Sunday, January 01, 2017

ෆිල්ම් දහයක් එක්ක සුභ අලුත් අවුරුද්දක්!

ගෙවුණු අවුරුද්ද තීරණාත්මක අවුරුද්දක්.  බ්‍රිතාන්‍යයන් බ්‍රෙක්සිට් තීරණය අරගෙන තෙරේසා මේ ගෙනාපු, ඇමරිකාව සල්ලිවලින් පිස්සු වැටුණු මිනිහෙක්ව ජනාධිපති තනතුරට යෝජනා කරපු අවුරුද්දක්. ලෝකේ බලවත්ම න්‍යෂ්ඨික අවිවල බට්න් එක එබීමේ බලය කිම් ජොං උන්ටත් වඩා ෂුවර් නැති පිස්සෙක් අතට යවන්න තීරණය වෙද්දී, සිරියාව ලේ විලක් වෙද්දී රුසියාව නැගීගෙන ආපු අවුරුද්දක්. වර්තමාන ලෝකෙ මේ විදියට හැදෙන්න එක් වගකිව යුතු පාර්ශ්වයක් වන යුරෝපෙ ප්‍රහාර වලින් ත්‍රස්ත කරවපු අවුරුද්දක් මේක. මේ සියල්ල එක්ක 2017 ලෝකෙ තීරණය වේවි.

 
ොව දෙවැනි විශාලතම අවතැන් කඳවුර වන කැලැයිස් කඳවුර විනාශ කර දස දහස් ගණනක් සරණාගතයන් මහමඟට ඇදදැමූ වර්ෂය


ලංකාව කෙලින් තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක් එක්ක ගෙවපු අවුරුද්දක් අවසාන වුණේ. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවක් මහ බැංකුවටම විද්දා කියලා පාර්ලිමේන්තුවෙන්ම ඔප්පු වුණ අවුරුද්දක්. 

පසුගාමී අදහස් පරාද කිරීමේ ප්‍රථිඵලයක් විදියට නිර්මාණය වුණ ආණ්ඩුවක් බලයේ ඉද්දී ඉදිරිගාමී අදහස් වල යළි බැසයාමත් පසුගාමී අදහස් ආපහු ඉදිරියට පැමිණීමත් සනිටුහන් කරපු අවුරුද්දක්. රාජපක්ෂලා ෆ්ලෝ එක හොයාගනිද්දී යහපාලනේ හෝම් ග්‍රවුන්ඩ් එකේ ස්ලෝ බැට් කරපු අවුරුද්දක්.
ඉතින් ඡන්ද තුනකුත් ව්‍යවස්ථාවකුත් ආර්ථිකය ගැන තීරණාත්මක තීරණ කිහිපයක් ගන්නට උත්සාහ වී හොස්ස බිම ඇණගන්නා අවුරුද්දක් ඉදිරියට එන්න නියමිතයි. බොහෝවිට මේ ආණ්ඩුව අවසාන වීම එළැඹෙන අවුරුද්දේ සිදුවනු ඇති බව පෙනෙන්න තියෙන්නේ. දැනටමත් ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් අයින් වෙන හැටි ප්ලෑන් කරන්නට පටන් අරන්. ඇතැම් විට මේ අවුරුද්ද අවසාන වෙද්දී සරල බහුතරයක් නැතිව අසරණ වුණ යූඇන්පී ආණ්ඩුවක් ෂේප් කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය පළවෙනි වතාවට ආණ්ඩුව එක්ක සන්ධානගත වීමක්, ක්‍රොස් ඕවර් කිහිපයක් වගේ දේවල් දැකගන්න ඉඩකුත් තියේවි. එහෙම නොවුනොත් ශ්‍රිලනිපය නිල වශයෙන් දෙකඩ වීම සහ ඩාර්ලි රෝඩ් එස්එල්එෆ්පීය තුනට වැටීමත් දැකගන්න පුළුවන් වේවි. එහෙමත් නොවෙනවා කියන්නේ රාජපක්ෂලාගේ අවසානය. ඉතින් 2017 තීරණාත්මකයි.

ඕවා මේවා අස්සේ උඩුවා හිතුවා ගෙවුණු අවුරුද්දේ තිරගත වූ චිත්‍රපටි අතරින් උඩුවා කැමතිම චිත්‍රපටි දහයේ ලිස්ට් එකක් හදන්න. අන්තිමට ලියපු සටහනේ ඉඳන් මේ වෙනකන් ඒ ලිස්ට් එක ගැන දහ අතේ කල්පනා කළා. හරිම අමාරුයි ලිස්ට් එක හදන්න.


ගිය අවුරුද්ද උඩුවා තමන්ගේ ජීවිතේ වැඩිම චිත්‍රපටි ගාණක් බලපු අවුරුද්ද විය යුතුයි. ඒක දෙවැනි වුණොත් දෙවැනි වෙන්නේ උඩුවා සාමාන්‍ය පෙළ ලියලා ගෙදර මාස කිහිපයක් හිටපු අවුරුද්දට විතරයි. (බයක් තියාගන්න ඕන නැහැ. උඩුවා හිතුවා මේ අවුරුද්දෙ ඉඳන් බලන චිත්‍රපටි ගණන් කරන්න.)


බලපු චිත්‍රපටි වලින් බහුතරය පරණ ඒවා. සමහර ඒවා උඩුවා උපදින්නත් කලින් හැදුණු ඒවා. තව තියෙනවා පහුගිය අවුරුදුවල හැදුණු මිස් වුණ ඒවා. කොහොම වුණත් ලිස්ට් එක හැදුවෙ 2016 තිරගත වුණු චිත්‍රපටි වලින් විතරයි. මේ ලිස්ට් එකට එකතුවෙන්න ඉඩ තියෙන තවම නොබලපු චිත්‍රපටි කිහිපයක් තියෙනවා)


1. මායා
මායාට මම කැමති වෙන්නෙ ඒක සිංහල ප්‍රේක්ෂකාගාරය අප් කරපු විදිය ඇස් දෙකෙන්ම දකින්න ලැබුණු හින්දා. ඒ වගේම මායා ෆිල්ම් එකේ කැම්පේන් එකේ වැදගත් තැනක් මේ උඩුවා අතින් මේ බ්ලොග් අඩවියේම ලියපු සටහනකුත් ගත්ත නිසා. මායා චිත්‍රපටිය ගොඩක් අය බැලුවා වගේම පණස්දාහකට ළං වෙන ප්‍රමාණයක් මගේ බ්ලොග් සටහනත් කියවලා තිබුණා. රන්ජන් කීවා මායා ගැන ඔහු කැමතිම විචාරය ලැබුණේ මගෙන් කියලා.

2. උසාවිය නිහඬයි
මායා වගේම මේ චිත්‍රපටියේත් අනෙක් සියළු කරුණු වගේම ආත්මීය බැඳීමක් තියෙනවා. උසාවිය නිහඬයි කියන්නේ රාවයේ ලෙගසියේ වැදගත්ම කෑල්ලක් ගැන නිර්මාණය වුණු ඩොකියුමන්ට්‍රියක්. ඒ හේතුවම ඇති ඒක මේ ලැයිස්තුවට එක් වෙන්න.
සිංහල සිනමාවේ රසවින්ද චිත්‍රපටි කිහිපයක්ම මේ අවුරුද්දේ තිරගත වුණා. ෆ්‍රැන්ජිපානි, මෝටර් බයිසිකල්, ඇගේ ඇස අග වගේ ෆිල්ම්. ඒත් සිංහල ෆිල්ම් වලින් ලැයිස්තුව පුරවන්න බැරි හින්දා අමාරුවෙන් දෙකකට සීමා කළා.

3. කොඩි
ධනුෂ්ගේ ෆිල්ම් එකක් අවුරුද්දක් අවසානයේ හැදෙන ලැයිස්තුවකට එකතු නොවෙන්නේ එයා ෆිල්ම් එකක් නොකරපු අවුරුද්දක විතරයි. ධනුෂ් කියන්නේ උඩුවාට එන්ටර්ටේන්. ධනුෂ් වෙට්‍රිමාරන් එක්ක ඉන්නවා කියන්නේ ඒකේ ඩබල්. මම කලින් මේ ෆිල්ම් එක ගැන ලීවා. ඒකට දාපු කමෙන්ට් එකක තියෙනවා වෙට්ට්‍රිමාරන් ස්ටයිල් ෆිල්ම් එකට ගෑවිලාවත් නෑ කියලා. වෙන ෆිල්ම් වල කෑලි ටිකක් එකතු කරලාලු හැදුවේ. එහෙම කියලා දාලා තිබුණු ෆිල්ම් වල නම් දැක්කාම මට හිනා ගියා. ඒ වගේම මීට වඩා හොඳ ෆිල්ම් ආවා කියලත් කමෙන්ට් එකේ තිබුණා. කමෙන්ට් එකට ස්තූතියි. ඔයාට හොඳ ඒවා ඇති. මට කොඩි හොඳයි. මං ලියන්නේ මයි ෆකින් ෆේවරිට් ගැන. ඕනම ෆිල්ම් එකක් කලින් ඒවා එක්ක සන්සන්දනය කරන්න පුළුවන්. කොඩි විශිෂ්ඨ වෙන්නේ සරලම සරල හේතුවක් නිසා. ඒක මම ලීවා. අන්බු සහ කොඩි කියන චරිත දෙක ඇතුලේ එයා කියන්න යන දේ. වීරයන් හොයන සිනමාවේත් එසේ නොවන සිනමාවේත් වීරයා මමම තමයි. වෙට්‍රිමාරන් සලකුණ මම හොඳට ෆිල්ම් එකේ දැක්කා. හැබැයි ඒක පෙන්වන්න නම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා.






3. රැජිනි මුරුගන්
රොමෑන්ටික් එන්ටර්ටේනර් සිවකාර්තිකේයන්. රෙමෝ සහ රැජිනි මුරුගන් හොඳ සාර්ථකත්වයක් ලැබුවා. ඔහුගේ 2016 චිත්‍රපටි දෙකටම මා කැමතියි.


4. කබාලි
මේ ගැන මොනවා කතා කරන්නද? සිම්ප්ලි කිව්වොත් මාස්ටර් ප්ලෑන්. රැජිනිට බැණපු අයත් රැජිණි ෆන්ල වුනා. 



5. ඉරෙවි
මක්කල් සෙල්වන් (පොදු මිනිසා) කියන අන්වර්තනාමයෙන් හඳුන්වන විජේ සේදුපති ධනුෂ් ඇරුණාම මං ආසම නළුවෙක්. කාර්තික් සුභාරාජ් කියන්නෙ ආසම ඩිරෙක්ටර් කෙනෙක්. මේ දෙන්නා වගේම මම තවත් ආස නළුවෙක් වන බොබී සිම්හා එකතුවුණ ෆිල්ම් එකක්. කාන්තාව ගැන කතාව. ටිකක් මන්දගාමීයි. හැබැයි හාට් බ්‍රේකින්. විජේ සේදුපතිගේ චාටර් අවුරුද්දක් විදියටයි මම මේ අවුරුද්ද දකින්නේ. එයාගේ ෆිල්ම් සාර්ථක වුණා. සේදුපති, ධර්මදුරෙයි, රෙක්කා, කා.කා.පෝ. වගේ ෆිල්ම් සාර්ථක වුණත් එයා කරපු ෆිල්ම් තොගයේ මට බලාපොරොත්තු වුණ රහ ලැබුණේ නැහැ. ඒවා අතරින් මට අනුව මම කැමති මේකට. ඒ නිසා තමයි ලැයිස්තුවේ තිබුණු විසරනයි අයින් කරලා මේක පස්සේ එකතු කළේ.
අමිතාබ්ගේ නැෂනල් ෆිල්ම් අවෝඩ් ලෙවල් එකේ ඇක්ටින්. කාන්තාව. පිරිමි නීතිය. සදාචාරය. ලිංගිකත්වය. නීතිය. මේ සියල්ල කැටිවුණ ෆිල්ම් එක බොහෝ දෙනෙක් බලලා ඇති. කියවලත් ඇති. නොබලපු එක්කෙනෙක් හරි ඉන්නවානම් දැන්ම බලන්න කියලා තමයි කියන්නට තියෙන්නේ.
කොමික් කතා කිහිපයක්ම ආවා. 2017ත් එන්න තියෙනවා. මේ අවුරුද්දේ ඩීසී කොමික් තමන්ගේ සිනෙමැටික් යුනිවර්ස් එක බිහිකරන්නට පටන්ගත්තා. ඩීසී වීරයෝ එකට ඉන්න ෆිල්ම් එන්නට නියමිතයි. ඒ වගේම සාර්ථක ගමනක් යන්නට ඩීසීලාගේ දුෂ්ඨයන්ට හැකිවුණා. සූසයිඩ් ස්කොඩ් හරහා. මේ චිත්‍රපටිවලට මම කැමතියි. විශේෂයෙන් සිනෙමැටික් යුනිවර්ස් එක හදාගන්න උත්සාහ කිරීම නිසා. ඒ වගේම මාවල් යුනිවර්ස් එක තමාගේ ජනප්‍රියම වීරයා යළි ලබාගත්තා. සෝනි සමාගමට අයිතිවෙලා හිටපු ස්පයිඩර් මෑන් යළි මාවල් වෙත ආවා. ඒ නිසා ඇවෙන්ජර්ස්ලා සමඟත් ඔහු එක්වෙනවා. සිවිල් වෝ චිත්‍රපටිය කියන්නේ කොමික් රසිකයන්ගේ සිහින සැබෑවීමක්. ඒ වගේම එක්ස්මෙන් කතාමාලාව තමන්ගේ සුපිරිම දුෂ්ඨයා සිනමාවට ගෙනාවා. අනෙක් අතට ජීන් සහ සයික්ලෝප්ස් කාලෙකින් දකින්න ලැබුණා. ක්වික් සිල්වර් විශිෂ්ඨයි. එක්ස්මෙන් ක්ලිප්ස් තමයි ගිය අවුරුද්දේ හොඳට රසවින්ද කොමික් චිත්‍රපටි නියෝජනය කරන්නට මම එක්කළ අනිත් චිත්‍රපටිය. තව එකක් තියෙනවා. සුපර් හීරෝ සහ සුපර් විලන් වෙනුවට විලන්හීරෝ චිත්‍රපටි දෙකක් ආවා. සූසයිඩ් ස්කොඩ් සහ ඩෙඩ්පූල්. දෙවැන්න වැඩියෙන් මරු. බෑඩ්ඈස් වීරයා. සමාජය බේරාගැනීම හෙන බරක්. තමන්ගේ පෞද්ගලික කේස් වලට විතරක්ම ගහගන්න සුපිරි මිනිසා ඩෙඩ්පූල්.

9. බ්‍රදර්ස් ග්‍රිම්ස්බි
සාෂා බැරන් ොඑන්. ොමඩි ජීනියස්ේ නිර්මාණය. බලලා නැද්ද? ොයාගෙනම බලන්න. ොන්දු වෙනවා. කඳුළු එනකන් හිනාවෙනවා.
 ජීනියස්

19 comments:

  1. ඔතන තියෙන ෆිල්ම් කීපයක්ම මාත් බැලුවා. මන් ධනුෂ් ගේ ෆිල්ම් විතරයි සාමාන්‍යයෙන් ටැමිල් වලින් බලන්නේ.එත් කොඩි නම් මට එච්චර ඇල්ලුවෙ නෑ බන්. ධනුෂ් කියන්නේ සුප්පා නලූවෙකකුගෙ.ධනුෂ්ගේ aadukalam බලලා තියෙනවද බන්

    ReplyDelete
    Replies
    1. ධනුෂ්ගේ ඕනම ෆිල්ම් එකක් මම බලල තියෙනවා. එකපාරකට වඩා. කොඩි කියන්නේ ධනුෂ්ගේ මම කැමතිම ෆිල්ම් එකක්. කතාවටත් වඩා ධනුෂ්ගෙ ඇක්ටින් නිසා

      Delete
  2. Now you see me පරණ මූවි එකක් නේද? මං ඒක බැලුවේ ප්ලේන් එකක දී මං හිතන්නේ 2013 දී විතර.

    අනිත් මූවීස් බලන්නම් අපේ නෙට්ෆ්ලික්ස් සේවාවේ තියෙයිද කියලා.

    මෙන්න මං ළඟදී බලපු මූවිස් හයක් ගැන සටහනක්.
    http://rasikalogy.blogspot.com/2016/12/i-watched-four-good-movies-in-two-days.html

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ නව් යූ සී මී දෙවැනි චිත්‍රපටිය ගැන

      Delete
  3. ධනුෂ්ට මම හරි කැමතියි ..මොකද මන්දා

    ReplyDelete
    Replies
    1. මාත් තවම හේතුව හරියටම හොයනවා

      Delete
  4. සිංහල චිත්‍රපටි බලන්න වෙන්නේ හරිම කලාතුරකින්. ඒ අඩුව පිරිමහගන්නේ විචාර කියවීම තුලින්.

    ReplyDelete
    Replies
    1. බලන්න ට්‍රයි කරන්න. සිංහල සිනමාව ටිකෙන් ටික වෙනස්වෙන පාටයි

      Delete
  5. Aandavan Kattalai ඇයි මෙ ෆිල්ම් එක ඔය ලිස්ට් එකෙ නැත්තෙ. මටනම් පුදුමයි ඔයා ගැන

    ReplyDelete
    Replies
    1. ආන්ඩවන් කට්ටලෛ තාම ලැප් එකේ... තාම බැලුවෙ නෑ....
      තව එකක් තියෙනවා ගෞතම් මෙනන් සහ සිම්බුගෙ ආච්චාම් යෙන්බාදු...
      තව කිහිපයක් තියෙනවා ඩවුන්ලෝඩ් කළත් බැලන්න වෙලාවක් ආවෙ නෑ...
      ඒ නිසා තමයි මම සටහනෙත් ඒ බව ලිව්වෙ

      Delete
  6. //බොහෝවිට මේ ආණ්ඩුව අවසාන වීම එළැඹෙන අවුරුද්දේ සිදුවනු ඇති බව පෙනෙන්න තියෙන්නේ.//
    එහෙම වෙනවානම් හොඳයි වගේ. දැන් නම් එපා වෙලා.

    ReplyDelete
  7. හත හා අට ඇර අනිත්ව බලා නැති නිසා මුකුත් නොකිය ඉන්නම්. උඩුවාට සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. අමතක වුණානේ උඩුවාට සහ සුන්දර මැතිනියට සුභ අන්ව වසරක්.

      Delete
    2. ස්තූතියි!
      එසේම වේවා

      Delete
  8. මම දෙමළ සහ හින්දි චිත්‍රපටි නම් බලන්නෙම නැති තරම්. මොකද මන්ද සිංහලත් අහුවුනොත් බලනවා. ලංකාවේ නොවන හින්ද වැඩිය සෙට් වෙන්නේ නෑ.

    ඉංග්‍රීසි නම් සතියකට 3-4ක් වත් බැලෙනවා. ඒත් මට තාම සූසයිඩ් ස්කොඩ් සහ ඩෙඩ්පූල් බලන්නත් බැරි වුණා.

    ෆිල්ම් ගණන් කරන එක හොඳ වැඩක්. මාත්මේ පටන් ගන්න ඕනේ. ගෙවිච්ච දවස් 4ට ෆිල්ම් එක හමාරක් බැලුවා.

    ReplyDelete
    Replies
    1. ටිකක් බලන්න. වෙනසක් දැනෙයි

      Delete
  9. හොද ලිපියක්..බොහෝ දේ දැන ගත්තා..ඔබට ස්තුතියි උඩුවා

    ReplyDelete
  10. 'රජිනි මුරුගන්' වගේ චිත්‍රපටියක් දකිනකොට ඇතිවෙන්නේ විශාල කණගාටුවක්. මීට කලින් සිවකාර්තිකේයන් ප්‍රධාන චරිතයට යොදාගෙන Varuthapadatha Valibar Sangam වගේ චිත්‍රපටයක් හදපු අධ්‍යක්ෂවරයෙක් පල්ලම් බැහැලා තියන තරම ගැන.

    වසරේ හොඳම දෙමළ චිත්‍රපටි ගැන කතා කරද්දි Joker වගේ චිත්‍රපටයක නමවත් සඳහන් නොකිරීම ලොකු ප්‍රශ්නයක්.

    ReplyDelete