Thursday, January 14, 2016

විධායකේ අහෝසි කරන්න ඕන ඇයි?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයැයි කියන්නෝ ඕනෑ තරම් ය. උලව් ජාතික ආරක්ෂාවක සිට සංවර්ධනයට ගැලපෙන ක්‍රමය යන්න දක්වා හේතු විධායක ක්‍රමය වෙනුවෙන් තිබෙන්නේ ය.

මේක බ්ලොග් එකක් නිසා විධායක ක්‍රමය අහෝසි කළ යුත්තේ ඇයිදැයි ඔය තර්ක ප්‍රතිතර්ක බිඳින්නට තියෙන කරුණු මළු ගණන් දිගහරින්නට අවශ්‍ය නැත. එහෙත් එකක් කිව යුතුය. ඔය විධායක ක්‍රමය වෙනුවෙන් එන තර්ක හුදු විශ්වාසයන් මිස කරුණු ඇතුව ඔප්පු කළ හැකිවා නොවන බවය.

විධායක ක්‍රමය නිසා යුද්ධය ඉවර කළා කියන බයිලය ඉවර වන්නේ යුද්ධය පටන්ගත්තේම විධායක ක්‍රමය තියෙද්දී නිසා ය. මා කියන්නට යන්නෙ ඒවා නොවේ. අද ලංකාදීප රජ වීදියේ ප්‍රගීත් සම්පත් සමඟ ඉන්ටවීව් එකක ටීබී ඒකනායක විසින් දුන් පිළිතුරු කැබැල්ලකින් විධායක ක්‍රමයේ බරපතලකම පෙන්විය හැකි නිසා ය.


//එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වඩා අද මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචන වලට ඇහුම්කන් දෙනවනේ? ඒකනේ වෙනස?

නැහැ. මම කියන්නේ ඒක නෙවේ. මෛත්‍රීපාල මහතා ඇහුම්කන් දෙන අවස්ථා තියෙනවා. හිරුණිකා අත්අඩංගුවට ගන්න පුළුවන් වුණෙත් ඒකනේ.//

ටීබීට අනුව හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විවේචන වලට ඇහුම්කන් දුන් නිසාය. ( අත්අඩංගුවට ගත්ත ගමන් ඇප ලැබුණා) එසේ නොමැතිනම් හිරුණිකා තාමත් එළියේ ය. එනම් ජනාධිපති ධූරයට සමීප බලවතෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නට නම් ජනාධිපතිගේ අවසරය ලැබනකන් ඉන්නට ඕනෑ ය. ( ඒක මහින්ද ගියත් වෙනස් වෙලා නෑ. වැරැද්ද මහින්දට වඩා ක්‍රමයේ එකක්) 

සෝභිත හිමියන් නිවැරදිව පෙන්වූ විදියට විධායක ක්‍රමය පිළිකාවක් වැනි ය. ජනාධිපති ධූරය පමණක් නොව ප්‍රාදේශීය සභාව දක්වා ද, පොලීසිය, අධිකරණය වැනි ආයතන දක්වා ද, රාජ්‍ය සේවයට ද, ගමේ පොලීසිය නොතකන චණ්ඩියා දක්වාද පිළිකාව ඔඩු දුවා ඇත.

මේ පිළිකාවේ පිළිකා සෛල වන්නේ ටීබීලා වැන්නන් ය. එය අහෝසි කරනවාට ඔවුන් අකැමති වන්නේ ඒ නිසා ය. 

16 comments:

  1. මේකනේ බන් .... රටේ තිබ්බ කොන්ද කඩලා තියෙන්නේ ..... ලොක්කෝ ගව නැවුන උන් තාම නැවෙනවා ....මොකද උන් හිතන්නේ නැවිල ඉන්න ඕනේ කියල..... උන්ව කෙලින් කරන එක තාම පෙන්නේ නැති වුනත් ඒ නාවපු නැවිල්ල එහෙමමයි....
    පිහියත් ඔය පට්ටම වගේ ..... ඕකෙන් පාන් කපන් කන්නත් පුළුවන් ....බෙල්ල කපන්නත් පුළුවන්..... එහෙමයි කියල පිහිය විනාස කරන්න බෑනේ ... පිස්සෙක් අතට පිහිය නොදී සිහිකල්පනාව තියෙන එකෙක්ට දෙන්න ඕනේ.... උත් පිස්සු නටන්න පුළුවන් නිසා අවශ්‍යනම් කන්ට්‍රෝල් කරන්න ජනතාවට බලේ දෙන්න ඕනේ .... එකට තමා මන් මේ යෝජනාව කරේ ;)

    http://kingalawaka.blogspot.com/2016/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. මට දිග පිළිතුරු දෙන්න පුළුවන්..
      ඒත් කෙටියෙන් කියන්න තියෙන්නේ මේ වෙලාවේ කරන්න තියෙන ලොකුම බොරුව තමයි විධායක ක්‍රමයේ අහිතකර බලතල ඉවත් කිරීම කියන එක....
      විධායක ක්‍රමයේ අහිතකර බලතල නෙවෙයි ප්‍රශ්ණේ.. විධායක ක්‍රමයම තමයි ප්‍රශ්ණේ... පාක් කපන කතාව වෙනුවට ඔයා පෙන්වන්න බලන්න විධායක ක්‍රමයේ තියෙන වැදගත්කම..
      ඔයාට තියෙන්නේ විධායක ක්‍රමය වැදගත් කියලා විශ්වාසයක් විතරයි.. එහෙම නෙවෙයි පිළිගත හැකි තර්කයක් ඉදිරිපත් කරන්න වැදගත් වෙන්නේ ඇයි කියලා..

      Delete
  2. වචන ප්‍රශ්නයක්.

    විධායකට අහෝසි කළ නොහැක. එක ඵුද්ගලයෙකුට බලය මධ්‍යගත වෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැක. එය කළ හැක්කේ විධායක බලය වඩා පුළුල් කණ්ඩායමකට පැවරීමෙනි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...
      ආණ්ඩුව කියන්නේ විධායකය, ව්‍යවස්ථාව හා අධිකරණය..
      විධායකය අවශ්‍යයි.. ඒක තනි පුද්ගලයෙක් අතේ තියන්න ඕන කියන විශ්වාසය තමයි අපි පිළිනොගන්නේ..
      මෙතන විධායකය කියන වචනයෙන් අදහස් වුණේ මේ වෙද්දී තියෙන තනි පුද්ගල ක්‍රමය ගැනයි..
      ඒත් ඒ යෙදීමේ වැරැද්දක් තියෙන බව පිළිගන්නවා

      Delete
  3. කෙටියෙන් පැහැදිලි කරපු අනර්ඝ ලිපියක්. මාත් එකගයි..

    ReplyDelete
  4. යකෝ ලංකාවේ පත්තර නැත්නම් මේ උන්නැහේ මෙළෝ මඟුලක් නොදන්න තොත්ත බබෙක් නේ....

    ReplyDelete
  5. දේශපාලනය කියන්නෙ බලය එක්ක කරන සෙල්ලමක්.. ඒක ඇතුලෙ කවුරුවත් විශ්වාස නෑ. ඒ නිසයි ආයතන හා යාන්ත්‍රණ නිර්මාණය කරන්නේ.. හොඳ කෙනෙක් අතට විධායක ජනාධිපති ධුරය යෑමේ පැතුම අතිශය ආගමිකයිනෙ.. පට්ට ප්‍රජාතන්ත්‍රවාදීන්ට පවා මේ ආගමික ලැදියාවන් පත්තියම් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  6. උඩුවෝ,

    විදායක ජනාධිපති ඉස්සලත් දැනුත් කරන්නේ රගපෑමක් පමණයි එය අගමැති වුනත් එකයි අමතිමන්ඩලයක් කලත් එකයි

    //ටීබීට අනුව හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විවේචන වලට ඇහුම්කන් දුන් නිසාය.//

    මෙරටේ මිනිසුන්ව ඇන්දවීමට කරන උප්පරවැට්ටියක් පමණයි. මේක මහින්දත් කලා, මතකද මර්වින් සිල්වා ගේ ඇමතිකම අයින්කලා.
    රටේ ජනාධිපති කමට ඔයකියන ස්වාදීන සමාජය අකමැති රට අස්තාවර කිරීමට පහසු නිසා George Soros ගේ open society foundation වැනි ආයතන මගින් කරන්නේ මෙයයි.

    එහෙම නැතුව ඒකාධිපති කම අගමැති ක්‍රමය තුලත් සිදුවෙනවා 1970 ත 1977 කාලයේ මැතිනිය ක්‍රියා කලෙත් මේ ලෙස තමයි.
    අඩුගානේ දැන් ජනාධිපති කම නිසා රට යම් පාලනයකට නතු කලහැකියි, සිතන්න මෙවැනි පාර්ලිමේන්තුවක ජනාධිපති නොසිටියානම් සිදුවන තත්වය
    පසුගිය කාලයේ දැනට ගන්නා ලද තීරණ වත් ගත්තේ ජනාධිපති බලය නිසයි.

    ReplyDelete
    Replies
    1. //එහෙම නැතුව ඒකාධිපති කම අගමැති ක්‍රමය තුලත් සිදුවෙනවා 1970 ත 1977 කාලයේ මැතිනිය ක්‍රියා කලෙත් මේ ලෙස තමයි.//
      මම මේ කෑල්ල එනකන් හිටියේ බැට් කරන්න... මේක කුහකයෝයි ව්‍යවස්ථා ගැන ගැඹුරු දැනුමක් නැති අයයි ගේන තර්කයක්...
      පළවෙනි ජනරජ ව්‍යවස්ථාව ආපහු හදන්න කියලා නෙවෙයි අපි ඉල්ලන්නේ..
      ඒ ව්‍යවස්ථාව තුල ඒකාධිපති බලයක් ගොඩනඟාගන්න පුළුවන් තමයි... හැබැයි එතන ගැටලුව තිබුණේ අගමැති ක්‍රමය නෙවෙයි...
      72 දී පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවට ජාතික රාජ්‍ය සභාව කියලා එකක් හැදුවේ සමස්ථ බලය ඒකට පවරාගනිමින්!! 
      එතැනදී විධායක බලය විතරක් නෙවෙයි රාජ්‍ය සේවය හා අධිකරණ බලයත් පවරාගත්තා!! 
      පත්කිරීම් සියල්ල ජාතික රාජ්‍ය සභාව හරහා කළේ!! ඔවුන් උත්සාහ කළේ සමාජවාදී කොමියුනිස්ට්වාදී මූලධර්ම මිශ්‍ර වෙච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් ව්‍යවස්ථාව හදන්න...
      අනික ඒ ව්‍යවස්ථාවේ මානව හිමිකම් සඳහන් වුණත් ඒවා ආරක්ෂා කරන්න ක්‍රම තිබුනේ නැහැ.
      ඉතින් දැන් අපි ඉල්ලන්නේ එහෙම එකක් නෙවෙයි ස්වාධීන අධිකරණ සේවය හා රාජ්‍ය සේවයකටත් පොලීසියකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කෙරෙන පසුබිමක්.. මැතිවරණ කොමිසමක් තියෙන තත්වයක්..
      එහෙම එකක් ඇතුලේ වුණත් කාට හෝ ඒකාධිපති තත්වයකට යා හැකියි කියලා තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක ව්‍යවස්ථාවෙන් හදලා දෙන තත්වයක් නෙවෙයි!! 
      විධායක ක්‍රමය හරහා ව්‍යවස්ථාව විසින්ම ඉල්ලනවා ඒකාධිපති තත්වයක්..

      Delete
  7. ඔබ ගෙන ආ තර්ක පෙන්වන්නේ ඔයා කුහක නැත්නම් තව ටිකක් මේ ගැන අධ්‍යනය කළ යුතුයි කියලා විතරයි... අගමැති ක්‍රමය කිව්වාම ලෝකයේ හැම එකක්ම එකක් නෙවෙයි.. 72 ව්‍යවස්ථාව යළි ගේන්න කියලා කවුුරුත් කියලා නැහැ...
    ඔබ කීව අනිත් දේවල් හුදු විශ්වාසයන් මිස තර්ක විදියට සලකන්න බැහැ.. ඒකයි මම තර්කයක් යැයි පෙනෙන කරුණට පමණක් පිළිතුරු දුන්නේ... බොරුවට ඔබේ කාලයත් මගේ කාලයත් වැය නොකර පිළිතුරු දෙනවානම් තර්ක වලින් උත්තර දෙන්න...

    ReplyDelete
  8. // සිතන්න ජනාධිපති නොසිටියානම් සිදුවන තත්වය//
    //පසුගිය කාලයේ දැනට ගන්නා ලද තීරණ වත් ගත්තේ ජනාධිපති බලය නිසයි.//
    කියන විශ්වාස ( තර්ක නෙවෙයි ) දෙකට උත්තර දෙන්න පුළුවන්... ජනාධිපති නොහිටියානම් සිදුවන තත්වය ගැන කල්පනා කරන්න කලින් ජනාධිපති ඉඳලා මේ වෙච්ච දේවල් ටික අපට පේනවා.. හිතන දේට වඩා ඇහැටම පේන දේ ගැන කල්පනා කරන්න...
    පහුගිය කාලයේ තීරණ ගත්තේ ජනාධිපති ක්‍රමය නිසා ලු!! හරියට හරි! හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන එක! !අගවිනිසුරුව බලෙන් ගෙදර යවන එක !! අල්ලස් විදියට ඇමතිකම් දෙන එක!! රටේ හමුදාව තමන්ගේ පක්කලි වැඩ කරන කුලී හමුදාවක් කරගන්න එක!! තව ගොඩාක් දේවල්.........................

    ReplyDelete
  9. උඩුවෝ,

    //පහුගිය කාලයේ තීරණ ගත්තේ ජනාධිපති ක්‍රමය නිසා ලු!! හරියට හරි! හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන එක! !අගවිනිසුරුව බලෙන් ගෙදර යවන එක !! අල්ලස් විදියට ඇමතිකම් දෙන එක!! රටේ හමුදාව තමන්ගේ පක්කලි වැඩ කරන කුලී හමුදාවක් කරගන්න එක!! තව ගොඩාක් දේවල්.........................//

    ඔබට එකක් අමතක උනා වසර 30ක කාලකන්නි යුද්ධය අවසන් වීම, මේක අමතක වීම අර කුහක කතාවට අදාලද මන්ද

    //හිතන දේට වඩා ඇහැටම පේන දේ ගැන කල්පනා කරන්න.//

    තවම හරියට අයවැය ඉදිරිපත් කිරීමට බැරිවී තිබෙනවා, අයවැයෙන් පනවන බදු ඉවත්වෙනවා, ජනාධිපති ගේ බලය නැත්නම් මේක පිස්සන් කොටුවක්

    17ත් වන සංශොදනය ප්‍රතික්ෂේප වීමට හේතුවක් තමයි ඇත්ත ලෝකය පාලනය කිරීමට නොහැකිවීම.
    දෙරණ නාලිකාවේ "අලුත් පාර්ලිමේන්තුව " බලන්න https://www.youtube.com/watch?v=0bu8bl2Fub0
    මෙහිදී අපුරු දෙයක් ඉස්මතු වුනා මිට ටික කලකට පෙර http://rasikalogy.blogspot.com/2015/10/sadist-behaviour-of-sri-lankan-police.html
    සිද්ධිය ඔබට මතක ඇතයි සිතමි. පොලිස් කොමිසම මෙයට සම්න්බන්ධ නිලදාරියා වැරදිකරු කල විට අද සිදු වී ඇත්තේ කුමක්ද අදාළ නිලදාරියා තම විනයබාර නිලදරියා මාර්ගයෙන් නැවත සේවයේ පිහිටවිමයි.

    ඔය කොමේසම් වලින් සිදුවී ඇත්තේ නිකම් විශාල වියදමකුත් නිලදාරිවාදයකුත් පමණයි. අපි නොදන්නා කුහක කම !!!

    ReplyDelete
    Replies
    1. //30ක කාලකන්නි යුද්ධය අවසන් වීම//
      දරුවෝ ඕක පටන්ගත්තෙත් විධායක ක්‍රමය තියෙන කාලෙකම තමා

      Delete
    2. //තවම හරියට අයවැය ඉදිරිපත් කිරීමට බැරිවී තිබෙනවා, අයවැයෙන් පනවන බදු ඉවත්වෙනවා, ජනාධිපති ගේ බලය නැත්නම් මේක පිස්සන් කොටුවක්//
      පහුගිය කාලයේ අයවැය හොඳයි කියල හිතනවද?
      පේන විදියට ඔයා මහින්දවාදියෙක් නේ...
      මහින්දවාදීන් ඉහළින් වනන බටහිර ගැති නොවුණා කියන කොල්වින් ඇන්ඇම්ගේ අයවැය ඉදිරිපත් වුණේ අගමැති ක්‍රමය තියෙද්දී

      Delete