රාවය තිස්වැනි සංවත්සර උළෙල පහුගිය 15 වැනිදා බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
රාවය තිහ සමරද්දී ලියන්නේ මොනවද කියලා මම කල්පනා කළා. මට හිතුණේ රාවයේ තිරය පසුපස හිටපු අය සහ තිරය පසුපස කතා ටිකක් ලියන්න. එහෙත් ඒක ටිකකට කල්දැම්මා. ඊට කලින් රාවයේ පරණ මතකයන් ටිකක් ෂෙයා කරගන්නට හිතුණා...
රාවය කියන්නේ මම නියෝජනය කරන තැනක්වත් මට අයිති තැනක්වත් නෙවෙයි. මම එතන රාජකාරි කරනවා විතරයි.
රාවය කියන්නේ බොහෝ දෙනෙක්ට අයිති. බොහො දෙනෙක් ආදරය කරන තැනක්.
රාවය මුල සිටම මහත් ආදරයකින් කියැවූ පිරිස විශාලයි. වෙන කිසිම පත්තරයකට මේ තරම් පිරිසක් මේ තරම් ආදරය කරන්න නැතිව ඇති කියලා මට හිතුණා.
විසිපස්වැනි සංවත්සරයේදී මම රාවයේ සාමාජිකයෙක් නෙවෙයි. තිස්වැනි සංවත්සරයේදී මට දැණුනේ මේ තරම් පිරිසක් මේ තරම් රාවයට ආදරය කරනවා නේද කියන එකයි. සංවත්සර උළෙලට එක්වූ පිරිස ඒ විදියට එකතු කරන්නට ලංකාවේ වෙන කිසිම ආයතනයකට බැරිව ඇති කියලයි මට හිතෙන්නේ.
මම කැමතියි සහෝදර බ්ලොග්කරුවන්ට රාවය ගැන බෙදාගන්නට මතක තියෙනවානම් ඒවා බෙදාගනිමින් ලියනවා දකින්නට. විශේෂයෙන් මාතලන් වගේ අය. මං දන්නවා සිංහල බ්ලොග් ලෝකේ පෙරලිකාර නොසන්ඩාලයා රාවය එක්ක පුදුමාකාර බැඳීමක් තියෙන බව. හැබැයි ඇත්ත බැඳීමක්. ඒ නිසා රාවයේ ගුණ වයන්නැතිව මාතලන් රාවය ගැන කියාවි.
අජිත් පැරකුම් ජයසිංහ. ඔහු රාවය සංවත්සරය ගැන ලීවා පමණක් නෙවෙයි. ඔහු රාවයටත් ලියනවා.
රසිකලොජිස්ට් වගේම බස්සි වරින්වර රාවයට ලියනවා. රාවයට බණින්න තියෙන අය බණිනවා දකින්නත් රාවය ගන්නේ නැති අය ඒ බව කියනවා දකින්නත් මම ආසයි.
වැඩි දුර යන්නේ නැතිව මා ළඟ තියෙන වටිනා දේවල් එළියට අදින්න ඕන. (මේ වටිනා දේවල් මා ළඟ විතරක් නෙවෙයි තියෙන්නේ.)
![]() |
මේ රාවය මුල්ම සඟරාව (1986) |
![]() |
රාවය මුල්ම පුවත්පත (1990) |
![]() |
සඟරාව ආරම්භ කරද්දී ප්‍රසිද්ධ කරපු පෝස්ටරය මේක. |
රාවය ඉතිහාසයේ අමතක නොවෙන කලාපයන් තියෙනවා.
![]() |
රාවය මර්දනය කරන්නට රාවය කාර්යාලයට සීඅයිඩීය එවූ අවස්ථාවේ |
![]() |
සඟරා කිහිපයක් |
![]() |
සුප්‍රසිද්ධ කළු කලාපය. සරත් නන්ද සිල්වා පත්කළ අවස්ථාවේ |
මේ 1990 නොවැම්බර් 04 වැනිදා පළවැනි රාවය පුවත්පතේ පළවූ රාවය ගැන අදහස් කිහිපයක්....
රාවය ගැන තවත් ලියන්නට දේ තියෙනවා.... ඉදිරියේ ලියමු..............................
ප්‍රේමදාස මියයාමට කලින් දවසෙ පබ්ලිෂ් කරගන්න බැරිවුන රාවය මුල් පිටුව නැද්ද?
ReplyDeleteමම හොයල බලන්නම්
Deleteඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආ රැල්ලේ දිනෙන් දින ඉදිරියට එන සුලුජාතීන් ට කිරි පෙවීම නැවැත්වීම සහ ජාතිකත්වය වැනි යූ ටර්න් මතු අනාගතේ රාවයේ දකින්නට ලැබේද?
ReplyDeleteරාවය යන්නේ ඉදිරියට මිස ආපස්සට නෙවෙයි. ලෝකයම ආපස්සට ගියත්
Deletehttp://www.economist.com/news/international/21710276-all-around-world-nationalists-are-gaining-ground-why-league-nationalists?fsrc=scn/fb/te/bl/ed/globalpoliticsleagueofnationalists
Deleteමම හිතන්නේ මම රාවය ගන එදා කියු දේවල් අදටත් වලංගුයි. එකම දේ කළාව වෙනුවෙන් තියෙන කොටස ප්රබුද්ධ වැඩියි. ඉස්සර ඔය කොටස කියවන්න ආසයි. මම දන්නෙ නෑ කව්ද සංස්කරණය කරන්නෙ කියලා.. මගේ ළිපි කීපයකුත් ඕකේ පළ උනා. ඒත් කෙලින් අදහස් කීව නිසා ඒක නැති උනා. ඒත් මම දැක්කා ළඟදි එක ළිපියක උපුටා දැක්වීම කීපයක් කරලා තිබුනා.
ReplyDeleteකියෙව්වෙ නති උනත් සිකුරාදා උදේම පත්තරේ ගන්නවා. පිට රට ඉඳිද්දිත් මොන්වා නැතත් හැම සුමානෙම රාවය ගෙන්න ගත්තා.
උඹටත් රාවයටත් දෙන්නටම හැපි බෝත් ඩේ එකක් වේවා. ඇයි එතකොට අපේ අප්පාච්චි.. එයාටත් එසේම වේවා...
උපුටාගත්තෙ මගේ ගෑණි බං
Deleteමම දන්නවා.. කිසිම අවුලක් නෑ...
Deleteමොකක්ද ඕක ඇත්තටම පත්තරයත්ද?
ReplyDeleteසගරාවක්ද?
පොතක්නම් වෙන්න බෑ
ට්කක් හොයල බලන්න
Deleteලියන්න ..හොද ලිපියක් වෙයි ඒක.
ReplyDeleteමට හිතෙන හැටි
ඉක්මනින් ලියනවා
Deleteරාවය සිය අබිමානය රාව ප්රතිරාව නැංවුයේ පළමුවැනි අවුරුදු 20 දී පමණයි කියලයි මමනම් හිතන්නේ.
ReplyDeleteවිචා, ඔය කියන මුල් කාලෙ, අපිට තිබ්බ විකල්ප අඩුයි. ආණ්ඩුවෙ පත්තරෙයි, රේඩියෝවයි පාවිච්චි කලේ හොරණෑවක් විදිහට. මිනිස්සුන්ට ඇත්ත දැණගන්න තිබ්බෙ පුදුම උනන්දුවක්. මට දැන් නම අමතක විදේශ රේඩියෝ සේවයක් අහන්න මිනිස්සු පුරුදුවෙලා හිටියා. මේ අඳුරු යුගයේ අවසාන හරියෙ ආපු රාවය, යම් සේවයක් කලා. ඒත් රාවය තිබුණ එකම ස්වාධීන විකල්ප පුවත්පත නෙමෙයි. දිවයිනේ ගිය තීරු ලිපි, විශේෂයෙන්ම "උකුස්සා" බොහොම ජනප්‍රිය වුනා.
Deleteඔය කියන යුගයේ කුලී හේවායන්ගෙ තත්ත්වයට පත්වෙලා හිටි පුවත්පත් කලාවේදීන් අතරට, රාවය වෙනසක් ගෙනාව එක ඇත්ත. ඒත් අද පුවත්පත් විතරක් නෙමෙයි, රේඩියෝ, ටෙලිවිශන් ඔය කොයිවයෙත් බහින කලාව.
නියම විප්ලවය කලේ ඔය අධිරාජ්‍යවාදි කියන ඇමරිකන් කාරයා. ඒ තමා ඉන්ටනෙට් එක. ගූගල්, යූටියුබ්, බ්ලොගර්, ගූගල් මැප්, ස්ට්‍රීට් වීව් මේවා සාම්ප්‍රධායික ව්‍යාපාර නෙමෙයි. අපිට ලැබෙන්නෙ නොමිලේ, එයාල හම්බකරගන්නෙ අපිට පාඩුවක් නොවෙන්න. ස්වයං වින්දන ෆැන්ටසියක ඉන්න රාවයට මේ ඇත්ත වටහාගන්න තව කල්යාවි. එක අතකට මෙව්ව කියල වැඩකුත් නෑ, ඔන්න ඔහේ කට කහන හින්දා කියල දැම්මා
වෙරිටාස්. පිලිපීනයේ සිට කළ කතෝලික රේඩියෝ චැනලයක්.
Deleteටොමියා සමග එකඟ වෙනවා. විකල්ප මාධ්‍ය වක්‍රාකාරයෙන් මර්දනය කිරීමත් එක්තරා දේශපාලන ක්‍රීඩාවක්.
Deleteරේඩියෝ වෙරිටාස් ඒෂියා සමාගම කතෝලික දහම ප්‍රචලිත් කිරීමේ අරමුණෙන් පවත්වාගෙන යන්නේ. මුලින්ම එහි සිට සිංහල ප්රවෘත්ති ඉදිරිපත් කලේ ඇල්ෆ්‍රඩ් පෙරේරා. (විස්තර ප්රචාරක, විකට නළු, ගුවන්විදුලි ශිල්පී, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව) ඊළඟට එතනට ගියේ එල්මෝ ප්‍රනාන්දු. එම සේවයේ අසන්නන්ගේ සමාජයට මමත් බැඳී හිටියා පාසල් යන කාලයේ. සාමාජික අම්කය 75. කැලැන්ඩර්, දිනපොත්, සුබපැතුම්පත්, පින්තූර පෝස්ට් කාඩ්, නිතර ලැබුනා මට. නමුත් ඒ සමග කතෝලික ආගම් ප්රචාරක පොත් සහ පත්‍රිකාත්, සෑහෙන්න ලැබුණා.
http://www.rveritas-asia.org/
රාවය වැනි පුවත්පත් පවත්වාගෙන යාමේ දුෂ්කර බව විශාල අභියෝගයක්.
දැන් සමහර ලොකප්‍රසිද්ධ පත්තර සඟරා පවා මුද්‍රණය නවත්තලා හුඟක් කල්. ලංකාවෙත් පත්තර විකිනෙන්නේ නෑ.. සමාජ මාධ්‍ය ජාල වලින් ලංකාවේ ඉදිරියෙන්ම ඉන්නේ ෆේස්බුක්.. ඒ උනාට ළොකයේ ජනප්‍රිය ට්විටර්..
Deleteමුද්‍රණය නවත්වපු බව ඇත්ත. ඒත් ඒවා වහලා නැහැ. ඒ වගේම තාක්ෂණයෙන් අපට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න රටවල් වල තාම පත්තර මුද්‍රණය කරනවා..
Deleteවිචා මහත්මය කිව්ව වගේ රාවය ගැන තියෙන භක්තිය අඩු වෙලානම් ඒක වෙනස් කරන එක අපේ අභියෝගයක්.
අභියෝග වලට මුහුණදෙන එක අපේ රස්සාව
25 යි, පොඩි එකෙක් නෙ. ලිපිය මරු
ReplyDeleteරාවයට වයසෙන් වැඩක් නැහැලු. හැකියාවලු ඕන
Deleteරාවය සම්බන්ධව නෙමෙයි උඩුවා. අපේ වයසත් එක්ක සසඳන කොට
Deleteගොඩක් ඉස්සර කියවලා තිබෙනවාය. ඒත් පස්සෙ කාලයකදී ඔය පත්තරෙත් චුට්ටක් විතර සීනි බෝලයක් වී දැන්නම් එදා තිබ්බ ටේස්ට් එක නැත්තටම නැති වෙලාය.
ReplyDeleteමේක ඕන කෙනෙක්ට එක වාක්‍යකින් කියන්න පුළුවන්.
Deleteතව ටිකක් විස්තර කළානම් අපට පුළුවන් වෙනස්කම් කරගෙන ඔයාගෙ ටේස්ට් එක ගැනත් හිතන්න
රාවය විතරක් නෙමෙයි මම කිසිම පත්තරයක් මිළදීගෙන කියවන්නේ නැහැ...
ReplyDeleteඔෆිස් එකට ගන්න නිසා ලංකාදීප ඉඳහිට බැලෙනවා...
ලංකාදීප නැති දවසට මව්බිම, රාවය එහෙම ගේන දවසුත් තියෙනවා...
හැබැයි ඒ දෙකම ඉඳහිට හෝ බලන්නට නොසිතේ...
උඹේ උපන් දිනයට සුබ පැතුම්...!
ස්තූතියි. ඒත් මගේ උපන්දිනය නෙවෙයි. මගේ වයස නිකන් දැම්මෙ.
ReplyDeleteපත්තර කියවන්න හිතෙන්නෙ නැත්නම් ඒක රාවයෙ අඩුවක් නෙවෙයි. ඒක ඔයාගෙ අඩුවක්.
මමනම් හිතන්නෙ නෑ ටීවී බලලාවත් වෙබ්වලින් වත් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කියල. වෙන දේවල් ගැන
"රාවය" සහා "ඉරිදා ලංකාදීප"පත්තර විතරයි ගන්නේ.උඩුවා ඔය පරණ "රාවය" සඟරා ගන්න විදියක් නැද්ද දැන්.ආසයි අරගෙන කියවන්න.
ReplyDeleteකොහොමටත් ඉදිරියේදී මුද්‍රිත මාධ්‍යට තියෙන තැන හුඟක් අඩු වෙනවා. දැන් උනත් පත්තර තියෙන්නේ වෙළඳ දැන්වීම් නිසා. විශේෂයෙන් අණ්ඩුවෙන් දෙන වෙළඳ දැන්වීම් නිසා. නැත්නම් කවුරු හරි සල්ලි කාරයෙක් ෆන්ඩ් කරන නිසා.
ReplyDeleteරාවය විසින් රට සමාජය ඉටු කරන ලද සේවයට මගේ උත්තමාචාරය. ඒ වගේම උඩුවාටත් සුභ උපන්දිනයක් වේවා.