Tuesday, February 02, 2016

වයිෆ්ගෙ වෙඩිම තිබුණත් එන්න!!!! 

පහුගිය දවස් වල වැඩ වැඩියෙන් බදාගෙන තිබීම නිසා බ්ලොග් ලොවට පිවිසෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් හදිසියේ  ගොඩවී හදිසියේ යන්නේ වැදගත් කාරණයක් කියලා යන්න.


ඔබ බෞද්ධයෙක් වුණත් හින්දු වුණත් කතෝලික වුණත් ඉස්ලාම් වුණත්

ජාතිකවාදියෙක් වුණත් ජාත්‍යන්තරවාදියෙක් වුණත් සිංහල බෞද්ධ ජාතිවාදියෙක් වුණත් 

මහින්දවාදියෙක් වුණත් යහපාලන වාදියෙක් වුණත් දෙකටම නැති සිවිල් පුරවැසියෙක් වුණත් ටොයියෙක් වුණත් බයියෙක් වුණත්

භෞතිකවාදියෙක් වුණත් විඥාණවාදියෙක් වුණත් මාක්ස්වාදියෙක් වුණත් 

දීප්ති පිලේ වුණත් දීප්තිගෙන් පහර කන පිලේ වුණත් ඒ බයිල වලට පුකෙන් හිනා වුණත්



රාවණා බලකායේ වුණත් සිංහලේ බලමුළුවේ වුණත් බොදු බල සේනාවේ වුණත් එක්ස් කණ්ඩායමේ වුණත් 

ඩොකෙක් වුණත් ඉංජෙක් වුණත් ෆොකෙක් වුණත් කොකෙක් වුණත්

කුමන අදහසක් දැරුවත් ඇවිත් යා යුතු කාලීන සංවාදයක්!!!!

වයිෆ්ගෙ වෙඩින් එක තිබුණත් ආච්චිගෙ බිග්ගර්ල් පාටි එක තිබුණත් ඔබේම මළගෙදර තිබුණත්

අනිවා එන්න ඕන අවස්ථාවක්!!!

මම හෙට එන්න නියමිත මහනුවර වජිරබුද්ධි හිමියන් එක්ක ටිකකට කලින් කතා කළා. ඒ මගේ ලිපියකට අදහස් විමසීමක් කරන්න.... 


වනවාසීව ඉන්න වජිරබුද්ධි හිමිත් ඩොලර් වලට කතා කරනවා කියලා තමයි කියන්න වෙන්නේ!!! තර්ක වලට උත්තර දෙන්න බැරිවුණොත්

එතැනදී හාමුදුරුවෝ පෙන්වුවේ තමන් මේ වෙද්දී වෙනස් අදහස් දැරීම නිසා සිංහල බෞද්ධයින්යැයි කියාගන්නාවුන්ගෙන් විඳින්න වුණු ගැහැට....

හාමුදුරුවෝ කියන්නේ මොනවාද? වැඩියෙන් හොඳ හෙට ඇවිත් සාවධානව ඇහුම්කන් දීම. ඒ වගේම ඒ කතාබහ හෙට සංවාදයෙන් නවතින්න ඕන නැහැ. සංවාදය ඉදිරියට ගෙනියන්න ඕන... ඒකට අපි සූදානම්.... 


කුප්‍රකට ඩොලර් තර්කෙ කොහොමත් නිර්මාල්ට එල්ල වෙනවානේ!!! කියන දේට උත්තර දෙනවා වෙනුවට ඩොලර් ප්‍රවාදේ තමයි එන්නේ
බුදුහාමුදුරුවෝ කිව්වාද මළවුන්ට පින්දෙන්න?? පාංශුකූල දෙන්න??
මන්තර කියන්න?? පිළිම වඳින්න?? 
එක බුදුන් නම් එක දර්ශනය නම් නිකායවල් ගොඩක් කොහොමද??
බුදුන් කීවේ තමන්ගෙන් පසු නායකයෙක් නෑ ධර්මය ශාස්තෘෘ කරගන්න කියල.. එහෙනම් කොහොමද මහානායකලා?
බුද්ධාගම රාජ්‍යාගම කරන්නෙ කොහොමද?? එහෙම කළොත් රාජ්‍යය බුද්ධාගමට ඕන විදියට වැඩ කරාවිද??

ගොඩක් දේවල් කතා කරන්න.....!!! 

නිර්මාල්ට හා වජිරබුද්ධි හිමියන්ට ඇහුම්කන්දෙන්න!!!!!!!!!!!!!!!!!!!!!!!



4 comments:

  1. කාලීන මාතෘකාවක්

    ReplyDelete
  2. ඇත්තටම ජනගත විය යුතු මාතෘකාවක් සහො,

    ReplyDelete
  3. ලංකාවෙන් පිට ඉන්න අපට ඕකෙ වීඩියො එක වත් බලන්න විදියක් නැද්ද ?

    ReplyDelete
  4. මොකද එදා වුනේ? කෝ විස්තර?

    ReplyDelete