මම ඉන්නෙ එතැන..
බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ..
දොරේගෙ තේ කඩේ ගාව..
දොරේ ඉන්දියානු දමිළ මිනිහෙක් විදියට අඳුනගත්තොත්??
ඉන්දියාව ටී කිව්වෙ කිරිපිටි සහ තේ කොළ දාපු පානයට. නිකන් තේ වලට ප්ලේන්ටි නේ මොකක්‍හරි හෙතුවක් නිසා අපිත් ටී කිව්වෙ ඒකට. සුද්ද ටී කියනව තේ කොළේටත්.
ටී කියන්නෙ තේ වලට උනත් අපි සිංහලෙන් තේ කියන්නෙ ප්ලේන්ටි වලට. ටී වලට තමයි විශේෂනේ එන්නෙ. කිරි තේ..
ආදරනීය ටවුන් එක බණ්ඩාරවෙලට අයිති සීතලෙන් ගැහෙමින් දොරේගෙ කඩෙන් පිස්සු හැදෙන කට්ට සම්බලෙත් එක්ක රොටි කකා ප්ලේන්ටි බොද්දි ඕව හිතුණෙ.
දොරේගෙ නයිට් කඩේට බිස්නස් අඩුවක් නෑ.. සාර්ථක බිස්නස් එකක් කළත් දොරේගෙ ජීවිතේ කටු යහනාවක් තමා. බොහෝ මිනිසුන්ගෙ වගේම.
දොරේගෙ රොටි ගණන්. කටට කෙළ උනන නිසා මම දෙකක්ම කෑවට.
මෙච්චර රොටී ගණන් නම් දොරේ හරි අසාදාරණ විදියට අපව හූරන් කනවද??
දොරේගෙ දරුව අසණීප උනොත් එයා ත්‍රීවීල් එකේ බබාව අරගෙන යන්න ඕන. ත්‍රීවීල් මල්ලිගෙ ගණන් වැඩියි.
ත්‍රීවීල් අයිය හූරන් කනව නෙවෙයි. එයා එළවලු කඩෙන් එළවලුවක් ගන්න ගියාම ගණන් වැඩියි.
එළවලු කඩේ අයියටත් ලාභයක් නෑ. එයා එළවලු ගන්නෙ කීයටද? තොග වෙළෙන්දද? ගොවි මහත්තයද හූරන් කන්නෙ?
ගොවි මහත්තය එළවලු අරන් යද්දි ත්‍රීවීල් එකෙන් ඉරි කැපුව කියල පොලිසියෙන් ඇල්ලුව. වැඩේ ගොඩින් බේරගත්තෙ ගාණක් දීල.
දැන් එතකොට පොලිසියෙන් තමා හූරන් කන්නෙ. මොකද කවදාවත් ප්‍රාඩෝ එකක් නවත්තන්නෙ නෑ. ත්‍රීවීල් බයික් තමයි.
අල්ලස් ගත්ත පොලිස් අයියත් ජීවිතේ ගෙනියන්නෙ අමාරුවෙන්. එයා අද මාත් එක්කම දොරේගෙ කඩෙන් ටී එකක් බීල රොටි කෑව. ගාණ කීයද? වියදම් හරි සැරයි!!!!
කොහොමහරි මම ඉන්නෙ සුන්දර බණ්ඩාරවෙල.
බණ්ඩාරවෙලට එනකොට මට්ටමට කපපු ලස්සන තේ යායවල් මුණගැහෙනව.
ඒවයේ තේ හරි ගණන්..
උඩින් මීදුම ගලල ලස්සනට පේන තේ වතුවල පහල කෙලවරේ ලාවට දුම්තීරු නගින පුන්චි ගෙවල් තියෙනව.
ගණන් තේ හදන ලස්සන තේ වත්තට යට උන ඒ ජීවිත ගණන් නෑ..
මට ඒ තේ වතුවල ලස්සන කපාගෙන ගෙවල් වල අඳුර ගැන හිතන්න ඕන.
ගමට යන පලවෙනි බස් එක එනව. මම මේ ටික පෝස්ට් කරන්න ඕන.
අද ෆොක්ස් හිල් නිසා වාහන රේස් කරන සද්දෙ ඇහෙනව. ලොරිවල දාගත්ත සුපිරියට වාහන එනව.
ඒ වාහන වල කට්ටිය රේස් යයි. ඒව බලමින් අප්පුඩි ගහමින් කට්ටිය අප්පුඩි තලයි. අලුත් චැම්පියොන්ලා බිහි වෙයි.
සද්දෙට රේස් කලේ නැතත් මේ නගරයේ මිනිස්සුත් රේස් දුවනව. ඒත් හැම තරගකාරයම පරාද වෙයි.
දැන් හරියටම හරි කියල අපට %*&^#%$* උන් රේස් එක දිනයි.
ගෙදර යනකොට හැමදාම දකින තේවතු , එළවලු පාත්ති දකිනකොට , බස් එකේ ඉන්න කලාතුරකින් ඔය පති වලට සැප ගන්න නිවාඩු ගතකරන්න් එන මිනිස්සු මේ පැත්තේ සුන්දරත්වය ගැන කියනකොට මටත් හැමදාම හිතුනේ ,මේ සුන්දරත්වය යට තියෙන දෛවයේ අකාරුනිකත්වය
ReplyDeleteඇත්ත...
Deleteඒ අය තමන් විඳින දුකට හේතුව විදියට ලඟ ඉන්න කෙනාව දකිනවා
අන්තිම වාක්‍යය නැත්නම් අගනා ලිපියක්.
ReplyDeleteඑක තමයි මට නම් මේ ළිපියේ හොඳම තැන හා යතාර්තය...
Deleteඑමෙන්ම බ්ලොග් වල අනන්‍යතාවය... උඩුවා කියන්නේ පුවත් පත් කලාව හා බ්ලොග් කලාව හොඳින් හඳුනන එකෙක්...
ඒක හොඳ සංවාදයක්. මීට කලින් අඩෝ රනිලා, සුසිල් පරයා කියලා ලිව්වාම ගොඩක් අය බැන්නා එහෙම ලියන්න එපා කියලා..
Deleteඒත් මාතලන් සම්ප්‍රදාය අනුව බ්ලොග් ඇතුලෙ එහෙම නිදහසක් හදාගත්තා.
මම මෙතන මේ වාක්‍ය දාන්නම ඕන කියලා හිතුවා
කෙමෙන්ට් වලට උත්තර ඕනේ
ReplyDeleteමම බරපතල විදියට සමාව ඉල්ලනවා.
Deleteක්මෙන්ට් වලට රිප්ලයි කරන්නත් සහෝදර බ්ලොග් කියව්න්න හා කමෙන්ට් කරන්නත් පහුගිය දවස්වල බැරි උනා..
පෝස්ට් එක දැමීමෙන් පසු කොටස පෝස්ට් දෙකක විතර මිස් උනා..ආයේ එහෙම වෙන එකක් නැහැ
ඉවාන් කියපු දෙයටම සමාන දෙයක් තමයි මටත් කියන්න වෙන්නේ ... කොහෙද ගම ? බණ්ඩාරවෙල ... හරි ලස්සන පැත්ත ආ... එහෙම තමයි ගොඩක් දෙනා කියන්නේ.. පළාතේ මිනිසුන් විඳින අපහසුතා කතා කෙරෙනවා අඩුයි.. ඒක නෙවයි අපේ තාත්තාටත් ගමේ මිනිස්සු කියන්නේ දොරේ මාමා කියලා .. දෙමළෙන් දොරේ කියන්නේ මහත්තයා කියන එකයි.... අන්තිම වාක්‍ය විසින් එතෙක් ලස්සනට ගලා ආ කතාව එක පාරම උස්සලා පොලවේ ගැහුවා වගේ වෙනවා..
ReplyDeleteඔව්. මම ඒ නම දැම්මේ ඒකයි
Deleteදොරේ අය්යා ගෙන් ත්‍රීවීල් මල්ලිට, එයා ගෙන් පොලිස් (අයිය ?)ට, පොලිස් + ත්‍රීවීල් මල්ලි ගෙන් දොරේ අයියට (ලෝකල් ආර්තිකය) එකකොට තුන්දෙනාම දොස්තැර මහත්තයට / ප්‍රින්සිපල්ට / ටියුෂන් වලට / ලෝයර් මහත්තයට ගෙවන ඒවා ලෝකල ආර්ථිකේට ආපහු එන්නෑ, එයාල ගෙවන්නේ ෆිනෑන්ස් වලට සහ බැංකු වලට, ඒවත් ලෝකල් ද? අරෑගේ කියමන මතක් වුනා.
ReplyDeleteඅරූගේ කියමන මොකක්ද ඇණ අයියෙ??
Deleteබණ්ඩාරවෙල එකාගේ ලිපියටයි බදුල්ලේ එකයි බණ්ඩාරවෙල එකයි කොමෙන්ට් කරපු දේටයි මේ බදුල්ලේ එකා එකෙන්ම එකඟයි.. මෙච්චර කාලයක් සීතල සැප ගන්න බදුලු බණ්ඩාරවෙල කට්ට කෑවා ඇති කියලා හිතිලා තියෙන්නේ.. ෆොක්ස්හිල් රේස් වලින් තවත් ෆොක්ස් වෙන්නේ නැතුව හෙට අනිද්දා ආයුබෝන් කියනවා මයි ලවින් බදුල්ලට..
ReplyDeleteබදුල්ල දිස්ත්‍රික් බ්ලොග්කරුවන්ගේ අතුරු කමිටුවක් හදන්න පුලුවන්
Deleteමචං උඩුවෝ...............................
ReplyDeleteහිතට දුකක් දැනුණා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.... මං හැමදාම උදේ හවා ඔය කියන දේ දකිනවා. ඕක මට දැනෙනවා. මමත් මට හැකි විදිහට ඒ දුක අකුරු කරනවා. අකුරු කරනවා විතරක් නෙමෙයි මචං අහිංසක දුප්පතෙකුට පුළුවන් විදිහට ජීවත් වෙන්න හයියක් වෙනවා. ගෙයක් හදාගන්න තහඩු අරන් දෙනවා. පොඩි එකාට ඉස්කෝලේ යන්න පොත්පත් ටිකක් අරන් දෙනවා. මේ දැනුත් එහෙම පොඩි එකෙක්ට ගත්තු තවත් බඩු සෙට් එකක් මෙතැන ම පුටුව උඩ තියෙනවා. ඒ නිසා මේ දුක දැකලා උන්ට හයියක් වෙනවා කියලා හිතට පොඩි සැනසීමක් තියෙනවා. හැබැයි කවියකින් ඒ දුක කිව්වා ම ඊටත් එහා දෙයක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. මේ දැන් උඹ කරා වගේ මේක අපි රටට ගෙනියන්න ඕනේ. ඒක කවදා හරි මේ දුක නියන්න හැදෙන ක්‍රමයකට උනන්දුවක් ඇති කරාවි......
ෆොක්ස්හිල් සද්දේ මටත් ඇහෙනවා බං. මං ඒක කොච්චර ප්‍රතික්ෂේප කරනවා ද කියලා දැනගත්තොත් උඹ පුදුම වෙයි. ඒත් මට ඒවා කිසිදෙයක් මෙතැන අකුරු කරන්න බැහැ. මොකද අනික් උන් ඒක වැරදියට දකියි. සමහර විට ඒක පොරටෝක් එකක් වෙයි. ඒ නිසා ඒවා ඕනේ නැහැ...... උඹ කියපු අන්තිම පේළියටත් එහායින් උඹට එකගයි කියලා විතරක් කියන්නම්......... ඒ ඇති.........
උඹට පුළුවන්නං විතරක් මේ මේලට මේලක් දාහං දුරකථන අංකයත් එක්ක. පොඩි දෙයක් කතා කරන්න......
weerasinghehasitha@gmail.com
අනිවා පුලුවන්.. මම මේල් එකක් දාන්නම්
Deleteසූරාකෑමත් හරියට දාමයක් වගේ ක්‍රියාත්මක වෙනවා.. එකා පසුපස යනවා... ඒ වගේම අපි හැමෝම කාගේ හරි සූරාකෑමකට ලක්වේනවා.
ReplyDeleteසුන්දර දේ හැඟිලා තියන ඒ වගේ අසුන්දර දේ හැමෝටම දකින්න බෑ... හැමෝටම පේන්නේ නෑ.. ඒකයි වෙලා තියෙන්නේ...
සැබෑ සූරාකෑම හොයාගෙන සූරාකෑමේ යාන්ත්‍රණය පරාද කරන්න ඕන
Deleteපුකේ ඇරියෙ නැත්තන් අපේ එවුන් හීතන් ඉන්නෙ පුකේ හිලකුත් නෑ කියල
ReplyDeleteදැන් හැමෝම දන්නව අරින එක ගැන. ගැලවුම් මඟක් තමා කාටවත් පේන්නෙ නැත්තෙ.. කට්ටියම පුකේ මිරිස් ගාගත්ත දවසට අරින්න ආවොත් සුම්ම
Delete