යුද්දය ඉවර කිරීමට හැකිඋනේ ගත්ත ඉතා දැඩි ක්‍රියාමාර්ග නිසා, නැත්නම් වෙන්න කලකදී සාමය කලකදී යුද්ධය ලෙස අන්තිම කාලකන්නි රටක් ඇතිවීමයි.

      දියවැඩියාව නිසා කකුල කපන්න වෙනවා නමුත් එක කරන්නේ කකුලට කැමති නැති නිසා නෙමෙයි ජීවිතය බේරගන්නයි.
      යුද්ධය කොහොමත් මෙලෙච්ච්යි, එය ඇති වීම වලාකා ගැනීමයි හැමවිට කල යුත්තේ, එහෙම නැතුව අතීත යුද්ධ ගැන කතාකරමින් කාලය කෑම නෙමෙයි

      Delete