Thursday, March 24, 2016

හාමුදුරු ගොල්ලගෙ දේශපාලන ආතල්! 

ලංකාවේ හාමුදුරු ගොල්ල දේශපාලනේ එක්ක තදින් ගැටගැහිලා ඉන්නේ. කළු සල්ලි ඒ අයට බොහොම ළඟයි. ඒ බව පෙන්නන්න සිද්ධි ගොඩයි.

මේ සිද්ධි දෙක පහුගිය සතියේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්....
ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?
එයාලගේ සැප ගන්න එකද?

සිරිධම්ම හිමිගේ අමුතු බණ




පිටිදූවේ සිරිධම්ම හිමිගේ අමුතු බණක් පහුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. ‘ආණ්ඩුව ආවම අරලිගහ මන්දිරේ භූගත මාළිගා පෙන්නුවා, ඒසී කරපු වැසිකිළි පෙන්නුවා. ඒවා ලංකාවේ මිනිස්සු බැලුවේ මහ පහත් නිර්ධන මානසිකත්වයකින්. රජවරු කොට දාපු වැසිකිළි වලට යන්නෙ නෑ. එහෙම යනවනම් ඌ රජකෙනෙක් නෙවෙයි වැද්දෙක්. රාජකීය සම්ප්‍රදාය එහෙමයි. රජු රජු විදියට ඉන්න ඕන. ගෙදරින් ගෙනාපු බත් එක අරන් කාර්යාලයට ඇවිත් හවස ගෙදර යනවානම් ඌ රජකෙනෙක් නෙවෙයි ග්‍රාමසේවක කෙනෙක්. තාම හිතන්නේ ග්‍රාමසේවක කියලා. ඒක බෞද්ධ සම්ප්‍රදාය නෙවෙයි. බෞද්ධ සම්ප්‍රදාය එන්නේ ශාක්‍ය වංශයෙන්.‘ සිංහාසනයක් වැනි මහේශාඛ්‍ය අසුනක ඉඳගෙන, වෛවර්ණ ශාලාවක ඉඳන් සිරිධම්ම හිමි කියූ අමුතු බණ ලංකාවේ මෑත ඉතිහාසයේ අපි අත්විඳින විශාල ඛේදවාචකයක් නිරූපණය කරන මොහොතක්. ලංකාවේ දේශපාලනයට සිවුර මැදිහත් වුණේ අතිශය ගෝත්‍රික පටු ප්‍රවේශයකින්. මේ චීවරධාරීන් දෙසියවිසිවන දශකයේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසි අදහසක් තියෙන අය නෙවෙයි. ජනතාවගේ බදුමුදල් සූරාකන රජවරුන් පතන්නේ මේ ගෝත්‍රික මානසිකත්වය නිසා.


හිර වෙද්දී පිං කිරීම


මේ සිදුවීමත් ඉහත කී සිදුවීමට සම්බන්ධයි. රට ආර්ථික වශයෙන් ඉතා අසීරු අඩියකට පැමිණෙමින් ඇති මොහොතක මිනිසුන් කන්නට නැතිව හාමතේ මියැදෙන මොහොතක ශ්‍රී මහා බෝධියට රුපියල් කෝටියක් වටිනා රන් පලඳනාවකුත්, අටපිරිකර දහසකුත්, වෑංජන 1008කිනුත් පූජා කරන අපූරු පිංකමක් ගැන මාධ්‍ය වාර්තා කර තිබුණා. රුවන්වැලි සෑයට අටපිරිකර පන්දහසකුයි, පිත්තල පහන් අසූහාරදහසකුයි, පහන් අසූහාරදාහක් හා මල් කෝටියකුයි මේ පූජාවෙන් පූජා කරන බව කියැවෙනවා. හෙලිකොප්ටර් වලින් මල් ඉහින්න, තවත් සිද්ධස්ථාන ගොඩකට පූජා පවත්වන්න ලෑස්ති වෙලා තියෙනවා. ආගමික වතාවත් වලට ඕනෑම කෙනෙක්ට අයිතිය ඇති බව ඇත්ත වුණත් මේ පූජාව ගැන එළිදරව් කරලා තියෙන තොරතුරු වලින් ආගම වෙනුවෙන් මිනිසුන් යටකරන මුදල් සම්භාරය තෙරුම් ගන්න පුළුවන්. පන්සල් වටේ කොයිතරම් මුදල් සම්භාරයක් එක්වෙලා තියෙනවාද? අද ඉන්නේ කෝටිපති හිමිවරුන්. මේ හිමිවරුන් අනුරාධපුරයේම ඉන්න ආහාර වේලක් නැති දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ පිංකම් වලට යටතරන මුදල් සම්භාරය වෙන් කරන්න කල්පනා කළානම්. ඇත්තටම මේ මහේශාඛ්‍ය පිංකම් බුද්ධ දර්ශනයේ හරයට ගැලපෙනවාද කියන එක සංවාදයට ලක්විය යුතුයි.

16 comments:

  1. //සිංහාසනයක් වැනි මහේශාඛ්‍ය අසුනක ඉඳගෙන, වෛවර්ණ ශාලාවක ඉඳන් සිරිධම්ම හිමි කියූ අමුතු බණ ලංකාවේ මෑත ඉතිහාසයේ අපි අත්විඳින විශාල ඛේදවාචකයක් නිරූපණය කරන මොහොතක්. //

    එකෙන්ම යාළුවා… !!!!!

    ReplyDelete
  2. අපේ මිනිස්සු ප්‍රසිද්ධ පන්සල්, වෙහෙර විහාර වලට ඔය වගේ දේවල් පුජා කිරීමෙන් ලැබෙන "පින්" වැඩියි කියා හිතන තැනකට පාත් කරලා.. දුප්පත් මිනිහෙකුට හිසට වහලක් හෝ ඔවුන්ගේ දරුවෙකුට සිශ්‍යත්වයක් හෝ දීමෙන් එවැනි "පිනක්" ලැබේ යැයි බොහෝ අය විස්වාශ කරන්නේ නැහැ. අනික ඔය රත්රන් පාත්‍ර ගන්න මිනිස්සු ණය වෙලා හරි සල්ලි දෙනවා.. එත් දුප්පතෙකුට උදව් කරන්න සල්ලි තිබුනත් කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට එහා ගිහින්

      Delete
  3. දර්ශනය අතහැර මිත්‍යාව වැළඳ ගන්නත් ඒකටම උඩ ගෙඩි දෙන්නත් අද කාලෙ උදවිය මනාපයි. ඒකෙ කතා දෙකක් නෑ. නමුත් ඛේදවාචකය තමයි ප්‍රදර්ශනාත්මක ක්‍රියා නිසා බුද්ධ දර්ශනය ට වෙන හානිය. ඒක මැඩ පවත්වන්න ඇත්තටම අපහසුයි

    ReplyDelete
    Replies
    1. ඔව්! 
      දේශපාලනය තමයි මේවාට උඩගෙඩි දෙන්නේ

      Delete
  4. පිටිදුවේ සිරිධම්ම රජෙකු සහ මහජන චන්දයෙන් පත්වූ ජනාධිපති වරයෙකු අතරේ ඇති වෙනස නොදන්නා තරම් මුලාවක වැටී ඇති හැටි.

    ReplyDelete
    Replies
    1. තාම ඉන්නේ ගෝත්‍රික යුගයක

      Delete
    2. දූපත් මානසිකත්වයෙන් මිදී නැති රාජ පාලනය යටතේ මනෝරාජිකව ජීවත්වන ලංකාව තුල මුලු ලෝකයම ඇතැයි යන මානසික භාවයකින් කූලුගැන්වී ඇති විරෝධාකල්පි සමාජයක ගිහි හෝ පැවිදි මෙවැනි අයවලුන් ගැන පුදුම විය යුතු නැත.

      Delete
    3. දූපත් මානසිකත්වයෙන් මිදී නැති රාජ පාලනය යටතේ මනෝරාජිකව ජීවත්වන ලංකාව තුල මුලු ලෝකයම ඇතැයි යන මානසික භාවයකින් කූලුගැන්වී ඇති විරෝධාකල්පි සමාජයක ගිහි හෝ පැවිදි මෙවැනි අයවලුන් ගැන පුදුම විය යුතු නැත.

      Delete
  5. දැන් බුදුදහමට වඩා ඉස්මතු වෙලා යන්නේ ගෝත්‍රික මතවාද?

    ReplyDelete
  6. ලංකාවේ (බහුතර ආසියාවේ) රාජ සංකල්පය මා දකින්නේ මහා ඛේදවාචකයක් ලෙසය....එක් මිනිසෙකු මහා බලවතෙකු වී අනෙක් උන් වහල් සේවයේ යොදවා ගැනීම කෙසේනම් මානුශීය වේද??
    බුදුරජාණන් වහන්සේද මහා විහාර වල විසූ බව විවිද මූලාශ්‍ර වල ඇත...මේවා ග්‍රන්ත රචකයන් එක්කල අලංකාරද??.......සිරිධම්ම වේවා ඕනෑම ආගමික නායකයෙකු වේවා ඔවුන් තුල සංයමය පැවතිය යුතුය....

    ReplyDelete
  7. පාරාජිකා වෙච්චි සිවුරුධාරියෙක්, උපාසකම්මලාට ආතල් දෙන පොරක්. පංචකාම සම්පත්තිය ඉහලින්ම භුක්ති විඳිමින් ලෝකෙට සෝබන ෂෝ පෙන්වන ජෝකරයෙක්.

    ReplyDelete
  8. I respect you all. High time to speak up.

    ReplyDelete
  9. පිටිදූවේි සිරිධම්ම කියන්නේ මහින්දට කඩේගිය කෙනෙක් නෙමෙයි. එතුමා ඉදිරිපත් කලේ ස්වාධීන මතයක්. ඒකෙන් කට්ටියකට රිදිලා තියෙන බව පේනවා.
    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ සාම්ප්‍රදායක බුදු දහම සමඟ ගැටුම් ඇතිකරගත් මුල් කාලයේ රාවය පත්තරේ වගේ මාධ්‍ය එයාව පාවිච්චි කරලා සාම්ප්‍රදායික බුදුදහම‍ට පහර ගහන්න හැදුවා. නමුත් හාමුදුරුවෝ එව්වාට හවුල් වුනෙත් නෑ.
    සිරිධම්ම හාමුදුරුවෝ පාදිලි කෙනෙක් වගේ ඊලාම් කතා කිව්වානම් ඔයා එයාව කරේ තියාගෙන යයි.
    බුදුහාමුදුරුවන්ට තිබුනේ ලිබටේරියන් හැදියාව. ඔයාට තියෙන්නේ මල්ලි කොමියුනිස්ට් හැදියාව.

    ReplyDelete
    Replies
    1. අපි සාම්ප්‍රදායික බුදුදහමට නෙවෙයි බුදුදහම කියලා කරන තක්කඩි වැඩවලට පහර ගහනවා.! 
      ඒකට පහර ගහන අයට අපේ පත්තරේ ඉඩ දෙනවා.
      ඉන්පස්සේ තවත් කවුරුහරි ඒ තක්කඩි වැඩේම කරනවානම් ඒකටත් පහර ගහනවා...
      පිටිදූවේ සිරිධම්මට තියෙන්නේ රජෙක් හොයන වැඩවසම් ගෝත්‍රික හැදියාව

      Delete
  10. //සිංහාසනයක් වැනි මහේශාඛ්‍ය අසුනක ඉඳගෙන, වෛවර්ණ ශාලාවක ඉඳන් සිරිධම්ම හිමි කියූ අමුතු බණ ලංකාවේ මෑත ඉතිහාසයේ අපි අත්විඳින විශාල ඛේදවාචකයක් නිරූපණය කරන මොහොතක්//

    රහත් වුනාම එහෙම නෙමේද?

    ReplyDelete