Thursday, April 28, 2016

ෆෙඩරල්????????????

මේ වනවිට නැවතත් කොටි, ත්‍රස්තවාදීන් වැනි වචන සමඟ යන පුවත් දිවයින ඇතුළු ජාතිවාදී පත්තරවල ඉදිරියට එන්නට පටන් අරන්. ගෙවුණු සතියේ දිවයින පළමු පිටුවේ පළවූ මේ වර්ගයේ පුවත් ප්‍රමාණය විස්සකට ආසන්න වෙනවා. එම පුවත් ඒක පාර්ශ්වීයයි මෙන්ම සීයට අනූවක් පුවත් සොයා බැලීම්වලදී කෙප්ප බව හෙලිවෙනවා. දිවයින පාර්ශ්වීයව හා මාධ්‍ය සදාචාරය නොතකමින් ලියූ මෙවන් පුවතක් තමයි සම්බන්ධන් කිළිනොච්චියේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූවායැයි ආර්. සම්බන්ධන් පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව. ඒ පුවත පාවිච්චි කරමින් ඒකාබද්ධ විපක්ෂ නඩය බෙරිහන් දුන්නේ පුළුවන්නම් සම්බන්ධන්ව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියායි. ෆේස්බුක් නඩය හතුරෙක් හමුදා කඳවුරුවලට ඇතුළු වුණාක් මෙන් පරල වී තිබුණා. ආර් සම්බන්ධන් කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් කණ්ඩායමක් විසින් ඡන්දයෙන් පත් කරගත්ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා මිස කේතලයක් නෙවෙයි. කේතලයක් මෙන් අනුන් පාවිච්චි කරන විදියට හැසිරෙන්නත් දෙවැනි පන්තියේ විදියට ජීවත් වෙන්නත් අවශ්‍ය නැහැ. 


Saturday, April 23, 2016

පොලිස්ටා ෆයිනල් එකෙන් පසු

පොලිස්පතිවරයා පත් කිරීම සුපර්ස්ටා තරඟයක් වුණා. අවසන් වටයට තුන්දෙනෙක් ඇවිත් ඒස් එම් එස් වටයක් වගේ ගිහින් පොලිස්ටා තේරුනා.

අවසන් තුන්දෙනාගෙ වටේදි එකිනෙකාට මඩ ගහන සීන් පවා තිබුනා. ලස්සන ෆොටෝස් දානව.. එක කම්පටිෂන් එකයි!!!

Friday, April 22, 2016

ෆොක්හිල් දවසක සිතුවිලි තේ වත්තක

මම ඉන්නෙ එතැන..
බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ..
දොරේගෙ තේ කඩේ ගාව..

දොරේ ඉන්දියානු දමිළ මිනිහෙක් විදියට අඳුනගත්තොත්??
ඉන්දියාව ටී කිව්වෙ කිරිපිටි සහ තේ කොළ දාපු පානයට. නිකන් තේ වලට ප්ලේන්ටි නේ මොකක්‍හරි හෙතුවක් නිසා අපිත් ටී කිව්වෙ ඒකට. සුද්ද ටී කියනව තේ කොළේටත්.
ටී කියන්නෙ තේ වලට උනත් අපි සිංහලෙන් තේ කියන්නෙ ප්ලේන්ටි වලට. ටී වලට තමයි විශේෂනේ එන්නෙ. කිරි තේ..

Wednesday, April 20, 2016

සවනි මගේ හා ළමා කාලයට කෙළවීම

සවනිව ඉල්ලන කොල්ලගෙ වීඩියෝ එක අපේ ළමයින්ගෙ ළමා කාලේ නැතිවෙලා කියලා කට්ටියට පරල වෙන්න නිමිත්තක් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ කොල්ලා අඬනවා කියලා පරල වෙච්ච සහ නොවිච්ච අය කියන්න පටන්ගත්තේ අපි හැමෝම ඔය වයසේදී ඔහොම තමයි වෙනසකට තියේන්නේ මේ කොල්ලා අතට ෆෝන් එකක් ලැබීම කියලා. හරි, මගෙත් අදහස වුණේ ඕක තමයි මුල ඉඳන්ම. ඒත් මං ඕක ගැන මොනවත් කියන්නේ නැහැ. ඇත්තටම දැන් ඉරිද මව්බිමට වගේ පුළුවන් මේ කොල්ලව ඉන්ටවීව් කරන්න. දෙරණෙ ලෝකයෝ හා ලෝකයො එකට පුළුවන් මේ කොල්ලගෙ දෙවැනි වීඩියෝව කියලා මොකක්හරි දාන්න... මට හිතෙනවා ඔය පොඩි කියන කෑල්ලත් එක්ක සිදුවීම් ටිකක් සිහිපත් කරගන්න.

Monday, April 11, 2016

අවුුරුද්ද

අවන්ත ආටිගල ලියලා තිබුණා කොටුවේ වෙලෙන්දෙක් බීම වල මිල නොදන්න අහිසංක ගැමියෙක් බීම එකක් ඉල්ලූ වෙලාවක රෙඩ් බුල් එකක් පොවලා ඔහුව රවට්ටපු සිදුවීමක් ගැන. ඒක ඇත්තටම පිටකොටුවේ වෙළෙන්දෙක් විසින් ගැමියෙක්ව සූරා කෑමක් තමයි. ඒත් ලංකාව කියන්නේ සූරාකෑම ආයතනගත වුණ රටක්. කොටුවේ වෙළෙන්දා කියන්නේ කවුද? මේ ක්‍රමය ඇතුලේ පුංචිම සූරාකෑමක් කරන කෙනෙක්. මේ ගැමියා පිටකොටුවට ඇවිත් රෙඩ් බුල් එකක් බොන්නේ කොළඹට ආපු බස්කුලිය, කොළඹ විවිධ දේවල් මිලදී ගන්නකොට වගේම අවුරුද්ද පුරාම රාජ්‍යයේ සහ ධනපතියන්ගේ සූරාකෑමට හා තමන්ගේම සගයන්ගේ සූරාකෑමට යම් තරමකට ලක්වෙලා. මේ ගැමියාව සූරාකන තවත් ලුම්පන් මිනිහෙක්ව අපට පෙනෙනකොට ධනපතියාව එහෙම පෙනෙන්නේ නෑ. ධනපතියා අපි ඉස්සරහට එන්නේ පුනර්ජීව වගේ අරමුදලකින් දේවදූතයෝ විදියට. රාජ්‍යෙය් නියෝජිතයෝ එන්නේ යුද්ධෙන් රට බේරාගත්ත වීරයෝ වගේ මූණු දාගෙන. අපි නිරාවරණය කරන්න ඕන ඔය මූණු... (ඒ වැඩේදී මට වඩා ප්‍රබල දායකත්වයක් අවන්තගෙන් ලැබෙනවා ) 

ගැමියාම රවට්ටපු කොටුවේ කඩේ කොල්ලා ස්වර්ග සුව විඳන්නෙක් නෙවෙයි. 

Thursday, April 07, 2016

ගෝනි එලුවයි මිනිස්සු කන කිඹුලයි බලන්න සෙට් වෙමු

"ගෝනි එළුවා" වෙබ්සයිට් එක දැකල තියෙනවද?

වෙබ්සයිට් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්, ගෝනි එළුවා කියන්නෙ හෙණ පරණ කන්සෙප්ට් එකක්.... ඔය අවුරුදු කාලෙට, වෙසක් කාලෙට හෙම කරන, ටිකක් පරණ කාලෙ ඇන්දිල්ලක්...... පරණ කියන්නෙ අපිටත් වඩා පරණ.... අපෙ අම්මලගෙ කාලෙ ඇන්දිල්ලක්..... සීන් එක මේමයි වෙන්නෙ....

"ගෝනි එළුවා බලාගන්න සත 10යි" කියල ලොකුවට බෝඩ් එකක් එල්ලල තියෙනවා..... කට්ට කළුපාට කාක් රෙද්දකින් වහපු කාමරේකුත් තියෙනවා.... මිනිස්සු පෝළිමකුත් ඉන්නවා ඇතුළට යන්ඩ බලාගෙන..... එළියෙ සත දහයට ටිකට් කඩන බුවෙකුත් ඉන්නවා.....

Friday, April 01, 2016

බෝගස්වැව, චාවකච්චේරි, අස්ගිරිය හා අගමැතිගේ හමුදාව - ශේෂ පත්‍රය



ජාතිවාදී බෝම්බය පිපිරෙයිද?

චාවකච්චේරියේ බෝම්බ කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත් හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක් කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු ලැබී තිබෙන බවයි. මාධ්‍ය වලටත් කලින් මේ අයට තොරතුරු ලැබුණේ කොහොමද? හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එක හා ක්ලේමෝ හතර ඔතා තිබී ඇත්තේ 2008 වර්ෂයේ ලංකාදීප පුවත්පතකයි. යාපනය මාධ්‍යෙව්දීන් කියන්නේ බෝම්බ තබා එදිනෙදා දෙයක් ඔතන්නටවත් යාපනයේදී සිංහල පුවත්පත් පාවිච්චි නොවන බවයි. යාපනයේ ජනතාව අතර සිංහල පුවත්පත් ඉතා විරලයි. මේ නිවස වටලා ඇත්තේ ගංජා ඇතිබවට ලැබුණු තොරතුරක් මත. ගංජා වෙනුවට හමුවෙලා තියෙන්නේ බෝම්බ. මේ කතාවේ සැකසහිත තැන් ගොඩක් තියෙන්නේ සංවිධානාත්මක විදියට බෝම්බ තබන්නට උත්සාහයක් යාපනයේ නැතිවීමත් එවැන්නක් මවා පෙන්වන්නට කාට හෝ අවශ්‍ය වී ඇති බව පෙනෙන්න තිබීමත් නිසා.