Thursday, September 08, 2016

එන්න රතුපස්වල කවිය කියවන්න....

මේ පොත් තොග ගණන් එළියට එන මාසය... 

කවි පොත්ද නවකථාද පරිවර්ථනද ගී පද රචනාද එකී නොකී නොයෙක් විදියේ පොත් එළියට එනවා.

ඒ ගොඩක් පොත් එළිදක්වන්න උත්සව සංවිධානය කරනවා..... ගොඩක්ම ස්වතන්ත්‍ර සාහිත්‍යමය පොත්. වැඩියෙන්ම කවි පොත්... 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් පොතක් එළිදැක්වීමේ වැඩක් සංවිධානය කරනවා.


ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල කියන්නෙ කවි පොතක් නෙවෙයි. ඉතින් අපි මේ ආරාධනාව කරන්නේ කවි පොත් එලිදැක්වීමකට නෙවෙයි. හැබැයි රතුපස්වල කියන්නේම කවියක්.


සැප්තැම්බර් 13 වැනිදා අඟහරුවාදා හවස 3ට කොළඹ මහජන පුස්තකාලයේදී තමයි මේ කවිය ගැන ලියපු පොත එළියට එන්නේ. 

ජයග්‍රාහීව අවසන් වුණ රතුපස්වල අරගලය ගැන කතාකරන්නට රතුපස්වල මිනිස්සු එතැනට එනවා. ඒ වගේම මේ වෙනකොට තමන්ගේ ජීවිත වගේම රක්ෂිතයක් බේරාගන්නට සටනකට මුලපුරලා තියෙන  රිලාගලයායේ මිනිස්සු එතැනට එනවා. 

සරත් විජේසූරිය, වික්ටර් අයිවන්, රවීන්ද්‍ර කාරියවසම්, රතුපස්වල ජනතාව සහ රිලාගලයායේ ජනතාව කතාකරද්දී අජිත් කුමාරසිරි ගී ගයනවා... 

රතුපස්වල සහ රිලාගලයායේ මිනිසුන් එදාට එකට හමුවෙනවා. ජයග්‍රාහී අරගලයක් හා ජයග්‍රහණය කරන්න නියමිත අරගලයක් කරන මිනිසුන් හමුවෙනවා.

මාතර රිලාගලින් අරගෙන ආපු ඔරිජිනල් හැලපයක් කාලා ප්ලේන්ටියක් බීලා ජයගත්ත ජන අරගලයක් ගැන කතාකරන්න පුළුවන්. ඉදිරි අරගල ජයගන්න හැටි ගැන සාකච්ඡා කරන්න පුළුවන්.

රතුපස්වල අත්දැකීම පොතක් විදියට එළියට එන්නේ ඉදිරියේ ජනතාවත් එක්ක සටන් කරන ඕනම කෙනෙක්ට මේ සටනේ අඩුපාඩු සහ ප්‍රබලතා ගැන තේරුම් ගන්නයි. 

අනෙක් අතට රතුපස්වල අරගලයේ නොපෙණුනු පැති ගැනත් පොතේ කතාකරනවා. ගෝඨාභයගේ මැදිහත්වීම. සාක්ෂි හංගපු හැටි. මෛත්‍රි කර ඇරපු හැටි. මාධ්‍ය මර්ධනය කරපු හැටි, අපි සංවිධානයක් විදියට මේ වැඩේට මැදිහත් වුණ හැටි වගේම පොලීසිය, රජයේ ආයතන මිනිස්සුන්ට අසාධාරණ විදියට සලකපු හැටි පොතේ සටහන් වෙනවා.

එදාට අපි එක්ක ජනඅරගල ගැන කතාකරන්න සරත් විජේසූරිය සහ වික්ටර් අයිවන් එනවා. පරිසරය සංවර්ධනය එක්ක සටන් ගෙනියන හැටි ගැන රවීන්ද්‍ර කාරියවසම් කතාකරනවා. අපිත් තම තම නැණ පමණින් අදහස් දක්වනවා.

එදාට එන්න. කවිපොතක් තරම් සුමුදු නැහැ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම. 



ඉතින් ඒ අමාරු වැඩේ කරපු රතුපස්වල සුරේෂ් වගේ මිනිස්සු, ජෝසෆ් ස්ටාලින්, ලසන්ත රුහුණගේ වගේ මිනිස්සු, පොත ලියපු මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වගේ මිනිස්සු ගැන කතාකරන්න එදාට සෙට් වෙමු.


5 comments:

  1. ලංකාවට පැමිණි දිනක පිටපතක් ගන්නම්!
    ජයවේවා.

    ReplyDelete
  2. රතු පස් රතු පස්
    රුධිරයෙන් නෑවී ගිය
    රතු පස්වල රතු පස්

    ReplyDelete
  3. පොත ලබා ගණන් ක්‍රමයකුත් දැම්ම නම් හොඳයි

    ReplyDelete
  4. එන්න විදහක් නැතත් පොතක් ගන්න ක්‍රමයක් කියන්න .
    උබ කෙමෙන්ට් වලට සම්මානයක් දෙමු කියලා යෝජනා කරලා තිබුණා තමයි...එකට මගේ බොක්කෙන් එන මෙව්වා ඒක

    ReplyDelete
  5. රතුපස් වල විතරද පස් රතු...

    ReplyDelete