Tuesday, November 10, 2015

කළු කෙට්ටු කැත ධනුෂ්

තවදුරටත් ධනුෂ් කැත නැහැ
ධනුෂ් කියන්නේ දෙමළ සිනමාව ඇතුලේ ගත්තම කුලීනයෙක්. එයාට සිනමා තිරයේ පෙනී හිටින්න ලොකු කට්ටක් කන්න ඕන වුනේ නෑ.. තාත්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්.. සහෝදරයා අධ්‍යක්ෂවරයෙක්.. සිනමාවට ඇවිත් ටික කාලෙකින්ම බාලුමහේන්ද්‍ර එක්ක වැඩ කරන්න ලැබුණ... අන්තිමට බැන්දෙත් සුපර්ස්ටාර් රැජිනිගෙ දුවව... එයත් ෆිල්ම් හැදුව... දිගටම තමන්ගේ සමීපතමයන්ගේ ෆිල්ම් වල වැඩ කරන්න ලැබුණ. ඒ නිසා ධනුෂ් සිනමාවේ කුලීනයෙක්....
 

එහෙත් දමිළ සිනමාවේ දැවැන්තයෝ වෙන ඉලයරාජා, ධනුෂ්ගේ තාත්ත කස්තුරිරාජා වගේම කුල පිළිබඳව තියෙන බෙදීම් අනුව ගත්තොත් ධනුෂ් දාලිත් කුලයේ කෙනෙක්... හැබෑ නම වෙන්කටේස් ප්‍රභු කස්තුරිරාජා.... 
කමල් හසන්ගෙ ලොකු දුව එක්ක

කමල් හසන්ගෙ පොඩි දුව එක්ක
මං මුලින්ම බලපු ධනුෂ් ෆිල්ම් එක යාරඩී නී මෝහිනී... ඒ 2009 දී.... කොලවෙරි සිංදුව එන්නත් අවුරුදු දෙකකට කලින්.. එදා ඉඳන් ධනුෂ් තමා ආසම නළුව.

ධනුෂ්ගේ පෙනුම මුලින්ම දකින කෙනෙක්ට නං මෙයාව හීරෝට ගන්න පුළුවන්ද කියල හිතෙන විදියේ පෙනුමක්... ඒක ඒ ෆිල්ම් එකට වඩා හොඳින් පෙනුනෙ මං දෙවැනියට බැලුව kadhal konden ෆිල්ම් එකේදී.... 


ඒත් මට ධනුෂ් පිටිපස්සේ තියෙන රහ පළවෙනි සහ දෙවැනි නැරඹීමෙන්ම ලැබුණ... මං ධනුෂ් වගේද? ධනුෂ් කැතයි කියන පිළිගැනීම තිබුණ කාලෙදි යාළුවන්ගෙන් මං ඇහුව... (ත්‍රී පහු කළාට පස්සේ ධනුෂ්ගේ පෙනුම රෙජිස්ටර් වුණා.. දැන් එයා ලස්සනයි කියල පිළිගැනෙන්නේ.) සල්මන් වගේ වෙන්න අපට බෑ කවදාවත්... ඒත් ධනුෂ් වෙන්න ලේසියි... සිනමාව දුවන්නේ අපි චරිත වලට අනන්‍ය වීම එක්ක... සල්මන්ට හරි රන්බීර්ට හරි අනන්‍ය වෙන්න අපට අමාරුයි... ඒත් ධනුෂ් එක්ක අනන්‍ය වෙන්න ලේසියි.... පොදු පිළිගැනීම අනුව ලස්සන කියන එක නැති සුවහසක් අපට ධනුෂ් සමීපයි...



අනිත් පැත්තෙන් ධනුෂ් තමන් කරන චරිතයේ තිබුණු හැඟීම් පිටකරපු විදිය.. නිදහසේ හැඟීම් පිටකරන්න ධනුෂ් පැකිලුණේ නෑ.. විශේෂයෙන් නර්තනයේදී... 

ධනුෂ් කරපු ගොඩක් චරිත හොඳ කියල පිළිගැනීම තියෙන හොඳම අය නෙවෙයි.. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සුදු චරිත නෙවෙයි... ෆිල්ම් කිහිපයකම ධනුෂ්ට රැජිනිල කරපු චරිත වගේ ධනුෂ් සීයකට ගහන මාර ෆයිට්කාරයෙක් නෙවෙයි. ආදුකාලම්හි සහ පොලදාවන්හි ධනුෂ් කරපු චරිත දෙකම වැරදි කරන සාමාන්‍ය කොල්ලන්ගේ චරිත. ඒ ෆිල්ම් දෙක කළේ ධනුෂ්ගේ යාළුවා වෙට්ට්‍රිමාරන් එක්ක. වෙට්ට්‍රිමාරන් සහ ධනුෂ් එකතු වුණු අවස්ථා තුනෙන් දෙකක්ම දාහක් දෙදාහක් ෆිල්ම් හැදෙන ඉන්දියාවේ ලබාගන්න පුළුවන් ඉහළම සම්මානය වන ඉන්දීය ජාතික සම්මානය දක්වා ගියා. එකක් හොඳම නළුවාට හිමි ඉන්දීය ජාතික සම්මානය ආදුකාලම් ෆිල්ම් එකට.





කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල හොල්ලන්න ධනුෂ්ට මේ ටිකට පුළුවන් වුණා. 2012, 2014, 2015 හොඳම නළුවට ෆිල්ම්ෆෙයාර් ගත්ත ධනුෂ් 2014 හොඳම නළුවට හිමි විචාරක සම්මානය ධනුෂ් ගත්ත. මේ වෙද්දී ටැමිල් සිනමාවේ හොඳම නළුවට හැමදාම නොමිනේට් වෙන නළුව ධනුෂ්. ෆයිටින් වලටයි පෞරුෂය පෙන්නන්නයි සීමා වුණ ටැමිල් සිනමාවේ රංගනය කියන එක පුළුල් කරපු ප්‍රධාන නළුවො අතරෙ කමල් හසන් තමයි වීරයා. කමල්ගෙ වැඩේ ඉදිරියට ගෙනියන දීප්තිමත් තරුව තමයි ධනුෂ්...... 

ධනුෂ් ගැන අනිව ඉස්සරහට තව ලියනව.... 
මේ පොඩි ආරම්භයක් විතරයි.....

10 comments:

  1. කළු කෙට්ටු කැත = KKK.

    මගේ මිතුරෙක් හිටියා පොර ගේ අන්වර්ථ නම K-7. මොකද නමේ අකුරු දෙකත් K ම තමයි. (කමල් කුරුවිට වගේ!)

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවොත් හිටිය අකුරු වලින් නම් තියෙන.... මටත් කාලයක් ටී.ඒ. කියල කිව්වෙ... තරිඳු අමිල

      Delete
    2. මේ නමේ කතාව මෙහෙමයි.

      කළු කෙට්ටු කැත කපටි කොට කුපාඩි කමල් කුරුවිට - හෙවත් K-7 කුරුවිට

      Delete
  2. එල! මාත් කැමති නළුවෙක්

    ReplyDelete
  3. ඇත්තම....... කියන්නද උඩුවත් ටිකක් ධනුෂ් වගේ......බොරු නෙවී.....
    පොලදාවන්හි කියන වචනේ පොල්ලාදවන් නෙවීද.....
    මට මතක ඒ වගේ

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ පන්තියේදී මට ධනුෂ් වගේ කිව්ව බයිට් එකට.. (මොකද ධනුෂ් කැතයි කියල පිළිගැනීම තිබබේ)
      කොලවෙරි සිංදුවෙන් පස්සේ ඒක වෙනස් වුණා... මං ධනුෂ් වගේ කියපු එඑවුං එහෙම කියන එක නැවැත්තුව

      Delete
  4. මගේ බොක්කක් උන්නා ආමි එකේ ගජභා යුනිට් එකේ 7K මෙන්ඩිස් කියලා... ආමී එකේ නොදන්න එකෙක් නෑ.. දැන් මම හිතන්නේ නවසීලන්තේ..

    ඇත්තටම ගොඩාක් උඹ වගේ...

    ReplyDelete
    Replies
    1. ආමි එක එක්ක මගෙ ගණුදෙනුව වෙනස් නේ...

      Delete
  5. අපේ සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියා.. මුල් අකුරු KKK- කළු කොට කැත කියල තමයි කාඩ් එක වැදිලා තිබ්බේ.. හැක හැක.. නළුවෙක් වෙන්න නම් ලස්සන වෙන්නම ඕනි නෑ.. පස්සේ මතක් උනේ කොලවරී ඩි සින්දුව කියපු ජොකියා කියල.. වෙන නම් ෆිල්ම් බලල නෑ..

    ReplyDelete
    Replies
    1. අනිව බලන්න වටින නළුවෙක්...

      Delete