ගොඩවදින්නෝ

Tuesday, March 08, 2016

කාන්තා දිනයේ භාෂි මධුභාෂිනී පීඩිත කාන්තාව වෙනුවෙන්

අද කාන්තා දිනය. කාන්තා දිනයේ කාන්තාව වෙනුවෙන් ලියන්න දෙයක් සිහිකරමින් ඉන්නකොට භාෂි ගයා තිබුණු ගීතයක් හමුවුණා.

භාෂි ආයෙමත් ප්‍රදීපා වෙත යනවා!!

ප්‍රදීපා ධර්මදාස ගයන, රෝහණ වීරසිංහ සංගීතවත් කළ විනේ කටින උන් තමයි ඇය තෝරාගන්නේ!!

කට්ටිය භාෂි මධුභාෂිනීව අමතක කරලද?







විනේ කටින උන් තරහක් නොකියාම


කනේ කොහොඹ මිරිකනවා හැමදාම

ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම

වණේ නැතිව උන් දුක දන්නේ කෝම


ගමේ ගැටව් කරබාගෙන උන්නාට

විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට

නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට

ඉනේ රෙද්දමයි හිටියේ හරහාට


ලැමේ කිරට මොර ගහනා පැටියන්ට

අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න

ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට

වරෙව් මහතුනේ කුණුකය වලඳන්න


මෙය ලියා තිබුණේ වසන්ත පුෂ්පකුමාර විසින්. මේ ගීය ගැන වැඩි තොරතුරු මාත් දැනගත්තේ ගූගල් කරලා. ලියැවුණු සටහන් දෙකතුනක් හොයාගත්තා. ඒවා ඒ තැන්වලින්ම කියවන්න පුළුවන්.

විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට, වරෙව් මහතුනේ කුණුකය වළඳන්න, ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම වගේ තැන් අතිශය ප්‍රබලයි.





මගේ අදහස ඒ අදහස් තියුණු හී පහරවල් වගේ වදින්නේ සියුම් ගලායෑමක් සහිත කාන්තා කටහඬකට වඩා භාෂි වැනි රළු කටහඬකින්.

භාෂිට ගැලපෙන්නේ විරෝධාකල්ප ගීත. භාෂිට මියුසික්වල වැඩක් කරන්න පුළුවන් කටහඬක් හා ගායන ස්වරයක් තියෙනවා. අනුන්ගේ ගී ගැයීම තුළ වෙන්නේ පෙර ගැයීම හා භාෂීගේ රළු ගැයීම කියන දෙක සංසන්දනය කරන්න ගිහින් භාෂි සිංදුව කෑවා හෝ නෑවා කියා බැණවදින එක තමයි.

මට භාෂිගේ කටහඬ එක්ක සිහිවෙන්නේ රාජගිරියේ පාන්දර අරින කැඳ තට්ටුවෙන් කැඳ කෝප්පයක් බී කොට සායක් ඇඳගෙන කස්ටමර්ස්ලා එනතුරු බලා ඉඳින සහෝදරියව, අපේ ගෙවල් ලඟ තේ වත්තේ ගෝනි බැඳගෙන තේ දළු කඩන සහෝදරියව, තුවක්කුවක් අරන් විමුක්තිය හොයාගෙන ගිය එල්ටීටීඊ හෝ හමුදාවේ සෙබල සහෝදරියව.





මේ අයගේ පෙනුම සුමුදු නැහැ. මුදු මොළොක් වදන් ගලන්න ඉඩක් නෑ. මල් ගැන, ආදරය ගැන හිත නිවෙන කතා නැහැ. ඉරියව් වල රිද්මයක් තියෙන්න විදියක් නැහැ. මේ සහෝදරියන්ට කාන්තාවන් වෙන්න වෙලා තියෙන්නේ ජීව විද්‍යාත්මකව විතරයි. දහඩිය මුසු ජීවිත ඒ. කාෂ්ඨක අව්වට හුරුවුණ වැඩකරන ජීවිත.

ඉතින් ඒ ජීවිත වලට සමීප කටහඬක් භාෂිට තියෙනවා. ඒ කටහඬ තමයි යථාර්ථයේ කටහඬ.

සංගීතය පැත්තෙන් කතා කරන්න වෙනවා. භාෂිගේ කටහඬ මියුසික් පැත්තෙන් මොනවගේද කියලා. ඒත් ඒ කටහඩ අනිවාර්යයෙන්ම ලංකාවේ බහුතරය වන, අපට නිතර දකින්න ලැබෙන පුරුෂ හිංසනයේ ඉඳන් සකලවිධ හිංසනයන්ට මුහුණ පාන පීඩිත කාන්තාව නියෝජනය කළහැකි කටහඬක්. භාෂිට පුළුවන් ඒ කටහඬ එක්ක ජනප්‍රිය වීම කෙසේ වෙතත් ඒ පීඩිත කාන්තාවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න.



භාෂි තමන්ගෙ කටහඬට ගැලපුණත් කොන්ඩෙ නැතත් ඉන ගාවට රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට වගේ සිංදු නොකියා මේ වගේ ගීත තෝරාගැනීම ගැන ආඩම්බර විය යුතුයි.

http://hithagaawa.blogspot.com/2013/06/vine-katina-un-pradeepa.html


http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=799440


http://geeyaka-arutha.blogspot.com/2015/10/blog-post_22.html

12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හොඳ ලියවිල්ලක්...... හැබැයි දැන් ඔය LTTE සොයුරියන් කතාව දැක්ක ගමන් අපේ සමහර කට්ටිය පත්තුවෙලා එයිවත්ද මන්දා තරිඳුත් එක්ක වාදයට...

    ReplyDelete
  3. මං මේ සින්දුව ඊයේ දෙවරක් නැරඹුවා. රස වින්දා.

    ආරම්භයේදී දුටු තනූජා ගේ පොපියන මුහුණත් අපූරු දසුනක් බව තාම මතකයි.

    ReplyDelete
  4. කැමරා කාරයා ගානට ඒ පොපියන මුහුණ රූප රාමුවට ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒවා සේරම රඟපෑම්. පස්සේ විඩියෝ කළා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තනූජා කියන්නේ සිරසේ වැඩ කරන කෙනෙකු නේද?

      Delete
  5. //මේ සහෝදරියන්ට කාන්තාවන් වෙන්න වෙලා තියෙන්නේ ජීව විද්‍යාත්මකව විතරයි//

    මොකද්ද බන් මේ හරුපේ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව කාන්තාවන් ලෙසින් හැඳින්වුවත් සමාජ විද්‍යාත්මකව කාන්තාව කියලා හඳුන්වන්නිය නියෝජනය නොවෙන බවයි

      Delete
  6. බොහොම කැමති ගීතයක්. සංගීතය ගත්තොත් ගිටාර් පාට් එකට සෑහෙන්න කැමතියි. භාෂි මේ සිංදුව වෙනස් ආකාරයකට අපූරුවට ගයනවා.

    //පුරුෂ හිංසනයේ ඉඳන් සකලවිධ හිංසනයන්ට මුහුණ පාන පීඩිත කාන්තාව නියෝජනය කළහැකි කටහඬක්// මෙතන කටහඬ ඇත්තටම ඔය කියන තරම් ප්‍රබල සාධකයක් වෙනවද කියන එක ගැනනම් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.

    ReplyDelete
    Replies
    1. කටහඬ නිරූපණයේුදී සාධකයක් කියලයි මම හිතන්නේ

      Delete
  7. සෙබළියන්ට ලියපු කවියක් තිබ්බ දැන් මතකෙට එන්නෑ, තේරුම ලොක්කා ළගටම වෙලා හිටපං,බඩ ලොකුවෙනකොට පටිය තදකර බැදපන් වගෙයි මතක.

    ReplyDelete
  8. මං කියෙව්ව මේක...

    ReplyDelete
  9. අපේ තාත්තා කියලා තියෙනවා දෙමළ ගෑණු බොහෝ දෙනෙක් සාම්ප්‍රදායිකයි. හැබැයි "වල්" වුනොත් සිංහල ගෑණුන්ට වඩා වල් වෙනවා කියලා. එයා ඒක කිව්වේ අත්දැකීම් වවලින් ඉගෙන ගෙන. මටත් හිතෙනවා ඒක ඇත්ත කියලා. කොහොම හරි ප්‍රභාකරන් මහත්තයාට පින්සිද්ධවෙන්න දෙමළ ගෑණු සෑහෙන්න "වල්" වුනා. සිංහලයෝ මෙයින් වාසි ගන්න උත්සාහ කල යුතුයි.

    තව දෙයක් කිවයුතුයි. ඔය කලා කාරයෝ කියන එවුන්ට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව. උන් එක්ක ආශයකරනකොට පරිස්සම් වෙන්න. දන්නවනෙ අනෝමා ජනාදරීට වෙලා තියෙන දේ උඹටත් එ් ලෙඩේ අනිත් එක හැදෙයි.

    ReplyDelete

Search This Blog