Wednesday, May 20, 2015

මහින්ද විහිළුවක් විතරයි...


අවන්ත ආටිගලගේ කාටූනයකි
මහින්ද රාජපක්ෂ සහ ඔහුව අගමැති කළ යුතුයැයි කියමින් රටවටා යන කල්ලිය දේශපාලනිකව අභියෝගයක් යැයි කවුරුන් හෝ සිතිය හැකිය. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කරන සටන් පාඨ පරාජය කර දැමිය යුතුය. එහෙත් මා නම් හිතන්නේ මේ දේශපාලන කඳවුර (විශේෂයෙන්ම මහින්ද) විහිළුවකට වඩා වැඩි යමක් නොවේ. (එකපාරම මට එහෙම හිතුණා)
මා එසේ කල්පනා කළේ පසුගිය දවසක මහින්ද අර අමුතු පහනක් වැනි එකක් පත්තු කළ අවස්ථාවේදීය. මීට පෙර මහත් අභිමානයකින් හමුදාව පැමිණ ආචාර කරද්දී සිටගෙන සිටි මහින්දට පහන් පත්තු කරන්නටද සිදුවිය.

ඉස්සර ඕනෑ තරම් මහින්දට වේදිකා තිබුණු නමුත් දැන් මහින්දට දේශපාලන ව්‍යාපෘතිය සඳහා පන්සල් ගානේ යන්ට සිදුවී ඇත. ඉස්සර ටෙලිකොම්පරේ ලඟ තබාගෙන අභිමානයෙන් කතා කළ මහින්දට දැන් ජනෙල් වලින් ඔළුව දමා හෝ වාහනයකින් ඔළුව දමා කතා කරන්නට සිදුව ඇත.

අනික මහින්ද පාලනයේ අන්තිම කාලය කොහොමත් දිව්වේ මහින්දගේ කතා වලට වඩා ඒ කතා රාජ්‍ය නාලිකා වලින් වර්ණනා කරන වන්දිභට්ටයන් නිසාය. ඉතුරු වුණ වන්දි භට්ටයන් තවම හිටියත් ඔවුන්ට රාජ්‍ය නාළිකාවල අනුගහය නැත. (දෙරණ අපේ ගම්වලට පේන්නෙ නැහැ)


ඊයේ පෙරේදා ටීවී එකේ මහින්ද කතා කරනු බලමින් උග්‍ර මහින්දවාදියෙකු වන අපේ ආච්චි අම්මාද මහින්දට බැන්නාය. ( ගමේ පන්සලට ගිහින් ගෙදරට වෙලා ඉන්නෙ නැතිව පන්සල් ගාණෙ යන නිසා. එයාට තේරෙන්නෙ නෑ මේක පොලිටිකල් ප්‍රොෙජක්ට් එකක් කියල) ජීවන් කුමාරතුංගද මහින්දට කටවහගෙන ඉන්නැයි කියා තිබුණි. 

(දැන් ප්‍රසිද්ධියේ මහින්දට බණින්නත් කට්ටිය බය නැහැ)


මැතිවරණ ව්‍යාපාරයකට ආවොත් මහින්ද තවත් පච වෙනු ඇත. දැන් රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය නිසා මහින්දවාදීන්ට ගැමි ඡන්දදායකයන් වෙත මතය ගෙනියන්නට බැරිය.

සීනිගම ගිහින් පොල් ගහනවා වැනි වැඩ වලින් මහින්ද තවත් පල් වෙයි.


මෛත්‍රිට වඩා සිංහල ෆැන්ටසි රජා ලක්ෂන තිබෙන්නේ මහින්දට යැයි නිර්මාල් කීය. ඒක ඇත්තය. එහෙත් ගමට යන මා දකින්නේ නම් පාරට වැටුණු රජා දැන් අමු පල් වී ඇති බවය. ඡන්ද වේදිකා වලදී ගොන් කතා කිහිපයක් කියූ පසු මහින්ද මුත්තාට මංගල කීවා වාගේ ගෙදරට වී ඉන්නට සිදුවනු ඇත. (පළාත් මහ ඇමති කරනු කියල සටන් පාඨයක් නොආවොත්. එහෙම ආවොත් ඒකටත් මිනිහ එන්න ඉඩ තියෙනව. එච්චර අප්සෙට් ජොකියෙක්)


2 comments:

  1. ඕකනේ පුටුව.... ඒකනේ එන්න හදන්නේ ... පඬුපුල් ආසනේ .. ඒ මොන ජරාවක්ද මේකනේ පුටුව

    ReplyDelete
  2. වත්පොතේ මුහින්ද රාජුපක්ස කියන ප්‍රොෆයිල් එක දැකලා තියෙනවාද? මුළු පවුල් ගසම වගේ ඉන්නවා.

    https://www.facebook.com/MuhindaRajupaksa

    ReplyDelete