Tuesday, June 19, 2018

ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... ( Photos )

ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව අත්අඩංගුවට අරන් මොකක්හරි චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා. මේ මුලු සිදුවීම් මාලාවම හරි විකෘතියි. අපේ සමාජයේම විකෘති බව සිදුවීම් මාලාව ඇතුලේ තියෙනවා.

ඡායාරූපය සංකේතයක් පමණි




මේ නිශ්චිත සිදුවීම ගැන තවත් කරුණු සෙවිය යුතුයි. එහෙත් මේ සිදුවීමම අඩු වැඩි වශයෙන් මගේ ගමේදීත් මම අහලා තියෙනවා. වෙන අවස්ථාවලදීත් අහලා තියෙනවා. සම්බන්ධයක් අහුවුණ විගස සමාජ ලැජ්ජාවට බියෙන් පවුලේ අය විසින් නවයොවුන් තරුණ තරුණියන්ව විවාහ කරදෙනවා. මෑත දවසක දැරියක් ලිංගික හිංසනයට ලක් කරපු අවුරුදු තිස්පහක විතර කෙනෙකුට අවුරුදු දහසයක දැරියක් විවාහ කරදෙන්නට පවුලක් පෙළඹුණ කතාවක් පවා අහන්න ලැබුණා. ( ලංකාවෙ බාල වයස්කාර විවාහ පිළිබඳ සංවාදය ජාතිවාදී සංවාදයකට පටුවෙලා. බාල වයස්කාර විවාහ සිද්ධවෙන්නෙ මුස්ලිම් පවුල් අතර විතරක් වගේ. ඒ නිසා ලංකාවෙ බාල වයස්කාර විවාහ ගැන ඇත්ත ප්‍රශ්ණය යටපත්වෙලා. )

ගෙදරට පැනීම

මේ නවයොවුන් තරුණිය සහ තරුණයා අතර සම්බන්ධය බලහත්කාරී එකක් නෙවෙයි. ප්‍රේම සම්බන්ධයක්. මේ දෙන්නා ගෙදර කවුරුත් නැති වෙලාවකට එකට ගෙදර ඇතුලට ගිහින් තියෙනවා. මේක බලාගෙන හිටපු අසල්වාසීන්ට කැක්කුම හින්දා පොලීසියට කතාකරලා.

අවුරුදු දහසය පහුවෙන නව යොවුන් තරුණ තරුණියන් කුතුහලය එක්ක ලිංගික සොයායෑම්වලට පෙළඹෙනවා. අවුරුදු දහසය පහුවෙන කෙනෙක් වැඩිහිටියෙක් නොවුණත් ඒ වයසට ලිංගිකත්වය දරාගන්න ඔවුන්ට පුලුවන්. නීතිය අනුව එය බාල වයස්කාර ලිංගික ක්‍රියාවක් වුණත් ජීව විද්‍යාව ඇතුලෙ ඒක එහෙම නෑ. ඇත්තටම ඒ වයසෙ දරුවෙක් ප්‍රේම කිරීම සහ ඒ ප්‍රේමය ඇතුලෙ ලිංගික අත්දැකීමක් විඳීම වැරැද්දක් නැහැ.'

අනෙක වැරැද්දක් තිබ්බත් ඒ වයසෙ දරුවන් හොරෙන් හෝ තමන්ගෙ ලිංගික අධ්‍යාපනික චාරිකාව යන එක නවත්වන්න මොන ජගතෙකුටවත් බෑ.

හැබැයි භයානක කොටස තමයි ඔවුන්ගේ ලිංගික දැනුමේ ගැටලුවක්, ඔවුන්ගෙ සොයායෑම්වල අවුලක් තියෙනවානම් වැරදි අත්හදාබැලීම්වලට ඔවුන් යොමුවෙන්න පුලුවන්. බාල වයස්කාර මව්වරුන් බිහිවීම වගේම හැඟීම්වලට වහල්වෙලා බාලවයස්කාර විවාහවලට යොමුවීම වගේ ගැටලු එන්න පුලුවන්. ඉතින් මේ වයස වෙද්දී උපත් පාලන ක්‍රම ගැන ඉගැන්වීම, සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා ගැන ඉගැන්වීම බොහොම වැදගත්.
හැබැයි ලංකාවෙ කරන්නෙ ගිය සතියෙ අනුරාධපුරේදී කරනවා වගේ වැඩ. පොලීසිය අපරාධකාරයෙක් දැක්කාම චූ යන සයිස් එකෙන් හිටියාට මේ වගේ වෙලාවට තකහනියක් දුවගෙන යනවා. ගෙයක් වගේ පෞද්ගලික ඒරියා එකකට කඩා වැදිලා ඒක ඇතුලෙ මොනවද වෙන්නෙ කියලා බලනවා. ෆෝන් එක අරගෙන රෙකෝඩ් කළාද කියලා බලනවා. සමහරවිට පොලිස් නිලධාරීන් අතර මේ දැරිය ඉන්න වීඩියෝව හොඳින් හුවමාරු වෙන්න ඇති. මොකද ලංකාවෙ තවමත් වීඩියෝ, අඩනිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් නැහැ. පොලීසිය අතට පත්වුණාම පොලීසියේ සිටින ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන්.

විවාහ කරදීම

පොලීසියෙන් මේ චෝදනා ටික දැම්මාට පස්සෙ මේ තරුණියව පවුලේ අය විසින් අර තරුණයාට විවාහ කරදීලා. ඒක අනෙක් පිස්සුව. බොහෝවිට සමාජ අපවාදයෙන් ගැලවෙන්නයැයි කියමින් මේ විදියට විවාහ කරදුන්නාට ගමේ හෝ ඥාතීන් අතර මේ වගේ කතාවලට තටු ලැබෙනවා. ඇත්තෙන්ම මේ වගේ සිද්ධියක් නොවුණත් මේ වගේ කතා පැතිරෙන අවස්ථා බොහොමයි. ඉතින්, ඔය සමාජ අපවාදයට බියෙන් කරන විවාහයකට මොන තරම් පදනමක් තිබේවිද? ඒ විවාහය මොන තරම් සාර්ථක වේවිද. ජීවිතය ගැන අත්දැකීම් නැති තරුණ යුවලක් තමන්ගේ ලිංගිකත්වය හොයා ගියාට පසුව විවාහයට යට කිරීම මොනතරම් බරපතල වැරැද්දක්ද?

මේ ගැමි සමාජයට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කළොත් සංස්කෘතිය විනාශ කරන බව කියමින් සංඝ සමාජයෙනුත්, සංස්කෘතික පොලීසියෙනුත් කඩුපොලු අතට ගන්නා නිසා මේවා අද හෙට වෙනස් නොවෙන බව විශ්වාසයි.

2 comments:

  1. yllix මගුල අයින් කරහං වැඩක් ඇති වැඩක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අයින් කළා. පරණ අකවුන්ට් එකක්. අත්හදා බැලීමක් විදියට දැම්මෙ. මඟුලෙ ආර්ථික ගැටලු මැද්දෙ ආදායමක්වත් ඒවි කියල. පස්සෙ හිතුණ ඒක හරි නෑ කියල

      Delete