Friday, September 30, 2016

රාවය තරුණ ඔබව අගයනු ඇත

රාවයට අවුරුදු තිහක් පිරෙන්න නියමිතයි. අසූ ගණන්වල ලංකාවේ දේශපාලනය තරුණ කැරැල්ලක් එක්ක උණුසුම් වෙලා තිබුණු මොහොතක රාවය පටන්ගත් බවයි අපට අහන්න කියවන්න ලැබිලා තියෙන්නේ. යුද්ධයක් එක්ක උණුසුම් වෙමින් පැවති මොහොතක රාවය ගලාගෙන ගියා.


Thursday, September 08, 2016

එන්න රතුපස්වල කවිය කියවන්න....

මේ පොත් තොග ගණන් එළියට එන මාසය... 

කවි පොත්ද නවකථාද පරිවර්ථනද ගී පද රචනාද එකී නොකී නොයෙක් විදියේ පොත් එළියට එනවා.

ඒ ගොඩක් පොත් එළිදක්වන්න උත්සව සංවිධානය කරනවා..... ගොඩක්ම ස්වතන්ත්‍ර සාහිත්‍යමය පොත්. වැඩියෙන්ම කවි පොත්... 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් පොතක් එළිදැක්වීමේ වැඩක් සංවිධානය කරනවා.


ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල කියන්නෙ කවි පොතක් නෙවෙයි. ඉතින් අපි මේ ආරාධනාව කරන්නේ කවි පොත් එලිදැක්වීමකට නෙවෙයි. හැබැයි රතුපස්වල කියන්නේම කවියක්.

Tuesday, September 06, 2016

නපුංසක බලු ගෑණු වැඩ කරන්න එපා ඕයි

බ්ලොග් අඩවියේ හිට්ස් සංඛ්‍යාව  ලක්ෂය ඉක්මවූවා. 

ටික දවසක් තිස්සේ බ්ලොග් ලියන්න වගේම කියවන්නත් මට බැරිවුණා. විජය නන්දසිරි ගැන ලියපු සටහනට ගල් සහ මල් ආවාට පස්සේ. මායා ගැන පෝස්ට් එක දාන්න දවසකට දෙකකට කලින් තමයි බ්ලොගක් කියවන්න කියලා බ්ලොග් අවකාශයට ආවේ. ඒත් එතැන ජරා වලක් බවට පත්ව තිබුණ හින්දා පෝස්ට් එකක් දාන්න අපුලක් ඇතිවුණා. ඒ නිසා නිකම් ඉඳපු මම ෆෝන් එකෙන් ලියපු මායා ගැන සටහන බ්ලොග් අඩවියට එකතු කළා. ඒක බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව ලක්ෂය දක්වා ගෙනගියා.

මම හිතාගෙන හිටියා හෙමින් හෙමින් ගමන් කරපු බ්ලොග් අඩවිය ලක්ෂය පිරෙන මොහොතේ සටහනක් ලියන්න. බ්ලොග් අඩවියේ අතහිත දුන් අයට ස්තූතියක් කරලා බ්ලොග් අඩවිය පටන්ගන්න හේතුවත් බ්ලොග්කරණයේදී මම හුරුවෙලා තිබුණ විදියත් ටිකක් පැහැදිළි කරන්න. කොහොමහරි පවතින වාතාවරණයේ සීන් එකත් එක්ක මට හිතුණා පොදු වැසිකිලයක් අරින්න. මාතලන්ගේ අර්ථකථනය අනුව. (මේකෙ කොහොමත් ටොයිලට් යන්න ගොඩක් අය එන එකක් නැහැ. මොකද මම වෙන ටොයිලට් වලට ගියත් මුත්‍රා පාරක් ඇර වෙන දේවල් කරනවා අඩු හින්දා)

Saturday, September 03, 2016

මායා බලල රංජන්ට විසිල් ගහන්න යං



මායා ඇමතියාගෙ ගෝලයන්ට නෙලද්දි හෝල් එකේ පිටිපස්සෙන් විසිල් සද්දයක් ඇහෙන්න ගත්ත. ලංකාවෙ හෝල් වල සෑහෙන්න ෆිල්ම් බලපු මට ඒ වගේ ඔරිජිනල් විසිල් ඇහුණෙ පළවෙනි වතාවට.
ඒ විසිල් රන්ජන්ගෙ රඟපෑමට වෙන්න ඕන.