ගොඩවදින්නෝ

Tuesday, December 22, 2015

පුරුදු වෙනස් කරන්නේ කොහොමද?

මේ සිද්ධිය මං මගේ ස්ටයිල් එකට ලියන්න හිතානෙ හිටියා.. ඒත් උපුල් අයිය ලියල.. ඉතින් ඒක උස්සලා පළකරන්න හිතුවා..

මේ සිද්ධියේදී මං සද්ද නැතිව හිටයා.. මං හිතුවේ මොනවත් නොකර ඉන්න.. ඒත් උපුල් සහ වරා ඒ වෙනුවට යම් මැදිහත්වීමක් කළ යුතුයැයි සිතුවා... 

උපුල්

වරදාස් ත්‍යාගරාජා
//යාපනයේ සිට රාත්‍රී තැපැල් දුම්රියෙන් අප කොළඹ බලා එමින් සිටියෙමු. අපට යාබද අසුනේ සිටි තරුණයින් දෙදෙනෙකු ලහි ලහියේ රට කජු කමින් සිටි අතර රට කජු පොතු සීට් එක යටට කිසිදු තැකීමකින් තොරව දමන්නටද විය. මින් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ අප මදක් වටපිට බැලූ විට ඔවුන් දෙදෙනා පමණක් නොව තවත් කිහිප දෙනෙක්ද එලෙසම කරමින් සිටිනු දැකිය හැකි විය. මේ සම්බන්ධයෙන් කුමක් කලයුතු දැයි සිතමින් සිටි අප හමුවේ අදහස් කිහිපයක් විය.


1). දුම්රිය නිලධාරී මහතෙකුට ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම.
2). අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් ඒ පිලිබඳ විමසා එයට එරෙහි වීම.
3). අප තිදෙනා විසින් රටකජු පොතු අහුලා දැමීම මගින් ඔවුන් කලදේ සම්බන්ධයෙන් ඔවුන්ව ලැජ්ජාවට පත් කිරීම (humiliate) තුලින් නැවත එවැනි දේ සිදු නොකරන තැනට පත් කිරීම.

සමස්ත ක්‍රියාවලිය හරහා අප කිරීමට උත්සහ කලේ පරිසර දුෂණය අවම කිරීමට එකිනෙකාට ඇති පුද්ගල වගකීම (Individual responsibility) ඉස්මතු කිරීමයි. මේ සම්බන්ධයෙන් ස්ලෙවෝයි ශිෂෙක් දැඩි විරෝධයක් එල්ල කරයි. ඔහුගේ තර්කය වන්නේ වර්තමානයේ ලිබරල් ධනේශ්වර උපාය මාර්ගය වන්නේ පුද්ගලයින් තනි තනි වශයෙන් තමන්ගෙන් සිදුවන පරිසර දුෂණය නැති කිරීම හෝ අවම කිරීම මගින් සමස්තයක් ලෙස පරිසර දුෂණය අවම කල හැකි බවයි. නමුත් පරිසර දුෂණයට මූලික හේතුව වන පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය අභියෝගයට ලක්වීම පුද්ගල වගකීම ඉස්මතු කිරීම තුලින් ධනේශ්වර ලිබරල්වාදීන් හිතා මතා මග හරිමින් සිටින බවයි. සරලව කිව්වොත් පරිසර දුෂණය අවම කිරීම හෝ තිරසාර සංවර්ධනය ලගා කර ගැනීම යතාර්ථයක් වීමට නම් ධනේශ්වර පරිභෝජනවාදී දේශපාලන අර්ථ ක්‍රමය වෙනස් කල යුතුය.

මගේ අදහස වන්නේ හුදෙක් ක්‍රම විරෝධය ඉස්මතු කිරීමෙන් ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවට ශිෂෙක් මතු කරන ක්‍රම විරෝධී අරගලය පුද්ගල වගකීම සමඟ නිසි ආකාරයෙන් මුහු කරගත් අරගලයක් කරා අප යා යුතු බවය.

ප.ලි. අවසානයේ අප කලේ අප සතුව තිබූ කුණු එකතු කරන බෑගය ඔවුන්ට දී බිම දමා තිබූ රට කජු පොතු එකතු කර එයට දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමයි. මද වෙලාවක් වික්ෂිප්තව සිටි ඔවුන් කිසිත් නොකියා පොතු සියල්ල එකතු කර බෑගයට දමා එය එලියට විසි කිරීමට තැත් කිරීම අපව තවදුරටත් අපහසුතාවයට පත් කරන්නක් වුවද එය නොපෙන්වා කුණු බෑගය නැවත අප වෙත ලබා ගතිමු.//
 - Upul Wicramasinghe -

16 comments:

  1. ඔබලා ඉතා බුද්ධිමත්ව කටයුතු ආකාරය අපගේ පැසසුමට ලක්වේ..සත් ක්‍රියාවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය හිමි උපුල් වික්‍රමසිංහට

      Delete
  2. මම නං කියන්නේ එහෙම උනත් කමක් නෑ.. අපිට හදාගන්න බැරි දේවල් තියෙනවා නේ.. ඊට නරකයි ඔය බස් වල, ලොකු ලොකු වාහන වල යන නෝනාමහත්තුරු විලි සංගයක් නැතිව පාරට ජරාව දාන එක.. කෝච්චියේ ඉතිරි කුණු ටික අතුගාලා කොහේ හරි එක තැනකට හරි දාවි.. ඔය ගැන කලින් දවසක මාත් ලිව්වා.. අපේ චින්තනයයි අවුල් උඩුවෝ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..
      අපි දන්නෙ මහින්ද චින්තනේ නේ

      Delete
  3. මේ වගේ සමාජ රීතීන් වලට අපේ ස්මාජය තවමත් අන්ධයි. BMW එකේ ගියත් ජනේලය පහත් කරලා හිස් යෝගට් කෝප්පය පාරට විසි කරනවා

    ReplyDelete
    Replies
    1. උපුල් අයියා වැනි අය වැදගත් වෙන්නේ ඒකයි

      Delete
  4. Replies
    1. අඩෙ අප්පා.. මෙන්න වැදගත් පුද්ගලයෙක් ඇවිල්ල.. කමෙන්ටුවක් දකින්නත් සතුටුයි

      Delete
  5. වෙනස කරන්න ඕන තැන ඉස්කෝලෙ උඩුවො.
    අපිට ඉස්කෝලෙ නීතියක් තිබ්බ ඒක නීතියකට වඩා රීතියක් වගේ ගුටු නෑ ඇනුම් බැනුම් නෑ දඩුවම් නෑ. ඒත් මග පෙන්වීමක් තිබ්බ.
    අපි විසින් බැහැර කරන දේ මොකද්ද ඒ දේ නිසි තැනට බැහැර කරන්න ඕන. ටොපි කොලේ ඉදං රටකජු පොත්තට යනකං වෙනසක් නැතිව. ඒ ලැබුණ හික්මීම අදටත් තියේ
    මොකද බස් ටිකට්ටෙක වුණත් විසි කරන්නෙ එක්කො ගෙදර ආවම නැත්තං කොහෙ හරි කුණු බක්කියකට.
    හිතන තැනයි හිතන්න පුරුදු කරවන තැනයි වෙනස් කරන්න ඕන. ඒක ගෙදරං ඉස්කෝලෙං පටං ගන්න ඕන.
    හැබැයි දැං කාලෙ ඒ කියන තැං වල ඉන්න අයගෙත් බ්‍රේන් වොෂ් කරල පටං ගන්න වෙනා නැත්තං සුම්ම

    ReplyDelete
  6. ගියවර ලංකාවට ආවේ සිය පවුල සමග නිසා අප ගමන් ගියේ විවිධ කැබ් සේවාවලයි.

    වරක් දිගු ගමනක් නුවර පාරේ යාමට පටන් ගෙන මද වේලාවකින් කුඩා චොකලට් වර්ගයක් කෑමට මගේ පුතාට බඩගින්නක් ආවා. එයින් එකක් මා රියදුරාටත් දුන්නා.

    මා කෑ චොකලට් කැබැල්ලේ දවටනය මං කුලී රථයේ කබි හෝල් එකටවත් නොදමා (මගේ රථයක යනවා නම් මා කරන්නේ එයයි) මගේ සාක්කුවේ දා ගත්තා.

    ඉඩ ලද වහාම චොකලට් දවටනය කැඩූ රියැදුරා ජනේලය ඇර, එය පාරට විසි කළා.

    ඒ ඔහු අපෙන් ලැබූ ප්‍රථම සහ අවසාන චොකලට්ටුවයි!

    ReplyDelete
    Replies
    1. මෙහේදී ඒක සාමාන්‍ය අත්දැකීමක් කෝච්චියේදී මේ සිදුවීම දැකලා මං එතරම් ගණන් ගත්තේ නැහැ.. ඕස්ට්‍රේලියාවේ කාලයක් ඉඳලා ආපු උපුල් තමයි මැදිහත් වුණේ

      Delete
  7. පාරට කුණු දාපු එවුන්ට ගහන සංසකෘතිය දියුණු නොකර නම් මේවා හදන්ඩ බෑ!

    ReplyDelete
  8. කුණු කියන්නේ ප්‍රධාන ගැටලුවක්
    ඇයි අපි තනි තනියෙන් මෙම ගැටලුව විසදිමට මැදිහත්වීම වෙනුවට සාමුහික ලෙස මැදිහත් නොවෙන්නේ
    කුණු කියන්නේ සමාජ ගැටලුවක්නිසා, කැලි කසල බැහැර කිරීම පිලිබදව යම් නීති පද්දතියක් සකස් කරන්න කටයුතු කරන්න කියල අපි අදාල ආයතන වලට බලපෑම් කල යුතුයි. එවැනි නීතී පද්දතියක් හරහා ප්‍රාදේශිය සභා, නගර සභා මහනගර සභා, රජයේ ආයතන, ව්‍යාපාරික ආයතන, හෝටල්, කර්මාන්තශාලා වගේම සාමාන්‍ය ජනතාවත් එම පොදු නීතී පද්දතියට ගොනු කර තබන්න සහ ඒ අනුව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අපි බලපෑමක් ඇතිකල යුතුයි කියල මම හිතනව.

    නැතුව අතන මෙතන කුණු දැමිම පිලිබදව හෝ කුණු එක් තැනකට දැමිම පිලිබදව සාකච්ජා කිරීමෙන් පමණක් තේරුමක් නැහැ.
    දැනට පවතින ක්‍රමවේදය අනුව දුම්රියේ, බසයේ ජනේලයෙන් එළියට කුණු දැම්මත්, කුණු දැමිය යුතු භාජන වලට කුණු දැම්මත් ඒවා එතනින් එහාට යන්නේ නැවතත් අපගේම කාගේ හෝ ගෙවල් ආසන්නයට.

    ReplyDelete
    Replies
    1. අපි දන්නනවා ඒක..
      අපි සාකච්ඡා කළේ ලොකු අරගලය කරන අතරෙ එදිනෙදා ජීවිතයේදී දකින පුංචි සිදුවීම් වලට රිඇක්ට් කරන්නෙ කොහොමද කියල

      Delete

Search This Blog