Tuesday, October 13, 2015

මීඩියා මර්ධනය කළාට අපට මොකෝ?

මාධ්‍ය මර්ධනය සාමාන්‍ය කෙනෙක්ට වැදගත් මාතෘකාවක් නොවෙන්න පුළුවන්. මාධ්‍ය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙත් දේශපාලනය ගැන උනන්දු වෙන ඕනම කෙනෙක් මාධ්‍ය ගැන උනන්දු වෙන්න ඕන.

මෙහෙම පැහැදිළි කරන්නම්. කැලණි ගඟේ ජලය විෂ වෙලා මිනිසුන්ට පිළිකාකාරක සහිත ජලය බොන්න සිදුවීම, ඉන්දියානු ට්‍රෝලර් ලංකාවට එන නිසා උතුරේ ධීවරයන් දුක් විඳීම, රතුපස්වල මිනිසුන් තවමත් විස වතුර බීම, උමා ඔය නිසා බණ්ඩාරවෙල සිද්ධ වෙන විනාසය, කර්මාන්තශාලාවක් නිසා දැදුරු ඔය මරණාසන්න වීම, මිනිසුන්ගේ ජීවන අර්බුදය වගේ දේවල් විසඳන්න බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒත් ඒ ප්‍රශ්ණ පෙන්වලා ජනමතයක් හදලා විසඳුමක් කරා ගෙනියන්න හැකියාව තියෙන්නේ මාධය වලට.


සිව්වෙනි ආණ්ඩුව මීඩියා කියලා කියනවා.

ඒ සංකල්පය හැදෙන්නේ ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය කියන ආණ්ඩුවේ කොටස් තුනට අමතරව වර්ථමාන ලෝකයේ තවත් ආණ්ඩුවේ අංගයක් ලෙස මාධ්‍ය වැඩ කරනවා කියලා. ඒ කතාව සහතික ඇත්ත. ප්‍රශ්ණය තියෙන්නේ අනිත් ආණ්ඩු තුන වගේම මේ සිව්වෙනි ආණ්ඩුවත් ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි. දූෂිතයි. අනිත් කොටස් තුන වගේම මේකත් ධනය බලය තියෙන එක්තරා කොටසක් විසින් පාලනය කරනවා. ඒ නිසා තමයි සීමා කරපු දේශපාලන කතා ටිකක් ඇරුණම සාස්තරකාරයන්  ගැනයි, අපරාධ ගැනයි, හොල්මන් කතා ගැනයි කතා කර කර මීඩියා අයාලේ යන්නේ. මීඩියා ගැන අයිවන්ගේ සටහක්

මට හිතෙන්නේ අනිත් ආණ්ඩු තුන ගොඩගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ සිව්වෙනි ආණ්ඩුව පිරිසිදු කරලා ඒක ස්වාධීන සහ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් බවට පත් කරන එක.

ඒක කරන්න පුළුවන් මාධ්‍යවේදීන් කියන කණ්ඩායමට ස්වාධිනව වැඩ කරන්න පසුබිමක් හදාදීමෙන්. මේ වෙද්දී මිනිස්සු මාද්‍ය කරන වැරදි හැම එකකටම ඇඟිල්ල දිගු කරන්නේ මාධ්‍යවේදීන්ට. (ඒකට සාධාරණ හේතු තියෙනවා)

ඒත් සැලකිය යුතු මාධ්‍යවේදීන් පිරිසක් වැඩේට අවංක දක්ෂ අය ඉන්නවා. (ආයතන වල තැන ලැබෙන්නේ තව කෙනෙක් කිව්ව දෙයක් බෙහෙත් සීට්ටුව වගේ ලියන අයට. දක්ෂයෝ කපල දානවා)

මාධ්‍යවේදී සමාජය ශක්තිමත්ව නැඟී සිටින්න ඕන. ඒකට පුරවැසි සමාජයේ සහයෝගය ලැබෙන්න ඕන.

අළුත් ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්නේ නැද්ද?

මේ වෙනකොට අළුත් ආණ්ඩුව අතේ කුණු පොදක්වත් ගාගන්නෙ නැතුව මර්ධන දැළ එළමින් ඉන්නවා. මාධ්‍ය සමාජයේ බහුතරයක් මේක ගැන හරියට දන්නෙ නැතිව නිදි වගේ හිටියට අපට හොඳින්ම පේනවා. (කලින් ආණ්ඩුව වගේ සුදු වෑන්වලින් උස්සන, මහපාරේ මරාදාන වැඩ නෙවෙයි මෙයාල කරන්නේ.)

ආණ්ඩුවට මුලින්ම ඕන ජනමාධ්‍ය සිවිල් සමාජය (සංගම්, වෘත්තීය සමිති) තමන්ගේ අල්ලේ නටවන තැනකට ගේන්න. ඒකෙන් මාධ්‍ය මර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන. මේක වක්‍රාකාර ගේමක්.

මේ වෙනකොට ආණ්ඩුවට අවශ්‍ය විදියට වැඩ කරන්න වෘත්තීය සංගමයක් හදාගෙන යනවා. ( අළුතින් හදන්න කලින් ගහන්න හදපු ගේම මෙතැනින් ) නම් කියන්න බය විය යුතු නෑ, වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය කියන නමින් දීප්ති අධිකාරී කියන මාධ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු කෙනාව ඉස්සරහට දාගෙන තමයි මේක කරන්නේ. මේක පිටිපස්සේ තමන් දැන් පරිපාලකයෙක් නිසාත් මාධ්‍ය සිවිල් සමාජයේ සැලකිය යුතු පිරිසක් පිළිකුලෙන් හෙළා දකින නිසාත් එළියට නොඑන මහත්තයෙකුත් ඉන්නවා.අනිවාර්යයෙන් සියල්ල පිටිපස්සේ ගයන්ත කරුණාතිලක ඇමතිවරයා ඉන්න බව දීප්ති ලිපියක් ලිව්ව ගමන් ඒකට ඇමතියා ප්‍රතිචාර දක්වපු විදියෙන් පේනවා. ඔය මහත්තුරු ගැන බිඟුන් ලියූ සටහන


ඉස්සරහට ආණ්ඩුව කරන වැඩකට මාධ්‍ය විරුද්ධ වුණොත් අර සංගමේ ඉස්සරහට පැනලා ඒ අයට ගහයි. ආණ්ඩුවේ අතේ කුණු නෑ. පුවත්පත් මණ්ඩලේ කියන අතිශය මර්ධනකාරී කැලෑ උසාවිය දැන්  පත් කරලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙනකොට මේ සංගම්වලින් ආවරණය ලැබේවි. 

පුවත්පත් ආයතනය කියන මාධ්‍යවේදීන් වෙනුවෙන් තියෙන ආයතනයට ජනමාධ්‍ය විද්‍යාලයක් තියෙද්දී ආණ්ඩුවෙන් ජනමාධ්‍යවේදීන් නිපදවන අළුත් අධ්‍යාපන ආයතනයක් පටන් ගනීවි. ඒකට මෙයාලගේ ආවරණය ලැබේවි. අනික මේ සංගමේ කොහොමත් පුවත්පත් ආයතනයේ සාමාජිකයෝ නෙවෙයි. ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අයිතිකාරයොයි ආණ්ඩුවයි මේ සංගමයට දැනටමත් ලොකු අනුග්‍රහයක් දෙනවා. එතකොට පුවත්පත් ආයතනය, පුවත්පත් පැමිණිලි කොමිසම සහ ජනමාධ්‍ය විද්‍යාලය ස්වාභාවික මරණයක් කරා යාවි.

මේවා සිද්ධ වෙන හැටි මීට වඩා පැහැදිළිව කොටස් වශයෙන් විස්තර කරන්න පුළුවන්. බ්ලොග් මූලධර්ම අනුව සටහන කෙටි විය යුතු නිසා දැනට කියන්නේ මාධ්‍ය සමාජය තමයි රට ගොඩගන්න තියෙන බලාපොරොත්තුව. ඒක දැන් අනතුරක කියලා.

7 comments:

  1. මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්.

    ReplyDelete
  2. මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්.

    ReplyDelete
    Replies
    1. තනියෙන් කෑගැහුවට මදි... අපි එකතුවෙන්න ඕන

      Delete
  3. පත්තර විකුණා ගන්නත් ඕනෑ නිසා අවශ්‍ය සදාචාරය සදහටම පවත්වාගෙන යන්නට ලේසියෙන් බෑ.

    ReplyDelete
    Replies
    1. සදාචාරය රකින පත්තරයක් අලෙවි කළ නොහැකියි කියන්නේ මිත්‍යාවක්.. මට හිතෙන්නේ දැන් වැඩියම මාකට් කරන්න පුළුවන් සදාචාරය රැකීමයි ස්වාධීන වීමයි

      Delete
    2. එහෙම නම් ඉතිං ආණ්ඩුවේ සහ කොම්පැනිවල දැන්වීම් නොගෙන නියම මිලට පත්තරේ විකුනන්න ඕනෑ.

      උදාඃ ජනධිපති ඡන්දය ගැන අපේක්‍ෂකයා ආණ්ඩුවේ මුදලින් කරන දැන්වීම්, කොකොකෝලා, නෙස්ලේ, සිගරැට්, මත්පැන්, ලොතරැයි වැනි දේ අඩු වශයෙන්.

      මුදල් කෙසේ වෙතත්, යම් කිසි දෙයක වැරදි අනාවරණයඋක කරමින් ඒ ගැන වෙළඳ දැන්වීම් පළකිරීම සදාචාරාත්මක නෑ.

      එහෙම පත්තරයක් කළ හැකිද?

      Delete
    3. දැන්වීම් අනිවාර්යයෙන් ඕන. රාවය මිහින් ලංකා එකට ගැහුවත් මහින්දගේ කාලේ පත්තරේ හෙඩ් පීස් එක දෙපැත්තේ මිහින් ලංකා ඇඩ් දෙකක් ගියා...

      අත්දැකීමෙන් කියන්නේ රාවයට ඇඩ් නොදුන්න කම්පැණි එයාලට ගැහුවට පස්සේ ඊළඟ සතියේ ඇඩ් දුන්න අවස්ථා තියෙනවා...

      කම්පැණි වලින් ඇඩ් දෙන එක වැරදියි කියන අය අපට පඩි ගෙවන්නේ නැති නිසා අපට ඇඩ් ගන්න සිද්ධ වෙනවා. ඒත් ඇඩ් ලැබෙණ නිසා අපේ ස්වාධීනත්වය නැති කරගන්නවානං ඒක අවුලක්.

      Delete