Tuesday, December 22, 2015

සොරි මචං....


වැරදි අපි වෙන්න ඇති
හැමෝම කියන්නෙ එහෙමයි
ගල් ගහන්නෙ අපට..
පවුකාරයෝ අපි වෙන්න ඇති
කරදරයක් වුණානං සොරි මචං...

බල්ලො වගෙ තමයි බං.
අපි බල්ලො තමයි බං
සමාවෙයං
හදිසි ගමනක් යන මිනිස්සු
වැඩ ඇරී යන මිනිස්සු
රෝහලට යන මිනිස්සු
අවහිර කළා අපි මචං
වැරදි වෙන්නැති මචං

ඒත්,
බයික් එකේ ආ ගමන
උඹේ වැඩකට වෙන්න ඇති
මේ තරහ
ඒකට පරක්කුව හින්ද වෙන්නැති..


මචං ගමනක් යමුද?
උඹේ වැඩකට නෙවෙයි අපේ වැඩකට?
උඹෙත් අපෙත් අපි හැමෝගෙම වැඩකට?
ලෝකය වෙනස් කරන්න..?
උඔ අපට හරි පාර පෙන්නපං මචං
කාලෙ හැටියට හරි පාර හොයන්න අමාරුයි බං

අපි හැදුවෙ
පාලක පරයන්ට ඇහෙන්න
අපෙ ප්‍රශ්ණ කියන්න... 

උඹ අපට බනින හැටි
සැප රූම් වල ඉඳං
හිනාවෙවි බලන අර
පාලක පරයන්ට
උන්ට සතුටු ඇති
මචං උඹ ගැන!! 

අනේ උන්ටත් ඔය සද්දෙ දාපං

පාර වැහුවා වැරදි වෙන්නැති... ආයෙමත් සමාවෙයං
පාලක පරයන්ගෙ පොඩි එවුං
රේස් පදින්න පාර වහද්දිත්
ඔය සද්දෙ දැම්මනං මරු මචං

සොරි මචං...

(ලැබුණු විනාඩි පහක හදිසියේ ලියවුණ අදහසක්)

17 comments:

  1. පාලක පරයෝ රේස් පදින්නේත් මිනිස්සු තලලා පෙලලා. උන් කරන හැම ගොන් වැඩකම බර දරාගෙන ඉන්න වෙලා තියෙන්නෙත් මහජනයාට. මහ ජනතාවට රජයෙන් තියන බලපෑම්, ප්‍රශ්න, පීඩනය, එතනින් ගියහම කාර්‍යාලයේ පීඩනය ඊට අමතරව ආර්ථික ගැටළු මේ ඔක්කොම මැද්දේ මේ ප්‍රශ්නෙත් පීඩනයක් වෙනකොට මේ ප්‍රශ්නෙට මහ ජනතාවගේ සහය වෙනුවට මහජන විරෝධයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි මහජනයාගෙන් ප්‍රතික්‍ෂේප වෙනවා. එතකොට රජයෙන් මුකුත් කරන්න ඕනේ නෑ. බලාගෙන හිටියහම ඇති. රජයට බලපෑම් කරන්න නම් පාලකයන් විසින් තලන පෙලන මහජනයාගේ සහයෝගය අරගෙන මිසක් පාලකයාගෙන් තැලෙන මහජනයා තලලා පෙලලා බැරිවේවි.....
    අමාරුවෙන් ස්පෙශ්ලිස් කෙනෙක්ගෙන් ඇපොයින්ට්මන්ට් එකක් අරන් දොස්තරට ලෙඩා පෙන්නගන්න යන අසරණ මිනිස්සු තලලා, හදිස්සියේ අසනීපයක් වෙලා ඉස්පිරිතාලෙට එක්ක යන ලෙඩෙක් පාරේ හිරකරලා, ඔෆිස් එකේ මැරිලා මැරිලා ගෙදර ගිහින් ඇඟට වතුර ටිකක් දාගෙන නිදහසේ හුස්මක් ගන්නේ කොයිවෙලේද කියලා හිතාගෙන වැඩ ඇරිලා මඟට බහින උඹලගෙම අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා තලලා පෙලලා උඹලට ඉල්ලීම් දිනන්න අමාරුයි මල්ලි..... ලංකාවේ බහුතරයක් මිනිස්සු ළඟ මිසක් ගොඩක් දුර බලන ජාතියක් නෙවෙයි. එහෙම දුර බැලුවා නම් මේවගේ අමන පාලකයෝ අපිට ලැබෙන්නේ නෑ. ඒ නිසා එක පාරට පාර වැහුවා කියලා එකෙන් මහා ලොකු බලපෑමක් පාලකයාට වෙන්නෙත් නෑ. වෙන එකම දේ අපේ පන්තියේම ඉන්න මිනිස්සු තවත් අසරණ වෙන එක විතරයි. කොහොමත් අපිට තිබ්බේ සහ දැනටත් තියෙන්නේ මහජනතාව ගැනම හිතන රජයක් නෙවෙයි, අපිට හිටියේ සහ ඉන්නේ මහජනතාව ගැනම හිතන පාලකයොත් නෙවෙයි... ඒ නිසා උඹලාගේ පන්තියේ ඉන්න උන් නොතලා උන්ව උඹලගේ පැත්තට ගනින්..... ඒ මිනිස්සු එක්ක පාලකයාට ඇහෙන්න කෑගහපල්ලා..... එතකොට ඔයිට වඩා පාලකයාට ඇහෙයි.......

    ReplyDelete
    Replies
    1. මම මේ ශිෂ්‍ය සටන් වල ඉඳපු හෝ ඉන්න කෙනෙක් නෙවෙයි! 
      මම කිසිදාක පාරවල් වහලා උද්ඝෝෂණ කරපු කෙනෙකුත් නෙවෙයි!! 
      මං උද්ඝෝෂණය කරන අය වෙනුවෙන් පෙනී ඉන්නත් ලෑස්ති නෑ!! 
      මේ සටහන ලීවේ හැමෝගෙම අදහස් එක පැත්තකට යන බව පෙණුන නිසා වෙනත් පැත්තක් තියෙන බව පෙන්වන්න විතරයි..
      //අපට හරි පාර පෙන්නපං මචං
      කාලෙ හැටියට හරි පාර හොයන්න අමාරුයි බං//
      //අපි හැදුවෙ
      පාලක පරයන්ට ඇහෙන්න
      අපෙ ප්‍රශ්ණ කියන්න//
      පාර හරි කියල මම කියන්නෙ නෑ. ඒත් අවුල තෝරගත්ත මාර්ගයේ මිසක් ඒ අයගේ නෙවෙයි කියලයි මට කියන්න ඕන

      Delete
  2. මචං බේබිලා රේස් පැද්දා එත් මහ රෑ, මිනිස්සු රස්තියාදු නොවෙන්න වටෙන් යන්න ලංගම බස් දාලත් තිබ්බා.රේස් බලන්න සාමාන්‍ය ජනතාව පොරකකා ආව, ඔය වටරවුම මරදාන,කොටුව,කොල්ලුපිටිය යන ප්‍රදාන මාර්ග එකතුවෙන තැනක්. ඔය වෙලාවේ දුර ගමන් දුම්රිය බස් කී දෙනෙක්ට මගහැරී යන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. //රේස් බලන්න සාමාන්‍ය ජනතාව පොරකකා ආව//
      තව මොන කතාද?

      Delete
  3. Udgosana mardanayata aluth anduwen aluth kramayak ath hada balanawa.Urage malu urage angema thiyala kapanna wageyi hadanne!

    ReplyDelete
  4. උද්ඝෝෂණය කියන්නෙ ඉල්ලීම් දිනාගන්න එක විදියක් විතරයි. කරුමෙ කියන්නෙ අපේ මිනිස්සු ඉල්ලිම් දිනාගන්න යොදාගන්න එකම විකල්පය උද්ඝෝෂණය විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත....
      උද්ඝෝෂණ හෑල්ලු වෙලා

      Delete
  5. මචං හැම දේකටම දෙපැත්තක් තියෙයි..
    පොඩ්ඩක් හිතපං
    මිනිස්සු මේ වගේ ප්‍රශ්න දිහ බලන්නෙ මාධ්‍ය උංට පෙන්නන දෘෂ්ටියෙන් විතරයි දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම මාධ්‍ය ආයතනයක්ම කරන්නෙ රජයේ ඇජෙබ්ඩා එකට අනුව වැඩ කරන එක. ඉතිං ඒ වගේ මාධ්‍ය වල සංදර්ශන බලන උංට මේව වැරදී.. ඇත්තටම කැම්පස් වල ඇත්ත තත්වෙ මොනවද ඇතුලෙ වෙන්නෙ ඇයි මෙහෙම උද්ගෝෂන කරන්නෙ කියල එක කවම කවදා හරි මාධ්‍යකින් පෙන්නල තියේද.. නෑ නේද.. ජනතාව හිතන්නෙ උංට පේන පැත්තෙං විතරයි. මොකද වෙන පැත්තක් පෙන්නන්න කවුරුවත් උත්සාහ නොකරන හිංද. පාරෙ යන අයත් දකින්නෙ කෑමොර දෙන කොල්ලො කෙල්ලො ටිකක් විතරයි. ඒත් ඒ කොල්ලො කෙල්ලො කෑ ගහන්නෙ ඇයි කියල අර බලන අයට හරි විදියට වටහා දෙන්නවත් උං වටහා ගන්න යන්නෙ වත් නෑ...
    ඉතිං හැම දේකටම දෙපැත්තක් .තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. //මචං හැම දේකටම දෙපැත්තක් තියෙයි.. //
      අන්න ඒකයි මට කියන්න ඕන වුණේ...

      Delete
  6. මූ නම් එළ කොල්ලෙක්... ඕකුන්ට දෙන්න ඕන පුක නැති වෙන්නම.. කාළකන්නි...

    ReplyDelete
  7. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න නෙමේනෙ ප්ලෑන් කරන්නෙ පොඩි එවුන් පොලීසියෙන් ගුටිකෑවාම දේශපාලනේ කරන නායකයො ලකුණු දාගන්නනෙ. මිනිස්සු බැන්නහම ඔක්කොම අප්සෙට්.
    ඔය ඒ ගොල්ලන්ට ඇහෙන්න බැන්න පලමු අවස්තාව වුනාට අපි පාර හිරවෙලා ඉන්න හැමදාම අපි උන්ට බැන්නා.

    ReplyDelete
  8. මහජන විරෝදයද? බස්සපු සෙට් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගත්තොත් අර්ධ වශයෙන් බස්සපු සෙට් එකක් කියන එකයි මගේ අදහස

      Delete
  9. මමත් මේ වි.වි ලෙම management faculty එකේ.ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා engineering faculty එකට .දැනට තියෙන විදියට out වෙලා තේරුමක් නෑ උන්ට.ඔකේ තියෙන building MIT එකට හදපුව දීල තියෙන්නේ.ඒවා ඇති කියමුකෝ lectures ලා දුර නිසා එන්නේ නෑ.e fac එකේ අයට ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා විතරයි ලෙක්චර්ස් තියෙන්නේ.සතියේ අනිත් දවස් නිකම්.සධාරනයිද කියල ඕන කෙනෙක්ට හිතල බලන්න පුළුවන්.ඕක නිකම් උඩින් පල්ලෙන් campz එකට ඇවිත් facultiya හොදයි කියල බලල කිව්වට කිසි තේරුමක් නෑ .සතියක් ඉදල බලන්න ඕන මොකද වෙන්නේ කියල.පුරුදු නැති කෙනෙක්ටනම් සතියක් ඉන්න හරිම අමාරුවෙයි.කව්රුත් බදු ගෙවන මිනිස්සු.campz හරියට හදන්න බැරිද ආණ්ඩුවක් උනාම.දේශපාලන අරමුණු වලට මේව හදල මොකටද බන්.e fac එකේ උන්ට මොනවා හරි හදන්න ඕන උනාම circuit බඩු කෑල්ලක්වත් ගන්න තැනක් නෑ ඇත්තටම.ලියුම් කියුම් කරලා ඉල්ලපු දේවල් නොලබෙද්දී පාරට බහිනවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නේ ඉල්ලීම දිනාගන්න.මේවා මෙතන දුක් විදින උන්ට විතරක් නෙමෙයි තව අවරුදු ගානක් faculty ය තියෙනකම් එන අපේම නංගිලා මල්ලිලට.ඒ වගේම මේ හින්ද class තියෙන එවුන් class නැති කරගත්ත.නිකම් කහනවට උන් ගිහින් පාරවල් වල දුක් විදිනවා වගේ මිනිස්සුන්ගේ කතාව.නිකම් අක්කරේපත්තු වලට bus එකේ ගිහින් අවොත් කොහමද ආතල් එක කියල බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට

      Delete