මම කොටුවෙ ඇවිදිනවා.. ඒ අතරෙ මැසේජ් එකක් ආවේ ඉන්ග්ලන්ඩ් මැච් එක දිනල කියල.
ලී කරත්තයක් තල්ලු කරගෙන යන අයිය කෙනෙක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් ඇඳගෙන යනව. හොඳට බැලුවම ඒක පරන ටීෂර්ට් එකක්.
කොටුවේ ක්‍රිකට් ටීෂර්ට් ගොඩක් යනව එනවා මට පෙනුනා. හැබැයි ඒ අතර අළුත්ම ඒවා තිබුණේ ටී20 වර්ල්ඩ්කප් කාලේ වගේ ඒවා.
ක්‍රිකට් කියන්නෙ ලංකාවේ කල්චර් එකක් බව අමුතුවෙන් කියන්න
දෙයක් නෑ. පන්තියේ ගුරුවරු නැති වෙලාවෙ වන්බම්ප් ගැහිල්ලෙ ඉඳන් බිග්මැච්
දක්වා පාසැල් ඇතුලටත්, ගමේ සල්ලි ඔට්ටුවට කොල්ලො ගහන මැච් වලටත්, ෆ්‍රස්ට්
ක්ලාස් වලටත් ක්‍රිකට් පිස්සුව දුවද්දි ක්‍රිකට් ඇසුරින් සාහිත්‍යයක්
හැදෙද්දි ක්‍රිකට් මැච් බැලිල්ලත් ඔය පිස්සුවෙ තියෙනව.