Tuesday, September 19, 2017
පූස් ෆෝබියාව සහ තාත්තා
‘යකෝ ඔය පුසාව එලවලා දාපන්’’ තාත්තා නිතරම අපට බැණ වදින්නේ එසේය. තාත්තාට පුසන් යනු නයාට අඳු කොළ මෙන්ය. අම්මා සහ මා අතර බැඳීමෙහි ගණුදෙනුවක් මිස ආදරයක් නොතිබුණු පසුබිමක තාත්තා යනු මට ලෝකයක් විය. අම්මා ලංකාවේ සිටියේත් නැත. මට පමණක් නොව අක්කාටත් තාත්තා රජෙක් විය. එකල අප සිටියේ නාගරික නිවාස තිබුනු මාවතක කෙළවරේ තිබුණු නිවසකය.
එහෙත් ඔහුට තිබුණු දරුණුම රෝගය පූස් ෆෝබියාවයි. එය නිවසේ සිටි අපට පමණක් නොව වත්තේ සිටි බොහෝ දෙනෙක්ට හිසරදයක් විය. මට තේරෙන කාලයේ සිට තාත්තා වෘත්තියෙන් තී‍්‍රවිල් රථ රියදුරෙකු විය. එහෙත් තාත්තා බංකොලොත් වූ ධනවතෙකු විය. අක්කා නිතර පැවසූ විදියට තාත්තා බංකොලොත් වුණේ මා ඉපදුණු පසුවය. ඒ මා පවුලට ගෙන ආ අවාසනාව නිසාය.
අක්කා මට වඩා අවුරුදු අටක් වැඩිමහල් විය. මා ඉපදීමට පෙර අපට රෝසා බසයක්ද කළු පැහැති මෝටර් රථයක්ද තිබුණ බව අක්කා නිතර කියන්නට හුරුව සිටියාය. අක්කා මට වඩා මා ඉපදී ටික කලකට ලිසිං ගෙවා ගැනීමට නොහැකිව රෝසා බසය විකුණා දමා ඇති බව ඇය එකල කියන්නීය. ඇය කියන විදියට බස්සෙකෙන් පසු මෝටර් විකුණා දමා ඇත. මා පවුලට අවාසනාව ගෙන ආ බව ඇය කිව්වේ නිවසේ අය සිටි තැන්වල පමණක් නොවේ. නිවසට එන බොහෝදෙනෙක්ට මෝටර් රථයේ සහ බස්රියේ සිටි ඡුායාරූප පෙන්වමින් මා ගෙන ආ අවාසනාව සමඟ ඒ සියල්ල නැතිවූ අයුරු කියන්නට එකල ඇය දෙවරක් නොසිතුවාය.
මා ඕවා දන්නේ නැත. මට මතක ඇති කාලයේ තී‍්‍රවිල් රථයට අමතරව තාත්තා සතුව පිටකොටුවේ රෙදි කඩයක්ද එළවළු තට්ටුවක්ද තිබුණි. හිටියාට වඩා දුප්පත් වුණත් ජීවත්වෙන්නට අවශ්‍ය සියළු වියදම් පමණටත් වඩා අපට තිබුණි. තාත්තා සතුටින් සිටියේය. ඔහු මට ආදරය කළේය. මා අවාසනාව ගෙන ආ බව ඔහු කිසිදා කියා නැත. ඔහු මට නින්ද යන තෙක් මා ළඟ හිඳ සිටියේය. අදත් මා නින්දට යද්දී ඔහු මා සිටින ඇඳ විට්ටමේ සිටින බව මට දැනෙයි. ඉතින්, අක්කා කී කතා නොතකා හරින්නට මම නිතර උත්සාහ කළෙමි.
තාත්තා හැමදාම වැඩට ගියේය. එහෙත් තාත්තා නිවසෙන් පිටවුණේ රාහු කාලය බලා සුභ හෝරා එලැඹුනු පසුවය. එකල තාත්තාගේ ති‍්‍රවිල් රථය රාති‍්‍රයට නවතා තැබූවේ ගමේ පන්සලේය. නිවසේ සිට පන්සල තෙක් තාත්තා ඇවිද යා යුතු විය. ගමන තිබුණේ නිවාස ගොඩක් මැදින්ය. මේ කියන්නේ මට අවුරුදු දහයක් පමණ වූ කාලය ගැනයි. අක්කා පාසැල් ගොස් හමාරය. එකල තාත්තාගේ දියණියන් දෙන්නාගෙන් කෙනෙකුට පැවරි තිබුණු මුල්ම රාජකාරිය නම් තාත්තා රාහු කාලය එළැඹෙන්නට පෙර නිවසෙන් පිටත් වෙනවාත් සම`ග තාත්තාට පෙර දිව ගොස් ගෙදර සිට පන්සල දක්වා පාර දෙපස සිටි පූසන් එළවීමය. මේ රාජකාරිය කරන්නිය වෙනුවෙන් දිනකට රුපියල් විස්සක වැටුපක් ලැබුණි. බොහෝවිට එය කළේ අක්කාය. නිවාඩු දිනයක අක්කා මේ ලැජ්ජාසහගත වගකීම මට පැවරුවාය. වතුර ගලන්නේ පහත් තැනින්ය.
‘‘පූසෝ කියන්නේ මහා ජරා මූසල සත්තු ජාතියක් ගමනක් යනකොට ඕකුන් ඉස්සරහාට ආවොත් දවසම ඉවරයි. ඕකුන්ට මහා සෝන් දිෂ්ඨිය තියෙනවා. ර්‍ණ පුසන් ගැන තාත්තාට තිබුණු ඔය අදහස කිසිවෙකුට වෙනස් කළ නොහැකි එකක් විය. ඉතින් අප නිවසේ සිටි අයටත් අහල පහල සිටි අයටත් මේ මහසෝන් දිස්ටි කතාව පත්තියම් වී තිබුණි. ඉතින් තාත්තාව වට්ටන්නට නම් මහාලොකු රොකට් විජ්ජා වුවමනා නොවීය. පූසෙක් සිටීම ප‍්‍රමාණවත් විය.
මෙකල අහල පහලම තාත්තාට තරහකාරයන් බොහෝ විය. අහල පහල අය තාත්තාගෙන් ණයට මුදල් ඉල්ලමින් නිතරම අප නිවසට පැමිණියත් තාත්තා මුදල් දීම ප‍්‍රතික්ෂේප කළේය. ඔය ණය ඉල්ලා පැමිණි අයගෙන් තුන්කාලක්ම එකල විදේශගතව සිටි අපේ අම්මාගේ නෑයන් විය. එකල තාත්තා සතුව මුදල් තිබුණත් මුදල් දෙන්නට තාත්තා අකැමති වුණේ ඒ මුදල් යළි කිසිදා නොලැබෙන බව දන්නා නිසා විය යුතුය. ඔය මුදල් ඉල්ලූ බොහෝදෙනෙකු ඊට කලින් ඉල්ලූ ණය පියවා තිබුණේත් නැත. ඉතින් එසේ පැමිණෙන්නන්ට පරණ ණය සිහිපත් කරමින් හරවා යැවීම තාත්තාට ජීවන පුරුද්දක්ම වී තිබුණි. ඉතින් ඔය ණය නොලැබුණු අයට තාත්තා කුණු ලෝබයෙක් විය.
ණය නොදීම නිසා තාත්තා සමඟ වෛර බැඳගත් අය අතර අංක එකේ සිටියේ ලොකු අම්මාය. අම්මාගේ අක්කාය. තාත්තා එද්දී හොරෙන් පූසන්ව පාරට දැමීමේ සෙල්ලම පටන්ගත්තේ ඇයයි. කල් යද්දි එය බොහෝ දෙනෙකුට විනෝදජනක සෙල්ලමක් විය. පූසන් එළවීම වෙනුවෙන් අක්කාට හෝ මට වෙනම වැටුපක් ගෙවන්නට සිදුවුණේ ඔය සෙල්ලම නිසාය. පාරට දාන පූසන් එලවන අප එක් පිරිසකට විහිළුවක් විය.
දිනක් තාත්තා පූසෙක් එළවීමට කියා ගැසූ ගලෙකින් පූසෙකු මියගොස් තිබුණි. අල්ලපු ගෙදරක සිටි චූලා අක්කා මා සමඟ කීවේ පූසෙක් මැරීම දරුණු පාපයක් නිසා එය ආත්ම හතක් යනතෙක් තාත්තාගේ මුලූ පවුලට පටිසන් දෙනු ඇති බවයි. එදා පටන් මා කෙරෙහි තිබූ පුසන්ට ඇති බිය තවත් වැඩි විය. එහෙත් වත්තේ සිටි පූසන්ගේ අඩුවක් නොවීය. ඔය විදියට වසර හයක් පමණ ගෙවී ගියේය.
ඒ මා සාමාන්‍ය පෙළ ලියා ගෙදර නැවතුණු දෙසැම්බරයයි. තාත්තාත් මාත් ඕපාදුප කතා කරමින් සිනාසෙමින් සිටි නිමේෂයක තාත්තාගේ පපුව හිරවෙනවා යැයි හදිසියේ පපුව අල්ලාගත්තේය. නිවසේ සිටියේ මා පමණි. හෘද රෝග ගැන දැන නොසිටි මම තාත්තා රෝහලට රැුගෙන යනවා වෙනුවට සිද්ධාලේප තවරා තාත්තාගේ පපුව අතගාන්නට පටන් ගත්තෙමි. මගේ අත තදින් අල්ලාගත් තාත්තාගේ ඇස් එකවර උඩ ගියේය. තාත්තා අපව හැරගියේ එහෙමය.
තාත්තාගේ නික්ම යෑම මගේ ජීවිතය උඩු යටිකුරු කළේය. එතැන් පටන් වසර දහයක්වත් යනතෙක් මා වෙනුවෙන් වෙහෙසෙන, මා සමඟ ජීවිතය බෙදාගන්නට කැමති කිසිම මිනිසෙක් මෙලොව නොවීය. මා වටා සිටි කිසිවෙකු මා ගැන තැකුවේ නැත. ආදරය අහිමි තනි තරුණියක් ලෙස මා අරාබියට ගියේ ඉන් පසුවය.
තාත්තා නික්ම ගිය පසුව උදේට නිවස ඉදිරිපිට පාරට අතහැරුණු පූසන් නැතිව ගියේය. තාත්තාත් යන්නට ගියේය. තාත්තා එද්දි මඟදිගට පූසන් දැමූ අයත් පැමිණ තාත්තාගේ මළගෙදර තරඟයට හඬාවැටුණි.
තාත්තාගෙන් මා උරුම කරගත් අපූරුම ගුණාංගය පූස් ෆෝබියාවයි. අදත් පූසෙක් දකිද්දි මට සිහිවෙන්නේ තාත්තාවයි. මිත්‍යා විශ්වාස සියල්ල අත්හැරියත් පූසා අවාසනාවන්ත සතෙක් බව අදත් මම විශ්වාස කරන්නෙමි. පූසන්ව අදත් ප‍්‍රිය නොකරමි. පූසෙක් දකිද්දී පරණ මතකයන් යළි සිහිවෙයි.
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි උඩුවා...
ReplyDeleteකාලෙකින් ධනුෂ් 2 බලන්න ආවේ...
මං හිතුවේ මේක ධනුවාගේ ප්‍රබන්ධයක් කීලා ඒකයි ලස්සනයි කීවේ ඇත්ත නෙවී නේද... පස්සේ දැක්කේ රේඛා කීලා
Deleteදෙමවුපියන් ගැන කියද්දීම තමයි මට නම් තේරුනේ එක්කෝ මේක ප්‍රබන්ධයක් කියලා. රේඛා කියලා දැක්කා අන්තිමට. ඒ නිසයි මම මගේ කමෙන්ට් එක එහෙම දැම්මේ
Deleteදැන් රේඛා ලියන්නෙ මේ බ්ලොග් එකේ.
Deleteලස්සන කියන්න බැහැ නමුත් සංවේදී සටහනක්... ඇත්ත උනත් බොරු උනත් මට කමක් නැහැ.
ReplyDeleteඇත්ත වුණත් බොරු වුණත් මේවා බොරුම නෙවෙයි. මේ වගේ සිදුවීම් ඕනෑ තරම් තියෙනවා.
Deleteසංවේදී කතාවක්.... කොහොම වුනත් පූසො හරි ආදරණීයයි වෙලාවකට....
ReplyDeleteමම පූසන්ට ආදරෙයි. රේඛට ඉතිං පේන්න බෑ.
Deleteඑක එක අයට අයට එක එක ආකාරයේ මානසික තත්වයන් තියෙනවා නේ ඉතින් කවුරුත් ඒකට හිනා වෙන එක වත් ඒ කෙනා මාව අපහසුතාවයට පත් කරන එකවත් වටින එකක් නෙවෙයි කියලා මං හිතනවා අනිත් එක තමයි මල ගෙදර දවසක නැති නෑයොත් අඬන අපූරුව
ReplyDeleteඒවා නං එදිනෙදා දකින දේවල් නේද?
Deleteමටත් පෙන්ඩ බැ ඔය පූස් කුණවල්
ReplyDeleteඅන්න! රේඛට ගැලපෙන මිනිහ
Deleteඅපේ ප්‍රජාවට කචල් දමන පූස් විරෝධීන් තරයේ හෙලා දකිමු.
ReplyDelete-ටිකිරී සඳමාලි, සූකිරි සඳමාල් ඇතුලු එක්සත් ඤා සන්ධානය-
අපේ මහගෙදර පූසන්ට තියෙන්නෙ ඉංග්රිස් නම්!
Deleteඅපේ එකා කිකී, හප්පේ ඌ නැතිව අකොහොම්ද. හරිම වාසනාවන්ත සතෙක්.
DeleteKathawa nam harima lassanayi! E wagema sanwediyi.
ReplyDeleteHabayi mama asama satha thamayi pusa.
මාත් ආසම පූසටනෙ. මේ රේඛට ඕව තේරෙන්නෙ නෑ නෙ
Deleteඋඩුවා මැද පෙරදිග ගිය තරුණියක් කියල දැනගත්තෙ අද? හැක්
ReplyDeleteඋඩුවා නෙවෙයි මේ!
Deleteපූසන්ට නම් එහෙමට සෙට් නෑ..යාලුවටත් සහෝදරයටත් ඉන්නෙ බල්ල තමයි... කාපු බීපු වෙලාවට බලු කතා කියකිය ලඟ ඉන්න මගෙ බල්ල දෙය්යෙක්....
ReplyDeleteමටත් පේන්න බෑ මල කරදරේ
ReplyDeleteලස්සන කෙටි කතාවක්. හැබැයි මම නම් පූසන්ට කැමැතියි.
ReplyDelete