Sunday, March 06, 2016

රෙද්දෙ නිදහස නිසා පුතේ දැං මං Jobless


නාඬ ඉඳපං පුතේ
සතපහක් නෑ අතේ
ගොඩක් අයගේ මතේ
මගෙ වැරැද්දලු පුතේ

බඩගින්න උහුලන්න
පුත ටිකක් ඉවසන්න

මුළු රටම දැක තියෙන
මගෙ මූණට
අලුත් රස්සා නැහැලු පුතේ
මගෙ වැරැද්දලු පුතේ


දුවන් යන නෝනලා
බැන්නෙ මට පෙන්නලා
පෙම්වතුන් ලංවෙලා
එලවන්නයැයි කියා

නිදහසට හොඳ නෑලු
ලංවෙන්න ඉඩ නෑලු
ගෞරවය කෙළෙසේලු
ළමයි අරගෙන ආපු
ටීචලා පවසාපු

ඔවුන් මට උගන්නපු
නිදහසයි මං රැක්කෙ 

මීට පෙර මං නොදත්
අලුත් නිදහසක් ගැන
අලුත් අදහස් නිසා
ගෙදර යන්නට වුනා

රෙද්දෙ නිදහස නිසා
පුතේ දැං මං Jobless

මට උගන්නා නැති
කවදාවත් අහල නැති
නිදහස ගැන අලුත් කතා
පුතේ උඹ හාමත් කළා

8 comments:

  1. නිදහස් චතුරස්‍ර ආරක්ෂකයින් ඉවත් කර නැහැ - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු කරයි

    http://sinhala.asianmirror.lk/local-news/item/19796-couple-news

    ReplyDelete
  2. සංඛට ජොබ් එක ආයේ දුන්නා වගේ ඒ මනුස්සයට ජොබ් එකක් දෙන එක හර්ෂගේ යුතුකම...

    ReplyDelete
  3. රෙද්දෙ නිදහස නිසා
    පුතේ දැං මං Jobless+++++++++

    ReplyDelete
  4. මරු ලිවිල්ල, උඩුවෝ

    ReplyDelete
  5. හර්ෂ කෙරුවේ කරන්න ඕනේ දෙයක් නෙමේ.ආරක්ෂකයින් වරදක් කර තියේ නම් පියවර ගන්න ක්‍රමයක් තියෙනවා.මේ වගේ නාට්‍ය පෙන්වන්න නෙමේනේ යහපාලනයක් ගෙනාවේ.

    ReplyDelete