වීරයන් නැති ගංවතුර කතාවක්


ගංවතුර වීරයන් බිහිකලා. ඇතැමුන්ව ජනප්‍රිය කළා. ඇතැමුන්ගෙ ජනප්‍රියතෙඅය නැති කරන්නත් ගංවතුර හේතු වුණා.

මාත් ගංවතුරෙ ඇවිද්දා.. ආධාර මලු වෙනුවට මගේ අතේ තිබුණෙ රෙකෝඩරයකුයි කැමරාවකුයි.

මගෙ සෙල්ෆි වැටුණෙ නෑ. රේඛ මාත් එක්ක හිටිය. මිනිසුන්ට ඇහුම්කන් දෙමින් වැඩිපුර කල්පනා කරමින් මම ඇවිද්ද.


ඒ අතරෙ හමුවුණු කතාවක් මේක. අළුත් පාලම උඩදි.

ඒ කතාව රාවයෙ කතා ගොඩක් ඇතුලෙ යටවුණා. පාදගත්ත අයත් ඇති. ඒත් මාත් එක්ක ඒ ගැන කතා කලේ ටිමා (ටිම්රාන් කීර්ති) විතරයි.

මචං චන්ද්‍රාවතී අම්මගෙ පුතාට උඹ 5000ක් දීල ඇප අරන් දියන්. පඩි ගත්තම මම 3000ක් උඹට දෙන්නම්. ටිමා මට මැසේජ් එකක් එව්වා.

වටේ නොයා කතාව කියලා ඉන්නම්.

පාලම උඩදි පුතේ කියල මට කතා කරපු ඇය චන්ද්‍රාවතී. ඇයම කියපු විදියට ඇගේ වයස අවුරුදු 72ක්. ඇගේ රස්සාව කුලී වැඩ කරන එක. ඇය ලඟ හිටියා අවුරුදු 12ක විතර දැරියක්.

මම දැරිය ගැන විමසුවාම ඇය විස්තර කියන්න අදිමදි කලා. (බයවුණා) ඒත් මම මීඩියා කී විගස ඇය කතා කරන්න පටන්ගත්තා.



පුතේ මේ කෙල්ල මගෙ මිණිපිරී. මේකිගෙ අම්ම ඕමාන් වල. ගෙදරට සතපහක් එවන්නෙ නෑ. මේකිගෙ තාත්ත ඉන්නෙ රිමාන්ඩ් එකේ. කුඩු ගෑණියෙකුට ගෙදරට එන්න දුන්න කියල පුතාව පොලීසියෙන් ඇල්ලුවා. ඒ ගෑණිමයි පොලීසියට ඔත්තුව දුන්නෙ. දැන් පුතාව උසාවියට දානව 30 වෙනිද උදේ. එදාට ඇප දීල පුතාව බේරගන්න ඕන. පන්දාහක්වත් යයි පුතේ. මගේ අතේ එච්චර සල්ලි නැහැ පුතේ.

අම්මාගේ දෑස්වල කඳුලු පිරුණා. මට කළ හැකි දේ මේ කතාව ලියන එක විතරයි. 'මම මොනවහරි කරන්නම් අම්මේ' බිම බලාගෙන මම එහෙම උත්තර දුන්නා.

'මම දවසෙ කුලී රස්සාව කරන්නෙ. හැමදාම උදේට යනකොට ළමය ගැන කල්පනා කරන්න වෙනව. වත්තෙ ඉන්න එකාලගෙ හැටියට ළමයව තියල යන්නත් බැහැ. ළමයව අරන් මම ගියාම මිනිස්සු මට වැඩ දෙන්නෙත් නැහැ.'

පුතා මගෙ දරුවෙක් වගේ. මට කොච්චර ආධාර ලැබුණත් මේ දරුවගෙ අනාගතේ ගැන ඔලුව වද වෙනව.

අම්මා තවත් ගොඩක් දේ කතා කලා. ඒ සියල්ල වේදනාවේ කතා. ඒවා ලියා තවත් මේ සටහන දිගු කලයුතු නැහැ.

ආයෙමත් මම එන්නෙ ටිමාගෙ ඇමතුමට.

ටිමාගෙ යෝජනාවට මට කොටන්න තිබුණෙ අවුල් රිප්ලයි එකක්. මගේ අතේ ඒ වෙද්දි සතපහක් තිබුණෙ නෑ විතරක් නෙවෙයි මම හිටියේ තවත් යාලුවෙක්ගෙන් ගත්ත 3000ක ණයක් ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරමින්.

මට කල හැකිව තිබුණු දේ මේ කතාව ලියන එක. මාව අසරණ කරපු එකම කතාව මේක නෙවෙයි. අපට හැමදාම අහන්න ලැබෙන්නේ මේ වගේ කතා.

අනික මට ප්‍රශ්නයක් තිබුණා. මේ ළමයාගේ තාත්තාව එලියට ගත්තාම අවුල විසඳෙයිද? චන්ද්‍රාවතී අම්මාගේ ප්‍රශ්නය විසඳේවි. ඒත් ළමයාගේ අනාගතය?

5000ක් හොයන්න වෙහෙසෙනවාට වඩා මා කළ යුත්තේ සේදවත්තේ මේ වගේ ජීවිත ගොඩක් වෙනුවෙන් සටන් කරන්න කාලය සෙවීම නොවේද? ටිමාවත් එක්කරගෙන ඒ සටන කිරීම නොවේද?

මම හෙට යනවා සේදවත්තට. කතා කරනවා මිනිස්සු එක්ක. ප්ලෑන් එකකට වැඩ කරනවා. සටන් කරනවා. ඒකෙන්  මාව වීරයෙක් විදියට හයිලයිට් නොවුණාට කමක් නෑ.

අපි හැමදාම කලේ සිස්ටම් එක වෙනස් කරන්න වෙහෙසීම වෙනුවට සිස්ටම් එක ඇතුලේ ඒක පවත්වාගෙන යන ගමන් පුංචි පුංචි හොඳ වැඩ කරල ආතල් ගැනීමයි. ගංවතුරේදීත් එහෙම වීරයන් සහ වීරක්‍රියා ගැන කතාකලා.

වීරයො වෙන්න ඕන නැහැ. ලයික් ඕනෙත් නැහැ. අපේක්ෂාවේ ගිනිපුපුර තියාගෙන සිස්ටම් චේන්ජ් එකකට සෙට් වෙමු.

17 comments:

  1. A hero is an ordinary individual who finds the strength to persevere and endure in spite of overwhelming obstacles. - Christopher Reeve
    උඹට ජය!

    ReplyDelete
  2. නිවැරදි දේශපාලනික තෝරා ගැනීමක්. ඔබට සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. හරි පාර හොයාගන්න එක්වීමයි වැදගත්

      Delete
  3. එළකිරි මචෝ.....
    මගෙනුත් සම හරක් ඇහුවා මොනවද කළේ කියලා....

    උඹ මාළු බෙදන්න යන්න එපා... බිලි පිත්තක් හිමි කර ගැනීමේ වටිනාකම කියලා දීපන්...

    ඕල් ද බෙස්ට් පුතා... මේ පටන් ගැන්ම...

    ගමන දුරයි... මග කටුකයි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. යන්න බැරි බව පෙනුනත් යා යුතු ගමන ඒකයි

      Delete
  4. මහ සටන ඇතුලේ පොඩි සටන් ඇත.

    මහ විසඳුම සොයා යන ගමනේ දී පොඩි විසඳුම් ද සොයාගත යුතු වේවි.

    ReplyDelete
    Replies
    1. මහසටනේ ගමන ඉක්මක් කරවන විදියේ පොඩි සටන් ඕනෑ තරම් කරමි

      Delete
  5. බොක්කටම වැදුණා. සිස්ටම් චේන්ජ් එකක් පැතුවෙ ගැටය සංදියෙ ඉඳලමයි.
    ඒත් චේන්ජ් කරන සිස්ටම් එකයි, අලුත් සිස්ටම් එක පවත්වාගෙන යන්න බාර දෙන්නෙ කාටද කියන එකයි ගැන තවම විචිකිච්ඡාවෙන්.

    ReplyDelete
    Replies
    1. කාටවත් බාර දෙන්න ඕන නෑ. බාරදෙන්න වීරයො ඕන නැහැ. සිස්ටම් එකකුයි අවශ්‍ය

      Delete
  6. ගංවතුර වෙලාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් ජනතාවට උදව් කරපු පුද්ගලයන් (බුකිය හරහා එක්රැස්වී වුවත්) එලෙස කළේ වීරයන් වීමේ උවමනාවෙන් යැයි කිසිවිටක සිතන්න බැහැ - හැබැයි ඒ අවස්ථාවේ ඉදිරිපත් වීම නිසා සමාජය විසින් ඔවුන් වීරයන් ලෙස බාර ගන්න එකට කරන්න දෙයක් නෑ.එමෙන්ම විශේෂයෙන් ඇතැම් කොටස්වල සෑහෙන ගැරහීමට ලක්වන හමුදාව ඒ අවස්ථාවේ කරපු මෙහෙවරත් විශිෂ්ඨයි.
    ඒ අවස්ථාවේ ක්ෂණීකව කරන්න තියෙන්නේ ක්‍රම වෙනසක් ගැන සැලකීමට වඩා හැකි උපකාරයක් ලබා දීමයි.

    ReplyDelete
    Replies
    1. මා කියන දේ වටහාගන්න උත්සාහ කරන්න

      Delete
  7. ‘‘අපේක්ෂාවේ ගිනිපුපුර තියාගෙන සිස්ටම් චේන්ජ් එකකට සෙට් වෙමු.‘‘ මමත් ඉන්නවා මල්ලි.

    ReplyDelete
  8. සිස්ටම් චේන්ජ් එකක් අනිවාර්යෙන්ම ඕනෑ රටක් මේක.ඒ සිස්ටම් චේන්ජ් එක දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.එක ගොඩනැගෙන්න ඕනේ සිවිල් මිනිස්සු අතරින්.ඒ චේන්ජ් එකට අපිත් ඉන්නවා.

    ReplyDelete

Search This Blog