ගොඩවදින්නෝ

Monday, May 23, 2016

ගංවතුරට අහුවුණ ඕකිට අඬන්න දීපන් Let her cry

දවස් විස්සකට පස්සෙයි පෝස්ට් එකක් වැටෙන්නේ.... ගංවතුර එක්කත් ටිකක් බිසි වුණා. මේ පෝස්ට් එක ගංවතුර ගැන නෙවෙයි ගංවතුරට අහුවුණ ෆිල්ම් එක ගැන.

ෆිල්ම් එක බලල අවසාන වෙද්දි වැඩියෙන්ම රැඳුනෙ පන්සලේ දර්ශනය.., අක්ෂරයෙ හඳගම කෞතුකාගාරයක් ඇතුලට ලිංගික දර්ශනයක් ගේනව. ලෙට් හර් ක්‍රයි එකේදි එයා පන්සලක් ඇතුලෙ පිරිමියෙක් වෙනුවෙන් ගෑනු දෙන්නෙක්ට ගහගන්න සලස්සනව..



වේසි මගෙ මිනිහ තොගෙ මිනිහ ගෑනියේ

ඔක්කොම ටික පන්සල ඇතුලෙ වරනැඟෙද්දි හාමුදුරුවො කෑගහන්නෙ මේ ශුද්ධ භූමිය කෙලෙසන්න එපා කියල...


ඒව වෙන්නෙ එහෙමයි, මා මතකයි අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොක්ක නැති වෙලාවෙ එයාගෙ කෑල්ල පන්සලට ගේනව කියල ආරංචි වෙලා, ලොකු හාමුදුරුවො කලින් ඇවිත් අතටම අල්ලගත්ත සිද්ධිය..

පන්සලෙන් පිට ඕන එකක් කරන්න පුලුවන්.. අන්තිම දර්ශනේදි අර ගෑණිට තද වෙන්නේ තමන්ගේ "මිනිහාගේ හොර ගෑණි" සුදු ඇඳන් පන්සලේ භක්තියෙන් යුතුව වැඳගෙන ඉන්නව දැකල..

එහෙම තමා අපේ සංස්කෘතිය හැදිල තියෙන්නෙ.. කෞතුකාගාරය කියන අපේ ලබ්බෙ ප්‍රෞඪත්වයේ සංකේතයට හුකවලා ඇරියා වගේ පන්සල කියන අපේ ලබ්බෙ සදාචාරයේ සංකේතය සංස්කෘතිය රකිනවාය කියන දේශපාලකයෙක්ගෙ ගෑණු වලියකට යොදා ගැනීම මරු. ( අනෙක් ඩිරෙක්ටර්ස්ල පන්සල ඇතුලට ගිහින් ඒකෙ බිත්තිවල චිත්‍ර ෆිල්ම් කරන කාලෙක)

ෆිල්ම් එකේ දර්ශනයෙන් දර්ශනය, ෂොට් එකෙන් ෂොට් එක ධර්මසිරි අයියව ආදේශ කරගෙන බලන්න අමාරු වුණේ නැහැ. එහෙම හිතල ආදේශ කරගත්ත නෙවෙයි, ධර්මසිරිව ඔලුවෙ තියාගෙනයි මේ පිටපත ලිව්වෙ කියල දැනගත්තම ඉබේ ආපු එකක්.

ෆිල්ම් එක අපට කැමති චරිතයක් ඇතුලෙන් කියවගන්න නිදහස දීල තියෙනව.. කොටින්ම මට ඒක ආවෙ ප්‍රොෆෙසර්ගෙ දුව හරහා..

කවුරු හරහා කියෙව්වත් ෆිල්ම් එක ඇතුලෙ සෙල්ලම් කරන්නෙ ශිෂ්‍යාව.. එයාගෙ ඇක්ටින් හරි ප්‍රභලයි. විශේෂයෙන් ඒ කෙල්ලගෙ බැල්මක් තියෙනව කඩාගෙන යන විදියේ...

ස්වර්ණාගේ ඇක්ටින් බලන්න යන්නත් පුළුවන්... ස්වර්ණාගේ ඇක්ටින් වලටත් වඩා මං හිතන්නේ එයාගේ ලෙගසි එක ප්‍රභල විදියට ෆිල්ම් එක ඇතුලේ වැඩකරනවා..

විචාරකයෝත් කියන්නා වගේ ප්‍රොෆෙසර්ගේ නිදන කාමරේ තියෙන ස්වර්ණාගේ තරුණ කාලේ ෆොටෝ එක හා ශිෂ්‍යාවගේ පෙනුම එකිනෙකට යා වෙනවා. ශිෂ්‍යාවගේ චරිතය කරන තරුණියත් ස්වර්ණාගේ තරුණ කාලය එක්ක යා වෙන්න උත්සාහ කරනවා...
සාය දණහිස ළඟට අරන් කාර් එකේ අස්සෙන් ඉස්සරහා සීට් එකට පනින කෙල්ල... නිහඬ මහළු කාර්යාල කාමරේ දඟ හිනාවක් දාගෙන ඇවිත් පුටු ඇන්දේ ඉඳගන්න විදිය... කයිවාරුව...

මන්දගාමී ප්‍රොෙෆසර් ජීවිතය අවුට් යැවීම පුදුමයට කාරණයක් නෙවෙයි...

එහෙම පසුබිමක වර්ථමානයේ ‘අනියම්‘ සම්බන්ධතා වලට සද්දෙ දාන බෞද්ධ දර්ශනයේ බෞද්ධ සාහිත්‍යය ඇතුලෙන්ම සැනසීමට කාරණා හොයාගනිමින් පවුල කඩානොගෙන ඉන්න ට්‍රයි කරන බිරිඳගේ චරිතයයි පුදුම සහගත කෑල්ල. අනික තරුණ වියට එළැඹෙන දියණිය. අළුතින් ගෙදරට කඩාවදින තරුණිය හා තාත්තා අතර තියෙන කෙමෙස්ට්‍රිය දැන නොදැන අනුමානයන් එක්ක දියණියගේ රෝල් එක ඇතුලේම ඉන්න එක තමයි ඔක්කොටම වඩා පීඩනය. හඳගම මේ පීඩනය පුපුරවලා අරින්නේ කෝච්චියට පනින්න දුවන දර්ශනයෙන්... දියණිය සඟවාගත් පීඩනයක් එක්ක ඉන්න බව වැටහුණේ ඒකෙන්.. දියණියට පන්සල් යන්න ඕනෑවීම තේරෙන්නේ ඒකෙන්...






ප්‍රොෆෙසර්ගේ දියණිය හා ශිෂ්‍යාව ගත්තාම ශිෂ්‍යාව තාත්තාව දැකලාවත් නැහැ. ඒත් දියණිය තාත්තාව හැමදාම දකිනවා. ඒත් මේ දෙන්නාටම පියවරුන් ඈතයි. දියණිය තාත්තාව ඔහු සහභාගි වන ටීවී ප්‍රෝග්‍රෑම් වලින් හොයනවා... ශිෂ්‍යාව තාත්තාව වැඩිමහල් පිරිමියෙක් එක්ක අනියම් සම්බන්ධයකින් හොයනවා...

මට හිතෙන්නේ හඳගම අපට ඒ මේ අතට පෙරලමින් සෙල්ලම් කරන්න දීලා තියෙන උපකරණ හතර සමානව අල්ලගන්න ඕන. ගොඩක් අය බිරිඳ, ශිෂ්‍යාව හා ප්‍රොෆෙසර් අතර ත්‍රිපල් ත්‍රීට් මැච් එකක් විදියට මේක සැලකුවත් ඇත්තටම මේකේ දියණියත් වැදගත්. මේක ෆැටල් ෆෝ වේ මැච් එකක්. ඇත්තටම ස්වර්ණා සහ ප්‍රොෆ් යා කරලා තියනෙ හුය තමයි දියණිය. රංගනය අතින් මං වැඩියෙන්ම කැමති වුණේ දියණියගේ රංගනයට.

බෞද්ධ සාහිත්‍යෙයන් හිත සනසන්න ක්වෝට් සෙවීමත් සුවිශේෂී කාරණයක්. බිරිඳ තමන්ගේ සැමියාගේ ආශාව ගෙදරට ගේනවා. තමන් තවදුරටත් සැමියාගේ ආශාව නෙවෙයි. හබියගෙ පොල්ල නැග්ගේ තමන් නිසා නොවෙන බව තේරෙද්දී බිරිඳ අර්බුදයට යනවා. ඒ අස්සේ සැමියාගේ ආශාවට හේතු වෙච්ච සිරුර තරුණිය විසින් බිරිඳට නිරාවරණය කර පෙන්වනවා. මේවා අස්සේ හරහට හිටිනේනේ දියණිය. පවුල කියන සංකල්පය.



ඉතින් බිරිඳ පන්සලෙන් උත්තරයක් හොයාගන්නවා.. ජාතක පොතෙන්... බෝධිසත්වයාටත් බිරින්දෑවරුන් දෙදෙනෙකු හිටි කතා තියෙන බව හොයාගන්නවා... පශ්චාත් බුද්ධ කාලීන බෞද්ධ සාහිත්‍යෙය් පර්ෆෙක්ට් ගිහියා ධර්මාශෝකටත් බිරින්දෑවරු දෙන්නෙක් හිටිය බව තේරුම් ගන්නවා. ඒ දෙවැනි විවාහය නැත්තං ලංකාවට බුද්ධාගම ගේන්න මිහිඳු කෙනෙක් නෑ කියලා හොයාගන්නවා.

දැන් මේ හතරදෙනා ඉන්න කෑමමේසය ඇතුලට මේ කෑලි ක්වෝට් කරමින් බිරිඳ හිත හදාගන්නවා. ඒ අස්සේ හිතනවා හොද බිරිඳක් විදියට සැමියාගේ ආශාවන් සපුරාගන්න ඉඩ දෙන්න ඕන කියලා.

මේ අර්බුදය අස්සේ කතාව ඉදිරියට යනවා. ශිෂ්‍යාව ගේමක් ගහද්දී ඒකට අහුනොවී බිරිඳ ගේමක් ගහනවා. නොහිතපු විදියේ. තමන්ව ප්‍රොෆ්ගේ ගෙදරටම ගෙන්වාගැනීම තුළින් ශිෂ්‍යාව අර්බුදයට යනවා. තමන්ගේ ඉලක්කය වෙනුවට වෙන කෝහේදෝ යනවා... කතාව ඒ විදියට ගලනවා...



ටිකක්වත් කම්මැලි නැහැ. බැලිය යුතුමයි.
ෆිල්ම් එක කවදා වෙනකන් තියෙයිද දන්නේ නැහැ.
පුළුවන් අය ඉක්මනින් දුවලා ගිහින් බලන්න...
වැඩි විස්තර හෙමිහිට ලියමු....

16 comments:

  1. බලන්ඩ යන්ඩ ඕනෙ බං....කොහෙද මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ නෙ.....කවද්ද දන්නෑ අන්තිම දවස??

    ReplyDelete
  2. බලන්ඩ යන්ඩ ඕනෙ බං....කොහෙද මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ නෙ.....කවද්ද දන්නෑ අන්තිම දවස??

    ReplyDelete
  3. ෆිල්ම් කියන්නේ ෆැන්ටසි කියන තියරිය අනුව නම් යමක් තියෙනවා.... ඒ ඇර හඳගමගේ සිනමාවේ ඇති දෙයක් නෑ...

    ReplyDelete
  4. මේකේ කතා කරන්නේ electra complex එක ගැනද? මතලන්ගේ තාලෙන් (එහෙම කිව්වට සමාවෙන්න ) උඩුවා චාරයක් ලියල කියල හිතනවා. මේ කටහ්වේ ප්‍රොෆෙසර් නුත් අර එලෙජි එකේ වගේමේ ගෑණු ගොඩක් පස්සේ යනවද? ශිෂ්‍යාව ගාව හිර වෙන්නේ කලින්?
    ආචාර්යවරු විභාග පාස් කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ abuse කරන එක ගැන ෆිල්ම් එකක් ගහන්නේ කවදද දන්නේ නැහැ නේද?

    ReplyDelete
  5. මෙහෙම ලිවුවම අපිට බලන්න වෙන්නේ නැති එක ගැන හිතේ හෙන අවුලක් නේ ඇති වෙන්නේ.

    ReplyDelete
  6. අශෝක හඳගම චන්ද කින්නරී චිත්‍රපටයෙන් මත්පැන් පානයේ ආදීනවය මනාව චිත්‍රනය කර තිබෙනවා. තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයෙන් විකෘති කාමාශාවේ ආදීනවය ඉතා සංවේදී ලෙස නිරූපනය වෙනවා. එයාගේ පවුල් ජීවිතය තුලින් ස්ත්‍රිවාදයේ ආදීනවය නිරූපනය වෙනවා. මේ චිත්‍රපටිය තාම බලලා නෑ නමුත් මෙයින් තුලින් මම හිතන්නේ දුරාචාරයේ ආදීනවය කියැවෙනවා වගෙයි.

    හාමුදුරුවන් විවේචනය කිරීමනම් ඒ තරම් හපන් කමක් නෙමෙයි. සුද්දො කතෝලික ආගම විවේචනය කරනවා. ලංකාවේ පද්දො හාමුදුරුවො විවේචනය කරනවා.
    http://anthoniyo-bahijata.blogspot.com/2016/02/blog-post_18.html

    ඒක නෙමෙයි උඹේ දෙමළ යාළුවෝ ගංවතුරෙන් අනාථවුන සිංහලයෝ ගැන වචනයක් ලියලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ලියල විතරක් නෙවෙයි ආධාර පවා එව්වා..
      අනික ඔයාට ආතල් එකක් යයි මගේ දෙමළ යාලුවෙක් මැයි 18 වෙනුවෙන් ලිපියක් ලිව්වා යුද්ධයෙන් පීඩාවට පත්වුණ සිංහල පවුල් ගැන සංවේදී ලිපියක්..

      Delete
    2. //අනික ඔයාට ආතල් එකක් යයි //

      කියන්න ඕන ටික කින්ඩි නැතිව කියන්න පුරුද් වෙනව නං හොදා ළමයා..

      Delete
    3. නන්නානේ කියන්නේ ඕකට තමයි. යන්නේ කොහෙද මල්ලේ පොල්. අර දේවදත්ත නිකායේ උන්නාන්සේට වඩින්ට මල් අතුරන ජාතියේ සැදැහැවතෙක් වගෙයි.

      Delete
    4. ඒක හොඳයි නමුත් පරිස්සමෙන්. පොඩි දෙයක් දී ලොකු දෙයක් ඉල්ලන්න ඉඩ තියෙනවා. සමහරවිට හොඳ‍ දෙමලා Vs නරක දෙමළා රංගනයක් කරන්න පුළුවන්

      Delete
  7. නියම ලිවිල්ලක් උඩුවා.. පිල්ම් එක බාගෙට දැක්ක වගේ කියල හිතෙනවා. මාත් බලල ඉස්මුරුත්තා වෙන්න ලියනවා විචාරයක්.. ජය

    ReplyDelete
  8. මා මෙතෙක් කියැවූ වඩාත් සාධනීය අදහස් දැක්වීමක්. උඩුවා සමග බොහෝ සෙයින් එකඟයි. මාත් ෆිල්ම් එක ගැන ලියමින් ඉන්නේ. දියණියගේ රංගනය ඉතා ඉහළයි. ස්වර්ණා නං අවුට්.

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=z2qTmdKfSjY
    watch this

    ReplyDelete
  10. මේකත් කලින් ඒවා වගේම බෞද්ධ තේමාවක් රැගත් චිත්‍රපටියක්. මෙයින් කියවෙන්නේ බහුභාර්යා සේවනය නම් බෞද්ධ විවාහ ක්‍රමය තහනම්කර ක්‍රිස්තියානි විවාහය ආදේශකිරීමේ ආදීනවයනේද?
    සාදු! සාදු!!සාදු!!!

    චන්දකින්නරී බලා එහි අරුත තේරුම්ගත් කෙනෙක් ජීවිතේ‍ට අරක්කු බින්දුවක් කටේ තියන එකක් නෑ.

    ReplyDelete
  11. මේ සම්බන්ධව විචාර කොතෙකුත් තිබ්බත් මා දුටු හොඳම ලියවීම මෙයයි

    ReplyDelete

Search This Blog