ගොඩවදින්නෝ

Thursday, March 31, 2016

යාපනේ රෝසමල් මිස බෝම්බ කොහෙද?

මං ෆෝන් එකෙන් ලිරික් බලාගෙන මරියාන් එකේ ටැමිල් සිංදුවක් කිව්ව... මට වරදිනකොට කජීපන්(ශක්ති) කාරයා හදනවා... විනෝජිත් සද්ද නෑ.. හොඳට බොනවා... රමේෂ්(වෙබ්) අහිංසකය.. (මයෙහිතේ උගෙ හිත අපෙ හිටපු කෙල්ලෙක්ට ගියා.. දැං ඌ එහෙ කෙල්ලෙක්ව බැඳල හොඳේ... වෙඩින් එකටත් අපි ගියා.. )

විනෝජිත් හොඳ කොල්ල.. ඌ තමයි යාපනය මාධ්‍ය සංගමේ සභාපති... මගෙ හොඳම යාළුවා මයුරන්(ඩෑන්).. යකෝ උට සිංහල බෑ මට දෙමළ බෑ අපි දෙන්නටම ඉංග්‍රීසි බෑ.. ඒත් උෟ මගේ හොඳම යාළුවෙක්... උං මට කතාකළේ ධනුෂ් කියලා... මං ධනුෂ් වගේ නිසා නෙවෙයි මංම කිව්ව මට ධනුෂ් කියපං කියල. ඒක මගෙ සිඟිති ආතල් එකක්... 


අපි සෙට් එක මුහුදෙ නෑව... සඳා (ස්වර්ණවාහිනි) අයිය නාන්නෙ නැතිව ශිවා (අද) එක්ක ගොඩ හිටියා.. අපි නාන ගමං සඳාටයි ශිවාටයි කතා හැදුව.. නිරෝ (හිරු) කියන්නෙ එක එකාට කතා හදන්න දස්සය.. නාන වැඩේට බිඟුනට (දේශය) එන්න බැරිවුණා ලාල්කාන්තගෙ ඉන්ටවීව් එකක් ගන්න තිබුණ හින්ද.. 




සවනිය(මව්බිම) තමා අතුගාන වැඩ එහෙම කොලේ.. රෂිය(මව්බිම) තමයි මාව බලාගන්න දාල තිබුණෙ... මං පිස්සු කෙලිනව කියල... සවනියට එහෙන් රමේෂ්ව සෙට් කරල දෙන්න හැදුවට ඒකි කැමති වුණේ නෑ නෙව... 

පළවෙනි දවසෙ රෑ සචියගෙ(හිරු) බර්ත්ඩේ එක අහුවුණානෙ... සරපයිස් පාටි එකක් දුන්න.... තෑගි විදියට උගෙම ජොකෙක් උස්සල දුන්න.... 




චුන්නාක්කම් පාරවල් වල අපි ඇවිද්ද... සුමුදුවගෙ(දේශය) කයිවාරුව නිසා කෙල්ලො ටික උට තමා සෙට් වුනේ... සිතා(අද ලේයවුට්) මල්වලයි සමනලයන්ගෙයි ෆොටෝ ගන්න දත කෑව... 



එහේ සෙට් එක හොඳටම සෙට් වුණේ අමිලයිය(ටයිම්ස්) එක්ක.. උනුයි අපියි ගමනෙ දෙවනි දවසෙ එකටමයි හිටියෙ... 

දැන් අපි එක්ක නැතත් මනෝ(සිරස) අයිය තමයි මේ කණ්ඩායම එකතු කරන්න ලොකු මහන්සියක් දැරුවෙ... දසුන(ලංකාදීප හිටපු) එකම ෂෝටක් ඇඳගෙන හැමෝම එක්ක හිනාවෙවී ගමන පුරා හිටිය... දසුන අමුවෙන් දාගත්ත වැට් ෂොට් එකක් මං දාගත්තනෙ... මළ කෙළියයි... වැදෙන්න වැදුණ... 

රා බොන්න ගියේ කුඹුරක් මැද්දෙ තිබුණ රා තැබෑරුමකට... සුල්ෆරේ (හිරු) රා බොන්නෙ නෑ නෙව... අනිත් උන් ඔක්කොම බිව්ව.. එතන හිටපු අයිය කෙනෙක් මට සෙට් වුණානෙ... පොරගෙන් ඉල්ලං මං සුරුට්ටුවක් ගැහුව... යාපනේ සුරුට්ටු පට්ට සැරයි... එකක් රෂිය මගෙන් ඉස්සුවේ උඹට සුරුට්ටු වැදුනොත් එක දෙක කරයි කියලා... 


රා බිව්වෙ තල්කොල ගොට්ටෙ.. ශිවා එදා ගොට්ටක් බෑග් එකේ දාගත්තෙ හැමදාම තියාගන්නව කියල... තාම තියෙනවද දන්නෑ... 



එනකොට විතරක් නෙවෙයි යනකොටත් කෝච්චියෙ කට්ටිය හොරෙන් හොරෙන් බිව්ව කියාංකො.. කෝච්චියෙ රෑ එනගමං සිංදුවක් කියාගෙන ආව... ඒත් මැදට එද්දී බාගයක් නිදිනෙ... හිත හොඳ අමිල(ටයිම්ස්) එක්කෙනෙක්ට සීට් එකක් දුන්න නිසා මිනිහ හිටගෙන.. උට සෙකන්ඩ් වෙන්න බැරි හින්ද මායි කුලෙ(තරුණය) අයියයි සීට් දීලා බිම නිදාගෙන ගියා.. ඉන්පස්සෙ අපි සෙට් වුණා ආමි අයියල ටිකක් එක්කත් සිංදුවක් කිව්වට පස්සෙ.. 



අපේ යාපනේ ගමන යාපනේ හොයාගත්ත ගමනක් වත් ඓතිහාසික ගමනක් වත් මොකක්වත් බයිලයක් නෙවෙයි... තරුණ මාධ්‍යවේදියෝ කියන්නෙ ප්‍රතිපත්ති වලට එහා ගිය යාළුකම් මත හැදිච්ච කණ්ඩායමක්.. ඒකේ පුද්ගලයෝ නෙවෙයි මතුවෙන්නේ හැමවෙලාවෙම ටීම් එකක්. උන් සෙට් වෙලා හෙනම සීරියස් කෑලි අල්ලගෙන කතා කරන්නෙ නෑ.. ෆන් එකේ විහිළුවක් තහළුවක් කරගෙන ඉන්නවා... අපි හදන්නේ සහෝදරත්වයක්.. යාපනේ ගියෙත් ඒ වෙනුවෙන්... 

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යෙව්දීන් දාසයක විතර පිරිසක් තමන්ගේ අතින් සල්ලි එකතු කරගෙන ගිය ගමනක් ඒක... නවතින්න තැන හොයාගත්තෙ අපි... තැන් වලට ඇවිද්දේ මිනිස්සු එක්ක බස්වල එකට තෙරපෙමින්... දෙමළ සිංදු අහමින්... යාපනේ මාධ්‍ය සමාජය කියලා හඳුන්වන එහේ ජර්නලිස්ට් සහෝදරවරුන්ගෙ සංගමේ එක්ක කතාකළේ වෘත්තිය කෑල්ල මැදට තියාගෙන නෙවෙයි... කොටින්ම ඒක හෙණ ප්‍රොෆෙසනල් සාකච්චාවක් වුණේ නෑ.. අපියි උනුයි එකට සෙට්වෙලා බීලා රෑ සිංදුවක් කියලා ෆන් එකක් ගත්ත එකයි කළේ... 



මේ කණ්ඩායම මට හමුවුණේ පළවෙනි යාපනය ගමනට සති දෙකකට කලින්.. හැම කෙනාවම මුලින්ම හමුවෙලා දින කීපයයි... ඒත් ඒ ගමන ඇතුලෙන් අපි එකිනෙකා ජීවිත කාලයක්ම දැනගෙන හිටපු යාළුවො වගේ වුණා.. අදටත් මගේ සමීපතම මිත්‍රෙයා් ඒ අය.. මං ජීවිතේ බෙදාගන්නෙ ඒ අය එක්ක... මං හිතන්නේ ඒකයි සහෝදරත්වය... එකට හුස්ම ගැනීම... අපේ කණ්ඩායමේ එකිනෙකා අතරෙ තියෙන බැඳීම වචන වලට හරවන්න බැහැ... එකෙක්ට මොනවහරි කරන්න ගියොත් අනිත් උන් පෙනීසිටින එක නවත්වන්නත් බෑ... මේ කණ්ඩායම පුළුල් කරගන්නයි ඕන... ඒ බැඳීමෙ තියෙන ආතල් එක කියල ඉවර කරන්න බෑ... 



යාපනය කියන්නේ දැන් මට මගේ නගරයක් වගේ හුරු තැනක් වෙලා... ඒත් ඇත්ත කිව්වොත් මං යාපනයට මුලින් ගියේ රාජපක්ෂ පාලනෙත් අහවර වුණාට පස්සේ ගිය අවුරුද්දේ මාර්තු වල. පහුගිය අවුරුද්දක කාලය ඇතුලේ තමයි මං විසිතිස් වතාවක් යාපනේ ගිහින් පාරවල් වල රස්තියාදු වුණේ... ඇරියස් කවර් කරගන්න වගේ... 

ඕවා මේවා අස්සේ මට කියන්න ඕන වුණේ මගේ පළවෙනි යාපනේ ගමන ගැන... අපේ පළවෙනි ගමන ගැන.. මං දන්නවා මට කලින් ලසන්ත, වෙඩ්ඩා, සනත්, රෝහිත, ලංකාපේලි ඇතුළු කෙලවරක් නැති තරම් අපේ මාධ්‍යෙව්දී සහෝදරවරු තර්ජන මැද්දෙ යාපනේ ගිහින් තියෙනව... සහෝදරත්වය ඇති කරගෙන තියෙනව.. එකට හුස්මඅරන් එකට දුකසැප බෙදාගෙන තියෙනවා... ඉතිං ගයන්ත කරුනාතිලක තව කට්ටියක් එක්ක සෙට් වෙලා එන්න එකට හුස්මගන්න කිව්වම අපට පුකෙං හිනා යනවා...

ඕන කෙනෙක් කැමති දෙයක් කරන්න පුළුවන්... මං කොහොම හරි කියන්න හදන්නෙ යාපනේ තියෙන්නෙ රෝසමල්... ඒවට 2008 ලංකාදීප පත්තර වලින් ඔතාගෙන ගිහින් බෝම්බ දාන්න එපා



16 comments:

  1. එලද බ්‍රා මචෝ
    සුන්දර අත්දැකීමක්

    ReplyDelete
  2. සැක් .. එල ට්‍රිප් එකක්නෙ ...
    මාත් දන්න අඳුනන දෙතුන් දෙනෙක් ඉන්නව ....
    ආසාවෙ බෑ ....

    ReplyDelete
    Replies
    1. අනිවා ට්‍රිප් යනවනං යන්ඩ ඕනෙ ඔහොම ....

      Delete
  3. //යාපනේ තියෙන්නෙ රෝසමල්... ඒවට 2008 ලංකාදීප පත්තර වලින් ඔතාගෙන ගිහින් බෝම්බ දාන්න එපා//
    ----එහෙම බැහැ උඩුවෝ. මළබද්ධ විපස්සේ එවුන් කියලා මැෂින් ද? උනුත් මොකක්හරි ගේමක් දීලා දවස ගානේ බඩගොස්තරේ හොයන්න ඕන නැද්ද?
    මේ වැඩ කරන්නේ එව්වාට තමයි...

    ReplyDelete
  4. ඇත්තටම ඇමතිලා එක්ක ගිහින් දාන පඩ ෂෝ වලට වඩා වෙන්න ඕන උඹලා බොක්කෙන්ම කරන මේ වගේ වැඩ...

    හැම එකාම මෙහෙම හිතනවා නම්.....

    ReplyDelete
  5. නියමයි උඩුවා.බෝඩ් කැලි ගහාගෙන මාධ්‍ය අයිඩින්ටි එල්ලං අමුතුම ජීවී කොටසක් වගේ හැසිරෙන්නේ නැතුව උඹලා ගිය මේ ගමන බොහොම සුන්දර ගමනක්.

    ReplyDelete
  6. ආයෙත් යමන්.. අර අපිට බනින අයියලාත් එක්ක යමන්..

    ReplyDelete
  7. දෙමළුන්ට ඕනවට වඩා පුක දෙන එකෙක්ගේ ගොං ආතල්. යාපනෙන් ඉදිරියේදි රෝසමල් හම්බවෙන කල් පුක දීපං.

    ReplyDelete
  8. මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ. සිංහල කතෝලිකයන්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවත් සුළු පිරිසක් ඉන්නවා. දෙමළ වාර්ගිකයන්ගේ ටික දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ වාර්ගිකයන්ගේ කඩ ටවුමේ තියෙනවා. ඒවයේ සේවය කරන දෙමළ සහ මුස්ලිම් අයත් ඉන්නවා. මේ අයට නගරය සහ ඒ අවට ස්ථිර දේපළත් තියෙනවා. මට තේරෙන හැටියට සහ මම දැකලා තියෙන විදියටනං මේ අයට සිංහල බෞද්ධ බහුතරය එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්ඩ මේ දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කළු ජූලියෙන් වේයන්ගොඩ නගරයේ වෙළදාම් කරපු දෙමළ ව්‍යාපාරිකයන් නගරය අත්හැරලා ගියපු බවත් ඉන්පස්සේ ඒ අයගේ කඩ සමහර මැර ක්‍රියා කරපු අයම (මේ බොහෝ දෙනා ජේආර් ආණ්ඩුවේ හිතවතුන්) ඒ කඩ අල්ලාගත් බව හෝ කුණු කොල්ලෙට අරන් තියෙන බවත් මං අහලා තියෙනවා. කෙසේ වෙතත් දැං ඒ අය නැවත ඇවිල්ලා තිබීම සතුටට කරුණක්. මේ වගේ කොළඹීන් ඈත නගරවල දෙමළ සහ මුස්ලිම් ජනතාව කුඩා ප්‍රමාණවලින් විසිරිලා ඉන්න අතර කොළඹ නගර සීමාවේ සහ වත්තල වැනි පැතිවල දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව ඉන්නවා. ඔවුන් දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා සිංහල බහුතරයක් ඉන්න බස්නාහිර පළාතෙන් සහ සිංහලයන් බහුතරයක් ඉන්න බස්නාහිර පළාත් සභාවෙන් ඔවුන්ට ඕන තැනක ජීවත් වෙන්ඩ, ඉගෙනගන්ඩ සහ රැකියාව කරන්ඩ ව්‍යාපාර කරන්ඩ තියෙන අවස්ථා සීමා කරලා නෑ.

    මට තියෙන ප්‍රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා. අධිරාජ්‍ය ගැති වර්ගවාදීන් හුරතල් කරන ආණ්ඩුත් ඒකට උල්පන්දම් දෙනවා. නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. උපන්බිමේම දෙවන පන්තියේ පුරවැසියන් වූ සිංහල ජනතාව අමතක කරමු. අඩුම තරමින් අනූව දශකයේ මුල් භාගයේ යාපනය නගරයෙන් එක රැයින් පළවාහැරපු ලක්ෂ දෙකක් පමණ වූ මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් නැවත පදිංචි කරන්ඩ බැරිව තියෙන්නේ ඇයි? කොටින් මොවුන් පළවාහැරියේ ආමි එකට ඔත්තු දෙනවා කියන චෝදනාව උඩ. මේකට හේතුව දෙමළ වර්ගවාදය සහ නාසිවාදය මිස අන් කුමක්ද?

    --- උඩුවා මැතිතුමනි - දෙමළුන්ට පුක දෙන අතරේ මෙන්න මේවා ද සිදුවන බව ඔය යන පැතිවල අයට ටිකක් කියලා දෙන්න පුළුවන් නම් ඒක ජාතික මෙහෙවඑක් වෙයි.

    ReplyDelete
  9. උඩුවා මැතිතුමාට මේවට දෙන්න උත්තර නෑ. මොකද දෙමළට පුක දීලා දැන් රෙන්නවත් පුකක් නෑ.

    ReplyDelete
  10. ඉතා කෙටියෙන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා විකාශය මෙසේ ය. මා මෙය අවුරුදු තිහක් තිස්සේ වර්ධනය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන්ගේ ද දැනගැනීම සඳහා සඳහන් කළ යුතු ය. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ (අලි මංකඩින් උතුරෙහි) බහුතර ජනතාව සිංහල විය. එහි තිබූ ආර්ය චක්‍රවර්ති පාලනය මුහුදු මංකොල්ලකරුවන් විසින් පිහිටුවන ලද, සිංහලයේ රජුට යටත්වූ පාලන තන්ත්‍රයකි. ආර්ය චක්‍රවර්ති පාලකයා සිංහලයේ රජුගෙන් තමා රජ යන නාමය යොදා ගැනීමට අවසර ගත්තේ ය (මෙය පෘතුගීසි ක්වේරොස්ගේ ඇසින් නොබැලිය යුතු ය. ඔහු දැන සිටියේ යුරෝපීය රාජ්‍ය ගැන පමණ ය) එක් ආර්ය චක්‍රවර්තියකු එසේ අවසර ගැනීමට ගොස් සිටි අවස්ථාවක සංකිලි බලය අත්පත් කර ගත්තේ ය. ඔහු පෘතුගීසීන් සමග සටන් කෙළේ ය. එහි දී සිංහලයේ රජු ඔහුට සේනා යවා ආධාර කෙළේ ය. අවසානයේ සංකිලි හා පෘතුගීසීන් අතර ගිවිසුම කෙටුම්පත් කරනු ලැබුයේ සිංහලෙන් හා පෘතුගීසි බසිනි! එහි දෙමළ බසක් නො වී ය.

    ලන්දේසීන්ගේ පාලන සමයෙහි දී ඔවුහු තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩළ වෙරළෙන් වෙල්ලාලයන් ගෙනාවා් ය…. (ලන්දේසිහු වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. අදත් එහි නැටෝල් ප්‍රදේශයෙහි වෙල්ලාලයන් දැකිය හැකි ය). වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ (ආඬියා සහිත ලිඳ ද වෙල්ලායන් සමග දුම්කොළ වගාවට වතුර දැමීම සඳහා ආනනය කෙරී ඇත). ඔවුහු බ්‍රාහ්මණ වර්ණ භේදයට අනුව ශුද්‍රයෝ වූහ. ලන්දේසිහු වෙල්ලාලයන් යාපනයේ දී ඊනියා උසස් කුලය බවට පත්කළහ. එහි දී ඔවුහු බ්‍රාහ්මණ වර්ණ භේදය මෙන් ම මහනුවර වඩිග රජුන් කල තිබූ සිංහල කුල ක්‍රමය (භේදයක් නොව) ද මිශ්‍ර කර ඇති බව පෙනී යයි. ලන්දේසීන්ගේ ආධාරයෙන්් වෙල්ලායන් ඊනියා උසස් කුලය බවට පත්කෙරුණේ යාපනයේ සිටි සිංහලයන් දෙමළ හින්දු සමාජයට අවශෝෂණය කර ඔවුන් ඊනියා අඩුකුල ජනයා බවට පත්කිරීමෙන් හා මාඩපල්ලි නම් වෙනත් දෙමළ කුලයක් පරදවමිනි. ලන්දේසිහු නැගෙනහිර වෙරළ සිංහලේ රජුට අහිමි කිරීම සඳහා වෙල්ලාලයන් ලවා බොරු ඉතිහාසයක් ලියවූහ. යාල්පානම් වෛපව මාලෙයි නම් කවි පොත විජයගේ කාලයේ සිට දෙමළ ජනයා ලංකාවේ සිටි බව කීමට ලියූ කවි පොතක් පමණක් යැයි යාපන විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා පවසයි. ඒ මහතාට අනුව දොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැත. ඒ මහතා මේ බව පවසන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තම ආචාර්ය උපාධි නිබන්ධනයෙනි. මේ නිබන්ධනයේ පිටපතක් මා සතු අතර අදාළ කොටස් යථා කාලයේ දී මුහුණු පොතෙහි මා නමින් ඇති පිටුවෙහි හා කාලය වෙබ් අඩවියෙහි පළකිරීමට කටයුතු කරන්නෙමි.

    ReplyDelete
  11. ඉංගිරිසි පාලන සමයෙහි දී වෙල්ලාල ආධිපත්‍යය තවත් වර්ධනය විය. වෙල්ලාලයෝ යාපනයේ ඊනියා අඩුකුල ජනයා පිඩාවට පත්කළහ. අරුමුගම් නවලාර් හින්දු (ශෛව) සංස්කෘතියක් වෙල්ලලයන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගී ය. ලංකාවේ බ්‍රාහ්මණ වාංශිකයන් නොසිටි බැවින් වෙල්ලාලයෝ ම පූජක තනතුරුවලට උසස් කරනු ලැබූහ. බ්‍රාහ්මණයන් යාපනයේ නොසිටියේ ඔවුන් මුහුදු තරණය නොකරන බැවින් යැයි කීම පිළිගත නොහැක්කකි. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ දුම්කොළ වගාවට කම්කරුවන් මිස හින්දු ආගමික වතාවත් කිරීම සඳහා බ්‍රාහ්මණයන් නො වේ. ලන්දේසීහු බ්‍රාහ්මණයන් නො ගෙනාවෝ ය. බ්‍රාහ්මණයන් ලංකාවට පැමිණ ඇති බවට සාක්‍ෂි වෙයි. සීතාවක රාජසිංහ රජු කල මෙහි පැමිණි අරිට්ටකි වෙන්ඩු වැනි පූජකයන් ගැන අපි ඉතිහාසයෙන් දන්නෙමු. එයටත් වඩා බ්‍රාහ්මණයන් මෙරට සිටි බවට බ්‍රාහ්මණ නමින් ඇති ගම් වලින් ද ඇතැමුන්ගේ නම්වල වාසගමින් ද හෙළි වෙයි. අද බ්‍රාහ්මණ කුලයට අයත් වූවන් බටහිර රටවල දැකිය හැකි ය. ඔවුන් එහි ගොස් ඇත්තේ මුහුදු තරණය කර නොව ගුවනින් යැයි පඬි කතාවක් ගෙතීමේ බැරිකමක් සිංහල විරෝධී පඬියන්ට හැකි ය. ඔවුන්ගේ දැනගැනීම සඳහා කිව යුත්තේ ඉන්දියාවේ බිහි වූ එකම ගණිතඥයා වූ රාමනුජන් නැවෙන් එංගලන්තයට ගිය බ්‍රාහ්මණ වාංශිකයකු බව ය.

    මෙරට ආදි කාලයේ සිට දෙමළ ජනයා නොසිටි බව මෙම බ්‍රාහ්මණ කතාවෙන් ද තහවුරු වෙයි. සිංහල සමාජයෙහි බ්‍රාහ්මණ බලපෑම් පොළොන්නරු සමයේ සිට සීතාවක සමය දක්වා තිබු ඇත. දඹදෙණි සමයෙහි ලියැවුණු උම්මග්ග ජාතකය බමුණන්ට විරුද්ධව ලියන ලද්දකි. අද ද බමුණු බලපෑම් ඇත. එහෙත් වත්මන් බමුණෝ බටහිර අධ්‍යාපනය හේතුවෙන් එකී දැනුම් ආධිපත්‍යයට හසුවූවෝ වෙති. මාර්ටින් වික්‍රමසිංහ මහතා කුමක් කීවත් ඔවුන්ගේ බමුණු කුලය 1956 දී බිඳ නො වැටිණි. වික්‍රමසිංහ මහතා ද හසුවන්නේ බමුණු කුලයට ය! ඉඩක් ලැබුණහොත් පසුව මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. ඒකාබද්ධ විපක්‍ෂයේ ද එයට උපදෙස් දෙන්නන් අතර පමණක් නොව පමණක් නොව ඇතැම් ජාතිකත්ව මතධාරීන් යැයි කියන්නන් අතර ද බමුණු කුලයේ අය වෙති.

    ඉංගිරිසිහු ලන්දේසීන්ටත් වඩා වෙල්ලාලයන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව යොදා ගත්හ. යම් යම් හේතු නිසා වුව ද මිෂනාරි අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත වූයේ අලිමංකඩෙන් උතුරෙනි. (අලිමංකඩ යන වචනයෙන් ම මැතක් වනතුරු එහි සිංහල බලපෑම සනිටුහන් වෙයි. ලන්දේසි සමයේ ද අලි අපනයනය කිරීම සඳහා ගෙන ගොස් ඇත්තේ අලිමංකඩිනි. කුරු යනු ඇතාට තවත් නමකි. යාපනයේ සිටි කුරු විදානේ වැනි නිලධාරීන් ගැන ඉතිහාසයේ සටහන් වෙයි). රාජකීය විද්‍යාලයට වඩා පැරණි පාසල් යාපනයේ ඇත. මේ ඇතැම් පාසලක මදුරාසි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ විද්‍යාල ලෙස ද පැවතී ඇත. කෙසේ වෙතත් යාපනයේ ඉංගිරිසි උගත් ප්‍රතිශතය සිංහලයන් අතරට වැඩි ය. ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා හා සිංහල ජනයා සමාන ව මෙන් සිටියහ.


    ReplyDelete
  12. ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදී දේශපාලනය බෞතීස්ම කෙළේ 1831 දී ය. ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකිරීමත් සමග ය. එතැන් සිට ප්‍රභාකරන් දක්වා ඉතිහාසය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන්වන බැවින් විස්තර කිරීම අනවශ්‍ය ය. එය කොටස් වශයෙන් මුහුණු පොතෙහි මා නමින් ඇති පිටුවෙහි ද කාලය වෙබ් අඩවියෙහි ද පළ වෙයි. ඉතා කෙටියෙන් කිවහොත් මුල සිට ම දෙමළ ජාතිවාදී දේශපාලනය යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇත. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ඔහුගේ ඥාතියකු යැයි කියැවෙන විග්නේෂ්වරන් දක්වා ඉතා වැඩි දෙනෙක් කොළඹ ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබුවෝ වෙති. දෙමළ ජාතිවාදයේ යුග තුනක් තිබී ඇති අතර නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු එහි හතරවැනි යුගය ඇරඹී ඇත. දෙමළ ජාතිවාදයේ පළමුවැනි යුගයේ දී (1831 සිට විසිවැනි සියවසේ හතළිහේ දශකය දක්වා) ඉංගිරිසින්ගේ අනුබලය හා ආධාරය ලැබූ දෙමළ ජාතිවාදයට අවශ්‍ය වූයේ මධ්‍යයෙහි (ව්‍යවස්ථාදායක මණ්ඩලයෙහි හා රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි) හැකිනම් සිංහලයන් පරාජය කිරීම ය, නැත්නම් සිංහලයන් හා සමාන නියෝජනත්වයක් ලබා ගැනීම ය. රාමනාදන්, අරණාශලම් හා පසු ජී ජී පොන්නම්බලම් එහි නායකයෝ වූහ. පනහට පනහ ඉල්ලීම මෙන් ම සෝල්බරි කොමිසම හමුවේ දෙමළ වැඩි නියෝජනත්වයක් ඉල්ලීම ද ඒ මත පදනම් විය. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසු දෙමළ නායකයන්ට මධ්‍යයෙහි තමන්ට බහුතරයක් ලබාගැනීමට නොහැකි බව තේරුම් ගොස් ඇත. විශේෂයෙන් ම මදුරාසි ක්‍රිස්තියානි පල්ලියෙහි සාමාජිකයකු වූ චෙල්වනායගම්ට ඒ බව වැටහී ඇත. හතළිහේ දශකයේ ඇති වූ දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගයේ දී ඔවුන්ට අවශ්‍ය වූයේ මධ්‍යයෙහි නොව ඊනියා දෙමළ නිජභූමිය ලෙස පසුව හඳුන්වනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත්වල රාජ්‍යයක් ඇතිකිරීම ය. ඊනියා දෙමළ නිජභූමිය ඉංගිරිසින්ගේ පළාත් සීමා නීර්ණ අනුව ඇතිවූයේ කෙසේ දැයි පඬියකු විසින් තවමත් තේරුම් කෙරී නැත.

    ලංකා විශ්වවිද්‍යාලයෙහි පළමු ගණිත මහාචාර්යවරයා වූ සී සුන්දරලිංගම් ඊළාම් සංකල්පය ඉදිරිපත් කෙළේ 1940 දී පමණ ය. ඔහු එය ඊළොම් (EYLOM) යනුවෙන් හැඳින්වී ය. සුන්දරලිංගම් දැන නොසිටියාට ඊළාම් යනු සිංහලය යන්නෙහි දෙමළ ස්්වරුපය වෙයි. මේ කරුණු කියා බොහෝ කල්ගත වී ඇති නමුත් සිංහල සමාජයට ඒ කාන්දු නොවූයේ බටහිර දැනුම් ආධිපත්‍යය, මෙරට නිවට බමුණු කුලය, දෙමළ ජාතිවාදය පිටුපස ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය, ඉන්දීය සිංහල බෞද්ධ විරෝධය හා ඔවුන්ට අප රට තම ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා ය.

    ReplyDelete

Search This Blog