Sunday, October 09, 2016

ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය

ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක  රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්‍රාස් හයිකෝට් එක දීලා.

ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.




(කලාවට තියෙන නිදහස පාවිච්චි කරල සැබෑ සිදුවීම් විකෘති නොකිරීම කලාකරුවා සතු වගකීමක්)

ඒත් දැනගන්න තියෙන විදියට ඇගේ පවුලේ අයත් ඒ ෆිල්ම් එකට විරුද්ධව කතා කරල තියෙනව. ඔවුන්ගේ විරෝධය ඒ අයගේ චරිත පවා මේ ෆිල්ම් එකට ගත්තත් හරි අධ්‍යනයක් කරලා නොතිබීම.

ඒ කියන විදියට හරි අධ්‍යනයක් කරලා නැත්නම් ඒකත් ප්‍රශ්නයක් තමා.

ලංකාවේ දෙමළ චිත්‍රපටි අද්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් කියන්නෙත් ඔහු දන්න විදියට මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලොකු අධ්‍යනයක් නැතිව බවයි.

ෆිල්ම් කරන්න ඕන කෙනෙක්ට අයිතිය තියෙනව. ඒ නිසා ඒ ගැන එතැනින් එහාට කතා කරල තේරුමක් නෑ......

කේසව්  කියන්නේ  ඇය තමන්ගේ   දුවෙක් වගේ කියල.

කේසව් එක්ක එකට වැඩකරපු ඉසයිප්‍රියා කියන දක්ෂ කෙල්ලව මරා දැමීම ගැන ඔහුට තියෙන්නෙ ලොකු වේදනාවක්.

ඉසයිර්පියාට වැඩ කරන අතරේ ඇයට විහිළුවක් කළොත් ඇය ලැජ්ජාවෙන් අයියෝ නා ඉල්ල කියන ස්වරයෙන්ම යුධ හමුදාව විසින් ඇයව දූෂණය කළ බව පෙන්වන වීඩියෝවේ කතාකරන වව කේසව් කියනව. නෝෆයර් සෝන් චිත්‍රපටියේ ඉන්නේ ඇයම බව ඔහුට විශ්වාසයි.

ඉසයිර්පියා වගේම බාලචන්ද්‍රන්වත් ඔහු අඳුනගන්නවා. ප්‍රභාකරන්ගේ තිබුණ ධෛර්‍යසම්පන්න බැල්මම බාලචන්ද්‍රන් හමුදා කඳවුරක් තුළ ඉන්න ෆොටෝ එකේ තියෙන බව ඔහු කියනව.

එහෙම වුණත්..

ඉසයිප්‍රියා වගේම බාලචන්ද්‍රන්ගේ කතා ෆිල්ම් විදියට තමිල්නාඩුවෙ අය නිර්මාණය කිරීම ගැන ඔහුට  තිබුණෙ අප්‍රසාදයක්.

කේසව්ට ඉන්දියාවට ගිහින් තමිල්නාඩු නිෂ්පාදකයෙක් හරහා මේ කතා දෙකෙන් කරන්න අවස්ථාව ලැබුණත් ඔහු කැමතිවුණේ අමාරුවෙන් හරි ලංකාවේ ඉඳන් ලංකාවෙ දෙමළා දැන් මුහුන දෙන අභියෝග ගැන ජීවිතේ තියෙන තාක් නිර්මාණ කරන්න.

යුද්ධ කරපු යුගය අවසාන බව ඔහු විශ්වාස කරනවා.

යුධයේදී වුණ දේ ගැන සංවාදයක් ඕන බව ඇත්ත. ඒත් ආයේ යුද්ධ කරන්න නෙවෙයි. යුද්ධයට සැබෑහේතු හොයලා නිවැරදි කරන්න.

කේසව් තමන්ගෙ ෆිල්ම් එක කර්න්නෙත් යුද්ධයෙන් පස්සෙ මිනිස්සු මුහුණදෙන ප්‍රශ්න ගැන.

යුද්ධය ගැන අතීතකාමයත් යුද්ධය උත්කර්ෂයට නැඟීමත් සිංහල දෙමළන් දෙපැත්තෙන්ම සිද්ධවෙනවානම් ඒක වැරදියි.

යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති සිවිල් වැසියන්ව මරපු දෙපැත්තෙම අය තමන් කරපු දේවල්වල අඩුපාඩු දැකිය යුතුයි.

යුද්ධය වේදනාවක් බව දැකිය යුතුයි.

ප.ලි.

මම හිතන්නෙ ලංකාවේ යුද්ධය ගැන කරපු හොඳම ප්‍රකාශය තමයි ලක්ෂ්මන් කිරිඇල්ල කියපු කතාව. නිසි ඇගයීම නොලැබුණත්.

'ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්.'

මම හිතන්නෙ. යුද්ධ කිරිල්ල නෙවෙයි නොකර ඉන්න එකයි හපන්කම. ඒක තමයි අමාරු  වැඩේ

10 comments:

  1. //යුද්ධ කිරිල්ල නෙවෙයි නොකර ඉන්න එකයි හපන්කම. ඒක තමයි අමාරු වැඩේ//
    එදා කිරිඇල්ල කියන්න උත්සහා ගත්තෙත් එකම වෙන්න ඇති.අදහස් ප්‍රකශ කිරීමේ ගැටලුවක් නිසා තමයි අර ඉහත ප්‍රකාශය සිදු වෙන්න ඇත්තේ.

    ReplyDelete
  2. යුද්ධ නොකර විසඳ ගන්න අමාරු නම් යුද්ධ කරන්නම වෙනවා - ඒ වගේ වෙලාවක අර වගේ කතාවක් කියන මනුස්සයා ගැන කතා කිරීමෙන් තේරුමක් නෑ 
    සෝ කෝල්ඩ් දකුණ ප්‍රභාකරන්ට ඕනවටත් වඩා අවස්ථාව දුන්නා යුද්ධ නොකර මේක බේරගන්න - රෙස්ට් ඈස් දේ ඊස් හිස්ට්‍රි. යුද්ධ නොකර වැඩේ බේරා ගැනීම හපන්කමකුත් නොවන බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා - එහෙම නම් නෙවිල් චෙම්බලේන් මාර පොරක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. යුද්ධ නොකර බේරගන්න???????
      මොකක්ද බේරගන්න ඕන???
      උතුර ඕනතරම් අවස්ථාව දුන්නා දැනුත් දෙනවා යුද්ධ නොකර බේරන්න

      Delete
    2. උතුර කියල දෙයක් තිබුනේ නෑනේ - හිටියෙ ප්‍රභාකරන් - ඔහුගේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් දුන්න ඉල්ලීම් නෙවේ -අන්තිමට ඉල්ලුව ISGA මේක ඇවිල්ල කීයටවත් රනිල්ට දෙන්න පුලුවන් දෙයක් නෙවේ - එහෙම කළේ බෙදුම්වාදී අවසන් ඉලක්කයෙන් ප්‍රභාකරන හෙල්ලුනේ නැති නිසා - තරිඳුට කොහොමද දන්නේ නෑ - මට නම් මතකයි ඒ කාලේ -

      Delete
    3. ඉතිහාසය කියන එක හරි ලොකුයි....
      ප්‍රභාකරන් කියන්නේ පුද්ගලයෙක්... ඉතිහාසය ඇතුලේ පුද්ගලයන්ට තැනක් නැහැ...
      ප්‍රභාකරන් කියලා කෙනෙක් හිටියේ නැහැ. තිබුනේ උතුර

      Delete
    4. ඒක ඇත්ත. සුදු කොඩි අරන් ආවා කියා කියන්නේ ප්‍රභාකරන් නෙවෙයි උතුර. නන්දිකඩාල්වල මලේ ප්‍රභාකරන් නෙවෙයි උතුර. කොළඹ කොටුව, කැබිිතිගොල්ලෑව වගේ තැන්වල බෝම්බ පුපුරුවන්න උපදෙස් දුන්නේත් උතුර. වෙනමම රජ්‍යයක් ඉල්ලුවෙත් ප්‍රභාකරන් නෙවෙයි උතුර.

      Delete
    5. කොටි දකුනේ කරපු විනාශ ඔක්කෝම සාධාරණයි කියලා හිතන මිනිස්සුත් එක්ක මොන කතාද?

      Delete
    6. ඉතිහාසය ලොකුයි
      ප්‍රභාකරන්ගෙත් ලොකුයි
      මගේ පොඩියි
      ඉතිං මම ලොකු ප්‍රභාකරන්ට කඩේ යනවා
      ඒ වුනාට ඒ ගැන දාන කොමෙන්ට්වලට උත්තර දෙන්නේ නෑ
      මොකද මගේ හෙළුව අහුවෙනවා නේ

      Delete
    7. //ඉතිහාසය ඇතුලේ පුද්ගලයන්ට තැනක් නැහැ...
      ප්‍රභාකරන් කියලා කෙනෙක් හිටියේ නැහැ. තිබුනේ උතුර//
      යමක් හැදෑරීමට ඒ අනුව දෘඩ දෘෂ්ඨිවාදයෙන් ඔබ්බට යාමේ ඔබේ ඇති ‍නොහැකියාව අත්දැකීම් මඳ වීම නිසාදැයි සැකකරමි- කරුණාකර ප්‍රශ්නයක් ගැන සොයා බැලීමේදී පූර්ව නිගමන වලින් තොරව සොයා බැලීමට පුරුදු වන්න - ඔය දුර්වලතාව මෑතක් වන තුරු මගේත් පැවතුනා

      Delete
  3. මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ...

    උගුඩුවා අයියේ මෙන්න මේ අය ගැනයි ඔයා ලියන්න ඕන එහෙම නැතුව මේ වගේ ගෑනු ගැන නෙවෙයි. ඉසයිප්‍රියා කියන්නෙත් මීනීමරන්න පුරුදු වුණු ගෑනියෙක් විතරයි. ඔයාලාගේ ජන්ම පුරුද්ද කොටින්ට කඩේ යන එකනේ. නලලේ තිලකේ තියාගෙන කොටින්ට කඩේ යනවා. අනාගතේ දවසක එන්ජීඕ වල පිහිටෙන් රට පනිනවා. එහේ ඉඳනුත් මුන්ටම කඩේ යනවා.

    ReplyDelete