ප්‍රසන්න
විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම එක්ව නිර්මාණය කළ තුන්දෙනෙක් චිත්‍රපටිය තව ටික දවසකින් සිනමාහල්වල දකින්නට ලැබේවි. යුද්ධයෙන්
පසුව මිනිස්සු’ තුන්දෙනෙක් චිත්‍රපටියෙ තේමාව වුණා. ඇය, ඔහු සහ අනෙකා චිත්‍රපටියේ
තේමාව වුණා. යුද්ධයේදී තෝරාගන්නේ මොන පිල වුණත් ඒ මැද සිටින්නේ මිනිසුන්. ආදරය
දැනෙන මිනිසුන්, බිය දැනෙන මිනිසුන්, තමන් කළ වරදකට වරදකාරීත්වය දන්නා මිනිසුන්.
තුන්දෙනා |
ඇය
ප්‍රසන්න
විතානගේ නිර්මාණය කළේ ‘ඇය’ නම් කොටස. ඇය නිර්මාණය වෙන්නේ කේසාගේ කතාව ලෙසද එය
නම් කර තිබුණා. කේසා සහ ඇය අතර කතාවයි එහි තිබුණේ.
යසෝ ශ්‍රී
ලංකා යුද හමුදාවේ සෙබළෙකුගේ බිරිඳක්. මියගිය සෙබලාගේ සිරුරේ තිබී කේසාට ඇගේ දුරකථන
අංකයත් ඡායාරූපයත් මුණගැහෙනවා. ඔහු ඇයට කතාකරනවා. ඇයට ඇගේ පෙම්වතා ජීවත්ව සිටින
බවට බොරු කියනවා. ඔහු මියගිය බව ඇයට කියන්නට කේසාට බැරිවෙනවා. යුද්ධයෙන් වසර
කිහිපයකට පසුවත් ඔහුගේ හිතේ ඒ පැනය වධදෙනවා. ඒ අතරේදීයි ඔහු හඳගමව මුණගැහෙන්නෙ.
හඳගම සමඟ ඔහු ඇයව සොයා යනවා. එයයි චිත්‍රපටියේ කතාව දළ වශයෙන් ගත්තොත්.
කේසා සහ හඳයා |
කේසා නම්
චරිතය තමයි සංවේදීම තැන. සැබෑ ජීවිතයේදී දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වන
කේසවරාජන් නවරත්නම් මහතා විසින් මේ චරිතය රඟපෑවා. මේ පිටපත රචනා කර තිබුණේත්
කේසවරාජන් නවරත්නම් මහතාගේ අත්දැකීමක් ඇසුරු කරගෙන. සැබෑ අත්දැකීම නෙවෙයි. එහි
එන කේසා නම් චරිතයත් කේසවරාජන් නවරත්නම් ඇසුරෙන් තැනුනු එකක්. අශෝක හඳගම ඇසුරෙන්
තැනුනු හඳගම නම් චරිතයත් ඔහුව විසින්ම රඟපානවා. මතක තබාගත යුතුයි. මේ කිසිවක්
සැබවින් සිදුවූ ඒවා නෙවෙයි. මේකට පදනම් වුණ සැබෑ සිදුවීම කේසවරාජන්ගෙන් මම අහපු
සැබෑ කතන්දර අතරින් සංවේදීම එකක්. ප්‍රසන්න විතානගේයි ඒ කතාව ඇසුරෙන් ඇය නම් පිටපත
ලියන්නේ.
හඳගම කියන්නේ
අපූරු මනුස්සයෙක් බවට කතා දෙකක් නෑ. හඳගම තරම් සංවේදී, එහෙත් මුහුණෙන් හැඟීම්
නොපෙන්වා සිටින තවත් මිනිසෙක් මම දන්නෙ නෑ. හිතාමතතා නොපෙන්වනවාද, ඒ ඔහුගේ
හැටිදැයි අපි දන්නේ නැහැ. ඒත් අශෝක හඳගම නම් චිත්‍රපටි අධ්‍යක්ෂ පෞරුෂය පසෙකින්
තැබුවත් ඔහු අපූරු පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයාව සැබෑ ඔහු ඇසුරෙන් තැනුණු
චරිතයක් රඟපාන්න යොමු කිරීම ප්‍රසන්න විතානගේ ගත්ත බුද්ධිමත් තීන්දුවක්. කේසා
වුණත් එහෙමයි.
චිත්‍රපටියේ
එක් තැනක කේසා සහ හඳයා රාත්‍රියක, වනාන්තර පාරක, වෑන්රියක මධුවිතක් තොලගාන්න
පටන්ගන්නවා. වෑන්රිය තෙල් අවසන් වීම හින්ද නතර වෙලා. මේ දර්ශණය හරිම සුන්දරයි.
කේසා, අපූරු රංගනයක් ගෙනෙනවා. ශිවාජි ගනේෂන් රඟපෑ උය(ර්)න්ද මනිදන් චිත්‍රපටියේ
අන්ද නාල් කියන ගීතය රේඩියෝවෙන් ඇහෙනවා. ඒ ගීතය ගයන ගමන් කේසා කතාකරනවා. ඒ දර්ශණයට
පුදුමාකාර හැඟීම්බර ශක්තියක් තියෙනවා.
ඔහු
විමුක්ති
ජයසුන්දරගේ චිත්‍රපටිය ඔහු. කල්පිටියේ ගමක සිටින තරුණ මවකගෙ බාල පුතා. ඔහු තමන්ගේ
පෙර ආත්මයක් ගැන කතාකරන්නට පටන්ගන්නවා. දරුවා කියන ආකාරයට ඔහු පෙර ආත්මයේ
එල්.ටී.ටී.ඊ. සෙබලෙක්.
අලුත් අත්දැකීමකට මුහුණදෙන ගුරුවරයෙක් |
මේ කතාව
කල්පිටියට ගෙනයන්නත් හේතු තියෙනවා. සාම්ප්‍රදායික සිංහල ගමකින් පැමිණි සිංහල
ගුරුවරයෙක්. ඔහුට සිංහල භාෂාව ලෙස උගන්වද්දී බොහෝවිට උගන්වන්න වෙන්නේ සිංහල බෞද්ධ
ඉතිහාස කතා ආදිය. එහි වරදක් ඇතැයි කියනවා නෙවෙයි. එහෙත් මේ ඉතිහාසයේ දෙමළ,
මුස්ලිම් ජනතාව ගැන නැහැ. සිංහල ගමක සිටින කෙනෙකුට එය ගැටලුවක් නොවෙන්න පුළුවන්.
ඒත් ඔහුට මුණගැහෙන්නේ කල්පිිටියේ මිනිසුන්. එකට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මිශ්‍ර
වී සිටින පෙදෙසක්. පොඩි පොඩි වෙනස්කම් ඇතිව. සිංහල සහ දෙමළ භාෂා දෙකම කතාකරන
මිනිසුන්. සිංහල අයත් වැඩිපුර දෙමළ කතාකරනවා. මේ ගුරුවරයා ඒ ගැන පුදුම වෙනවා.
ළමයින් ගුරුවරයාගෙන් අහන්නේ ‘සර්, ඉතිහාස කතාවල දෙමළ මුස්ලිම් අය නැත්තේ ඇයි?’
කියලා.
‘එළාර කියන්නෙ
නරක වචනයක්නෙ. ඇයි ඒ ළමයට එළාර කියන්නෙ? එළාර කියන්නෙ හොඳ වචනයක් නම් ඒ ළමයට
කේන්ති යයිද?’ පන්තියේ ළමයෙක්ට එළාරයැයි කතාකරන සිසුවෙක්ට ගුරුවරයා තරවටු කරන්නේ
එහෙම.
යාපනයේ
පුස්තකාලය අසල හන්දියේ ලාංකේය ‘ශ්‍රේෂ්ඨ’ දෙමළ රජුන්ගේ පිළිම හතරක් තියෙනවා. ඒ අතර
එල්ලාලන්ද ඉන්නවා. එහෙත් දකුණේ ඉතිහාසය තුළ එළාර දුෂ්ඨයෙක්.
උතුරේ හැඩි
දෙමළු සිටින නිසා අතපය දිගහැරල නිදාගන්න බැරි බව කීව දුටුගැමුණු කුමාරයා ගැන
කතන්දරයි අපේ පාඩම් තුළ උගන්වන්නෙ. දෙමළ දරුවන්ටත් ඒවා එලෙසම කටපාඩම් කොට විභාග
උත්තර පත්‍රවලට ලියන්නට වෙනවා. ඒත් ඒ සිංහල ඉතිහාසය දෙමළ හෝ මුස්ලිම් දරුවන්ට
වැදගත්ද? ලංකාවෙ මුස්ලිම් ජනතාවගේ ආගමනය සහ වර්ධනය ගැන පාසැල් පෙළපොත්වල පාඩම් කෝ?
යාපනය රාජ්‍ය ගැන පුංචි පාඩම් කැබලිවලට අමතරව ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය ගැන
සියළු දරුවන්ට බෙදාගන්නට තරම් දැනුම අධ්‍යාපන පද්ධතිය තුඛ කෝ? අවංකව සිතන්නෙකුට
මුණගැහෙන ප්‍රශ්ණ මේවා.
බැලූ බැල්මට
තාරුණ්‍යය සමඟ යමක් කළයුතුයැයි සිතන නිසාම සමාජයට අනුව ‘මෝඩ’ අවංකකමක් ඇති මේ
ගුරුවරයාට සංකීර්ණ මොහොතකට මුහුණදෙන්න වෙනවා. ඔහු දකුණේදී පිළිගත් සිංහල බෞද්ධ
විශ්වාසයන්ට කල්පිටියේදී අභියෝග එල්ලවෙනවා. ඇත්තටම ඔහු තමන්ම විශ්වාස කරන දේවල්
ගැන ප්‍රශ්ණ කරන්න පටන්ගන්නවා.
සිංහල අදහස්
විසින් ඔහුගෙ ඔළුවට පටවපු දේවල් වෙනුවට සැබෑව ඔහුට මුණගැසෙන්නට පටන්ගන්නවා.
තමන්ගේම විශ්වාසයන් ගැන යළි සලකා බලන්නට පටන්ගන්නවා. ජාතිකවාදී අදහස් ඇති අවංක
මිනිසෙක් වෙනස්වෙන්නට පටන්ගන්න මොහොත එයයි. විමුක්ති එය සිනමාවට ගේනවා.
එල්ටීටීඊ
කාරයෙක් යළි සිංහල පවුලක උපදීම. අනෙක් පැත්තෙන් දෙබස් අතරට මුස්ලිම් ජනතාවත් එනවා.
මුස්ලිම් ජනතාව අතර සිංහල ජනතාව අතර ඇති සාම්ප්‍රදායික සැකය. ජනමාධ්‍ය එනවා.
යුද්ධයේදී වැදගත්කම කොටසක් කරන්නේ ජනමාධ්‍ය.
අනෙකා
අනෙකාද මේ කතා
දෙක තරම්ම සංවේදියි. කොළඹ අතුරුදන්වූවන් ගැන විරෝධතාවයකට පැමිණෙන කාන්තාවන්
දෙදෙනෙක්. මවක් සහ වැන්දඹු තරුණියක්. දෙදෙනා හමුවෙන්නේත් මේ විරෝධය නිසායි. ඒ අතර
මව තමන්ගේ පුතාව හදිසියේ දකිනවා. ඇය පුතා පස්සෙන් ගියත් ඔහු ත්‍රීවීල් එකක නැඟී
යනවා. අම්මා තවත් ත්‍රීවීල් එකක් අල්ලාගෙන පුතා පසුපස යනවා. පුතාව අල්ලාගන්නට
බැරිවෙන මවත්, ඇය සමඟ සිටින වැන්දඹු තරුණියත් සමඟ අර තරුණයා කොළඹ පොලීසියකට යනවා.
පොලීසියෙන් අසන්නට ලැබෙන්නේ ජාතිවාදී කුණු බැණුම්.
යුද්ධය විසින් ඉතිරිකළ අනෙක් මිනිසුන්. සැබවින්ම ගැහැණුන්!!! |
යුද්ධය සමඟ
රාජ්‍ය විසින් නිර්මාණය කළ අලුත් සත්‍යයන් තිබුණා. ඒ අලුත් ඇත්තවල් දකුණට
පිළිගැනීම අපහසු වුණේ නැහැ. ඔවුන් යුද්ධයට වඩා බොහෝ ඈතින් සිටි නිසා. තමන්ගේ තර්ක
තහවුරු කරගන්න අවශ්‍ය තරම් කරුණු දකුණට තිබුණා. එහෙත් උතුරට එලෙස රාජ්‍යය නිර්මාණය
කරදුන් අලුත් ඇත්ත පිළිගන්න බෑ. ඔවුන් එදිනෙදා රාජ්‍යයේ සත්‍යයට පිටින් ඇති සැබෑ
සත්‍යයට මුහුණදුන්නා.
සිවිල්
වැසියන් හමුදාව අතින් ඝාතනය වීම, යුද්ධයේදී බාරවුණු සෙබළුන් අතුරුදන්වීම වැනි සත්‍යයන්
සමඟ ඔවුන් එදිනෙදා පීඩා වින්දා. සෙබළුන් සලකුණක් නැතිව අතුරුදන්වීමත්, සිවිල්
වැසියන්ද අතුරුදන් විමත් ඔවුන්ට මුහුණදෙන්න සිදුවුණා.
‘යුද්ධයට ගිය
සෙබළු එක්කෝ මැරිලා, නැත්නම් හමුදාවට බාරවෙලා. හමුදාවට බාරවුණානම් පුනරුත්ථාපනය
කරලා නිදහස් කරලා. ගෙදර ආවේ නැත්නම් ගෙදර එන්න අකැමති ඇති.’ පුතා ගැන පැමිණිලි
කළාම පොලීසියෙන් කියන්නෙ එහෙමයි. අන්තිමේදී මේ තිදෙනා ඒ සෙබලාව සොයා යනවා.
තමන්ගේ පවුලේ
අය නැවත එනතුරු බලා සිටින මව්වරුන්ගේ කතාවයි එහි එන්නේ.
තවත් කතා
යුද්ධය
අවසානයි. එහෙත් යුද්ධයෙන් ඉතිරි කරපු ප්‍රශ්ණ, යුද්ධයේ කැළැල් තවම තියෙනවා.
චිත්‍රපටියේ
නළුනිළි තෝරාගැනීමටත් උපරිම කැමැත්ත පළකරන්න ඕනේ. නළුනිළියන් ලෙස දකුණේ තිරය මත
හුරුපුරුදු මුහුණු චිත්‍රපටියට හිතාමතා තෝරාගෙන නැහැ. ඉතින් ඒ මුහුණු අපට අලුතෙන්
මුණගැහෙද්දී මේ චරිතවලට අදාලව අලුතෙන්ම ඒ මුහුණු කියවාගත හැකියි. යසෝධාව කේසාට
මුණගැහෙන අවස්ථාව එබඳුයි. යසෝධාට රඟපාන තරුණියට චරිතය මනාව පෙන්වන්න පුළුවන්
වුණායැයි මම හිතනවා. චිත්‍රපටිය පුරාවට ඡායාරූපයක සිට එක්වරම මැවෙන රූපයක්.
සුරංගනාවියක් බලාපොරොත්තුවෙන් සිටින අපට මුණගැසෙන කටුක සත්‍යයක්.
චිත්‍රපටි
තුනම මැද ප්‍රධාන කතාව අස්සේ ගොඩනඟන අතුරු කතාද සුන්දරයි. අනෙකා චිත්‍රපටියේ ත්‍රීවීල්
රියැදුරා සහ උතුරේ තරුණ වැන්දඹුව අතර ඇතිවෙන ගණුදෙනුව එවන් සුන්දර අතුරු කතාවක්.
දෙමළ තරුණියක් සහ සිංහල තරුණයෙක් අතර ආදර බැඳීමක් චිත්‍රපටියේ ගොඩනැඟෙන්නෙ නෑ. ඒ
වෙනුවට ඇය ඔහුගේ කරුණාවන්තභාවයට ස්තූතිවන්ත වෙන අතරේම ඔහු දකුණේ මිනිසෙක් නිසාම
ඔහුගෙන් හැකිතරම් ඈත්ව සිටින්නට උත්සාහ කරනවා.
ලංකාවේ දැන්
ජීවත්ව සිටින ගෞරවණීයම සිනමාකරුවන් තිදෙනෙක් එක්වීම අපූරුයි. එක් යුගයක් නියෝජනය
කරන සිනමාකරුවන් තිදෙනෙක් එක්ව මෙවන් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ඓතිහාසිකයි.
යුද්ධය ගෙවී
වසර නවයක් ගෙවුණත් තුවාල එහෙමමයි. ඉතින්, කලාකරුවා මේ මහා ඛේදවාචකය කෙලෙස මඟහැර
යන්නද?
එහෙත් මට
මෙවැන්නක් හිතෙනවා. හඳගම, විමුක්ති සහ ප්‍රසන්න කියන තුන්දෙනාම සියුම් විදියට මේ
ප්‍රශ්ණය ස්පර්ශ කරන්නට සහ සිනමාව නැරඹිමේ අත්දැකීම් ඇති සුළුතරයකට සාර්ථක ලෙස
ආමන්ත්‍රණය කරන්නට සමත් සිනමාකරුවන්. තුන්දෙනෙක් මගේ අදහස අනුව හොඳ චිත්‍රපටියක්.
එහෙත් මම කැමතියි සාමාන්‍ය මිනිසුන්ගෙ සාමාන්‍ය අවබෝධයට මේ ප්‍රශ්ණය වැදෙන විදියේ
චිත්‍රපටියක් නිර්මාණය වෙනවානම්. මේ තිදෙනා අතරින් නෙවෙයි. මේ චිත්‍රපටියට අමතරව
තව නිර්මාණයක්.
යුද්ධය නම්
ගැටලුව තේමා කරගත්ත ගාමණී වගේ චිත්‍රපටියක් සරල විහිළු එක්ක සාමාන්‍ය ජනතාව තදින්
ආමන්ත්‍රණය කරන්න සමත්වුණා. යුද්ධය රෝමාන්තීකරණය කළා. කමෝන්, අපි මහා ඉහළින්
වර්ණනා කරන බූඩි කීර්තිසේනගෙ චිත්‍රපටිය ඇතුලෙ පවා යුද්ධය රෝමාන්තීකරණය වුණා.
ඉතින්, මේ යුද්ධයේ සැබෑ ඛේදවාචකය ගැන කතාකරන්නට සමත් ජනප්‍රිය නිර්මාණයක් කළ
නොහැකිද? සමාජ ප්‍රශ්ණ ගැන ගැඹුරු දැක්මක් සමඟ ජනප්‍රිය නිර්මාණ කරන්නට සමත්
නිර්මාණකරුවන්ගේ යුගය කවදා පැමිණේවිද??
ෂුවර් එකට ඉවර උනහම අගක් මුලක් හිතාගන්ඩ බැරි වෙයි
ReplyDeleteමේක නං අගක් මුලක් තේරෙන චිත්‍රපටියක්.
Deleteමම මේක බැලුවේ නෑ.. බලන එකකුත් නෑ..
ReplyDeleteඒත් උඹට පුළුවන්නම් Incendies (2010) හොයාගෙන බලපන්... අන්න ෆිල්ම්
මම පෝස්ට් එක දැක්කා. දැනටමත් ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. බලන්න වෙලාවක් ආවෙ නැහැ තාම.
Deleteබලපු නැති උන්ට ස්පොයිලර් ඇලර්ට් දියං ..
ReplyDelete//ඉතිහාස කතාවල දෙමළ මුස්ලිම් අය නැත්තේ ඇයි?’ කියලා.
ReplyDeleteමටත් ඔයවගේම ගැටළුවක් තියෙනවා.
ඇයි කැමිලස්ගේ කාටුන්වල මගෝඩිස් තුමා සිංහලයෙක්ම වුනේ.
ඇයි සුනිල් පෙරේරාගේ සිඤ්ඤෝරේ සිංහලයෙක් වුනේ.
මේකනම් නිකම් පෙන්නුවත් බලන්න අදහසක් නෑ.
අශෝක හඳගමගේ හොඳන චිත්‍රපටය හැටියට මම දකින්නේ චන්ද කින්නරී චිත්‍රපටය.
එයින් මත්පැන් පානයේ ආදීනව ගැන හොඳට කියැවෙනවා.
විලියම් කශේක්ෂ්පියර් ඔතෙලෝ වගේම වැනීසියේ වෙලෙන්දත් හැදුවා.
අපේ එවුන් හැමදාම හදන්නෙ ඔතෙලෝ. මට දැන් ඔතෙලෝ එපා වෙලා.