Tuesday, February 20, 2018

ඇමති ආරක්ෂක සහෝදරයා

සහෝදරයා ටෙලිඩ්‍රාම එකේ ජගා කරන කැරැක්ටර් එක පහුගිය සතියේ විතර විශේෂයෙන් මතුකරන්න පටන්අරන් තියෙනවා. මුලින්ම ජගා ඇවිත් බියර් එකක් දීගෙන යද්දීම මට හිතුණා ඒ කැරැක්ටර් එකට වැදගත් කොටසක් ඇති කියල. සමහරවිට ඉදිරියට ඒකට වැදගත් කොටසක් තියෙන්න පුළුවන්. කොහොමත් මේ වෙද්දීත් ඒ කැරැක්ටර් එකට වැදගත් තැනක් ලැබිලා හමාරයි.

කැරැක්ටර් එක රළු මිනිහෙක්. මැරයෙක් නෙවෙයි.






මිනීමරුවෙක්. කුලී මරුවෙක්. 
ආරක්ෂකයෙක්. ඇමති ආරක්ෂකයෙක්. එපාම කරපු මිනිහෙක්. තමන් එක්ක හිතවත්කමට බොන එකාට තග දාන එකෙක්. කේන්තිය වැඩිවුණ විගස තුවක්කුවට අත යන එකෙක්. ඒත් ඕනම මිනිහෙක්ගෙ වගේම මිනිහගෙ හිත ඇතුලෙත් මනුෂ්‍යත්වය තියෙනවා. මිනිහා පීඩිතයෙක්. මිනිහා සැප විඳින්නෙක් නෙවෙයි. පීඩිතයෙක්. එහෙත් මිනිහා කරන්නෙ මිනිස්සුන්ව මරන එක. ඒ නිසාම තව මිනිහෙක් ගැන හිත උණුකරගන්න මිනිහා ලෑස්ති නෑ.

තමන්ට අඬන්න හිතෙන හැඟීම්බර කලාප ගැන කතාකරන්න උට කැමති නෑ. තමන් ළඟ ඉන්න අය තමන්ගෙ හැඟීම්බර කලාප අවුස්සන්න මිනිහ ඉඩකඩ තියන්නෙ නෑ. ඒ නිසාමයි තමන් එක්ක හැමදාම බොන එකාටත් ඕනෙවට වඩා තමන්ට ළංවෙන්න නොදී බයකරගෙන ඉන්නෙ.

මේ සියල්ල ජගත් මනුවර්ණ අපූරුවට ගේනවා. ජගත්ට කරන්න ලැබුණු අපූරුම චරිතයක් මේක. හැඟීම් විරහිත මූණක් ඇතුලෙ හීනියට හැඟීම් මතුවෙලා නැතිකරලා දාන්න ජගත් සමත්වෙනවා.

කතා දෙකක් නෑ. ගිය සතියේ ඉඳන් සහෝදරයා එකේ මම ආසම කැරැක්ටර් එක මේක.


ටෙලිඩ්‍රාම එකේ සමහර තැන් කෙළින්ම දේශපාලන තියරි චරිත ලව්වා කියවනවා වගේ පෙනෙද්දී බෝරිං වගේ වෙනවා. දේශපාලන පංතියක ඉඳගත්ත වගේ වෙනව සමහර තැන්. ඒත් මේ කැරැක්ටර් එක සම්බන්ධ සිදුවීම් ඉතාම ශක්තිමත්. සියුම්. අනෙක් කැරැක්ටර් අරෙහෙ මෙහේ ඉඳගෙන විනාඩි දහය පහළොව, කවි කිය කිය අදින සංවාදවලට වඩා ශක්තිමත්.

මේ කැරැක්ටර් එක කියන ඩයලොග් පවා මාර ශක්තිමත්.

රංගන ශිල්පියෙක් කියන්නෙ මාරම අභියෝගයකට මුහුණදෙන කෙනෙක්. ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් කාලයක් තිස්සේ තමන්ගෙ ඔළුවෙ පැසවපු චරිතයක් තමයි එළියට ගේන්නේ. ඩිරෙක්ටර් කෙනෙක් වුණත් තමන්ගෙ ජීවිත කාලයක දේවල් ස්ක්‍රිප්ට් එක ඇතුලෙන් තමන්ගෙ අභිමතයට යටත් කරගන්නවා. ඒත් රංගන ශිල්පියෙක්ට කොච්චර කළත් කරන්න වෙන පළවැනි වැඩේ ඩිරෙක්ටර්ගෙ ඔළුවෙ මැවෙන චරිතය මවන්න උත්සාහ කරන එක. ඒක ඩිරෙක්ටර්ට ඕනෙ විදියටම නොවෙන්නත් පුළුවන්. ඒත් රංගන ශිල්පියෙක්ව තෝරගන්නෙම ඩිරෙක්ටර්ගෙ ඔළුවෙ මැවෙන දේවල් කරගන්නනෙ.

ප.ලි.
සහෝදරයා කාස්ට් එකේ කලණි දොඩම්තැන්න හැර අනෙක් හැමෝම කට්ට කාගෙන වැඩ ඇතුලෙම තමන්ව මුවහත් කරගත් අය. ලංකාවෙ නිළියො කියල කියාගන්න අය එක්ක ගත්තම කලණි හොඳ තේරීමක් වුණත් චාන්දනී, තුමිඳු සහ රොෂාන්ට මැදිවෙන කලණිව මදි වගේද කියලත් විටෙක හිතෙනවා. කලණි තිරය මත මවන රූපරාමු ප්‍රබල මදි කියල හිතෙනව. ඒක මගේ අවුලක් වෙන්නත් පුළුවන්.

10 comments:

  1. කලණිව මදි වගේද කියලත් විටෙක හිතෙනවා

    අන්න ඒකයි මචං ..... නිර්මානයට මොනතරං සාදාරණයක් කරගන්න පුලුවන් චරිතයක්ද ඒ .... නැවතිල්ලේ හිතනකොට මෙහෙමත් හිතෙනවා.... ඔහොම දෝදු කැරුක්ටර් ඉන්නනේ බං ... මං කියන්නේ නොගැලපෙන තැන්වල ... කරන්ඩ පුලුවන් දේවල් ගොඩක් තියාගන .... ඉදි ආප්පේ උඩින් මස්කට් කෑල්ල තිබ්බා වාගේ ... නිර්මාන කරුවා එහෙම එකක් හිතුවද කියලත් හිතෙනා.... කෙහොම උනත් කලනි නං ..හොදටම මදි .... සාම්ප්‍රදායික නිලි ලක්ෂණ නොමැති නිසා ජාම බේරෙනවා උඩුවෝ .... ඒ උනාට හිතහං ඔය චරිතය ..... හම් කාටද .... කවුද බං අර පාදුක්ක ද පාදුක්ක ගේද එයාට ලැබුනනං .... අඩුම තරමේ යුරෙිට ලැබුනත් යමක් කරයි.... තව ගොඩක් අය ඉන්නවා.... සතෙං සතේ උනත් එහෙමයි... හැබැයි කතාවේ හැටියට අරූ උස්සන්ඩ ඕන ටොයි ටොයි ටං ටිං ගාන සුදු හම තියන කැතලික් ටැමිල් කෑල්ක් ... ඒකට හරියන ( ඉදගන්ඩවත් දන්නේ නැති ( තව වරහනක් ඇතුලේ කතෝලික ) කියන්ඩ තේරෙන්නේ නැ බං ) නිලියක් අපිට ඉන්නවද .... ඉස්සර හිටියා .... දැං නැ ඉන්න උන් වයසයි....සෙරිල් ඩෙකර් ඕය කැරැක්ටර් එකට හරි යනවා ... කරුමෙට ඒකිට රගපාන්ඩ බැ.... දැනට අපිට ඉස්සරහට හොද නිලියක් වෙයි කියල හිතන්ඩ පුලුවන් එක්කෙනෙක් ඉන්නවා... අර දෙවනි ඉනිමේ චුටි මැණික .... හැබැයි ඒකිත් පරිසං වෙන්ඩ ඕන .... එකක් සීනි බෝලයක් නොවී තෝරාගන රගපාන්ඩ ... අනික තමා ආමාසෙයි කටයි පාලනය කරගන ඒකිගේ අම්මා වාගේ නොවී ඉන්ඩ ... නැත්තං දුලිකට වෙච්ච දේම තමා .... ආ අරකිගේ නම අනුරුද්ධිකා පාදුක්කගේද කොහෙද

    ReplyDelete
    Replies
    1. යුරෙිට නෙමෙයි යුරේනි නෝශිකා

      Delete
    2. ඒක තමයි ඉන්නෙ. දැන් සීන් එකේ ඉන්න හැම නිළියකටම වඩා කලණිනං හොඳයි කැරැක්ටර් එකට. කලණි ඇත්තටම හොඳ වැඩකට ගන්න පුළුවන්. හැබැයි මේ ටෙලිඩ්‍රාම එකේ එයාටයිම් එකෙන් වැඩිපුර ප්‍රමාණයක් පෙන්නන්නෙ කලණිවනෙ. එයා අඬන හැටි, හිනාවෙන හැටිනෙ. එකම විදියට මූණ ඇලකරගෙන, අඬන එකයි හිනාවෙන එකයි එකම වියලි විදියට කරන්න ගියාම මේ කැරැක්ටර් එක මුහුණදෙන අත්දැකීම් අස්සෙන් රිංගන්න අපට බැරිවෙනවා. 'අපෝ අදත් අරයගෙ ඇඬියාව බලං ඉන්න වෙයිද කියල හිතෙනවා.'

      Delete
  2. දේශපාලනිකව මම අකමැති කෙනෙක් තමයි ජගත්

    සමනලිත් එහෙයි හැබැයි නලුවෙක් නිලියෙක් විදිහට කැමතියි

    කොටින්ම සමනලි මගේ ඩ්රීම් ගර්ල්

    උඹත් එහෙම මතවාදීව උඹත් එක්ක මට බොහෝම පුරස්න තියනවා හැබැයි මම ආසා කරන විදිහේ ආදරණිය මිනිහෙක් උඹ

    ඒක නෙමෙයි සමස්තයක් විදිහට ගත්තහම උඹට මොකද හිතෙන්නේ කූඹියෝ ගැන

    ReplyDelete
    Replies
    1. කූඹියෝ එක මම ආතල් එකේ බලනවා. ඒත් ලංකාවෙ ටෙලිඩ්‍රාම වලට දශක ගාණකට පස්සෙ ආපු මාර ටෙලිඩ්‍රාම වගේ කතා මම විශ්වාස කරන්නෙ නෑ

      Delete
  3. සොරි මචං මං ගොඩක් ඉඩ නාස්ති කලා .... අද මං බොහොම හිත නිදහසේ ඉන්න දවසක් .... කාලයකින් ...

    ReplyDelete
  4. ආප්ප බාස් කෙනෙකුගේ චරිතයක් තිබුණා නම් ඔන්න උඩුවාටත් යන්න තිබුණා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. සහෝදරයා එකේ තියෙන චරිත අපට මැච් වෙන්නෙ නෑ. මොකද ඒකෙ පෙන්වන්න මාධයවේදියෝ වුණත් තැනින් තැන කතාකරනවා, ඇවිදිනවා... හැබැයි එයාල කරන වැඩවල හැටියට එහෙම ඇවිද ඇවිද ඉන්න විදියක් නෑ. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙක් කියන්නෙ ඔලුව උස්සගන්න වෙලාවක් නැති මිනිහෙක්.. ( මම ඔළුව උස්සගෙන ඉන්නෙ මම ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙක් නොවාන හින්ද )

      Delete
  5. Atamo, Uduwo,
    Koombiyo poddda podda awul wegena enawa kiyala hithenne mata witharada? Feeel sad as I loved that tele drama. (im sorry I do not have Sinhala font and im very poor in technology. a old man..!)

    ReplyDelete
  6. සහෝදරයා එකට මුකුත් ලියන් තවම කල් මදි කියල හිතෙනවා. දැනට චරිත ගලාගෙන යන විධිහේ ලොකු අවුලක් මට පේන්නේ නැහැ . අජන්ත සමාජවාදියෙක් වුනත් කලණි හා තමන්ගේ ම කෙල්ල දිහා බලන්නේ වුනත් මහා පුරුෂෝත්තමවාදී විධිහට කියල පෙන්වනවා. ගොඩක් සමාජවාදී කියා ගන්න අයගේ චරිත ලක්ෂණයක් හැටියට මමත් ඒක දැකල තියෙනව ඒ විධිහටම වගේ. ගැහැනුන්ට කියන්නේ ඕනේ නැහැ වගේ මතයක ඉන්න කෙනෙක්. මමත් ඔය රස්තියාදුකාර/ඇමැති ආරක්ෂක චරිතයට උඩුව කිව්වා වගේ කැමතියි

    ReplyDelete