මට හොඳ අභ්‍යාසයක් ලැබුණා.
මම හිතුවා අමරදේව මාස්ටර් මියගියත් වචනයක්වත් ලියන්නේ නැහැ කියලා.
ලියන්නේ නැහැ කියලා හිතපු මම හිතුවා පුංචි දෙයක් හරි ෂෙයා කරන්න ඕන කියලා. මට කියවා ඇති ලිපි ගොඩක් මතක් වුණත් වැඩියෙන්ම ෂෙයා කරන්න හිතුණේ සුලෝචන වික්‍රමසිංහට සුචරිත ගම්ලත් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සහ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රෝහණ වීරසිංහට ලියා තිබූ විවෘත ලිපියක්.
මම මුලින්ම සර්ච් කරද්දී සුලෝචනගේ ඉන්ටවීව් එක නොලැබුනු හින්දා චන්ද්‍රරත්නගේ ලිපිය ෂෙයා කළා.
ඒත් ඒක ඉවර වෙද්දී මෙන්න කට්ටිය අමරදේව වනනවා. මම විනාඩි පහක් විතර මේක දිහා බලාගෙන ඉඳලා නිකමට එක් වාක්‍යයක් එක්ක දැම්මා ෆොටෝ එකක්....
අමරදේව ගැන වාක්‍ය පහක් කියන්න!
අපෝ බෑ.... කෙනෙක් මැරුණම ඒ ගැන හිතට එකඟව කතාකළොත් බැණුම් අහන්න තමා වෙන්නෙ.
දැම්මෙ අමරදේවගෙ ජනප්‍රිය ෆොටෝ එකක්....
ටික වෙලාවක් යද්දී ගොඩක් ප්‍රතිචාර එන්න පටන්ගත්තා. ආපු ප්‍රතිචාර දිහා මම නිහඬව බලන් හිටියා.... මෙන්න එනවා ප්‍රතිචාර....
මැරිච්ච මිනිහෙක්ගෙන්වත් ආතල් ගන්නේ නැතුව ඉන්න බැ .. මහින්දට ගහන්න ඕනෙ ජරාවක් කරන්න තරම් පහත් තත්ත්වෙට වැටිලා ...
මෙහෙම ආතල් ඕනෙ නම්ගත්තට කමක් නෑ ඉතිං...අපි නම් මේ කටහඩින් සැනසෙච්චි වාර අනන්තයි..
මාධ්‍යවේදියා පක්ෂග්රාහී දේශපාලනයෙන් ඈත් නොවන තුරා සහ ස්වයංපෝෂිත නොවන තුරා පුද්ගලයකුගේ මරණයෙන් පවා තම බඩ කට පුරවා ගනු ඇත.
ලැබුණු ප්‍රතිචාර එක්ක මං ආයෙමත් මුලින් දාපු සටහන දිහා බැලුවා. මම වචනෙකින්වත් අමරදේවට බැණලා නැහැ. මම කීවේ හිතට එකඟව ලීවොත් බැණුම් අහන්න වේවි කියලා විතරමයි.
කට්ටිය හිතුවේ ඇයි මං හිතට එකඟව ලීවොත් ඒක අමරදේව මාස්ටර්ට අපහාසයක් වේවි කියලා.... මම දාපු ෆොටෝ එක හින්දාද? ඒත් ඒ අයම කිව්ව විදියට ඒ ෆොටෝ එකේ වැරැද්දක් නැහැලු. එහෙනම් හිතට එකඟව ලීවොත් බැණුම් අහන්න වේවි කියන එක අමරදේවට අපහාසයක් යැයි හිතන්නේ ඇයි?
වැරැද්ද කාගෙද? මගේද? අමරදේවගෙද? බැන්න අයගෙද? මහින්ද රාජපක්ෂගෙද?
මගේම ෆේස්බුක් වෝල් එකේ තිබුණා අමරදේව ගැන වර්ණනා කළ පෝස්ට් එකක්, අමරදේව විවේචනය කරමින් ගම්ලත් කී කතාවක්, අමරදේවගේ වැරද්දක් නැහැ.. ඔහු මහළු වයසේ කුඩා දරුවෙක් වගේ නිසා රෝහණ වීරසිංහ ඔහුව රැගෙන ගියා වගේ කතාවක් තියෙන ලිපියක්.....
කොහොම හරි කට්ටිය කියනවා මම පොර වෙන්න අමරදේව විවේචනය කළාලු. (හැබැයි මං විවේචනය කරලා නැහැ.)
විවේචනය කළොත් පොර වෙන්න... අමරදේව එක්ක ෆොටෝ දැම්මොත්, හෙනම වදන් දීලා ගාන්ධර්වයා කියලා ලිව්වොත් සැබෑ ශෝකයට....
මමනම් කියන්නෙ හැමෝම හැම එකක්ම කරන්නේ පොරවල් වෙන්න තමයි. මං ලියන එකකට උපරිම අවධානය යොමු කරවාගන්න මම උත්සාහ කරනවා. ඕනම කෙනෙක් වගේ. ඒ වගේම මොකක්හරි දේකදී අනිත් හැමෝම කියන ඒකාකාරී දේවල් අතරේ අනිත් අය නොකියන දෙයක් මම කියනවා. හැමෝම කියන දේවල් කියලා වැඩක් නෑනේ.
මිනිස්සු විවිධ දේවල් කියනවා. අහවල් දේ නිවැරදියි, අහවල් දේ වැරදියි කියලා කියන්න පුළුවන් කාටද? මම කියපු දේ වැරදියි කියලා කියන්නත් පුළුවන්... නිවැරදියි කියලා කියන්නත් පුළුවන්....
මං කියන දේකින් තව කෙනෙක්ට හානියක් වෙන්නේ නැතිතාක් කල් මම කියනවා. මං හිතන්නේ නැහැ අමරදේව ගැන මට හිතෙන දේ කිව්වාම කාටවත් හානියක් වෙයි කියලා.
කොටින්ම කිව්වොත් සුචරිත ගම්ලත්ගේ මේ සම්මුඛ සාකච්ඡාව පළවෙන්නේ අමරදේවගේ අසූපස්වැනි උපන්දිනය දවසේ.
උදාහරණයක් වශයෙන්
1983 කළු ජූලිය දවසෙ පේරාදෙණි විශ්වවිද්‍යාලෙ සිංහල ශිෂ්‍යයන් ද්‍රවිඩ ශිෂ්‍යයන්ට
ම්ලේච්ඡ, දරුණු කුරිරු විදිහට පහර දුන්නෙ ඔහු තනු නිර්මාණය කරපු “මේ සිංහල අපගෙ
රටයි” ගීතය ගායනා කරමින්.
මේ සිද්ධිය ඉතා සවිස්තරව මහාචාර්ය එස්. සිවසේකරම් පෙන්වා දී තිබෙනවා. එය අප ද හොඳින් දන්නා කරුණක්. එහෙම ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කරන, මිනිසුන්ගේ මානව සම්බන්ධතා කුඩු පට්ටම් කරන රටක “පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” කියල ඔහු ගායනා කරනවා. ඒක මිථ්‍යාව වැපිරීමටත්, ආගමික දෘෂ්ටිවාදය මත පදනම් වූ විද්‍යාත්මක නොවන අදහස්.
බලන්න ඒ ලිපියට එවා තිබුණු පිළිතුරක්.
මෙ සේ අමරදේවයන් ගේ ශ්‍රේෂ්ඨ දේශාභිමානී ගීතවලට පරිභව කිරීමෙන් ගම්ලතුන් ඔවුනට කරන්නේ අපහාසයෙකි යි අපි සිතමු.
අදහස් වලින් පිරුණු ලෝකයක් මේක. මගේ අදහස් මට සාපේක්ෂයි. ගම්ලත්ගේ අදහස් එයාට සාපේක්ෂයි.
මගේ අදහස පිළිගන්නේ නැතිනම් තර්ක කරන්න පුළුවන්. මගේ තර්කයට ප්රතිතර්ක ඉදිරිපත් කරලා.
උඹ එපා කරපු එකා, ජරා මිනිහෙක්, පොරවෙන්න බලු වැඩ කරන්න එපා ඕයි වගේ බයිලා කතා කියලා නෙවෙයි.
මට උත්තරය විදියට කියන්න තියෙන්නේ මං උඹලාගේ මිමි වලට අනුව හොඳ මිනිහෙක් වෙන්න ලෑස්ති නෑ!! කියලා තමයි.
මං ගැන මං සෑහීමකට පත්වෙනවා මිසක් අනුන්ව සෑහීමට පත්කරන්න ඕන නැහැ.
අමරදේවට වගේම විජය නන්දසිරිටත් මම ගරු කරනවා. බුදුහාමුදුරුවන්ටත් ගරුකරනවා....
කෙනෙක් මියයන මොහොත ඔහු ගැන වැඩියෙන්ම අවධානයක් යොමුවන මොහොත.
හැබැයි ඕනම කෙනෙක් ගැන මම ලියන දෙයකට වැඩිම අවධානයක් යොමුවෙන්න තියෙන මොහොතේ මම ලියන්නෙ මට ඇත්තටම හිතෙන දේ මිසක් බොරු වර්ණනා නෙවෙයි....
අනික මම කිසි පුද්ගලයෙක්ට පෞද්ගලික අපහාසයක් කරන්නේ නැහැ. ඇත්තටම හිතෙන දේ කියනවා.
මට ඇත්තටම හිතෙන දේ අවුල්නම් ඔව්, අපි තර්ක කරමු....
සමහර තර්කවල මම වැරදිනම්... මම ලෑස්තියි පිළිගන්න. විජය නන්දසිරි ගැන මම ලීව මොහොතේත් මම ඉදිරිපත් කරපු සමහර තර්ක වැරදි බව අනිත් අය කීවාම මම පිළිගත්තා.
මතක තියාගන්න මේ ලිපියේදීත් මම අමරදේව මාස්ටර් ගැන මට තියෙන අදහස කීවේ නැහැ.
අමරදේව ගැන ඇත්තටම හිතන්නේ මොකක්ද? මම ඉදිරියේදි ලියන්නම්. දැන් හොඳ නැහැ.!!!
උඹ කියපු දේ හරියට හරි... ඔය පොර වෙන්න අවශ්‍ය එක සාධකයක් තමයි මම අහන්නේ අමරදේව කියන එක... උන් අහන අමරදේවයෙක් නෑ.. අමරදේවගේ ආලෝකයෙන් බැබලෙනවා විතරයි...
ReplyDeleteදේශීය සංගීතයට එයා කළ දෙයක් නෑ.. ඒ බයිලා හොඳයි උත්තර භාරතීය සංගිතය කියන දේ නොදන්න හරක්ට..
හැබයි අමරදේව කියන්නේ මාර ටැලන්ට් එකක්.. ඒකේ දෙකක් නෑ.. ඒ කටහඬ උපරිම.. සංගීතය ගැන හොඳ දැනීමක් තිබුනා..
ඒත් නළාකරයෙක් උනායින් පස්සෙ කළාකාරයෙක්ගෙන් කිසි වැඩක් නෑ...
නිර්මාණ ටික ඉතිරි වෙයි..
හොඳ එකා වෙන්න බලාගෙන වැඩ කරන එවුන් ඉන්නවා. ඕන කෙනෙක් ඕන දෙයක් හිතපුදෙං කියලා වැඩකරන අය ඉන්නවා.
Deleteමාතලන් කෙලින්ම දෙවැනි වර්ගෙ..
මං දන්නෑ මං මොන වර්ගෙද කියල...
මට මං හොඳඑකා කියලා ලෝකෙට පෙන්වන්න ඕන නැහැ... නිදහස් කරගන්න තරං ගිල්ටියක් මගෙ හිතේ නෑ
83 කලුජූලිය දවස් වල පේරාදෙණිය විශ්ව විද්‍යාලය වහල තිබිබේ!.
ReplyDelete83 කලුජූලිය දවස් වල පේරාදෙණිය විශ්ව විද්‍යාලය වහල තිබිබේ!.
ReplyDeleteඔව්, ඒ බව රසික සූරියආරච්චි පෙන්වලා තිබුණා. කොහොම වුණත් මම ඇත්ත නොදන්න නිසා ඒ ගැන මොනවත් දැම්මේ නැහැ...
Deleteමම මේක දැම්මේ අමරදේවගේ උපන්දිනය වෙනුවෙන් ඔහු අමරණීයයි කියලා ඔහුව වර්ණනා කළ සම්මුඛ සාකච්ඡාවකත් ගම්ලත් ඔහු ගැන තියෙන විවේචනය ඉදිරිපත් කළ බව පෙන්වන්නයි.
මා දන්නා තරමින් 1983 ජූලි 10 දින විශ්ව විද්‍යාලය වැහැව්වා. සිසුන් උපවාසයක් පටන් ගත්තා. ජූලි 15 දිණ උපවාසය නිමා වුණා. පසු දින පොලිසිය පැන ශාලාවල ඉතුරුව සිටි සියලු දෙනාව පළවා හැරියා.
Deleteමං ආපහු විශ්ව විද්‍යාල සශමියට ගියේ 1983 නොවැම්බරයේ අගදී යි. ජූලි කලබල කාලයේ විශ්ව විද්‍යාලයේ දෙමළ, සිංහල සිසුන් කිසිවෙකු හෝ සිටියේ නෑ.
සුචරිත ගම්ලත් මේ කියන්නේ 1983 මැයි 11 සිදුවීම ගැන විය යුතුයි.
ඔබ ඒ ගැන පැහැදිලි කරලා ලියපු සටහනක ලින්ක් එකක් දැම්මානම් හොඳයි
Deleteඋඹ ෙගාඩක් ෙද්වල් ලියලා තිෙයනවා....... එ්ත් උෙබ් අදහස විතරක් ලියලා නැහැ...... අෙන් මන්දා බං.........
ReplyDeleteමගේ අදහස මේක අස්සේ ගහන්න බැහැ. වෙනම ලියන්න ඕන
Delete//මං උඹලාගේ මිමි වලට අනුව හොඳ මිනිහෙක් වෙන්න ලෑස්ති නෑ!!//
ReplyDelete+++++++++++
මහින්ද එක්ක කරට අත දාගෙන හිටිය හින්ද තමන්ගේ සින්දු ජාතිකවාදී වීම නිසා අර වයසක මනුස්සයට ආඩපාලි කියන තරිඳු ලංකාවේ පිරිමි ලෙනී රයිෆන්ස්ටාල් කෙනෙක් (හැබැයි ඒ අහලකින්වත් තියන්න පුළුවන් දක්ෂතාවක් නම් නැති) වගේ ප්රභාකරන්ට තමන්ගේම ජාතියේ එවුන් බ්රෙන්වොෂ් කරන්න ෆිල්ම් හදල දුන්න ත්‍රස්තවාදී "සිනමාකරුවෙක්ට" තමන්ගේ වැටුප පරිත්‍යාග කරන්න තරම් බොළඳ වෙනවා - උඹ තාම රෝහිත භාෂණ හරි සුනන්ද හරි වගේ දූෂිත මාද්යකාරයෙක් කියල හිතන්නේ නැහැ - හැබැයි ඔච්චර කුහක බබෙක් වෙන්න එපා - පොළොවට බැහැපන්
ReplyDeleteහා
Deleteමගේ අවංක අදහස මෙහෙමයි, අමරදේව මාස්ටර් දක්ෂයෙක් ඒක ආයෙ දෙකක් නෑ.
ReplyDeleteහැබැයි අර කලාකාරයෙක් වුනත් නලාකාරයෙක් වුනොත් වැඩක් නෑ කියන කතාව ඇත්ත. එහෙම නලාකාරයො වෙලා තමන්ගේ ජනතා ගෞරවය නැති කරගත්තු කලාකාරයො බොහොමයකුත් අපිට පේන්නම ඉන්නවනේ.
ඒක අමරදේවගෙ සිංදුවක් අහන්න බාධාවක් නෙවෙයි
Delete/* අමරදේව ගැන වාක්‍ය පහක් කියන්න!
ReplyDeleteඅපෝ බෑ.... කෙනෙක් මැරුණම ඒ ගැන හිතට එකඟව කතාකළොත් බැණුම් අහන්න තමා වෙන්නෙ.
දැම්මෙ අමරදේවගෙ ජනප්‍රිය ෆොටෝ එකක්.... */
ඒක හොඳ පරීක්ෂණයක්.
මිනිස්සු ඕනෑ දෙයක් තේරුම් ගන්නේ තමන්ට අවශ්‍ය විදියටයි.
ඔව්!
Deleteඋබේ අදහස කියල නැති එකනම් අඩුවක්.
ReplyDeleteජෙෂ්ට කලාකරුවොත් නිකන් ජේෂ්ට ඇමතියෝ වගේ සෙට් එකක්.
අමරදේව මහත්තය වටේ මේ අවස්ථාවේ ඉන්න "නලා" කාරයො දෙන ලොරි ටෝක් දකිනකොටනම් සබාවේ සිනා හොඳේ.. 😂
මොකද ජෙෂ්ට කියන උන්ම තමයි ආදුනිකයෙකුට උඩට එන්න දෙන්නෙ නැත්තේ. උන්ගෙ සින්දු කිව්වොත් උසාවි දක්කල දඩ ගස්සල නන්දන වින්දන ගොඩයි.
පරණ ගීයකට අතගහන්න දෙන්නෙම නෑ (මම කියන්නෙ ඉරාජ් ගෙ රී මික්ස් නෙමෙයි)
දැන් සතියකට රට ශෝක කාලයක්. රජයෙන් කියනව සුදු කොඩි දාන්නලු හැම ගෙදරකම.
ඒ කියන්නෙ සතියකට මුළු රටම මළ ගෙයක්. 🙄
ඉතින් කොහොමෙයි බං රටක් දියුණු වෙන්නේ..??
අමරදේව ඒ තැන්වල හිටියා විතරයි
Deleteමගේ අදහස ඉක්මනින් ලියන්නම්
මා දන්නා තරමින් 1983 ජූලි 10 දින විශ්ව විද්‍යාලය වැහැව්වා. සිසුන් උපවාසයක් පටන් ගත්තා. ජූලි 15 දිණ උපවාසය නිමා වුණා. පසු දින පොලිසිය පැන ශාලාවල ඉතුරුව සිටි සියලු දෙනාව පළවා හැරියා.
ReplyDeleteමං ආපහු විශ්ව විද්‍යාල සශමියට ගියේ 1983 නොවැම්බරයේ අගදී යි. ජූලි කලබල කාලයේ විශ්ව විද්‍යාලයේ දෙමළ, සිංහල සිසුන් කිසිවෙකු හෝ සිටියේ නෑ.
සුචරිත ගම්ලත් මේ කියන්නේ 1983 මැයි 11 සිදුවීම ගැන විය යුතුයි.
අප මතක තියා ගත යුතු අනිත් කාරණය තමයි සිංහල භාෂා වාග් කෝෂයක් බඳු වූ සුචරිත කතා කරන විට දන්නා සියලුම විශේෂණ පද කියන බව.
මෙතැනදී ම්ලේච්ඡ, දරුණු කුරිරු යනුවෙන් විතරක් කියා නතර කිරීම පුදුමයි. තුච්ඡ, නින්දිත, කාලකණ්ණි, අලජ්ජි, ජඩ, බ්රෂ්ඨ යනාදී වචන රාශියක් නොකීම පුදුමයක්.
අමරදේව ගැන, මහගම සේකර මැරුණු කාලයේ කතාවක් මෙන්න!
ReplyDeleteඅමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money - http://rasikalogy.blogspot.com/2016/03/time-value-of-money.html
ස්තුතියි
Deleteඕනෙම මනුස්සයෙකුට ඕනෙම මතයක් දරන්න අයිතියක් තියෙනවා... හැමෝගෙම කිල්ලෝටවල හුනු පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා... මමත් දැක්කා දාලා තිබ්බ පෝස්ට් එක... ඒකෙ වැරැද්දක් නෑ... අමරදේව ගැන ඕනෙම මතයක් දරන්න ඔයාට අයිතියක් තියෙනවා වගේම අමරදේවටත් එයාගෙම මතයක් දරන්න අයිතියක් තියෙනවා...
ReplyDeleteඒක විවේචනය කරන්න අයිතියක් තියෙන බවත් මං පිළිගන්නවා.. හැබැයි තර්කය විතරයි
Deleteඋබට කතාවක් ඇදල ගන්න ඕනි නිසානෙ ඔය ෆොටෝ එක දැන්මෙ????
ReplyDeleteඇයි තනියම ඉන්න එකක් නොදැම්මෙ
උඹ හැම තිස්සෙම 1983 ඇදල ගන්නෙ ඇයි????
ඊට අවුරුදු 20කට පස්සෙ උතුරෙ සෙබලුයි දකුනෙ සාමාන්‍ය මිනිස්සුයි සිය ගනන් මැරෙද්දි සිංහල දෙමළ එක මේසෙ එක කෑම එක කෑව දැක්කෙ නැද්ද?
83 ඇද්දෙ මම නෙවෙයි ගම්ලත්...
Deleteඅනික අසූතුන ඇදල ගත්තෙ මං නෙවෙයි මිනීමරපු එවුං...
මොකෝ අදිද්දි අවුල්ද? ඒ නිසා තමයි අදින්නෙ
මට නම් කිසිම අව්ලක් නෑ දශක 3ක් උඩින් පැනල ආපු උඹලට නම් අවුල් ඇති
Delete//මම දාපු ෆොටෝ එක හින්දාද? ඒත් ඒ අයම කිව්ව විදියට ඒ ෆොටෝ එකේ වැරැද්දක් නැහැලු.එහෙනම් හිතට එකඟව ලීවොත් බැණුම් අහන්න වේවි කියන එක අමරදේවට අපහාසයක් යැයි හිතන්නේ ඇයි?//
ReplyDeleteසමහරුන්ට පහසු හා සතුටු වහල්බව, වැඳ පුදා ගෙන ඉන්න එක. ඒත් ඒ ගැන ලැජ්ජාවකුත් තියනවා. ඉතින් කවුරුහරි මොනව කිව්වත් එය තමන්ට කල අපහාසයක් කියල හිතලා බනිනවා
මට බණින එකනම් ගාණක් නෑ... ඒත් නිකං මගෙ අදහස කියල දැම්ම
Deleteකලාකරුවෙක්ට වුනත් ඒ අයට තමන් කැමති දේශපාලනයක් වෙනුවෙන් පෙනි ඉන්න තියෙන අයිතිය තිබිය යුතුයි.ඔවුන් දරන දේශපාලන මතය හා අප දරන මතය සමපාත නොවුනත් ඒ අයිතියට අපි ගරු කරන්න ඕන.හැබැයි කලාකරුවා කලාව නිසාම පාලකයාගේ කුක්කෙක්ව ජනතාවට වින කරන්නෙක් නොවිය යුතුයි.පසුගිය කාලවල අපි දැක්කා සමහර කලාකරුවෝ පාලක පන්තියේ හිඳගෙන අසීමිත වරප්‍රසාද ජනතා මුදලින් භුක්ති වින්ද හැටිත්.
ReplyDeleteඕක ෆොටෝ එකේ වැරැද්ද. අමරදේවයක් ගැන වාක්‍ය පහක් ලියන්න කියලා එතුමන්ගේ වෙන ෆොටෝ එකක් දැම්මනම් තත්වේ ඔයිට වඩා වෙනස්.
ReplyDeleteමෛත්‍රීත් එක්ක සින්දු කියන එකක් දැම්ම නම් මොකක් කියයිද...
ReplyDeleteමේ සිංහල අපගෙ රටයි යනු. සිංහල නොවන්නන්ට ලංකාව අයිති නැතිබව නොවේ. සිංහලයන්ට ලංකාව අයිතිබව පමනි.
ReplyDeleteඅමරදේව මහතා මහින්ද එක්ක හිටිය කියල බනින එක නම් මනසේ හෝදා පාළුව. මතකද මහව බයි ඉලෙක්ෂන් එක විජය කුමාරතුංග පැරදුන. පොල් පෙරේරා දිනුවේ මම හිතන්නේ වංචා හුඟක් කරලා. ඒ කාලේ අමරදේව ගිහින් තිබුන පෝල් ගේ ගෙදර සින්දු කියන්න. මොකද්ද පාටියක් . අමරදදේව ව දරුණු විධිහට විවේචනය වුණා . මුළු සංගීත කලාවම සහ සරච්චන්ද්‍ර ව පවා පාවා දුන්න කියල. ඊට පස්සේ ඉතින් මහින්ද එක්කත් හිටිය. ඇයි මිනිසුන්ට හිතන්න බැරි අමරදේවට ඔය දේශපාලකයෝ හැමෝමත් කැමතිය කියල අපි වගේම. පෝල් හරි මහින්ද මෛත්‍රී හරි ගෝඨා හරි එයාගේ සින්දු වලට කැමති වෙන එක අමරදේවගේ වැරැද්දක් නමේ. ලොකුවට කඩේ ගිය කලාකරුවෙක් නෙමේනේ.
ReplyDeleteපරණ මෙමරි චිප් එකකින් රිකෝල් කර ගත් විස්තරයක්.
Deleteවිජය කුමාරණතුංග පැරදුණු අතුරු ඡන්දය පැවති කොට්ඨාශය මහව නොව මහර විය යුතුයි. ලයිට් කපා, ඡන්ද උස්සා එදා දිනුවේ පෝල් පෙරේරා නොව කමල වංශ ජයකොඩි.
ඔය කියන පාටිය තිබුණේ ගම්පහ එජාප සංවිධායක ඩොනල්ඩ් පෙරේරා ගේ නිවසේ බවයි පත්තරේ තිබුණේ. ගම්පහ එවකට මන්ත්‍රී සිරිලංකා එකේ එස් ඩී බණ්ඩාරණායක. ඔහුව පරදන්නට 1977 ඡන්දෙදී යුඇම්පී චන්ද්‍රා ජයකොඩිට බැරි වුණා!
පෝල් පෙරේරා කියන්නේ ජේආර් ගේ වෝඩ් ප්ලේස් නිවසේ අසල්වැසියා යි. ඔහු ගේ බිරිද කුසලා පෙරේරා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති වෙලා හිටියා. පෝල් පෙරේරා ඒ කාලයේ ද කොහෙද අත්තනගල්ලේ යූඇම්පී සංවිධායක වෙලා හිටිා වගේ මතකයකුත් ඒ මෙමරි චිප් එකේ තියෙනවා. පොර බීඕඅයි එකේත් හිටිය ද මන්දා?
පෝල් පෙරේරා කඩුවෙල සංවිධායක වෙලා හිටියා.
Deleteහැමෝගෙම මත වලට විවේචන තියෙනවා.සුචරිත ගම්ලත් කියන්නේ මට අනුව පිස්සෙක්.මට මිනිහා එපා වුණේ ලංකාදීපේ ගියපු මිනිහගේ පත වදන් දෙන ඇතුළ හිස් ලිපි පෙළකින්, ඉක්මණට ලියහන් උඹේ ලිපියත්.
ReplyDelete//මං උඹලාගේ මිමි වලට අනුව හොඳ මිනිහෙක් වෙන්න ලෑස්ති නෑ//
ReplyDeleteඒක හොඳ අදහසක්.
හැමෝටම තම තමන්ගේ ස්වාධීන අදහස් තිබිය යුතුයි. අදහස් මෙන්ම මතවාද සමඟද ගැටිය යුතුයි. නමුත් පෞද්ගලිකත්වය පටලවාගත යුතු නොවෙයි.
http://bitternight.blogspot.com/2016/11/blog-post_4.html
ReplyDeleteමේ අදහස්වලට තමයි මගේ මනාපය