Thursday, April 28, 2016

ෆෙඩරල්????????????

මේ වනවිට නැවතත් කොටි, ත්‍රස්තවාදීන් වැනි වචන සමඟ යන පුවත් දිවයින ඇතුළු ජාතිවාදී පත්තරවල ඉදිරියට එන්නට පටන් අරන්. ගෙවුණු සතියේ දිවයින පළමු පිටුවේ පළවූ මේ වර්ගයේ පුවත් ප්‍රමාණය විස්සකට ආසන්න වෙනවා. එම පුවත් ඒක පාර්ශ්වීයයි මෙන්ම සීයට අනූවක් පුවත් සොයා බැලීම්වලදී කෙප්ප බව හෙලිවෙනවා. දිවයින පාර්ශ්වීයව හා මාධ්‍ය සදාචාරය නොතකමින් ලියූ මෙවන් පුවතක් තමයි සම්බන්ධන් කිළිනොච්චියේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූවායැයි ආර්. සම්බන්ධන් පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව. ඒ පුවත පාවිච්චි කරමින් ඒකාබද්ධ විපක්ෂ නඩය බෙරිහන් දුන්නේ පුළුවන්නම් සම්බන්ධන්ව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියායි. ෆේස්බුක් නඩය හතුරෙක් හමුදා කඳවුරුවලට ඇතුළු වුණාක් මෙන් පරල වී තිබුණා. ආර් සම්බන්ධන් කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් කණ්ඩායමක් විසින් ඡන්දයෙන් පත් කරගත්ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා මිස කේතලයක් නෙවෙයි. කේතලයක් මෙන් අනුන් පාවිච්චි කරන විදියට හැසිරෙන්නත් දෙවැනි පන්තියේ විදියට ජීවත් වෙන්නත් අවශ්‍ය නැහැ. 




ඔවුන් කරන කියන දේවලට පහුගිය දිනවල ගෙන ආ විවේචන වලින් කරන්නේ සම්බන්ධන්ව පමණක් නොව ඔවුන්ට ඡන්දය දුන් මිනිසුන් කොට්ඨාශයම ප්‍රතික්ෂේප කිරීමයි. කිළිනොච්චිය හමුදා කඳවුරට සම්බන්ධන් බලෙන් ඇතුළු වී තිබුනේ නැහැ. ඔහු ඒ ප්‍රෙද්ශයේ නිරීක්ෂණය සඳහා ගමන් කරන විට හමුදා කඳවුර දෙසට ගිහින් තියෙනවා. ආරක්ෂක රථවලින් යද්දී හමුදා කඳවුරෙන් ගේට්ටුව හැර තියෙනවා. ඇතුලට ගොස් වාහනයෙන් බසින විට සම්බන්ධන් යැයි දැක හමුදා නිලධාරීන් ඔහු ඇතුලට පැමිණීම ගැන ප්‍රශ්ණ කර තියෙනවා. ඔහු කිසිවක් නොකියා ආපසු ඇවිත්. මේ ගැන මා එක්ක කතා කළ හිටපු ආණ්ඩුවේත් සිටි එක් ඇමතිවරයෙක් කීවේ තමන් නිතර හමුදා කඳවුරුවලට හිටිගමන් ගොස් තියෙන බව. එසේ යද්දී ගේට්ටු විවෘත කරන බවත් ඒ පුරුද්දට ගේට්ටු විවෘත කර තිබුණත් පැමිණියේ සම්බන්ධන් යැයි දැක මෙවර බැණවදින්නට ඇති බවත් ඔහු කියන්නේ. හැමවිටම මේ මිනිසුන්ව දෙවැනි පන්තියට දමා සැලකීම සිදුවෙලා තිබුණේ. 

මේ සිදුවීමෙන් පස්සේ සුමන්තිරන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීත් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ අහන්නේ ඉතාම අවිනීත ලෙසින් දෙමළ ජාතික සන්ධානය එක්ක වෛරයෙන් වගේ. මේ සිදුවීම්ම ප්‍රමාණවත් මේ මිනිසුන්ව දෙවැනි පන්තියට දමා කල්පනා කිරීමට බහුතර ජාතිය ප්‍රියකරන බව. බලතල බෙදිය යුතු බවට මීට වඩා සාධක මොනවාද?



සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මතවාදයත් පීඩිත දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටීම පමණක් නෙවෙයි මතවාදීව ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් කරන්නට නොහැකි වීමත් වගේ නොයෙක් කාරණා ගැන ටීඑන්ඒ ගැන මට විවේචන තියෙන බව ඇත්ත. ඒත් මට එක් කාරණයක් සම්බන්ධයෙන් මේ අය ගැන ගෞරවයක් තියෙනවා. බලන්න සුමන්තිරන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව... ඔහුව දෙකේ කොළයට දමමින් ඉතා නින්දිත ලෙස මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කරද්දී ඉවසීමෙන් කතා කරන ආකාරය. ඔහු විතරක් නෙවෙයි සම්බන්ධන් පවා ඉතා පරිණත විදියට ඉවසීමෙන් කතා කරනවා... හිරු ගොසිප් වෙබ් අඩවිය එක්ක ඔහු කරන ඉන්ටවීව් එකේදී පවා ඒක පේනවා. ඉවසීමෙන් කතා කරනවා කියන එකෙන් මම අදහස් කළේ නිවුණු ස්වරයෙන් හෙමින් කතා කරනවා කියන එක නෙවෙයි... ඇත්තටම මේ ජරා සැලකීම් ප්‍රමාණයෙන් බහුතර ජනවර්ගය තුළින් එද්දී සුළුතර ජනවර්ගයක් කොහොම ඉවසන්නද? ගෞරවය වෙනුවෙන් යුද්ධ කර මියයෑම යහපත් නෙවෙයිද? ඒත් සම්බන්ධන්ලා තාමත් එක රටක ජීවත් වෙන්න සූදානම්.... විපක්ෂ නායක ධූරය භාරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යය හා එහි ව්‍යවස්ථාව පිළිගන්න ඔවුන් සූදානම්... එක රටක ජීවත් වෙද්දී බහුජාතියේ  මාන්නය එක්ක ඔවුන්ගෙන් එන හිරිහැර වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය ව්‍යවස්ථා රාමුවකුයි ඔවුන් ඉල්ලන්නේ... (භාෂාව හැසිරවීමේ අපහසුව නොසලකන්න තරම් ඔබ දියුණුයි කියලා හිතනවා )



ෆෙඩරල් දෙනවා කියලා වචනයක් ව්‍යවහාර වෙනවා... ෆෙඩරල් දෙන්න ඒක හිඟන්නාට දෙන රුපියල් දහය වගේ එකක් නෙවෙයි... ෆෙඩරල් හෝ බලය බෙදීම කියන්නේ දෙමළ ජනතාව සිංහලයන්ගෙන් හිඟා කන දෙයක් නෙවෙයි... දෙමළ ජනතාවගේ මතය... ඒකට ගරු කරන්න බැරි පාහර ජාතියක් එක්ක කොහොමද එක රටක ජීවත් වෙන්නේ?????? 

ෆෙඩරල් නම ඇතිව හෝ නැතිව බලතල බෙදුණු ආණ්ඩුක්‍රමයක් කියන්නේ ජනතාවගේ ඉල්ලීමක්. ඒ වෙනස සුළුජාතීන්ට පමණක් නෙවෙයි දුර ඈත පළාත්වල සිටින බහුතර ජනවර්ගයට අයත් පුරවැසියන්ටත් හොඳයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන යෝජනා ඉදිරිපත් කරන මෙවන් මොහොතක ඕනෑම යෝජනාවක් කරන්නට අයිතිය ඕනෑම කෙනෙක්ට තියෙනවා. ආණ්ඩුවේ වගකීම ඒවා සලකා බැලීම. ඒත් ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා කියා තිබුණේ කිසිදා ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්නට කටයුතු නොකරන බවයි. ශ්‍රිලනිපය ෆෙඩරල් ගැන සාකච්ඡාවකටවත් සූදානම් නැහැලු. ආණ්ඩුවේ විවිධ ඇමතිවරුත් මේ අදහස ඇතිවන කතා කියා තිබුණා. එහෙනම් ව්‍යවස්ථාව ගැන ජනතා අදහස් විමසන්නේ මොකටද? ව්‍යවස්ථා වෙනසක් ගැන විවෘතව බලන්නේ නැද්ද? ෆෙඩරල් ගැන දන්නේ නැද්ද? ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් නිසාම යුද්ධ ඇතිවුණු හෝ බෙදීගිය රටවල් වලට උදාහරණ තියෙනවාද? මේ ෆෙඩරල් විරෝධී උඩුබුරලීම් වල පදනම මොකක්ද? ව්‍යවස්ථාවෙන් ජනවාර්ගික ගැටලුවට ස්ථීර විසඳුමක් දෙනවායැයි කීවේ බොරුවටද?

ෆෙඩරල් ගැන බොරු කතා කීවත් ෆෙඩරල් නිසා රටක් බෙදුණු බවට කොහේවත් උදාහරණයක් නැහැ.. ෆෙඩරල් නිසා නොබෙදී තිබුණු රටවල් ගැන තමයි උදාහරණ තියෙන්නේ. 

ෆෙඩරල් වලට එකඟ කෙනෙක් වුණත් නැති වුණත් දෙමළ ජනතාව නියෝජනය කරන අයගේ යෝජනාවක් ගැන කතා කරන්නවත් සිංහල ජනතාව නියෝජනය කරන දේශපාලඥයන් සූදානම් නැත්නම් ඒකෙ අදහස මොකක්ද? ඒකට ඇහුම්කන් දෙන්නවත් සූදානම් නැත්නම් එක රටක මේ ජාතීන් දෙකට ජීවත් වෙන්න පුළුවන්ද???? 

37 comments:

  1. තරිඳු අයියෙ ෆෙඩරල් කියන්නෙ මොකක්ද??

    ReplyDelete
    Replies
    1. අයිය කියන්ඩ එපා බං...
      ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවල බලතල බෙදීම සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද දෙකක් තියෙනවා...
      ඒකීය සහ සන්ධීය ෆෙඩරල් කියන්නෙත් සන්ධීය ආණ්ඩුක්‍රමය කියන එක... (මීට අමතරව සහ සන්ධීය අර්ධ සන්ධීය වගේ නම් තියෙනවා... )
      ඒකීය කියන වචනයේ තේරුම තනි රටක් කියන එක නෙවෙයි... ඒකීය හෝ සන්ධීය මොකක් කිව්වත් තේරුම තනි රටක් කියන එක තමයි....
      හැබැයි මේ වචනෙ මත බලතල බෙදීම රැදෙන්නෙ නැති බවත් කියන්න ඕන.. ඒකයි මම ලීවේ ෆෙඩරල් නම නැතිව හෝ ඇතිව බලතල බෙදීම කියලා..
      මහා බ්‍රිතාන්‍ය කියන්නේ ඒකීය රටක්... හැබැයි රග්බි වලදී මේ ඒකීය රට ඇතුලේ ජාතික ක්‍රීඩා කණ්ඩායම් තුනක් ඉන්න්වා... වේල්ස් එංගලන්ත හා ස්කොට්ලන්ත....
      ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව තිබුණත් බ්‍රිතාන්‍ය අගමැතිට ඕන වෙලාවක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බලය පවරාගන්න පුළුවන්...
      ඇමරිකාව කියන්නේ ෆෙඩරල් රටක්... ඉන්දියාව ෆෙඩරල් කියලත් හඳුන්වනවා.. ඒත් ඉන්දියානු ප්‍රාන්ත වල බලය විශේෂ ව්‍යවස්ථාමය සීමා ටිකකින් සංවරණය කරලා තියෙනවා

      Delete
    2. දෙමළ ජනතාව ෆෙඩරල් කියන වචනය ගෙනාවත් ඒ වචනයම එයාලට අවශ්‍ය නැහැ. බලතල තමයි අවශ්‍ය... ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ රටවල් වලත් වචන හරඹ වෙනුවට සැබෑ ලෙසම බලය බෙදලා තියෙනවා..
      ලෝකයේ සංවරණය හා තුලනය කියලා මූලධර්මයක් තියෙනවා..
      ඒ කියන්නේ කාට හරි යම් බලතලයක් දෙනවා... හැබැයි ඒ බලතලය අනිසි ලෙස පාවිච්චි කරන්න හැදුවොත් එයාව පාලනය කරන්න තවත් කෙනෙක්ට බලය දෙනවා..
      ඇමරිකාන ව්‍යවස්ථාවේ අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බලතල බෙදිලා තියෙන්නේ මේ මූලධර්මය ගුරුකොට තියාගනිමින්...
      අපට ලංකාවේ මධ්‍යම ආණ්ඩුව හා පළාත් අතර බලය බෙදනකොටත් මේ මූලධර්මය පාවිච්චි කරන්න පුළුවන්..
      විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව සංවරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්...

      Delete
    3. බොහොම ස්තූතියි...ගොඩක් කල් ඉදන් හොය හොය හිටියත් හොයා ගන්ඩ බැරි උනා...පොඩ්ඩක් විමසල බලන්ඩ ඕනෙ...ක්ෂනිකව තීරන වලට එන්ඩ හොද නෑනෙ බං...

      Delete
  2. // ෆෙඩරල් ගැන බොරු කතා කීවත් ෆෙඩරල් නිසා රටක් බෙදුණු බවට කොහේවත් උදාහරණයක් නැහැ.. ෆෙඩරල් නිසා නොබෙදී තිබුණු රටවල් ගැන තමයි උදාහරණ තියෙන්නේ. //

    Then : The Socialist Federal Republic of Yugoslavia

    Now: Slovenia, Croatia, Bosnia and Herzegovina, Serbia, Kosovo, Montenegro and Macedonia....

    U wanna more mate?

    ReplyDelete
    Replies
    1. Did you know that ,these countries were together under the dictatorship of Marshal Toto? Once he died Yugoslavia fall apart.

      Delete
    2. Toto is a brand name of a residential and commercial plumbing products.

      Perhaps you may be speaking of Josip Broz Tito, or generally known as Marshal Tito of Yugoslavia.

      Delete
    3. ඇයි සෝවියට් රුසියාව...
      බෙදී ගියපු ෆෙඩරල් රටවල් තියෙනවා..
      මං කියලා තියෙන්නේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමය නිසා බෙදී ගියපු රටවල් මොනවාද කියලා..

      Delete
    4. Sa rasa,

      I advice you to do your homework first, and then comment.

      Let me correct you.

      Then: Kingdom of Serbia (1882-1918), Kingdom of Croatia-Slavonia (1868-1918), Kingdom of Montenegro (1852-1918), Bosnia and Herzegovina -> Colony of Austro-Hungary (1878-1918), Macedonia -> Colony of Ottoman Empire (1450-1912), Macedonia -> Colony of Bulgaria (1915-1918)

      After: State of Slovenes, Croats and Serbs (1918), Kingdom of Serbia (1918)

      Later: Kingdom of Serbs, Croats and Slovenes (1918-1945)

      Much later: Socialist Federal Republic of Yugoslavia (1945-1992)

      Now: Serbia, Slovenia, Croatia, Montenegro, Bosnia & Herzegovina, Macedonia, [Back to square one; the same countries as before 1918]

      Please note that Kosovo is a disputed territory, not a recognized country.

      Delete
    5. සෝවියට් දේශය යනු රුසියාව විසින් අසල්වැසි රටවල් යටත් කොට ගෙන, ඒවා කොමියුනිස්ට්වාදය නමැති දම්වැලෙන් සිර කොට, බලහත්කාරයෙන් පාලනය ගෙන ගිය කෘත්‍රිම රටක්. එම රටවල් නැවත තමුන්ගේ ස්වාධිපත්‍යය දිනා ගැනීම කවදා හෝ සිදු විය යුතුව තිබුණක්. ඉතින් එය තමා 1991 දී සිදු වුණේ.

      සාරසගේ මිම්මෙන් බැලූ විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බෙදී වෙන් වී ගියෙත් "ෆෙඩෙරල්" නිසා යැයි කිව හැකි යි. මන්ද, ලාංකිකයන්ට 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් තම කටයුතු කරගෙන යාමට බලතල ලැබුණු බැවිනි.

      Delete
    6. 1945 ත් 1992 ත් අතර පැවති යුගොස්ලාවියානු සමාජවාදී සමූහාණ්ඩුව වෙන් වී 1918 ට පෙර තිබුණු රටවල් බවටම නැවත පත් වුණේ පරිපාලන දුර්වලකම් සහ සර්බියානු ජාතිකවාදයේ නැඟීම හේතුවෙන්. එරටට එක් නායකයෙක් හිටියේ නැහැ. තිබුණේ නායකත්ව මණ්ඩලයක්. මාෂල් ටිටෝ ජීවත්ව සිටින තුරු ඔහු ඒ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා සහ රටේ නායකයා ලෙස කටයුතු කළා. 1980 දී සිදු වූ ඔහුගේ මරණයෙන් පසු යුගොස්ලාවියාවේ ජනාධිපති ධුරය අහෝසි වී නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා රටේ නායකයා බවට පත් වුණා. හැබැයි අවුරුද්දක කාලයකට පමණයි. ඒ අනුව, 1980 සිට 1992 තෙක් යුගොස්ලාවියාව නායකයන් 14 දෙනෙක් විසින් පාලනය කෙරුණා. ඒ හේතුවෙන් රටේ පරිපාලනය දුර්වල වුණා. ඊට අමතරව 1989 දී සිදු වූ යුරෝපීය සමාජවාදයේ කඩා වැටීම සහ වෙනත් අර්බුද නිසා ඇති වූ ආර්ථික ගැටළුත් හේතු වුණා. 1987 සිට රටේ ක්‍රියාත්මක වූ සර්බියානු අධිකාරීවාදය නිසා ස්ලොවේනියාව, ක්රොඑෂියාව සහ බොස්නියාවේ ජන කොටස් තව දුරටත් සර්බියානුවන් සමඟ එකට සිටීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ කාරණාව විශේෂයෙන් ම යුගොස්ලාවියාවේ වෙන් වීමට හේතු වුණා.

      ඉතින් 1992 දී සිදු වූයේ 1918 දී යුගොස්ලාවියාව නිර්මාණය කිරීමට එක් වූ රටවල් නැවත ස්වාධීන වීම යි. වෙනත් වචනවලින් කියනවා නම් රටවල් 6 ක් එකතු වී නිර්මාණය කරගත් යුගොස්ලාවියාව නමැති තනි රට වසර 74 කට පසු නැවත කලින් තිබුණු තත්ත්වයට යාමයි.

      එහෙත් යුගොස්ලාවියාව යනු වසර 3 ක් තිස්සේ යුද්ධයක් පැවති රටක්. යුද්ධය පැවතුණේ ක්‍රොඒෂියාව සහ බොස්නියාව යන රටවල් දෙකේ (1992-1995) මෙන් ම පසුව (1998-1999) කොසොවෝ නමැති ප්‍රදේශයේ යි.

      ක්‍රොඒෂියාව සහ බොස්නියාව යන රටවල් දෙකේ යුද්ධය ඇති වීමට හේතුව ඒ රටවල ජීවත් වූ සර්බියානුවන් තම අධිකාරිය පිහිටු වීමට තැත් කිරීමයි. කොසොවෝ යුද්ධයට හේතුව එහි ජීවත් වන ඇල්බේනියානු ජාතිකයින් ස්වාධීන වීමට උත්සාහ දැරීමයි.

      Delete
  3. ජාතීන් අනුව රටවල් බෙදන එක තමයි අන්තිම පහත් ක්‍රියාව. ඊළඟට ආගම් අනුව. ඊට පස්සෙ කුල අනුව. බෙදෙන්නෙ නැතිව සමාජ සමානතාවෙන් ජීවත් වෙන්න නේද පියවර ගන්න ඕනේ.
    හැම ජාතියක්ම, ආගමක්ම කර උඩ තියාගන්නා අවස්ථාවාදී දේශපාලන නඩේ ජනතාව ගොනාට අන්දවමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනව කියලයි මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. දේශපාලඥයන් දෙන්නේ සමාජය ඉල්ලන දේ තමයි

      Delete
    2. ලංකාවේ උගත් යැයි සම්මත පිරිස් ඉල්ලන්නේත් කලකෝලාහලවලින් පිරුණු ලංකාවක්....

      Delete
  4. අයියෝ සිරි ලංකාව.. මේක අපේ රටේ මනුස්සකම ගැන පිළිබඳ ප්‍රශ්නයක්... කොහේ කොතැන උනත් තව කෙනෙක්ව පහළට දාන්න විදියක් තමයි හොයන්නෙ... ආගම,කුලය, ජාතිය, පෙනුම මොනවා හරි හේතුවක් හොයාගන්නවා. ආදරණීය සමාජයක් හදන එක තමයි අභියෛා්ගය..

    ReplyDelete
    Replies
    1. දේශපාලනයේදී ආගම බැහැර කරන්න ඕන

      Delete
  5. දෙමල ජනතාවට පහත් ලෙස සැලකිය යුතුයි. මන්ද උන් "දෙමල" ජනතාව නිසා. දෙමළ ජනතාව, ජනතාව බවට පත් වීමට සූදානම් නම් සමානාත්මතාවයෙන් සැකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මෙතරම් වෛරයක්?

      Delete
    2. සිංහල ජනතාව පවතිනකම් දෙමළ ජනතාව පවතීවි....
      සිංහල ජනතාව ජනතාව වෙන්න සූදානම්ද?

      Delete
  6. ෆෙඩරල් ගැන ලියන්න හිතං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. සංවේදී මාතෘකාවක් නිසා කල්පනාවෙන් ලියන්න

      Delete
  7. තමන්ගේ ජාතියට ගරුකරලා කතා කරන්න දන්නේ නැති නපුන්සකයෙක් වෙන ජාතියකට කඩේ යනකොට පුකෙනුත් හිනා යනවා ඕයි

    ReplyDelete
    Replies
    1. Manushyathwaya, sadharanaya, yukthiya gena kiyanakota, jathiya anathure watenawada?

      Delete
    2. උඩුවට දෙමළ ජාතිවාදී යාළුවො සෙට් එකක් ඉන්නවා. උන් මූට පුකේ අරිනවා . ඊට පස්සේ මූ අපිට පුක පෙන්වනවා. මේ ලිපියේ වගේම මෙයාගේ අනිත් ලිපි වලත් තියෙන සමහර අදහස් දෙ‍මළ ජාති වාදියන්ගෙන් කටපාඩම් කල අදහස් බව පැහැදිලියි. ඒ වගේම රචනා ශෛලියත් දෙමළ වගේ.
      බලන්න මේ වචන.
      // බහුජාතියේ මාන්නය එක්ක ඔවුන්ගෙන් එන හිරිහැර වලින් ආරක්ෂා ...
      මෙව්ව‍ා දෙමලෙක්ගෙන් ඉගෙනගත් වචන බව පැහැදිලියි.

      Delete
  8. උඩුවා@ මෙතන සිංහල දෙමල දෙපාර්ශ්වයේම වැරදි තියෙනවා.සම්බන්දන් සහ විග්නේශ්වරන් අතරේ හොඳම දෙමළා වීමේ තරඟයක් ඇති බව පැහැදිලිව පෙනෙනවා.හමුදා කඳවුරට ඇතුල්වීමේ සිදුවීම සම්බන්දයෙන් හමුදාවට ලොකු ප්‍රශ්නයක් ඇතිවූ බවක් පෙනෙන්නට නැහැ.මේ සිදුවීම දකුණේ ඇතැම් දේශපාලකයන් සහ ජඩමාද්‍ය වලින් තමයි පෝෂණය කලේ....උතුරේ දේශපාලකයන් ෆෙඩරල් පෙන්වමින් තම ජනතාව රැවටීමක් කරන්නේ,දැනට තිබෙන බලතල වලින් වුවත් සැහෙන සේවාවක් කරන්න බැරි නැහැනේ.

    ReplyDelete
    Replies
    1. විග්නේශ්වරන් කරන්නේ මහින්දලාගේ ඩීල් එකක්... මේ වෙලාවේ ගිනිතියන්න එයාලට ඕන

      Delete
  9. මෙන්න උඹේ ලෙඩේම තියෙන තව එකෙක්.
    http://www.dailymail.co.uk/news/article-2411152/Lucy-Vallender-Former-male-TA-soldier-UKs-transgender-Muslim-woman-MARRIED.html

    උඹත් අහවල් විපර්යාසයක් කරගෙන දෙමළ පිරිමියෙක් එක්ක විවාහ වෙයන්. ඒකට සල්ලි දෙන්න පුළුවන්.

    ReplyDelete
  10. අවස්ථාවාදී දේශපාලකයන්ට සහ බල්ලෝ මරල වුවත් සල්ලි හොයන වර්ගයේ මාධ්‍යවලට ජාතිය, ආගම වගේම මේවගේ සිදුවීම් බොහොම රසවත් මාතෘකා.

    ReplyDelete
  11. ලංකාවේ විපක්ෂ නායකතුමා හමුදා කඳවුරකට ඇතුළුවීම 'නිව්ස්' එකක් වුනේ උහු දෙමල වීම නිසාද? නැත්නම් අඬන්න බලන් ඉන්න ඇස් තියෙන අය නිසාද?

    ReplyDelete
  12. වැඩි කල් නොගිහින් මාධ්‍යවේදියෙක් කාගෙන් හරි කනවා... ආන් එතකන් මම මේ බලාගෙන ඉන්නේ... මාධ්‍යකාරයෝ අති බහුතරය මහින්දගේ බටයෝ... වෙන කියන්න දෙයක් නෑ.. එකෙකුටවත් ඔය වගේ මහින්දව ප්‍රශ්ණ කරන්න පුළුවන්ද අදවත්...

    ReplyDelete
  13. සාමාන්‍යයෙන් හමුදා කඳවුරකට ඇතුල්වීමේදි පිලිගන්නා ක්‍රමවේදයක් තියෙනවාද? සම්බන්දන් ඇතුල්වී තියෙන්නේ ඒ ක්‍රම්වේදයෙන් බැහැරවද? එය එසේ නම් ඒ වරද සිදුවී ඇත්තේ කිනම් පාර්ශවයෙන්ද?

    ReplyDelete
    Replies
    1. සම්බන්ධන් ඒ සිදුවීම පැහැදිලි කළා

      Delete