ප්‍රසාද්
අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා. පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක්
පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක්
එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ
සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න කියලා. ඒත් තවම
දාලා නැහැ වගේ.
මම හිතන්නෙ
පැමිණිල්ල දාලා කිච වෙනවාට වඩා නොදාම කිච වෙන එක හොඳයි කියලා හිතෙන්න ඇති. ඔහු
පැමිණිල්ල දාලා තිබුණෙ නෑ.
කොහොමවුණත් ප්‍රසාද්ගෙ
සම්මුඛ සාකච්ඡාවෙ තිබුණෙ මොනවද. ඔහු ආගමකට අපහාස කළාද. මේ සටහන ප්‍රසාද් එක්ක මම
කරපු සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන්.
ජනප්‍රිය
කිව්වාට ඔහුගෙ නිර්මාණ සමාජ අවදානයට ලක්වෙන්නෙ තියුණු ලෙස ජාතිවාදය, දේශපාලනය,
ආගමික අන්තවාදය, අපේ සංස්කෘතියේ විරූපී තැන් ප්‍රශ්ණ කරන හින්දා. ඔහු සිනමාකරුවෙක්
වෙන්න හීන මැව්ව කෙනෙක්. එහෙත් ඔහු සිනමාව වෙනුවට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක්
තෝරාගත්තා. පිටපතක් ලිව්වාට පස්සෙත් ඔහුට
චිත්‍රපටිය ඉවර කරගන්නට අවස්ථාව හිමි වී තිබුණේ නැහැ. ‘ලංකාවේදී සිනමාවේ ඉදිරියට
යන එක ලේසි නෑ. එහෙනම් කොළඹ නැවතිලා සිනමාවට අයිති වෙනම සංස්කෘතියක් ඇතුලේ ඉඳලා
පුදුමාකාර කට්ටක් කාලා ඉස්සරහට යන්න ඕන. එහෙම නැත්නම් රට ගිහින් ශිෂ්‍යත්වයක් හෝ
පාඨමාලාවක් හදාරලා එන්න ඕන. ඒ දෙකම මට කරගන්න බැරිවුණ හින්දා අන්තිමේ වෙන ක්ෂේත්‍රයක
රැකියාව කරන්න පටන්ගත්තා.‘ ඔහු රාවය එක්ක සම්මුඛ සාකච්ඡාවෙදී කිව්වෙ එහෙමයි. ඔහු
ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම කළමණාකාර මට්ටමේ රැකියාවක් කරන්නෙ. (ඇත්තටම එයාගෙ ජොබ් එක
ගැන මට හරියටම අහගන්න බැරිවුණා.)
කොහොමවුණත් ප්‍රසාද්
ඒ රස්සාවෙ යෙදෙන අතරෙයි ඩිජිටල් චිත්‍ර, කොලාජ් වගේ නිර්මාණ කරන්නෙ. ප්‍රසාද්
කලින් කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉගෙනගත්තෙ. ඒ කාලෙ එයා ඡායාරූප වලටයි වැඩි අවදානයක්
යොමු කළේ. කාලයක් යද්දී ඒකෙන් තව මාධ්‍යයකට මාරු වෙලා. ඉන්පස්සේ ඩිජිටල් කොලාජ්
වලට. තව කාලෙකින් ඕකෙනුත් තවත් මාධ්‍යයකට මාරු වෙයි. මොකද ප්‍රසාද් ආට් කරන්නෙ
සල්ලි හොයන්නවත් මහා කලාකරුවෙක් වෙන්නවත් නෙවෙයි. ඔහුට යම් කිසි කම්පනයක්
දැනෙද්දී, ඔහුට පිට කරගන්න බැරි රිදීමක් එද්දී ඔහු ඒක පිටකරන්නට නිර්මාණයක්
කරනවා.
‘තනියම ලෝකය
තේරුම් ගන්න කාලේ හිතපු දෙයක් තමයි මේ ලෝකේ තියෙන හොඳම දේවල් මොනවද කියලා හොයලා ඒක
මොන සංස්කෘතියෙන්ද ආවේ කියලා සීමාවක් දාගන්නෙ නැතිව ඒ සියල්ල එකතුකරගත්ත අලුත්
තර්කනයක් ගොඩනඟාගැනීම තමයි මේ යුගයේ අපට පැරණි දැනුමෙන් ගන්න පුළුවන් හොඳම වැඩේ
කියන එක. මම හිතන්නේ එතකොට විශ්වීය මිනිහෙක් බිහිවෙයි.‘ ඔහුගෙ නිර්මාණවලට ආගම්
භේදයක් නෑ. ඔහු විරුද්ධ වෙන්නෙ අහවල් සංස්කෘතියට නෙවෙයි.
‘මට අවසාන
කාලයේ කරපු ඒවා සෑහෙන වේදනාවක ප්‍රථිපලයක්. සමහර දේවල් ගැන කල්පනා කරලාම නින්ද
නැතිවෙද්දී තමයි මම නිර්මාණය කරන්නේ. එවන් සිදුවීම් මම දන්නා දැනුම ඇතුලේ බලනවා.
මම එක් පැත්තකින් ස්වයං විවේචනාත්මකව මගේ දිහාත් බලනවා. එතකොට මම යම් විශ්වීය
තැනක් දකිනවා. එතකොට අර ආගම්, සංස්කෘතික සීමා නැති මිනිසා වෙනුවෙන් නිර්මාණය කරන්න
පුළුවන් වෙනවා. ඒක ඕනම කෙනෙක්ට විඳින්න පුළුවන්
නිර්මාණයක් බවට පත්වෙනවා.‘
මම කලින් කිව්වා වගේ ඔහු විවේචනය කරන්නෙ සිංහල බෞද්ධයැයි
කියන අන්තවාදය නෙවෙයි. කොහේ වුණත් බිහිවෙන අන්තවාදයටයි ඔහු විරුද්ධ. යුධ විරුවන්,
ශ්‍රේෂ්ඨ උත්තරීතර ජාතිය, නිවැරදි එකම ආගම, නිවැරදි ආගම හෝ ජාතිය වෙනුවෙන්
මිනීමැරීමේ පාපයක් නැහැ වගේ දේවල් ඕනෑම අන්තවාදයක පොදු ලක්ෂණ. ඔහු ප්‍රශ්ණ කරන්නෙ
ඒක. අපට හුරු ලංකාවෙ ඒක ක්‍රියාත්මක වෙන විදිය නිසයි ඔහු ලංකාවට අදාල දේවල්
සංකේතාත්මකව පාවිච්චි කරන්නෙ. ‘මම කැමා
හෙවත් හමුදා නිල ඇඳුම පාවිච්චි කරන්නේ සිංහල රණවිරුවාය කියන හමුදා සෙබලාව නියෝජනය
කරන්න විතරක් නෙවෙයි. සමස්ථයක් විදියට යුධ විරුවා කියන එක නිරූපණය කරන්න. අපේ
හමුදා නිල ඇඳුම අපට හුරුපුරුදු රූපය. ඒක සංකේතයක්. නූතන සහ පැරණි ඉතිහාසය පුරාම
විවිධ සංස්කෘති ඇතුලේ මේ යුධ විරුවා කියන සංකල්පය පාලකයන් විසින් සාමාන්‍ය මිනිස්සුන්ව නොමඟ යවන්නට පාවිච්චි
කළා. මිනිසුන්ගේ ප්‍රශ්ණයක් තමයි සමහර වැරදි දේවල් ජාතිය වෙනුවෙන් කරන නිසා
නිවැරදියි කියලා පිළිගන්න කියලා දේශපාලනය විසින් බල කරන එක. ඒ බලකිරීම ඇතුලේ ඒක
පිළිගන්න එක. සමහර වැරදි දේවල් ජාතිය නිසා අපි නිවැරදියි කියලා හිතනවා. ඒත් අපි
දන්නවා ඒක වැරදියි කියලා. යුද්ධයකදී අපි ඒක හොඳටම අත්දකිනවා.‘
‘ලෝකයේ දැවැන්ත කලාකරුවන් පවා ලෝකය මොනතරම් සියුම්ව
කියවාගත්තත් දුර්වල වෙන තැන තමයි ඕක. එයාලා දේශපාලකයා වෙනුවෙන් හිතන්න ගන්නවා. දේශපාලකයාගේ
දෘෂ්ඨි කෝණයෙන් හිතන්න ගන්නවා. එහෙමත් නැත්නම් දේශපාලකයා මවපු මිත්‍යාවට රැවටිලා
නිර්මාණ කරනවා. ඒක විනිවිද දකින්නෙ නෑ. කලාකරුවාට තියෙන්න ඕන කලාකරුවාගේ ප්‍රතිපත්තිය.‘
මේ සියල්ල මැද ඔහුගෙ සම්මුඛ සාකච්ඡාවෙදි මම වැඩිපුරම
කැමතිවුණ කොටස තමයි සමාජ මාධ්‍ය ගැන ඔහුට තිබුණු අදහස්. ඒ කොටස මම මගේ ප්‍රශ්ණ සහ
ඔහුගෙ උත්තර විදියටම මෙහෙම සඳහන් කරන්නම්.
ඔබ නිර්මාණ කරන්නේ පුළුල් ෆේස්බුක් අවකාශයට. ඔබේ
නිර්මාණවල කර්තෘ අයිතිය ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. අලෙවි කරන්න බලාපොරොත්තුවක් නෑ.
ඔබ දැන හෝ නොදැන ඕනම කෙනෙක්ට නොමිලේම නිර්මාණය ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන්.
අප දන්නා දෘෂ්‍ය කලාකරුවාගේ භාවිතය මේක නෙවෙයි. මේ විදියට පුළුල් අවකාශයට නිර්මාණ
අත්හැරීම ගැන ඔබේ අදහස මොකක්ද?
මම කවදාවත් ප්‍රදර්ශනයක් කරලා නෑ. ගොඩක් අය මගෙන් අහනවා ඇයි නොකරන්නේ ඒක
අපරාදේ කියලා. ලංකාවේ කලාකරුවන් සෑහෙන ලෝබයි කියලා මට හිතෙනවා. ඒවා හොරකම් කරයි
කියලා භීතිකාවකින් ඉන්නේහොඳ සංකල්පයක් කියන්නේ අහම්බයක් වගේ. සමහර ඡායාරූප
ශිල්පීන් ඉන්නවා ෆොටෝස් අරගෙන, තරඟයකට ඉදිරිපත් කරලා සහතිකයක් අරන් ඒ සහතිකේ ගන්න
එකයි, සහතිකෙයි ෆොටෝ අරන් ෆේස්බුක් දානවා. ගෙදර බිත්තියේ එල්ලනවා. ඒ මනුස්සයා ගත්ත
ෆොටෝ එකක් පේන්න නෑ. ඔහු කම්පනය වුණ තැන සමාජය එක්ක බෙදාගන්නෙ නෑ. කලාකරුවන්
තමන්ගේ නිර්මාණ පුළුල් සමාජය වෙනුවට කලාගාරයකට සීමා කරනවා. ඉන්පස්සේ සම්මාන ලබනවා.
ඒ අතරේ මාර ජන හිතකාමී කලාකරුවෙක් විදියට පෙනී හිටින්න උත්සාහ කරනවා. මට ඒ
ගැන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. හැබැයි ඒක එයාලාගේ කැමැත්ත. මම කරන්නේ මාර වැඩක්
කියලා කියන්න මම උත්සාහ කරන්නේ නෑ. මම වෙන රැකියාවක් කරනවා. ඒ නිසා මගේ කලා
නිර්මාණවලින් මුදල් උපයන්න මම උත්සාහ කරන්නෙ නෑ.
ඔබේ නිර්මාණ තරඟවලට ඉදිරිපත් කරලාවත් නැද්ද?
මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ගත්ත ඡායාරූප තරඟ දෙකකට
තුනකට දැම්මා. ඒවාට සහතික එහෙමත් ලැබුණා. හැබැයි මම ඒ තරම් ඒකට කැමතිවුණේ නෑ. ඒක
ඇබ්බැහියක් වෙනවා. එතකොට මම ලෝකය දකින්න ගන්නවා ඡායාරූප විදියට. ඡායාරූපයත් එක්ක
සම්මාන, සහතික පේන්න ගන්නවා. හැම දෙයක්ම සම්මානයක් විදියට පේනවා. ඒක ටිකක් අවුල්
වගේ මට දැණුනා. ඒ කාලේ මම තීරණය කළා ආයෙ කවදාවත් තරඟවලට දාන්නෙ නෑ කියලා. ඉතින් ඒ
කාලේ ඉඳන්ම මම හැම නිර්මාණයක්ම ප්‍රදර්ශනය කරන්න ෆේස්බුක් එකට දැම්මා. ඒක මම
වැඩකරපු විදිය. හැමෝම එහෙම වෙන්න ඕන නෑ.
(රාවයේ පළවූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන්. ලිපියේ
සම්පූර්ණ අයිතිය රාවය සතුයි.)
ප්‍රසාද්ගේ "ඇසතු ගස යට පියෙටා" ලෙස මෙහි නම් කරල තියෙන නිර්මාණය මම මගේ මුළු ජීවිත කාලය පුරාම දැකපු නිර්මාණ වලින් විශිෂ්ඨතම නිර්මාණයක්. ප්‍රසාද්ගේ නිර්මාණ මීට පෙර දැකලා තිබුනට ඔහුගේ අදහස් කියවන්න ලැබුනේ අද. නිර්මාණකරුවෙක් සැබෑම නිර්මාණකරුවෙක් වෙන්නේ සීමා වලින් තොරව ලෝකය දිහා බලන්න පුළුවන් වුනාම. බෙදිල තියෙන පිල් වලින් එකක් තෝරගෙන ඒ පැත්තේ හිටගෙන ලෝකය බලනවා වෙනුවට සියල්ලට ඉහළින් ලෝකය බලන්න පුළුවන් වුනාම.
ReplyDeleteසමාජය මොළ ශෝදනයට ලක් කරන/ ලක් කල නිර්මාණකරුවන්ගෙන් පිරී ගිය යුගයක මෙවන් නිර්මාණකරුවන් අතලොස්සක්වත් දකින්න ලැබෙනවා නම් ඒක භාග්‍යක්.
කාගෙවත් න්‍යායපත්‍ර වලට හසු නොවීම අමාරු වැඩක්. කලාකරුවා කරන්න ඕන ඒක තමා!
Deleteප්‍රසාද් මං බොහොම ඉහලිං අගය කරන නිර්මාණශිල්පියෙක් ...
ReplyDeleteමට හිතෙන විදිහට බුවාට ලංකාව පොඩි වැඩී ...
ඇත්ත.
Deleteඕනම ආගමකට පොදුයි ඔය උඩම තියන නිර්මාණය නම්. හඳුන්වා දුන්නට ස්තූතියි
ReplyDeleteමා නිසානම් හඳුනාගත්තේ, ඒක මට සතුටක්.
Deleteඇසතු ගස යට පියෙටා විශිෂ්ඨයි!
ReplyDeleteඇත්ත.
Delete