Friday, June 10, 2016

අලි මුරලි සහ මැල්කම් එක්ස් අතර

මොහොමඩ් අලි ගැන ඇතිතරම් ලීවා. බෙහෙත්වලටත් ලෙඩ කරන කයිවාරුකාරයා ක්‍රීඩා ලොව ශ්‍රේෂ්ඨතමයා බව මගේ අදහස. (ඒ අදහසම දරණ අය වගේම ඒක ප්‍රතික්ෂේප කරන අය ගොඩක් ඉන්නවා)

අලී කියපු දහසක් දේවල් වලින් මම කැමතිම ඔහු අහපු ප්‍රශ්ණය. ජීසස් සුදු ඇයි? දිව්‍යෙලා්කේ හැමෝම සුදු ඇයි?

මම කැමතිම ක්‍රියාව ඔලිම්පික් පදක්කම ඔහියෝ ගඟට විසිකළ සිදුවීම. පහත ඉතා රසවත් වීඩියෝව බලන්න.



අනික අලි කවදාවත් වීර ප්‍රතිරූපය නඩත්තු කළේ නැහැ. හැම වචනයකින්ම හතුරාට පහරදුන්න ස්කයිවෝකර් ස්මාට්ටෝකර් ඔහු.



අලි එක්ක මං දෙන්නෙක්ව සංසන්දනය කරනවා.

පළවෙනියා ලංකාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයා කියල මං විශ්වාස කරන මුරලිදරන් එක්ක. මුරලි විශිෂ්ඨතමයා වෙලා අලි ශ්‍රේෂ්ඨතමයා වුණේ කොහොමද?

අනික ඉංග්ලිෂ් නමක් තියලා මුස්ලිම් නමකට හැරුණු අලි සහ මුස්ලිම් නමකින් ඉපදිලා ඉංග්ලිෂ් නමකට මාරුවුණු මැල්කම් එක්ස් සහ අලි අතර වෙනස. මේ දෙන්නා කාලයක් හොඳම මිත්‍රයෝ.



අලි ඇමරිකාවේ අන්තවාදී ජාතිවාදයට එරෙහිව සුලු ජාතිකයන්ගේ ජාතිවාදය නියෝජනය කළා. මුරලි ලංකාවේ මහජාතියේ ජාතිවාදය ගැන වචනයක් සද්ද නැතිව හිටියා පමණක් නෙවෙයි ජාතිවාදී ආණ්ඩුවකට සහයෝගය දක්වන ආකාරයේ කතා කියන්නත් කටයුතු කළා.

ඇත්ත, මුරලි මං ආසම ක්‍රිකට් ක්‍රීඩකයා. මං බොක්සින් රසිකයෙක් නෙවෙයි.

ඒත් මට තියෙන ප්‍රශ්ණෙ අලි ශ්‍රේෂ්ඨතමයා වෙලා මුරලි විශිෂ්ඨතමයා විතරක් වුණේ කොහොමද කියන එකයි.

15 comments:

  1. ඔය දෙදෙනාගේම ක්‍රීඩක දක්ෂතා හැර වෙන ගතයුතු දෙයක් ඇතැයි කියා මා සිතන්නේ නැහැ,මුරලිදරන්ට ලංකාව ඉන්දියාව සහ සිංහල දෙමල ජාතිකයන් සියල්ල බැලන්ස් කරගන්න ඕන නිසා නිශ්ශබ්දව හිටියා.මොහොමඩ් අලිට ඒවගේ සංකීර්ණ තත්වයන් තිබුනේ නැහැනේ ඔහුට අවශ්‍ය වුනේ ඔහුගේ කළු ඇමරිකානු සමාජයට ඉඳහිට සංදර්ශනයක් පෙන්වල වීරයෙක් වෙන්නයි,...ඔය දෙදෙනාම සංකීර්ණ පුද්ගලයන් නොවෙයි,මුදල් ඉපයීම තමයි ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වුයේ.......

    ReplyDelete
  2. අලි ගැන මම එහෙම හිතන්නෙ නෑ. මුදල් ඉපයීම, සංදර්ශන වගේ දේවල් හැමෝම පෙන්නනව. ඒත් අලි පෙන්නුවෙ නිකන්ම නිකන් සංදර්ශන නෙවෙයි. ඔහු ආටෝපෙට මුස්ලිම් ආගමට හැරුනා නෙවෙයි. කට උත්තර නැති තර්ක අලි ගෙනාව.

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ පුද්ගලයෙක් වුණ පලියට හැබෑ ශ්‍රේෂ්ඨයො බිහිවෙන්නෙ නෑ.

      Delete
    2. මිනිසුන්ගේ හැසිරීම් ගැන මට විශ්වාසයක් නැහැ.මිනිසුන් බොරු ප්‍රතිරූප රැසක් නඩත්තු කරනවා කියලයි මට සිතෙන්නේ.

      Delete
    3. @jay-c zJune

      මටත් වෙලාවකට එහෙම හිතෙනවා

      Delete
    4. මම ඒක අදහනවා. ප්‍රතිරූප මටත් නැහැ. ඒත් විශිෂ්ඨයන් සහ ශේෂ්ඨතමයන් සාපේක්ෂව ඉන්න බව් විශ්වාස කරනව

      Delete
    5. මම ඒක අදහනවා. ප්‍රතිරූප මටත් නැහැ. ඒත් විශිෂ්ඨයන් සහ ශේෂ්ඨතමයන් සාපේක්ෂව ඉන්න බව් විශ්වාස කරනව

      Delete
  3. මුරලිගේ සහෝදරයා එතනෝල් වියාපාරිකයෙක් ඒ නිසා මුරලි නිහඞයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම මුරලි ගැන කීවත් පොදුවේ අපේ ක්‍රීඩකයන් ගැන කීවේ.

      Delete
  4. ජනවාර්ගික කරුණු සම්බන්ධයෙන් සමාජයක මත 4ක් පැවතිය හැකියි.
    1. බහුතරයේ බහුතර මතය
    2. බහුතරයේ සුළුතර මතය
    3.සුළුතරයේ බහුතර මතය
    4. සුළුතරයේ සුළුතර මතය
    ඔබට තිබෙන විශේෂ මානසික තත්වය නිසා ඔබ පෙනී සිටින්නේ
    බහුතරයේ සුළුතර සහ සුළුතරයේ බහුතර මත වෙනුවෙන් පමණයි.
    ඔබ බහුතරයේ බහුතර මතයටත්, වඩාත්ම කුඩා සුළු ජාතිය වන සුළුතරයේ සුළුතර මතයටත් වෛර කරනවා.

    ජාතික ගීය දෙමලෙන් ගැයීම කියන කරුනෙදිත් මම ඔයිට සමාන කරුණක් මතුකලා.
    පුළුවන්නම් ජාතික ගීය දෙමලෙන් ගැයීමට විරුද්ධ දෙමළ ජනතාවගේ අදහස් ඇතුළත් ලිපියක් උඹේ පත්තරේ පලකරන්න උත්සාහ කරන්න.

    *පලි (ගසමි :)
    සමාජයක සිටින කුඩාම සුළු ජාතිය වන්නේ ඒකීය පුද්ගලයා බව මතක තබාගන්න.

    ReplyDelete
    Replies
    1. හොඳ විග්‍රහයක්

      Delete
    2. ඔහොම න්‍යායගත කරල කෙනෙක් අයිති කොහේටද කියල බලන එක බැලූ බැල්මට ආතල් ඇති. ඒත් ඒක නිවරදි නැහැ.
      කිසිම දෙයක් ගැන අදහස් කෝඩ් නැහැ. අදහස් මාලාවන් නැහැ.
      මම 'හොයන්නෙ' නිවරදි මතය. (මම දරණ මතය වැරදියි කියල හිතුනොත් වෙනස් කරගන්නව.
      මගේ අදහස් වැඩිපුර සුළුතරයේ සුළුතරය හා බහුතරයේ සුළුතරයට අයිතියි.
      සුළුතරයේ බහුතරය එක්කත් මම විවේචන එක්ක ගනුදෙණු කරනව. බහුතරයේ බහුතර මතය එක්ක මම සෙට් වෙනව අඩුයි. ජනවාරි 8 එහෙම සෙට් වුණ අවස්තාවක්.
      අලී ගත්තොත් අලී දැඩි ජාතිවාදියෙක් බව මතක තියාගන්න.

      Delete
    3. නලීන් ද සිල්වා කියනවා වියුක්ත චින්තනය ප්‍රගුණකල අයට වැඩි බලයක් කියලා. ඔයවිදියට වර්ගීකරණය කරන්න වියුක්ත චින්තනය අවශ්‍යයි.

      Delete
  5. Ayi Muralidaran parisarayata ahithakara DOLE samagame kotas karuwek neda?Mama danna hatiyata nam eya thamange jawaramuth karagena hitiya cricket kreedakayek misa rata gana kawadawath hangeemak thibunu kenek neweyi!

    ReplyDelete