අමීර් ඛාන්
රඟපෑ මංගල් පාණ්ඩේ චිත්‍රපටිය ඉන්දියානු නිදහස් සටනේ ආරම්භකම මොහොත සටහන් වූ
සිපෝයි කැරැල්ල අලලා නිර්මාණය කළ චිත්‍රපටියකි. විමුක්ති සටනක්, නිදහස් සටනක් දේශප්‍රේමය
කේන්ද්‍ර කොටගත්තකි. එහෙත් ලංකාව ඇතුලේ දේශප්‍රේමය එපා වන තරමට ලංකාවේ ලේ වගුරවා
දමා තිබුණි. දේශප්‍රේමී යන වචනය සිහිපත් කළේ අජූවයි. දේශප්‍රේමය බියෙන් සලිත කරවන
වචනයක් විය. නූතන ජාතික රාජ්‍යය තුළ දේශප්‍රේමය එක්තරා ආකාරයකට ජාතික හැඟීම
යනුවෙන්ද හැඳන්විය හැකිය. දේශ ප්‍රේමයෙන් ඇරඹී ජාතික හැඟීම බවට
පත්වූ හැඟීමක් නූතන නව රාජ්‍යය එකමුතු කර ඇත. ලංකාවේ දේශප්‍රේමය හෝ ජාතික
හැඟීම පැවතුණේ කෙසේදැයි අත්දැකීමෙන් නොදනිමි. එහෙත් පසුකාලයෙක ලංකාවේ දේශප්‍රේමය
ප්‍රතිනිර්මාණය වුණේ සිංහලයන්ට පමණක් අයිති දෙයක් ලෙසිනි. ජාතික හැඟීම දෙමළුන්ට
විරුද්ධ එකක් විය. එහි ප්‍රථිපලය මේ හැඟීම් ජාතියක් දියුණට ගෙනයෑම වෙනුවට පරාභවයට
ගෙන යෑමයි.
ඉන්දියාවේ දේශප්‍රේමය
කෙසේ තිබුණාදැයි නොදන්නා නමුත් ඉන්දියාවේ දේශප්‍රේමය ප්‍රතිනිර්මාණය වුණේ නම්
හින්දුන්ට පමණක් අයිති දෙයක් ලෙස නොවේ. අමීර් දේශප්‍රේමය සමඟ කළ ලගාන්, මංගල්
පාණ්ඩේ සහ රංග්දේ බසන්ති චිත්‍රපට වලින් තදින්ම කියන්නට උත්සාහ කළේ මේ ජාතිකාමය
වෙනුවට විමුක්තිකාමී දේශප්‍රේමයේ ස්වභාවයයි. මුස්ලිම් හින්දු පමණක් නොව කුලවාදයට
එරෙහි භාවිතාවක් මේ ඉතිහාස චිත්‍රපටි තුනේ කතා විය. අපේ සිනමාවෙන් අප නොදුටුවේ
එයයි. රුධිර ගංගාවල පිහිනීම ප්‍රියකළ අපේ සිනමාකරුවෝ යුද්ධය වින්දනය වෙනුවෙන් චිත්‍රපටි
නිර්මාණ කළහ. දෙමළුන් මැරීම වීරත්වයක් විය. දෙමළ පවුලක් පණපිටින් මරාදැමූ සෙබළෙක්ට
දඬුවම් කරද්දී දේශප්‍රේමියෝ එයට විරුද්ධ වූවෝ රණවිරුවන්ට දඬුවම් කිරීමට එරෙහි
වූහ. මේ අපේ රටේ ඛේදවාචකයේ දේශප්‍රේමයයි. ජාතික හැඟීමයි. ඒ දේශ ප්‍රේමයේ, ජාතික
හැඟීමේ අර්ථයෙන් අපි දේශද්‍රෝහියෝ වූවෙමු. නොම්බර එකේ දේශද්‍රෝහියෙක් වූ නිසා මට සත්‍යජිත්
මාඉටිපේ නම් මිත්‍රයා හරහා කේසව් අයියා මුණගැහුණි. සත්‍යා මට කේසව් සම්බන්ධ කර
දුන්නේ අමීර්ලා පැතූ විදියේ දේශප්‍රේමයක් ලංකාවේ නිර්මාණය කළ හැක්කේ අපවැනි
ද්‍රේශද්‍රෝහියන්ට නිසා විය හැකිය. අමීර් උත්පත්තිය අනුව මුස්ලිම් මිනිසෙකු බවද
ලියා තබන්නට කැමැත්තෙමි.
සත්‍යා කේසව් අයියාගේ
අංකය දෙමින් කීවේ මේ පුද්ගලයා ඉතා නිර්මාණශීලී නිර්මාණකරුවෙකු බවයි. චිත්‍රපටියක්
ආරම්භ කොට එහි නිෂ්පාදකවරයා විසින් වැඩකටයුතු අතරමගදී පොලු තැබීම නිසා
එදිනෙදා වියදමටවත් මුදල් නැතිව කේසව් අයියා සිරවී සිටින නිසා තරුණ ජනමාධ්‍යවේදීන්
හැටියට කළහැකි උදව්වක් කරන්නැයි ඔහු ඉල්ලීය. අපි කේසව්ට දුරකථනයෙන් කතා කළෙමු. ඉන්පසු
යාපනයට ගොස් හමුවී කතා කරන්නට තීරණය කළෙමු. සංගමයටම යා නොහැකි නිසා එදා ගියේ ශිවන්ති
සහ මාය. කොළඹින් අප දෙදෙනා බස් රථයට නැඟුණ සවස හරියටම සෝමවංශ ජවිපෙන් ගිය දවස බව මතකයේ ඇත.
ඡාවකච්චේරි ප්‍රදේශයේ දර්ශන තලයේදී අපි කේසව්ව ප්‍රථමයෙන් මුණගැසුනෙමු. දර්ශන තලයක් කීවාට දර්ශන තලයක් සිහියට නඟාගත යුතු නැත. ඒ පුංචි ලිපක තේ සහ බත් හට්ටි උණුවන ඉටිරෙදි මඩුවක් ද, ටොයොටා වෑන් එකක්ද, කැමරාවක් හා ආලෝකය ආවරණය කිරීමට වැහැරී ගිය ඍජුෆෝම් බෝඩ් දෙකක්ද, පැරණි ලයිට් එකක්ද ඇති පුංචි වනයක් වැනි තැනකි. නළු නිළියන්ට මේකප් තමන්ම දමාගන්නේ වෑන් එකේ සයිඩ් කණ්ණාඩියෙන්ය.
කේසවරාජන්ගේ මුහුණේ ඔහුට විඳන්නට සිදුව ඇති කටුක අත්දැකීම් සටහන්ව තිබුණි. බුලත් විටක් සමඟ කල්පනා කරන්නට ඔහු පුරුදුව සිටියේය. සමහර ඛේදජනකම අත්දැකීමක් ගැන කතා කරන විටත් සිනාසෙන්නට ඔහු උත්සාහ කළේ ය. උඩින් ඇති දේශප්‍රේමය ගැන කතා ඔහු අප සමඟ කතා කළේ ය. ඒ වන විට අවසන් වෙමින් තිබුණු චිත්‍රපටියේ කටයුුතු ගැන කතා කළේය. ඔහුව මගේ හිතේ හොඳ මිත්‍රයෙකු ලෙසින් සනිටුහන් විය. අප දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹුනේ එතැනින්ය. ඉන්පසුව කිහිප වතාවක්ම ඔහු මුණගැසෙන්නට මම යාපනයේ ගියෙමි. ඔහු එක්වරක් කොළඹ ආවේය. අප අතර මිත්‍රත්වයද කතාවකි. ඒ වර්ථමාන කථාවයි.
ඡාවකච්චේරි ප්‍රදේශයේ දර්ශන තලයේදී අපි කේසව්ව ප්‍රථමයෙන් මුණගැසුනෙමු. දර්ශන තලයක් කීවාට දර්ශන තලයක් සිහියට නඟාගත යුතු නැත. ඒ පුංචි ලිපක තේ සහ බත් හට්ටි උණුවන ඉටිරෙදි මඩුවක් ද, ටොයොටා වෑන් එකක්ද, කැමරාවක් හා ආලෝකය ආවරණය කිරීමට වැහැරී ගිය ඍජුෆෝම් බෝඩ් දෙකක්ද, පැරණි ලයිට් එකක්ද ඇති පුංචි වනයක් වැනි තැනකි. නළු නිළියන්ට මේකප් තමන්ම දමාගන්නේ වෑන් එකේ සයිඩ් කණ්ණාඩියෙන්ය.
කේසවරාජන්ගේ මුහුණේ ඔහුට විඳන්නට සිදුව ඇති කටුක අත්දැකීම් සටහන්ව තිබුණි. බුලත් විටක් සමඟ කල්පනා කරන්නට ඔහු පුරුදුව සිටියේය. සමහර ඛේදජනකම අත්දැකීමක් ගැන කතා කරන විටත් සිනාසෙන්නට ඔහු උත්සාහ කළේ ය. උඩින් ඇති දේශප්‍රේමය ගැන කතා ඔහු අප සමඟ කතා කළේ ය. ඒ වන විට අවසන් වෙමින් තිබුණු චිත්‍රපටියේ කටයුුතු ගැන කතා කළේය. ඔහුව මගේ හිතේ හොඳ මිත්‍රයෙකු ලෙසින් සනිටුහන් විය. අප දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹුනේ එතැනින්ය. ඉන්පසුව කිහිප වතාවක්ම ඔහු මුණගැසෙන්නට මම යාපනයේ ගියෙමි. ඔහු එක්වරක් කොළඹ ආවේය. අප අතර මිත්‍රත්වයද කතාවකි. ඒ වර්ථමාන කථාවයි.
‘මේ තමයි අපේ ලොකේෂන්
එක. මේ තියෙන්නෙ කැමරාව. අපට සහායක කණ්ඩායම් නැහැ. සහාය අධ්‍යක්ෂක ප්‍රධාන නිළිය.
ප්‍රධාන දුෂ්ඨයෙක් තමයි කැමරා අධ්‍යක්ෂ. මට මීට කලින් කැමරාව ඉස්සරහ හිටපු නළුවෝ
ඉන්නේ දෙන්නයි. ඒ ප්‍රධාන දුෂ්ඨයා දර්ශන් ධර්මරාජ් සහ සහාය චරිතයක් නිරූපණය කරන
යාපනයේ ඉන්න පැරණි නළුවෙක්. අනිත් අය හැමෝම නළුවන් වෙන්නට කැමති අය හෝ මගේ සමීප
මිත්‍රයෝ. මලේ වයිෆ් ෆිල්ම් එකේ උප ප්‍රධාන චරිතයක් කරනවා.‘
කේසව් වැඩකළේ
සම්පූර්ණයෙන්ම නුපුහුණු කණ්ඩායමක් සමඟයි. ඔහු අභ්‍යාස කළේ ඉතාම අසීරු මොහොතක චිත්‍රපටියක්
කිරීමේ අසීරු පුහුණුවයි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මේ සටහන කලින් ලියා තිබුණක් වුණත් එයින් කොටසක් ඉවත් කර පිළිතුරක් ලබාදෙන්නට සිදුවන්නේ එයද මේ කථාවේම කොටසක් වන නිසා ය.
මීට කලින් පෝස්ට් එකකින් මම කේසව් අයියාගේ චිත්‍රපටිය අවසන් කිරීම සඳහා මුදල් ආධාර ඉල්ලා සිටියෙමි. එ් සඳහා මා ලියූ සටහනේ මා ඉල්ලා තිබුණේ කේසව්ගේ චිත්‍රපටියට මුදල් දෙන ලෙසයි. මා දීර්ඝ ලෙස පැහැදිළි කරන්නට උත්සාහ නොකළත් මේ වෙද්දී කේසව්ගේ චිත්‍රපටියේ සියළු රූගත කිරීම් අහවර වී ඇත්තේ ය. මුදල් අවශ්‍ය වී ඇත්තේ චිත්‍රපටියේ වැඩ අවසන් කිරීම පිණිසයි.
මා ලියූ සටහනට කමෙන්ටුවක් දමමින් සිව්වෙනි මානය ප්‍රශ්ණ කිහිපයක් අසා තිබුණි.
//කේසව් ට සල්ලි දෙන්න ඕන රුපියල් ලක්ෂයක් වගෙ මුදලකින් සිනමා පටයක් කිරීම ගැන. ඇත්තටම ඔහු විශ්ම කර්මයෙක්. රුපියල් ලක්ෂය කියන්නෙ අද ලොකු මුදල නෙමෙයි. කේසව්ට ලක්ෂයක් හොයාගන්න බෑ කියන එකත් පැටලිලි සහිතයි.ලක්ෂෙ කියන්නෙ මොකක්ද බන්.පොඩි කොල්ලො ලගත් තියනවනෙ.ෆිල්ම් එකක් ගහන්න පුලුවන්ද බන් ලක්ෂෙකට .නලු නිලියන්ට පඩි ගෙවන්න ,නවාතැන්වලටම යනවනෙ ලක්ශ කීපයක්.//
//කේසව් ට සල්ලි දෙන්න ඕන රුපියල් ලක්ෂයක් වගෙ මුදලකින් සිනමා පටයක් කිරීම ගැන. ඇත්තටම ඔහු විශ්ම කර්මයෙක්. රුපියල් ලක්ෂය කියන්නෙ අද ලොකු මුදල නෙමෙයි. කේසව්ට ලක්ෂයක් හොයාගන්න බෑ කියන එකත් පැටලිලි සහිතයි.ලක්ෂෙ කියන්නෙ මොකක්ද බන්.පොඩි කොල්ලො ලගත් තියනවනෙ.ෆිල්ම් එකක් ගහන්න පුලුවන්ද බන් ලක්ෂෙකට .නලු නිලියන්ට පඩි ගෙවන්න ,නවාතැන්වලටම යනවනෙ ලක්ශ කීපයක්.//
කේසව් අයියා චිත්‍රපටියේ රූගත කිරීම් අවසන් කර තිබුණි. එහි සංස්කරණ කටයුතු, සංගීතය, හඩකැවීම් හා වෙනත් අවසන් වැඩකටයුතු වලට පමණක් මුදල් අවැසි නිසා රුපියල් ලක්ෂය ආසන්න ඇස්තමේන්තුගත මුදලක් ඉල්ලා සිටීමට අපි බලාපොරොත්තු වුණෙමු. ඒ බව මා කියා නොතිබීම නිසා කෙනෙක්ට වැරදි අවබෝධයක් පැමිණීම පුදුමයක් නොවේ.
ඒ වුණත් රුපියල් ලක්ෂයකට සම්පූර්ණ චිත්‍රපටියක් කළහැකි බවද මේ කතාව ඇතුලේම ලියා තැබිය යුතුය. එවන් චිත්‍රපටි කිහිපයක්ම පෞද්ගලිකව දන්නා නමුත් මෙතැන නම් කළ නොහැක්කේ ඒවා නිර්මාණකරුවන් විසින් ප්‍රසිද්ධ කර ඇතිදැයි නොදන්නා නිසාය. දැන් චිත්‍රපටි කරන්නට අප සිතූ තරම් මුදල් අවැසි නොවන බව පමණක් කිව යුතුය. කොළඹ ජාත්‍යන්තර සිනමා උළේලේදී තිරගත වුණු Dog lady නම් චිත්‍රපටියට වියදම් වී තිබුණේ ඉතා අඩු වියදමකි.
හෙමින් කේසව්ගේ කතාව කියවාගෙන යමු!
ලංකාවේ සිනමාවට මේ ඉරනම අත්වූයේ තම තමන් තම තමන්ව තේරුම් නොගැනීම නිසාවෙනි...එනම් සුපිරු අධයක්ෂක වරුන් සිනමාකරනයට පිවිසීමෙනි..වර්තමානයේ බොහෝවිට අධ්‍යෂක නිෂ්පාදක වරයායි....අනෙක් කරුනනම් අපේ උන් ෆිල්ම් හිට් කරන්ඩ හදන්නේ පට්ට පරන ඉතිහාස කථා ඒවිදිහටම ඇද බෑමෙනි....ලංකාවේ බහුතර ප්‍රේක්ෂකයා බලා පොරොත්තුවෙන්නේ ඉතිහාස කතා නොවේ...ඉතිහාසය කියව කියවා විදීමට අපේ රටේ මිනිසුන්ට වෙලාවක් නැත...අනෙක පුංචි කාලේ සිටම අපේ මහාඅභිමානී ඉතිහාසය උගනින උන්ට නැවත නැවත එය පෙන්වීම විහිලුවකි....අනෙක් කරුන නම් ලංකාවේ හැදෙන්නේ ගොන් ෆිල්ම් කියා කෑ ගසන බොහෝ දෙනෙක් ගොන් නැති ෆිල්ම් එකක් හදන්ඩ උදව් කරන්නේත් නැත....අඩුම තරමින් අදහසක්වත් දෙන්නේ නැත....
ReplyDeleteඔබ නියමයි සහෝදරය ජය....
නිර්මාණයට ජයවේවා.........
ReplyDeleteශා.. නියමයිනේ...... මොකද්ද දැන් වෙන්න ඕනේ?
ReplyDeleteමම පොඩිකාෙල් හිතුවේ ශාරුක්, අමීර්, සල්මන් ඛාන්ලා හින්දු අාගමේ කියලා.
ReplyDeleteමහ පොළොවේ නැති සිංහල ජාතිවාදයක් ගැන වෙළුම් ගණන් කතා කරන කිසිවෙක් දෙමළ ජාතිවාදය පිළිබඳ පවත්වන නිහඬතාව කෙනෙක් පුදුම කරන සුළු ය. මේ වන විට වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාවට එහි සිටින බහුතර දමිළ ජනතාවගෙන් සිදුවන අසාධාරණයෙන් කියා පාන්නේ යම් හෙයකින් මේ රට බහුතර දෙමළ රටක් වූවානම් එවිට එහි වෙසෙන සුළුතර සිංහලයා මුහුණ දෙන ජාතිවාදී පීඩනයේ ස්වභාවයයි. අද කිසිවෙක් කතා නොකරන සත්‍යයක් තිබේ. එනම් ජනසංඛ්‍යා දත්තවලට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වෙසෙන දමිළ ජනයාට වඩා වැඩියෙන් දෙමළ ජනයා වෙසෙන්නේ ඉන් පිටත ය.සිංහල බහුතර ප්‍රදේශවල ය. එහෙත් එම ප්‍රදේශ ඔවුන්ගේ නිජබිම් නොවන බව කියමින් සිංහලයා ඔවුන් ඉන් පිටමන් කළේ නැත. කරන්නේ ද නැත. ඔවුන්ට කැමති පරිදි ජීවත්වීමේ අයිතිය තිබේ. අඩුම තරමින් යුධ සමයේදීවත් ඔවුන්ට නියපිටින් අසාධාරණයක් සිදු නොකිරීමට සිංහලයා වග බලා ගත්තේ ය. එහෙත් ප්‍රභාකරන් නැමැති ජාතිවාදී ත්‍රස්තවාදියා විසින් සිංහල උතුරු නැගෙනහිරින් පන්නා දැම්මේ තුවක්ක්කුව හිසට තැබීමෙනි. අද දෙමළ දේශපාලකයා කරන්නේ ද එයම ය. අපි නිතර ම කියන්නා සේ ලංකාවේ ජාතීවාදී වන්නේ බහුතර සිංහලයා නොව සුළුතර ජනයා ම බව මින් තහවුරු නොවන්නේ ද? ලංකාවේ අර්බුදය නියම තැනින් හා මාත්‍රාවෙන් තේරුම් ගන්නාතුරු ඊට විසඳුම් නැත. ආචාර්ය Nirmal Dewasiri වැනි දමිළයාගේ ප්‍රශ්න පමණක් හුදකලා කොට කතාකරන්නන්ට මේ සමබන්ධයෙන් කිමට ඇත්තේ කුමක් ද?
ReplyDelete//අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක් වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක් ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක් දුකක් හැදුණහම යන්න පාරක් නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.//