හැබැයි මට ඔය එකක්වත් එච්චරම වැදගත් නෑ. වෘත්තියට අයිති කෑලි නිසා ඒවා ගැන හෙව්වත් උණ ගැණිලා තියෙන්නේ ඒවා ගැන නෙවෙයි. ධනුෂ්ගේ අළුත් චිත්‍රපටිය ගැන.
චිත්‍රපටිය බලපු ගමන් ඒ ගැන ලිව්වා. ආපු දවසට පස්සෙ දවසේම චිත්‍රපටිය බැලුවා. හැබැයි ඒක පලකරගන්න බැරිවුණා. පහතින් තියෙන්නේ ඒ ගැන කලින් ලියපු සටහනක්....
![]() |
ධනුෂ් ද්විත්ව රංගනයක |
දිවාලි ආරම්භ වන්නේ තමිල්නාඩු සිනමාව මත අකුණු දෙකක් පතිත කරවමිනි. වසරේ වැඩිපුරම කතාබහට ලක්වන චිත්‍රපට දෙකක් එකම දිනයේ තිරගත වීම ආරම්භ විය. තමිල්නාඩු සිනමාවේ මේ වසරේ මායාව වන කබාලි චිත්‍රපටියට පමණක් මේ චිත්‍රපටි දෙක දෙවැනි වනු ඇතැයි සිනමා විචාරකයන්ගේ අදහසයි. එකම දිනයේ තිරගත වීම ආරම්භ වූ මේ එකිනෙකට නොදෙවැනි චිත්‍රපටි දෙක කාර්තිගේ කාෂ්මෝරා සහ ධනුෂ්ගේ කොඩි නම් චිත්‍රපටි දෙකයි.
කොඩි චිත්‍රපටිය මේ අතරින් විචාරක පැසසුම් ලැබූ චිත්‍රපටියයි.
සිනමාත්මකව දකින විචාරකයන් මෙන්ම ජනප්‍රිය සිනමා විචාරකයන්ද කොඩි චිත්‍රපටිය හැකි ඉහළින්ම තබා ලියන්නට පටන්ගෙන ඇත. ඇතැම්විට රැජිණිකාන්ත්ගේ කබාලි චිත්‍රපටිය විසින් ඇතිකළ සංවාදය ඉක්මවා යන්නට ධනුෂ් - වෙට්ට්‍රිමාරන් සුසංයෝගයට හැකිවනු ඇත. එමෙන්ම මීට පෙර ධනුෂ් - වෙට්රිමාරන් හමුවූ හැම අවස්ථාවක්ම මෙන් මේ සුසංයෝගයත් සම්මානනීය වනු ඇත.
ධනුෂ්
අවුරුදු දහනවයේදී තුල්ලවදෝ ඉලමෙයි නම් පළවැනි චිත්‍රපටියේ රඟපෑ ධනුෂ්ට ඒ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් චිත්‍රපටියක් බවට පත් කරන්නට හැකිවුණේ කුඩා සිරුරක් සමඟ හැකියාව පාවිච්චි කරමින්ය. එතැන් පටන් මේ වනතෙක් ධනුෂ් නාට්‍යමය හෝ සිනමාත්මක ලෙස හැඳින්විය හැකි චිත්‍රපටි මෙන්ම ජනප්‍රිය ලක්ෂණ රැගත් සෙලෝලයිඩ් වීරයන්ගේ චිත්රපටිද රඟපෑවේය. මාරි, මරියාන්, අනේගන් වැනි චිත්‍රපටිවල සැලෝලයිඩ් වීරයා ලෙසත් යාරඩී නී මෝහිනී, කාදල් කොන්ඩෙන්, තොඩරි වැනි චිත්‍රපටිවල නාට්‍යමය ප්‍රධාන චරිතය ලෙසත් ඔහු රඟපෑවේය. පෞරුෂයෙන් යුතු ධනුෂ් සහ රංගන හැකියාවෙන් පිරි ධනුෂ් ලෙස ධනුෂ්ලා දෙදෙනෙකි.
රැජිණිකාන්ත්ට ආවේණික වීරත්වයේ ලක්ෂණත් කමල් හසන්ට ආවේණික නාට්‍යමය ලක්ෂණත් ජයගැනීමට ඇති ධනුෂ්ගේ ද්විත්ව හැකියාව හැකියාව ඉහළින්ම මතුකෙරෙන චිත්‍රපටිය කොඩි බව පෙනී යයි.
මේ චිත්‍රපටියේ ධනුෂ්ගේ ද්විත්ව රංගනයක් ඉදිරිපත් කරයි. ඒ ද්විත්ව රංගනය ධනුෂ්ගේ මේ හැකියාවන් ද්විත්වය සංකේත කරන්නකි. කොඩි සහ අන්බු නම් නිවුන් සොයුරන් දෙදෙනාගේ චරිත ධනුෂ් ඉදිරිපත් කරයි. කොඩි යනු තරුණ දේශපාලඥයෙකි. ඔහු ගමන් කරන්නේ ජීප් රියකිනි. වීරත්වය ඔහුගේ ලක්ෂණයයි. අන්බු නම් ඔහුගේ නිවුන් සොයුරා පාසල් ගුරුවරයෙකි. ඔහු ගමන් කරන්නේ සාමාන්‍ය බජාජ් යතුරුපැදියකිනි. අන්බු කාන්තාවන්ගෙන්ද පහර කන්නෙකි.
චරිත දෙක අඳින ඇඳුම් සහ පෙනුමෙන් පමණක් නොව සම්පූර්ණ චර්යාවෙන්ම අන්බු සහ කොඩි යන චරිත දෙකට වෙනම සීමා අඳින්නට ධනුෂ් සමත් වෙයි.
අන්බු සහ කොඩි දෙමළ සිනමාවේ මේ වෙද්දී සිටින ප්රවණතාවයන් දෙකක වීරයන් වර්ග දෙකකි. අන්බු නාට්‍යමය සිනමාවේ වීරයායි. කොඩි ජනප්‍රිය සිනමාවේ වීරයායි. ධනුෂ් කියන එක් දෙබසක් වන්නේ ‘අන්බු නාන්, කොඩියුම් නාන්‘ යනුවෙනි. (අන්බුත් මමමයි, කොඩිත් මමමයි.) එය සැබෑය. ධනුෂ් නාට්‍යමය වීරයායි. සුපිරි වීරයාත් ඔහුමයි.
කතාව
ආරම්භ වන්නේ ගොළු පුද්ගලයෙකු දේශපාලන වේදිකාවක් සකස් කරන දර්ශණයකිනි. රැස්වීමකට පෙර වේදිකාව සකස් කරන ඔහු ගොළු භාෂාවෙන් කතාවක් කරයි. ළඟ සිටින අයෙකු කියන්නේ දේශපාලනය කරන්නට හොඳට කතාකළ යුතු බවත් කතාකරන්නම බැරි ඔහුට දේශපාලනය කරන්නට බැරි බවත් පැවසීමෙනි.
දේශපාලනයේ ඉහළ යන්නට හීන දකින ගොළු පුද්ගලයාට නිවුන් දරුවන් දෙදෙනෙක් ඉපදෙයි. දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට ඔහුගේ පක්ෂයේ නායකයා කොඩි යනුවෙන් නම තබයි. ඒ දරුවා දේශපාලනයට දෙන ලෙස ඉල්ලමින්ය. කොඩි කුඩා කළ සිටම ගොළු තාත්තාගේ සැලකිල්ල ලබයි. පක්ෂයේ රැස්වීම් වලට කොඩිව රැගෙන යයි. එක් කර්මාන්තශාලාවකට එරෙහිව කරන උද්ඝෝෂණයකදී ගොළු තාත්තා ගිනිතබාගෙන මිය යන්නේ කර්මාන්ත ශාලාව වසාදමන ලෙස ඉල්ලමිනි. තාත්තා මියගිය පසුව කොඩි දේශපාලනයටම යොමු වෙයි. අන්බු සාමකාමී මාවතක ගමන් කරයි.
කොඩි මෙන්ම කුඩා කල සිට දේශපාලනය කරන්නට හීන දැක්ක තරුණියකි රුද්‍රා. රුද්‍රාගේ චරිතය ඉදිරිපත් කරන්නේ ත්‍රිෂා ය. රුද්‍රා සහ ධනුෂ් විරුද්ධ පක්ෂවල නිසා කුඩා කාලයේ එකිනෙකා දබර කරගන්නා අතර ඒ දබර අවසාන වන්නේ තරුණ වියට එද්දී දෙදෙනා අතර ප්‍රේමයක් හටගැනීම නිසාය.
එක් මැතිවරණයක රුද්‍රා සහ කොඩි ප්‍රතිවිරුද්ධ පක්ෂවල අපේක්ෂකයන් බවට පත් වෙයි. ප්‍රේමයද දේශපාලනයද යන දෙකෙන් එකක් තෝරාගැනීමට දෙදෙනාට සිදුවෙයි. කොඩිව පරදවන්නට බැරි බව දන්නා නිසා රුද්‍රා කොඩිට පසුපසින් පිහියෙන් ඇන ඔහුව මරා දමයි. චිත්‍රපටියේ මුල් භාගයේදී වීරයාගේ පෙම්වතිය වන ඇය දෙවැනි භාගයේදි චිත්‍රපටියේ ප්‍රධාන දුස්ඨයා බවට මාරුවෙයි. එය ප්‍රේක්ෂකයාව ත්‍රස්ත කරවන මාරුවීමකි.
කොඩි දේශපාලනයේ ඉදිරියට යද්දී අන්බු සාමාන්‍ය ජීවිතයක් ගතකරයි. ඔහු බිත්තර විකුණන කෙල්ලකට ආදරය කරයි. එහෙත් කොඩි මියයෑම නිසා අන්බු මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. වෛද්‍යවරුන් එය හඳුන්වන්නේ වන්ස් අ ට්වින්, ඕල්වේස් ට්වින් යනුවෙනි. එනම් නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මියගියොත් අනෙකා මියගිය සහෝදරයා බවට පත්වෙන බවයි. එක් පුද්ගලයෙකු තුළ ද්විත්ව චරිත ලක්ෂණ මතුවෙයි. අන්බු කොඩි බවට පත්වෙයි.
බුද්ධිමත් අන්බු සහ ශක්තිමත් කොඩි එක්ව හැදුණු වීරයා දෙවැනි භාගයේදී සිය සොයුරාව ඝාතනය කළ කෙනාව සොයා යයි. රුද්‍රා එය වළක්වන්නට උපරිම උත්සාහ ගනියි.
ඛේදාන්තයකට යන චිත්‍රපටිය අවසානයේ කොඩි සහ ත්‍රිෂා ළමා කාලයේ සිට පෙම් කළ අයුරු දැක්වෙන දර්ශණ පෙළක් පෙන්වයි. සැහැල්ලුව සමඟ ප්‍රේමයෙන් සිටින ඔවුන් පක්ෂ දේශපාලනය නිසා ඛේදනීය අවසානයකට යයි. දුෂ්ඨයන් යනු දුෂ්ඨයන්ම නොවේ. හොඳ මිනිසුන් බලය නිසා දුස්ඨයන් බවට පත්වේ. රුද්‍රාගේ ඉරණම කියන කතාව එයයි.
වෙට්රිමාරන්
චිත්‍රපටියේ නිෂ්පාදකයා පමණක් වුණත් චිත්‍රපටිය තුළ වෙට්රිමාරන් විශාල කාර්යයක් කරන්නේය. තිරපිටපත බොහෝදුරට වෙට්රිමාරන් පන්නයේ එකකි.
දුරෙයි සෙන්දිල් කුමාර් ලියා ඇති මේ චිත්‍රපටියත් වෙට්ට්‍රිමාරන්ගේ ආදුකාලම්හි මෙන් පළමු භාගයේදී වීරයා වැඩියෙන්ම විශ්වාස කරන පුද්ගලයා දෙවැනි භාගයේ දුෂ්ඨයා බවට පත්වෙයි.
වෙට්ට්‍රිමාරන් මෙන්ම සෙන්දිල් කුමාර්ද චිත්‍රපටියේ රූප අපූරු සුසංයෝජනයකට ගෙනැවිත් ඇත. සිනමාත්මක දර්ශණ මෙන්ම ප්‍රේක්ෂකාගාරයේ විසිල් ලබන දර්ශණත් කොඩි තුළ අපූරුවට මිශ්‍ර කර ඇත.
ලංකාවේ සිනමාව තුළ ඇති අඩුපාඩුවත් ජනප්‍රිය සිනමාව නාට්‍යමය නොවීමයි. සම්භාව්‍ය සිනමාව ජනප්‍රිය නොවීමයි. කොඩි පෙන්වන්නේ ජනප්‍රිය චිත්‍රපටියක් තුළ සිනමාත්මක වීමට ඇති ඉඩකඩයි. ජනප්‍රිය චිත්‍රපටියක් පසුපස තිබිය යුතු මහන්සියයි. ඒ නිසා ලංකාවේ ජනප්‍රිය සිනමාකරුවන් කොඩි නැරඹිය යුතුමය. එය පසුපස ඇති රොකට් විද්‍යාව තේරුම්ගත යුතුමය.
එදා ලියපු උඩින් තියෙන ටිකට අමතරව කොඩි චිත්‍රපටියේ වැදගත්ම කාරණා ගොඩක් තියෙනවා. විශේෂයෙන් ත්‍රිෂාගේ විශ්මයජනක රංගනය. ත්‍රිෂා!
ෆිල්ම් එක බැලුවෙ නැත්නම් වැඩක් නෑ ඉතින්!!!
http://indianexpress.com/article/entertainment/movie-review/kodi-review-dhanush-movie-dharma-yogi-songs-kollywood-live-3727360/
http://www.india.com/showbiz/kodi-movie-review-dhanush-trisha-krishnans-film-gets-the-best-political-thriller-label-1540263/
http://www.deccanchronicle.com/entertainment/movie-reviews/281016/kodi-movie-review-strong-characterization-and-powerful-cast-makes-it-a-winner.html
හෆොයි!
ReplyDeleteදේසපාලනේ එපාවුණා අප්පා
Deleteඉදිරි දවසක බලන්න ඕනේ.
ReplyDeleteජයවේවා!!!
ජය
Deleteදෙමළ චිත්‍රපටි බලන්න ලැබෙන්නේ නැහැ. මෙහෙ තියන ඒවා නම් හේන් බොළඳ ඒවා නිසා බලලත් නැහැ. මේක නම් හොඳ ෆිල්ම් එකක් වගේ.
ReplyDeleteමං නරඹපු හොඳම ඉන්දියන් දේශපාලන චිත්‍රපටි දෙකක් තමයි සර්කාර සහ සර්කාර් රාජ්. භච්චන්ලා යි රඟපාන්නේ!
Deleteරාජ්නීති ෆිල්ම් එකත් හොඳයි. බලල නැත්නම් බලන්න.
Deleteඑකක් දෙකක් නෙවෙයි... හොද ඉන්දියන් ෆිල්ම් තොගයක් තියෙනවා
Deleteඅපි බලන්නේ කණ්නඩ/ තෙලිඟු ෆිල්ම්.කැමතිම නිළිය Rekha Vedavyas
ReplyDeleteහොඳා හොඳා
Deleteදෙමල චිත්‍රපට බලන්න බැරි සබ්-ටයිටල් නැති නිසා. හින්දි චිත්‍රපටවල නම් සබ් දාලා තියෙනවා. ඉන්දියන් කඩේකින් ඇසූ විට (එහි සිටි පන්ජාබි සික් ජාතිකයා) පැවසුවේ දෙමල අය ආරූඩකරගත් ලොකු කමක් නිසා එසේ නොකරනවා ය වැනි අදහසක්!
ReplyDeleteදැන් එහෙම නැහැ. හැම දෙමළ ෆිල්ම් එකේම වගේ සබ්ටයිට්ල් එනවා
Deleteමන් දමීල චිත්‍රපට වලට ආසාවක් නෑ. ඒත් ධනුෂ් එකක් හම්බුනොත් අනිවාර්යෙන්ම බලනවා. මුළු භාරතය තුළම ඔහු අභිබවා යන නළුවෙකුනම් ඒ ෂාරුක් ඛාන් පමණයි, එතරම් විශිෂ්ඨ රන්ගනයක ඔහුගෙන් මන් දකිනවා. මන් ඔහුට වශී වුණේ Aadukalam චිත්‍රපටිය නැරබීමෙන් පසුවයි. වාණිජ සිනමාවත් සම්භාව්‍ය සිනමාවත් යන දෙකම තරණය කළ හැකි නළුවන් දුර්ලභයි උඩුවා...............
ReplyDeleteමමනං කියන්නෙ ෂාරුක්ට ධනුෂ් එක්ක හැරෙන්නවත් බැහැ...
Deleteමට ධනුෂ්ට වඩා හොඳ නළුවො ඉන්නෙ කමල් හසන්, මම්මුති, අමිතාබ්, ආමීර් වගේ නලුවො කිහිපදෙනෙක් විතරයි....
දවසක ධනුෂ් ඔය හැමෝවම පහුකරයි
ෂාරුක් ඛාන්ට රගපාන්න වෙන්නෙ තරු ගුණය ආරක්ෂා කරමින්. තරු ගුණය ආරක්ෂා කරමින් චරිතාංග නළුවෙක් වීම තමයි අමාරුම දේ. ඔහුගේ එකිනෙකට වෙනස් චරිත වල ආවේශ වීම මම පුදුම කරනවා. dil se,my name is khaan,Kal Ho Naa Ho තුල ඔහුගේ ආවේශය මට අනුවනම් පට්ටම පට්ට. මට අනුවනම් ලෝකයේ මෙතෙක් බිහි වූ අද්විතීයම නළුවා ෂාරුක් ඛාන්, සම්ප්‍රදායික බොළද හින්දි සිනමාවේ නළුවෙක් වීම ඔහුගේ තරමක අවාසනාවක්.නමුත් ඔහු මට අනුව අද්විතීයම නළුවෙක්
Deleteමේ මට තේරෙන විදිය,සමහරවිට උබ හරි ඇති
Mr bean හොද නලුවෙක් නේද
Deleteප්ලොට්එක හරි නෑ!
ReplyDeleteබලලද කියන්නෙ? මම සරලව ලීවේ... ප්ලොට් එක මටනං මරු
Deleteතවම බැලුවේ නෑ. මමත් ටැමිල් ෆිල්ම්වලට වැඩියේ ආසා නෑ.
ReplyDeleteආසාවක් ඇතිකරගන්න ට්‍රයි කරන්නකෝ... සමහරවිට හොඳ රසවින්දනයක් ලැබෙිවි
Deleteකුරහන් හේනෙ මල් මල්ලී....
Deleteදෙමල් චිත්‍රපටිවලට ඉස්සර මමත් අකමැති ඒවාගේ එක දිගට වචන කියවගෙන යන කරච්චලය හින්දා. ඒත් හැම එකක්ම එහෙම නෑ. හොද ඒවාත් තියෙනවා.
ජයවේවා!!!
ටැමිල් ෆිල්ම් වලටනම් ලොකු කැමැත්තක් නෑ.
ReplyDeleteසිංහල ඒවට වඩා හොඳයි
Deleteපොන්න තම්ල්නාඩු කාරයන්ගෙ මොනා බලන්නද? මල ජරාව.
ReplyDeleteඅනේ සිංහල පිරිමි හදනවනෙ බලන්න පුළුවන් ෆිල්ම්.... පලයං බං යන්න
Deleteමට නම් ඒ තරම් දැනුනු චිත්‍රපටයක් නෙවෙයි. වෙට්ට්‍රිමාරන්ගේ ශෛලියක් මේකෙ ගෑවිලාවත් නෑ. Dhool, Thani oruvan, Maatran, Ko වගේ චිත්‍රපටවලින් කෑලි අහුලගෙන හදපු අච්චාරුවක් වගේ. හැබැයි පෙනුමට, රහට තියනවා. මුල ඉඳන් අගට කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම අලුත් අත්දැකීමක් නම් නෙවෙයි. මේකෙන් කියන්න හදන දේවල් අර චිත්‍රපටිවල එහෙමම තිබුණා. මීට වැඩිය හොඳ දෙමළ චිත්‍රපට ගණනාවක් මේ අවුරුද්දේ ආවා.
ReplyDeleteඅර කියපු චිත්‍රපටිවලයි, 'කොඩි'වලයි තියෙන්නෙ එකම වර්ගයක පාට විතරක් වෙනස් ඇඳුම් වල තියනවා වගේ වෙනසක්. (එක එක සිදුවීම අරගෙන විස්තර කරන්න මෙතන අවකාශ මදි) ඕක තේරුම් ගන්න බැරිවුණ එකටයි හිනා යන්න ඕනෑ. චිත්‍රපටිවල සමානකම් තිබීම වරදක් නෙවෙයි. වෙට්ට්‍රිමාරන් මෙක්සිකානු චිත්‍රපටයක් ඇසුරෙන් කරපු ආඩුකලම් ඒ මුල් චිත්‍රපටියෙන් වෙන්කරලා අරගෙන රසවිඳින්න පුළුවන්. ඒත් අර කියපු චිත්‍රපටි වලට වඩා කොඩි වල තියන අලුත් දේ මොකක්ද කියලා කියන්න පුළුවන්නම් ලොකු දෙයක්. තිර පිටපතේ වෙට්ට්‍රිමාරන් ගේ style එක කෙසේවෙතත් සුබාගේ style එක නම් අඹරලා, මිරිකලා අරගෙන තියන බව පේනවා. මම නම් එක රූප රාමුවකවත් වෙට්ට්‍රිමාරන් ගේ style එකක් දැක්කෙ නෑ.
ReplyDeleteතම තමන්ගෙ පුද්ගලික රසිකත්වය අනුව චිත්‍රපටයක් කැමති තැනක ස්ථානගත කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා. ඒත් නළු නිලියන් කෙරෙහි ඇති භක්තිය නිසාම චිත්‍රපටි බලනකොට හුඟක් සත්‍ය කාරණා පෙනෙන්නෙ නෑ.