දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි.........



ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා...  "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා."

ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද කියලා... 

කට්ට කන්නේ ගම්වලින් හමුදාවට බැඳුන සිංහල තරුණයන් සහ දෙමළ තරුණයන්.


සිංහලකරණය කියන්නේ උතුරේ ජනතාව කාලයක ඉඳන් මුහුණදෙන ප්‍රශ්ණයක්. මතක තියාගන්න ඕන සිංහලකරණය කියන ප්‍රශ්ණය කියන්නේ ඇත්තටම ප්‍රශ්ණයකට වඩා තේරුම් ගැනීමේ අවුලක්. අවබෝධය නැතිවීමක්. 

දකුනේ ඉඳන් යාපනයට සිංදු කියමින් ට්‍රිප් එකක් ගිහින් යුද්ධයේ සමරු බලන මිනිසුන් දිහා උතුරේ මිනිස්සුන්ට බලන්න වෙන්නේ කොහොමද කියන එක ගත්තොත්.... ඒ මිනිස්සුන්ට දැනෙන්නේ තමන්ව පරාජය කරලා ඒකේ සමරු බලනවා වගේ හැඟීමක්. අනික් අතට යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ප්‍රමාණය වැඩි කිරීම වගේ පියවරක් හිතාමතා තම වර්ගයාගේ අධ්‍යාපනය සීමා කරන්න ගන්න පියවරක් විදියට දකින්න පුලුවන්. සමහර විට ඒ වගේ පියවරක් කවුරුහරි ගන්නේ ළමයින් මිශ්‍ර වෙලා සංහිඳියාව වැඩි කරන්න වගේ හැඟීමකින් වෙන්න පුළුවන්. එන්න එකට හුස්ම ගන්න කියලා සිංහල අකුරු දෙමළ වගේ ගහගෙන යාපනයට යද්දී සංහිඳියාව කියලා කෙනෙක්ට හිතෙද්දී තව කෙනෙක්ට වෙනස් විදියකට හිතෙන්න පුළුවන්...... 

ඒ නිසා සිංහලකරණය කියන්නේ චේතනාන්විතව දෙමළ අයව මර්ධනය කරන්න සිංහල අයට තියෙන හැඟීමක් ප්‍රථිඵලයක් විදියට නෙවෙයි, ඊට එහා ගිහින් මේ වර්ග දෙක අතර අනවබෝධයේ ප්‍රථිඵලයක් විදියටයි දකින්න ඕන. සිංහල ළමයින් උඩරට නැටුම් ගේන්න යන්නේ තමන්ගේ හැකියාවන් ඔප් නංවන්න වගේ සීන් එකකට වෙන්න පුළුවන්... ඒත් දෙමළ අයට ඒක පේන්නේ වෙන විදියකට වෙන්න පුළුවන්.... කොහොම වුණත් සිද්ධවුණේ මොකක්ද කියන එකත්, එතැනින් එහාට ගිහින් කවුද හරි කියන එකත් ඕන තරම් අය කතාකලානේ. ඒකනේ මෙතැන තියෙන ප්‍රශ්ණේ...... 

මට කියන්න ඕන උඩින් කිව්ව කතාව. මේක තනි සිද්ධියක් නෙවෙයි.... අවුරුදු හැත්තෑවක විතර කාලයක් තිස්සේ ගලාගෙන ආපු ප්‍රශ්ණයක ප්‍රථිඵලයක්.... 

මේ සිද්ධියේදි විතරක් නෙවෙයි පොදුවේ මේ වගේ සිද්ධි වලදී මාධ්‍ය හැසිරෙන්නේ කොහොමද? 

නාවක්කුලි වල සිංහල ගම්මානයක් කියලා එකක් හැදුවේ හාමුදුරු කල්ලියක මැදිහත් වීමෙන්. එහේ ටික දවසක් ඉඳලා මම තේරුම් ගත්තා නාවක්කුලියේ සිංහල මිනිස්සු එහේ බහුතරය වන දෙමළ අය ගැන හිතන්නේ කොහොමද කියලා. අනික පෙනුනු දෙය තමයි ගොඩක් අය එහේ ස්ථීරව පදිංචි වෙලා නැහැ. ඒ අයට දකුණේ ගෙවල් තියෙනවා. මොකක්හරි ආධාරයක් එන වෙලාවට ගිහින් නැවතිලා ඒ ආධාර ගන්නවා. පොඩි ගෙවල් වැඩිදියුණු නොකර තියාගෙන ඉන්නවා. ඉතින් මෙහේ මාධ්‍යවල යනවා නාවක්කුලියේ සිංහල මිනිස්සු දුක්විඳිනවා කියලා. ඉතින් මෙහේ ඉන්න අයියලාගේ සිංහ ලේ උණු වෙනවා.

වව්නියාවේ බෝගස්වැව අවුරුදු දෙදාහකට වඩා පරණ රක්ෂිතයක නාමල් රාජපක්ෂගේ ඍජු මැදිහත්වීමෙන් ගම්මාන පහක් ඉදිකරලා තිබුණා. ඒ සිංහල සංයුතිය වව්නියාවේ වැඩි කරන්න. ඒ ගම්මානවල මිනිස්සු කැලෑවක් අස්සේ අපමණ දුක් විඳිනවා. මාධ්‍යවල කට්ටිය රිෂාද් බදියුදීන් විල්පත්තුව කපනවා කියලා නැහෙන්න හැදුවාට කවුරුත් නාමල් බෝගස්වැව කපන එක ගැන ලීවේ නැහැ. ඒත් දෙමළ පැත්තක සිංහල අය දුක්විඳිනවා කියලා ලිව්වා. සිංහ ලේ උණු වෙනවා.

මතක තියාගත යුත්ත දෙමළ මිනිස්සු කැරලි ගැහුවෙ අයිඑස් සංවිධානය වගේ ආගමික අන්තවාදයකින් නෙවෙයි. ලේ පිපාසාවකින් නෙවෙයි ඒ මිනිස්සු කැරළි ගැහුවේ. තමන්ට ගහනකොට ඔවුන් දුන්න උත්තරයයි මේ කැරැල්ල. ඉතින් මේ වගේ සුළු සිද්ධි හරියට පාලනය කර නොගෙන ගෝත්‍රිකයෝ වෙන්න ගියොත් ආයෙමත් ඒ වගේ කැරැල්ලක් ඇතිවෙන එක නවත්තන්න බෑ. ඒත් බුද්ධිමත්ව කටයුතු කලොත් මේ වගේ කැරළි ආයෙමත් වෙන එකක් නැහැ.

දෙජාස කියන්නේ දේශපාලකයන් ඉන්න පක්ෂයක්. මම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නව නෙවෙයි. ඒත් සම්බන්ධන් සහ විග්නේෂ්වරන් දෙන්නාම මා එක්ක කි දේ වෙනම රටක් හැදීම මේ ප්‍රශ්නවලට උත්තරයක් නෙවෙයි කියන එක.

චාවකච්චේරි බෝම්බ සිද්ධිය, විද්‍යා ඝාතනයට දෙමළ ජනතාව ප්‍රතිචාර දක්වපු විදිය, සෙන්තුරන් සියදිවි නසාගැනීම සහ ජිනීවා සිදුවීම් වගේ දේවල් අල්ලගෙන කොටි නැඟිටිනවා කියන එක උලුප්පන්න සූදානම් වෙන අය ඉන්න බව ඇත්ත. ඒ අයට චෝදනා කිරීමට වඩා තියෙන ප්‍රශ්ණය ඒකට විරුද්ධ වෙන අයගෙන් හරි ප්‍රතිචාරයක් තියෙනවාද කියන එක.

ජනාධිපති, අගමැති ඇතුලු දේශපාලනඥයන් දවසකට කතා කීයක් කරනවාද? මාධ්‍ය වල නොවැදගත් දේවල් වලට කොච්චර අවධානය යොමු කරනවාද? ඒත් සංහිඳියාව වගේ දෙයක් වෙනුවෙන් මාධ්‍යවලින් ඉඩක් වෙන් කරනවාද?

වැට් වැඩි කරද්දී ඒක ගැන පැහැදිළි කරන්න පත්තර පිටු ගණන් ඇඩ් දාන ආණ්ඩුව, තීරුබදු රහිත වාහන ගත්තේ ඇයි කියලා දිගට පැහැදිළි කරන ආණ්ඩුව මාධ්‍ය හරහා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයක් ගැන කතාකරනවාද?

මාධ්‍ය කතාකරනවාද?

කන්කසන්තුරේ වල යුද්ධය අවසාන වුණේ අවුරුදු විසිපහකට විතර කලින්. එහේ ඉඩම් නිදහස් කළේ ගිය අවුරුද්දේ. එතකොට අවුරුදු විසිපහක් තිස්සේ යුද්ධෙන් සමතලා වුණ ඒ ඉඩම් හෝ ගෙවල් වෙනුවෙන් සිංහල මාධ්‍ය කතාකළාද? ගිහින් බලලා ලිපියක් ලීවාද? ආණ්ඩුවට ඒ ඉඩම් මිනිස්සුන්ට දෙන්න කියලා පීඩනයක් එල්ල වුණේ නැහැ. දෙමළ මාධ්‍ය වලින් කරන වාර්තා ආණ්ඩුවට පීඩනයක් නෙවෙයි. ඒ නිසාමයි ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සිංහල ආණ්ඩුවක්ය කියලා කියන්න පුළුවන්. සාලාව ගෙවල් යටවෙලා සති දෙකක් යද්දී ඒ ගෙවල් හදන්න කියලා ආණ්ඩුවට කොච්චර ලොකු පීඩනයක් එල්ල වුණාද?
මේ වගේ සිදුවීම් වලදී සිංහල අය සිංහල පැත්තෙනුත් දෙමල අය දෙමල පැත්තෙනුත් වාර්තා කරනවා හැර වෙන කිසිදෙයක් වෙන්නේ නැහැ.

ඒ පැතිවල ඒ වගේ ප්‍රශ්ණ ගොඩක් තියෙනවා ඒවා පරිපාලනය කරගන්න එයාලාටම ඉඩ දෙන්න කියලයි එයාලා ඉල්ලන්නේ.

යුධ අපරාධ සිද්ධ වුණාද කියලා බලන්න අපි කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ගුවනින් ජිනීවා යන්නේ ඇයි? කැල්ලම් මැක්රේ හොයාගෙන යන්නේ ඇයි??



අපට (මාධ්‍ය වලට) බැරි ඇයි කිලෝමීටර් දෙසීයක් තුන්සීයක් ගිහින් දෙමළ මිනිස්සුන්ගෙන් අහන්න වුණේ මොනවද කියලා. ඒ අය ඕනතරම් කියයි උඩින් වැටුණු ෂෙල් වලින් මැරුණු අවුරුදු හතේ දරුවන් ගැන. මම ඕනෑතරම් අහලා තියෙනවා බරපතල මානව හිමිකම් කඩකිරීම් ගැන කතා. යුධ අපරාධ ගැන කතා. මං හොඳටම දන්නවා ඒවා වෙලා තියෙන බව. ඒත් ඇයි අපි එහෙම නොවුණා වගේ රඟපාන්නේ. හමුදාව අන්තිම අහිංසක වගේ පෙන්වන්න දඟලන්නේ.... සිංහල මාධ්‍යයක් ඒ පැත්තෙන් බලලා එක ලිපියක් පළකරලා තියෙනවාද? ආණ්ඩුව ඒ ගැන සත්‍යය පිළිගනිමින් කතාකරලා තියෙනවාද?

මෙහෙම වෙද්දී මොන සංහිඳියාවක්ද? හොඳට විකුණගෙන කන්නනං පුළුවන් සංහිඳියාව කියන සංකල්පය......

12 comments:

  1. //යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ප්‍රමාණය වැඩි කිරීම වගේ පියවරක් හිතාමතා තම වර්ගයාගේ අධ්‍යාපනය සීමා කරන්න ගන්න පියවරක් විදියට දකින්න පුලුවන්//
    මෙක වෙන්නේ කොහොමද ? විශ්ව විද්‍යාලය වලට අතුලත් කරගන්නෙ ජාතික පදනම අනුව නොවේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, එකනේ පහුගිය කාලේත් යාපනය, මඩකලපුව, අග්නිදිග වගේ එවායේ සිංහල බහුතරයක් හිටියෙ.

      Delete
    2. නිකං ගොන් කතා කියන්න එපා බං.ඒ කාලේ සිංහල එවුන් ඒ කැම්පස් වලට ඇප්ලයි කලෙත් නැහැ. සමහර ඇප්ලයි කරපු එවුන් ලැබුනත් ගියෙත් නැහැ. නමුත් වෙනත් ජාතිකයන්ට ලංකාවේ ඕනෑම කැම්පස් එකකට එන්න කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඒ නිසා දැන් වැඩියෙන් (කුමන්ත්‍රණ මගින් )සිංහල එවුන් එහෙ යවනවා කියන එක අමු බොරුවක්.

      Delete
  2. හොඳට විකුණගෙන කන්නනං පුළුවන් සංහිඳියාව කියන සංකල්පය......///// ++++

    ReplyDelete
  3. උඩුවා@ඔබ මේ සිදුවීම සාධාරණී කරන්නයි උත්සාහ කරන්නේ.....මෙම සිදුවීම තුල ඇත්තේද බහුතරය විසින් සුළුතරය යටපත් කිරීම නොවේද?.ඔබ විසින් ප්‍රකාශ කරන දෙමල අරගලය ඇතිවීමට එක හේතුවක් වන්නේත් එයම නොවේද?....

    ReplyDelete
  4. I think something or all things are wrong. our govt. politicians tells manthra reconciliation to get some dollars from the west. the opposition tells govt. is selling to tigers and muslims. Among uni students , there is cultural intolerance even among singhalese. are we in the pre-83 years once again.

    ReplyDelete
  5. දෙමළ මාධ්‍යවේදීන් මේ ගැන ලියපු ලිපි පරිවර්තනය වෙලා නැද්ද ?

    ReplyDelete
  6. උබේ තවත් සාර්ථක දෙපැත්ත බැලන්ස් කරල ලියපු එකක්. ඇත්ත ඕක තමයි බන්. දැන් ඉතින් රෙද්ද උස්සන් අනිත් එවුන් ගේ හොඳ හොඳ නන්දන වින්දන ටිකක් මෙතන බලාගන්න පුළුවන්. 👊😂

    ReplyDelete
  7. උතුරු නැගෙනහිර පලාත්වල යුදහමුදා කඳවුරු මුලින්ම පිහිටෙව්වේ ලංකාවට නිදහස ලැබෙන්නත් කලින්. දැනට තිබෙන ත්‍රිවිධ හමුදා කඳවුරු වලට කුමක් කලයුතුදැයි ඔබ සිතන්නේද?

    ReplyDelete
  8. මල්ලි මම මේ ගැන වැඩිය මොකුත් කියන්නේ නෑ.
    උඹ ඔය ලියන්නේ කුලියට නෙමෙයි නම්.උඹට සිරාවටම මානසික රෝගයක්.
    උඹ මේ කරන්නේ බලුබෙට්ටක් අයිසිං කරනවා වගේ දෙයක්
    ඔයවගේ ලිපි රාවය පත්තරේට ලියපං. බ්ලොග් වල ලියන්න එපා.
    උඹේ ඔය තර්කයට අනුව ඥානසාර හාමුදුරුවොත් නිර්දෝශයි.

    ඒ වගේම බාලචන්ද්‍රන්ගේ පින්තූරෙ දැම්මා ඇති දැන් මේක දාපං
    http://sinhala.asianmirror.lk/media/k2/items/cache/1f13df953a2cc43b4f26a9b1d670b0e7_L.jpg

    ReplyDelete
    Replies
    1. ඒවගේම මල්ලි මේ පතිරණ පිස්සා පාරේදී හම්බ වුනොත් උගේ හොම්බටත් දෙකක් ඇනපන්

      Delete

Search This Blog