Wednesday, February 03, 2016

ලංකාවටම ජාතික ගීයක්... සැබෑ නිදහසක්

මේ සියල්ලන්ටම සතුටු විය හැකි අවස්ථාවකි. ඓතිහාසික අවස්ථාවකි. ජාතික ගීය භාෂා දෙකෙන් ගැයූ පළියට සංහිඳියාව බිහි වන්නේ නැත. එහෙත් මෙය ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් පණිවුඩයකි.



ජාතික ගීය දෙමළෙන් ගැයීම අලූතෙන් ගෙන ආ නීතියක් හෝ අලූත් යෝජනාවක් නොවේ. එය යුද්ධය හේතුවෙන් අභියෝගයට ලක්වුණු නමුත් ලංකාවට ජාතික ගීයක් ලැබුණු කාලයේ පටන්ම තිබුණු එමෙන්ම වත්මනෙහි ක්‍‍්‍රියාත්මක වන දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් නීත්‍යනුකූලව පිළිගත් සම්ප‍්‍රදායකි. වත්මන් ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවෙහි භාෂා පිළිබඳව සඳහන් වන සිව්වෙනි පරිච්ෙඡ්දයෙහි ලංකාවේ ජාතික භාෂා ලෙස සිංහල සහ දෙමළ භාෂා පිළිගෙන තිබේ. රටක ජාතික ගීය ගැයෙන්නේ ජාතික භාෂාවෙනි. ව්‍යවස්ථාවේ සිව්වෙනි පරිච්ෙඡ්දයෙන්ම පිළිගන්නා ආකාරයට ලංකාවේ ව්‍යවස්ථා සහ අණපනත්වල දෙමළ පිටපත් තිබෙන අතර ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියෙහි ශ‍්‍රී ලංකා ජාතික ගීය පිළිබඳව සඳහන්ව තිබේ. තුන්වැනි උපලේඛනයෙහි ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය සඳහන්ව ඇත. දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සිංහල පිටපතෙන් ජාතික ගීය ලෙස සිංහලෙන්ිශ‍්‍රී ලංකා මාතා අප ශ‍්‍රී ලංකා’ යනුවෙන් ජාතික ගීය සඳහන් වන අතර එහි දෙමළ පිටපතෙහි එම සංගීතයට අදාළ එම ජාතික ගීයම දෙමළ භාෂාවට පරිවර්තනය වී සඳහන් වන අතරිශ‍්‍රී ලංකා තායේ’ යනුවෙන් එම පරිවර්තනය ආරම්භ වේ.


ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනය සලකා බලන අයකුට මෙම ව්‍යවස්ථාවේ අවුල ලිහාගත හැකිවනු ඇත. ජාතික ගීයේ පදමාලාව එකමය. සංගීතය එකමය. ගායනා කරන විට දැනෙන හැඟීමද එකමය. එක් ජාතියකට පමණක් අවබෝධ වන ජාතික ගීයක් කුමකටද? ජාතික ගීයක් ගයන්නේ කාගේ හෝ සංගීත රසඥතාව පිනවන්නට නොවේ. ජාතික අභිමානය ඇති කරන්නටය. අභිමානය ඇතිවන්නට නම් අර්ථය අවබෝධ විය යුතුය.

ඉන්දියාවට සැමදා බැනවදින්නෝ ජාතිකවාදීහුය. ඔවුහු ජාතික ගීය රාජ්‍ය භාෂා දෙකෙන්ම ගැයීමට විරුද්ධ වෙති. එහෙත් කිසිදිනක ඉන්දියානු ෆෙඩරල් ක්‍‍්‍රමයෙන් ආදර්ශ ගන්නට යෝජනා කළහොත් ඉන්දියාවේ තියෙන එක නෙවෙයි අපට ගැළපෙන දේ කළයුතුයැයි ඔවුහු පවසන්නෝය. කන්නට   ඕනෑ විට කබරගොයාත් තලගොයා ය.

භාෂා විශාල ප‍්‍රමාණයක් තිබෙන ඉන්දියාවේ ජාතික ගීය රබීන්ද්‍රනාත් තාගෝර් මහතා විසින් ලියා ඇත්තේ සුළුතර භාෂාවක් වන බෙංගාලි භාෂාවෙන්ය. ලංකාවට දෙමළ ජාතික ගීයක් තිබුණහොත් සිංහල ජාතිවාදීන් කුමක් කියනු ඇතිද? අනෙක් අතට ඉන්දියාවේ භාවිත වන අනෙක් භාෂා විශාල ප‍්‍රමාණයකටද ජාතික ගීය පරිවර්තනය කොට ඇති අතර ව්‍යවස්ථාවෙන් පිළිගෙන නැති නමුත් ජාතික වශයෙන් වැදගත් නොවන අවස්ථාවලදී ජාතික ගීය තමන්ගේ භාෂාවෙන් ඉන්දියානුවන් විසින් ගායනා කරනු ලබයි.
ජාත්‍යන්තර උදාහරණ අවශ්‍ය නම් දකුණු අප‍්‍රිකාවේ ජාතික ගීය භාෂා පහකින් ගයන බවත් කැනඩාව, නවසීලන්තය, කැමරුන්, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය, පින්ලන්තය, කෙන්යාව, ෆීජී ඇතුළු රටවල් විශාල ප‍්‍රමාණයක් ජාතික ගීය එකකට වැඩි භාෂා ගණනකින් ගයන බවත් පෙන්විය හැකිය. දකුණු අප‍්‍රිකාවේ ජාතික ගීය භාෂා පහකින් ගයන්නේ ය.

1951දී ආනන්ද සමරකෝන් මහතා ලියූ වත්මන් ජාතික ගීය භාවිත කිරීම ඇරඹුණු අතර එම කාලයේදීම එම්. නල්ලතම්බි නමැති ශ‍්‍රී ලාංකිකයා විසින් එම ජාතික ගීය දමිළ භාෂාවට පරිවර්තනය කර තිබුණේ සිංහල කතා කරන පුරවැසියෙක් ජාතික ගීය ගයද්දී දැනෙන හැඟීම දෙමළ පුරවැසියෙක්ටද ඇතිවනු පිණිසය. සමරකෝන් මහතාගේ ජාතික ගීය ඇතිවන්නට පෙර සිටම ලංකාවේ මුල් නිදහස් උත්සව කිහිපයේදීම ජාතික ගීය භාෂා දෙකෙන්ම ගැයීමට කටයුතු කර තිබුණි. යුද්ධය හේතුවෙන් ලංකාවේ දෙමළ ජනතාව තුළ පසුකාලීනව භාවිත නොවුණද ජාතික ගීය දෙමළ පෙළපොත්වල පවා තිබුණි. කුඩා ළමයින් අවබෝධයද සමඟ ජාතික ගීය ගැයීය. එහෙත් සිංහල අන්තවාදයේ ප‍්‍රතිඵල ලෙස දෙමළ ජනතාව ශ‍්‍රී ලාංකික ජාතික රාජ්‍යයක් වෙනුවට දෙමළ ඊළාම් රාජ්‍යයක් ගැන කල්පනා කළෝය. ලංකාවේ ජාතික ගීය වෙනුවට ඊළාම් ගීය ගැයූහ.



දැන් නැවතත් ඒ මිනිසුන්ට ශ‍්‍රී ලාංකික ජාතික ගීය ගැයීමට අවස්ථාව දිය යුතුය. නොදන්නා සිංහලෙන් නොව දන්නා දෙමළෙන් ගැයීමට අවස්ථාව දිය යුතුය. ජාතික නිදහස් දිනය රූපවාහිනියෙන් නරඹමින් අභිමානයෙන් ජාතික ගීය ගැයීමට ඉඩදිය යුතුය. මෙය ජාතික ගී දෙකක් ගැයීමක් හෝ වෙනත් තැන්වල සිදු නොකෙරෙන විහිළුවක් යැයි සිතන ළිං මැඩි ජාතිවාදීන්ට කිවයුත්තේ ජාතික ගී දෙකක් නොව ජාතික ගීය රාජ්‍ය භාෂා දෙකෙන්ම ගැයීමක් පමණක් බවත් මෙය අලූත් දෙයක් නොව ලංකාවේද ලෝකයේද මීට පෙර සිදුවූවක් බවත් ය.

27 comments:

  1. ඒ උනාට දැන් ගොම්මන්පිලයා මෛත්‍රිපාලට දෝසාබියෝගේ ගේනවා.. ඊට පස්සේ මෛත්‍රිපාල ඒකෙන් පරදිනවා... රනිල් ජනාධිපති වෙනවා.. වියවස්තාවට අනුව එහෙමනේ.. ඕන් එතකොට ගොම්මන්පිල නෙමෙයි ඔක්කෝම ඉල්ලගෙන කනවා...

    ReplyDelete
    Replies
    1. ගොං මං පිලයට නම දාපු මනුස්සයව ජනාධිපතිකරන්න ඕන. ඒ වගෙ නමක් දැම්මට.

      Delete
  2. වැඩිදෙනෙක් තේරුම නොදැන පාලියෙන් ගාථා කිය කියන අය, ජාතික ගීය වැනි දෙයක් කියනකොට ඒකේ තේරුම ගැන හැඟීමක් එන්න ඕන කියන එක තේරෙන්නෙ නැහැ. ජාතික ගීයත් විකුණගෙන රට කන්න හිතන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. මා ලියූ කවි පන්තියකින් එක කවියක්.

      බසින් පාලි අපි පන්සිල් පද කියමු
      සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
      කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
      පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

      කවි පන්තියම මෙතැනින් කියවන්න.
      http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2526

      Delete
  3. සිංහ ලේ (තිරිසන් ලේ) තියන අයගේ බුද්දිය තියන්නේ ගුදයේ.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  4. ඇත්තටම ඉතාමත් වටිනා ලියවිල්ලක් සහො,
    කොහොමත් ගම්මන්පිලලා වගේ කිසිම දේශපාලන පදනමක් නැති මිනිස්සුන්ට ජාතිවාදේ කියන්නේ හොද අවියක්,

    ReplyDelete
  5. ජාතික ගීය ජාතික කොඩිය කියන ඒවත් මට නම් අදාල සංකල්ප නෙවෙයි. නමුත් ඒකකයක් ලෙස රටේ ජනතාව ට පොදු අනන්‍යතාවයක් මෙන්ම ප්‍රශ්න වලදී සියළුදෙනා එක්ව සෙසු ලෝකය ඉදිරියේ ක්‍රියාකිරීමත් වැදගත්.අන්න එතනදි ඔය මොකක් හෝ තියෙන්නත් ඕන තමයි.
    ජාතික ගීය දෙමලෙන් ගයන එකට දක්වන විරෝධය පුදුමයි. හරිනම් ඒකට කැමතිවෙන්න ඕන ජාතිකවාදීන්. මොකද වෙනම රටක් ඉල්ලන අය සටන් කලේ ජාතික ගීය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින්. දෙමලෙන් ඒක කියනව කියන්නෙ එකම රටකට එනව කියන එකනෙ.
    අන්න ඕමල්පේ නැතිව ඔපේ මනුස්සයත් ඒකට මොකක්ද කියල. මේ හැම එකාම නූල සූත්තරකාරයො.

    ReplyDelete
    Replies
    1. ඕමල්පේ සෝභිත අර ඇඹිලිපිටියේ පොලීසියෙන් මරාදාපු කොල්ලගේ දැරිවිට කියලා තියෙන්නේ ගානක් අරගෙන මේක ගොඩින් බේර ගන්නය කියලා...

      බුද්ධාගමේ මොන සූත්තරේද දන්නේ නෑ එහෙම තියෙන්නේ...

      Delete
  6. මා දරණ මතයත් මෙයමයි උඩුවා.. සීයෙ හිඟන්නා කියන කතා අහනකොට ඕකගෙ කටට රෙ** හිතෙනව අම්මප... ඔවුන් තමයි නැති ජාතිවාද අවුලුවන්නෙ.. කොරන්න පුලුවන් මගුලකුත් නෑ.. ඔහොම කොට්ථාශයක් ඉන්නව බල්ලො රැළේ යනකොට.. අර මොකුත් කරගන්න බැරුව ඈතට වෙලා බොරුවට උඩුබුරබුර ඉන්න බල්ලොත් ඔය සීයෙ හිඟන්නගෙ ජාතියෙම තමා...

    ReplyDelete
    Replies
    1. සීයෙ හිඟන්න!!!
      මරු මරු

      Delete
    2. බල්ලාගේ කතාව නම් සහතික ඇත්ත...මූ කොරන්නේ ඒකමයි ..

      Delete
    3. හොරෙක්ට වඩා හිඟන්නෙක් වෙන එක හොඳ නැද්ද? හෙල උරුමේ රොඩියට නම් හොඳ වැඩේ

      Delete
    4. ඕස්ට්‍රේලියන් කාරයෙක් අල්ලාගෙන කොම්පැණියක් දාල පස්සේ ඌව පන්නල හොරෙක් සහ වංචා කාරයෙක් වෙලා, ඊටත් පස්සේ සීය සීය හිඟා කාල හිඟන්නෙක් වෙලා දැන් යන එනමං නැති අපතයෙක් වෙලා තාමත් හොරුන්ට ආවඩන ගමන් දේවාල ගානේ පොල් ගගහ යන මලයාලම් රොඩියෙක් වෙච්ච එකෙක් මූ...

      Delete
  7. ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිපලය හොඳටම දන්නා අපි, ආයෙමත් වැටෙන්න යන්නේ ඒ වලටමයි. අගක් මුලක් නැති දේශපාලුවන්ට එකම අත්වැල ජාතිවාදය විතරයි.

    ReplyDelete
  8. //භාෂා විශාල ප‍්‍රමාණයක් තිබෙන ඉන්දියාවේ ජාතික ගීය රබීන්ද්‍රනාත් තාගෝර් මහතා විසින් ලියා ඇත්තේ සුළුතර භාෂාවක් වන බෙංගාලි භාෂාවෙන්ය. ලංකාවට දෙමළ ජාතික ගීයක් තිබුණහොත් සිංහල ජාතිවාදීන් කුමක් කියනු ඇතිද?//

    බෙංගාලි කියන්නේ රබීන්ද්‍රනාත් ඨකූරයන්ගේ මව් බස. අනෙක බෙංගාලියේ මිනිස්සු ඉන්දියාව බෙදල වෙනම කෑල්ලක් ඉල්ලුවේ නැහැ.

    ඉන්දීය ජාතික ගීයේ පද රචනා කොට ඇති බෙංගාලි බස තදින්ම සංස්කෘතකරණයට ලක් වූ භාෂාවක්. අනෙක ඉන්දීය ජාතික ගීය සහමුළින්ම වාගේ ලියැවී ඇත්තේ නාම පදවලින්. එම නාම පද ඇතැම් අවස්ථාවලදී ක්‍රියා පද ලෙසත් සැළකිල්ලට ගැනෙනවා. අනෙක ඉන්දියාවේ සියලුම භාෂාවන්ගේ උපතට සංස්කෘත භාෂාව මුල්වී ඇති බැවින් ඉන්දීය ජාතික ගීයේ පද සියලුම පාහේ භාෂාවන්වල භාවිත වන පදයි. තවත් ආකාරයකින් කීවොත් එහි පද සඳහා යොදා ගත් චවන සියලුම භාෂාවල තිබෙනවා. (සිංහලෙන් සහ දෙමළෙන් ‛අම්මා’ කියා එකම අර්ථයකින් හැඳින්වීම වගේ. නමුත් අපට එවැනි පොදු තත්වයක් නැහැ.) මේ නිසා ඉන්දීය ජාතික ගීය ඉන්දියාවේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්.

    මේ නිසා //ලංකාවට දෙමළ ජාතික ගීයක් තිබුණහොත් සිංහල ජාතිවාදීන් කුමක් කියනු ඇතිද?// කියන කාවේ අර්ථයක් නැහැ. ඒ වාක්‍යය තමා තුළ ඇති ද්‍රවිඩ විමුක්ති අරගලය යැයි කියන ව්‍යාපාරයට ඇති කැමැත්ත නිසා ලියැවූවක් මිස අන් කිසිවක් නොවෙයි.

    ReplyDelete
  9. බොහොම හෝදන ලිපියක් උඩුවා . මම 18 සන්නියේ ලිපය හා ඉයන් ගේ ලිපිය දැම්මා . මේක දැනුයි දැක්කේ. දෙමලෙන් ජාතික ගියෙන් අපි තවත් එක්වෙනවා මිස වෙන් වන්නේ නැහැ. ඊළම් වාදීන් මේ ජාතික ගියාට විරුද්ධයි.

    ReplyDelete
  10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අන්දමට එහි සිංහල දෙමළ ඉංග්‍රීසි පරිවර්තනවල අර්ථ අතර ගැටුමක් ඇතිවිට සිංහල පිටපතේ ඇති පිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි. මෙතනදී සිංහල සහ ඉංග්‍රීසි පිටපත් වල සිංහල ජාතික ගීය ඇති අතර දෙමළ පිටපතේ පමණක් දෙමළ ගීය අඩංගුයි එමනිසා ඉහත කරුණ එතනට වලංගුයි.
    මෙතනදී වඩා වැදගත් වන්නේ ඒක නෙමෙයි.
    ජාතික ගීය දෙමලෙන් ගැයිය යුතුයැයි කියන අය එසේ කියන්නේ බෙදීමක් ඇතිකර ගැනීමට බව මතක තබාගත යුතුයි. නැතුව බාශාව නොතේරීම නෙමෙයි. මෙවැනි තත්වයකදී රටට ආදරේ ඇති නායකයන් කල යුත්තේ මෙම තත්වය කලමනාකරනය කිරීමයි. මෙයට ඇති එක විසඳුමක් නම් සිංහල හෝ දෙමළ නොවන වෙනත් ස්වදේශීය බසක් යොදා ගැනීම (එනම් වැදි බස). එසේ නැතිනම් ජාතික ගීය තනිකරම දෙමළ බසින්ම ගැයීමට අවස්ථාව ඇතිකර ඒ වෙනුවට සිංහල පමණක් ජාතික බාශාවක් කිරීම. මෙතනදී සිංගප්පූරුවෙන් ආදර්ශ ගතහැකියි. එහි ජාතික කොඩියට ස්ලාමීය සංකේත අඩංගු කර ඇතුලත් කර ඇත එසේම ජාතික ගීය මැලේ හැබැයි මැලේ මුස්ලිම් වරුන්ට දී ඇත්තේ එපමණයි.
    අපි දෙන්නම එකම පාසලට ගිය අය ඒ නිසාම පාසලෙන් උදාහරණයක් ගන්නම් අපේ ඉස්කෝලේ දෙමළ සහ සිංහල ළමුන් එකට වැඩකරනකොට පාවිච්චි කලේ සිංහල බාශාව ඒකෙන් කාටවත් අවනම්බුවක් වුනේ නෑ. දෙමළ ජාතිවාදියාට අවශ්‍ය දෙමළු දෙමලෙනුත් සිංහලයින් සිංහලෙනුත් ඔවුන් දෙපිරිස එකට සිටින විට ඉංග්‍රීසියෙනුත් කතා කරන තත්වයක් ඇතිකිරීමට සහ පවත්වා ගැනීමටයි. අපේ පාසලේ මෙතෙක් කලකට දෙමළ ළමයෙක්ට සිංහල ජාතික ගීය ගැටළුවක් වුනේ නෑ මේ වගේ වැඩ නිසා ඉදිරියේදී නැති ප්‍රශ්ණ ඇතිවිය හැකියි.
    ඔයාට සහ සුනිල් මාධවට එකම රෝගය තිබෙන නමුත් සුනිල් මාධවට ‍ලෙඩේට අමතරව කොමියුනිස්ට් හැදියාවත් තිබුනා ඒ නිසා පිස්සු ඩබල් වුනා. ඔයාට හැදියාවේ නම් අවුලක් නැති නිසා ඔය ලෙඩේ හොඳකරගන්න පුලුවන්

    ReplyDelete
  11. ජාතික ගීය භාෂා දෙකෙන් ගායනා කිරීම අපි ලද විශේෂ ජයග්‍රහණයක්. රටේ සංහිඳියාව ගොඩ නැගීම එක පාර සිදු කරන්න බෑ.. ඒකට කාලයක් ගත වේවි.හැබැයි ගොංමන් පිලලා ඉන්නකන් ඒ කාලේ තවත් වැඩි වේවි.......

    ReplyDelete
  12. ජනමාද්‍ය වේදියෙක් හැටියට ඔයාට කරනවානම් කරන්න වැඩක් කියන්නම්.
    ජාතික ගීය දෙමලෙන් ගැයීමට විරුද්ධ දෙමළ අය අතර සිටින සුළුතරයේ මතය ඉදිරියට දමන්න. හැම දෙමළාම කොටියෙක් නෙමෙයි වගේම හැම දෙමළම දෙමළ ජාතික ගීයකට කැමතිත් නෑ.

    ReplyDelete
    Replies
    1. ජගත් මහත්මයා .... මම හිතන්නෙ නෑ ජාතික ගීය දෙමලෙන් ගයනවට විරුද්ධ දෙමල මිනිස්සු ඉන්නව කියල..

      Delete
    2. මේ ගැන කුමාර් ගුණරත්නම්ගේ මතය මොකද්ද?

      Delete
    3. බිකිනි අඳින මුස්ලිම් ගෑණු ඉන්නව නම් දෙමළ ජාතික ගීයකට විරුද්ධ දෙමළු නෑ කියලා පූර්ව නිගමනයකට එන්න පුළුවන්ද? ඒ විදියට දෙමළු හැමෝම ඒකමතික නම් මට කියන්න තියෙන්නේ දෙමළු යනු හෝමෝ සේපියන් වරු නෙමෙයි කියලා.

      Delete
  13. දෙමළෙන් ජාතික ගීය කියද්දි කියන්නේ ‘එක මවකගේ දරු කැල ලෙසිනා‘ කියලානේ. අන්න ඒකට ගම්මන්පිලලා තරහරයි. ගම්මන්පිලලාට ඕන දෙමළ ජනතාව දෙමළ ඊලමක් ඉල්ලනවා බලන්නයි. එහෙම නැතිවුණොත් දෙමළ සිංහල දෙගොල්ලන්ම එකට ප්‍රශ්න නැතුව හටියොත් ගම්මන්පිලලා වගේ අන්තවාදීන්ට යන එන මං නෑ. බෙදුම්වාදියා ප්‍රභාකරන්ද? ගම්මන්පිලද? ත්‍රස්තවාදියා ප්‍රභාකරන්ද? ගම්මන්පිලද?

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල හිතන විදිය ඔයා දන්නේ කොහොමද?

      Delete
    2. gammanpilata kiyanne no1 jaathiwaadhiya.
      gammanpila hithana widiya thamai
      gammanpilage kriyaawen eliyata awith thiyanne,
      gammanpilata uwamanawee thibenne wimalwa paradha palamu thanata enna.

      Delete
  14. Uduwa, wadihariyak sinhala ayata demalen jaathika geeya gayanaa kireema prasnayak newei.
    jaathiwaadhin tikak thamai ooka allan drag alanine.
    etath wadaa jaathika geeya demalen gayanaa kireema ratata subawaadhi deyak,
    rata nobedhiya yuthui kiyana ayage jayaggrahanayak noweida, jaathika gee dekak thibunu rataka ekama jaathika geeya baasha dekenma gaayana kireema.

    ReplyDelete