Tuesday, July 03, 2018

රෝස පුතුන්

ආදරය, බැඳීම සහ විවාහය යන වචන අපට ගෙනෙන්නේ කෙබඳු අර්ථයක්ද? අපි හැමෝටම එකිනෙකාට තියෙනවා අපේම අදහසක්. විවාහය ගැන. විවාහය සර්වකාලීන සංකල්පයක්. මුළු ලෝකයම එකවර විවාහයට එකඟ වුණා වගෙයි. ඇමෙරිකානු ¥පත් යුරෝපයෙන් වෙන්ව පැවතුණත් ඉතිහාසය පුරාම ඇමෙරිකාවේ විවාහය පැවතුණා. ආසියාව වෙනම තිබුණත් ආසියාවේද විවාහය පැවතුණා.  ඕස්ට‍්‍රේලියානු, සැමෝආනු සංස්කෘථියේත් විවාහය පැවතුණා. ඒවාට අදාල සංස්කෘතියේ වෙනස්කම් මිස විවාහය යන සංකල්පයේ වෙනසක් කිසිවෙකු අතර නැහැ.






ආදරයත් එලෙසමයි. ආදරයට අපි එකිනෙකා විවිධ අර්ථ දෙනවා. එහෙත් ආදරය සර්වකාලීනවම පවතිනවා. එහෙත් කාලය ගෙවෙද්දී පේ‍්‍රමය තව තවත් පුලූ‍ල් අර්ථ මවන්නට පටන්ගන්නවා. ඒ මොන අර්ථය තිබුණත්, ආදරයේදී සහ විවාහයේදී අපි එකම දෙයක් ප‍්‍රාර්ථනා කරනවා. ඒ ආදරය ගැන අපට ඇති විශ්වාසය ගැන සමාජය ගෞරව කළ යුතු බව. සමාජය එය පිළිගත යුතු බව. අපේ පවුල, වැඩිහිටියන්, මිතුරන් ඒ ආදරයට ගෞරව කිරීම, අගය කිරීම අපි බලාපොරොත්තු වෙනවා. එය එසේ නොවෙද්දී මහා ආදර යුද්ධ ඇරඹෙනවා.

‘සන්ස් ඔෆ් රෝසස්‘ නම් වූ විවාහ ඡුායාරූප එකතුව අපේ කලාපයේ ආදරය ගැන සංකල්පයට අලූ‍ත් අර්ථ මැවුවා. කැනඩාවේ සිටින දකුණු ආසියානු සංක‍්‍රමණිකයන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වුණා. විවාහය ගැන සංස්කෘතික ආකල්ප දෙදරවා හැරියා. මේ ඡුායාරූප එකතුවට විවාහක යුවල ලෙස පෙනී සිටියේ හරන් විජයනාදන් සහ හම්සා මියාන් කියන තරුණයන් දෙදෙනා.  ( මේ දෙදෙනා සැබෑ ලොව යුවළක් නෙවෙයි. ඡුායාරූප වලට යුවළක් ලෙස පෙනී සිටියා පමණයි. එහෙත් දෙදෙනාම සමකාමී තරුණයන්. * ඒ දෙදෙනාව ඡුායාරූපයට නැඟු‍වේ සයිරා හුසේන් විසින්. ‘මස්ට් බී කිස්මත්‘ නම් විවාහ සඟරාව හරහා මේ ඡුායාරූප එකතුවට අනුග‍්‍රහය සැපයුවා.

මෙය දකුණු ආසියානු සංස්කෘතික විවාහයක්. සංස්කෘතික ඇඳුම් පැළඳුම් මෙන්ම සංස්කෘතික ඡුායාරූප එහි තිබුණා. එහෙත් එය සම්පූර්ණයෙන් සංස්කෘතියට අභියෝග කරමින්, සංස්කෘතියේ වෙනසක අවශ්‍යතාවය අවධාරණය කළා.

දකුණු ආසියානු සංස්කෘතිය තුළ සමකාමී ලෙස උපත ලබන තරුණ තරුණියන්ට තමා ආදරය කරන කෙනා සමඟ විවාහ වීම හොඳ තෝරාගැනීමක් වෙන්නෙ නැහැ. බොහෝවිට පවුලෙන් සහ සමාජයෙන් එයට එන්නේ විරෝධයක්. එහෙත් මේ වෙද්දී අතරින් පතර බිහිවෙන දියුණු මිනිසුන් තමන්ගේ දරුවන්ගේ එවැනි බලාපොරොත්තු වලට ඉඩහසර විවෘත කරනවා.  විවාහයට අනුමැතිය දෙනවා. මේ ඡුායාරූප වලට පෙනී සිටි හරන් විජයනාදන්ට පවුලෙන් එවැනි අනුමැතියක් ලැබී තියෙනවා. හරන් විජයනාදන් ශ‍්‍රී ලාංකික දෙමළ තරුණයෙක්. ටොරන්ටෝ වල පැවැත්වූ ලිංගික අයිතීන් පිළිබඳව කැනඩාවේ ටොරන්ටෝහි ඇති ‘ටොරන්ටෝ ප‍්‍රයිඞ්‘ සංවිධානයෙන්  පවත්වන වාර්ෂික පා ගමනට හරන් විජයනාදන් තමන්ගේ පවුලේ උදවිය සමඟ ගෞරවයෙන් ගමන් කළා. හරන්ට තමන්ගේ සැබෑ විවාහය අනෙක් තරුණයන් මෙන්ම ගෞරවයෙන් සහ අභිමානයෙන් තමන්ගේ පවුල සමඟ සැමරිය හැකියි.

‘මගේ විවාහය නියම ඉන්දියන් සහ ශ‍්‍රී ලංකන් කෑම තියෙන ලොකු විවෘත බිමක පවත්වන්න මම බලාපොරොත්තු වෙනවා. ලස්සනට ආලෝකකරණය කරලා, පුංචි කතා ටිකක් පවත්වලා, පැමිණෙන අයට ලස්සන දවසක් උදා කරන්න පුළුවන්. සාමාන්‍ය දේශීය ඇඳම් ඇඳලා ලස්සන තරු තියෙන අහසක් යට පුංචි හුළඟක් එක්ක පවුලෙ අය වටකරගෙන විවාහය අත්දකින්න මම හිතාගෙන ඉන්නවා.‘ හරන් විජයනාදන්ගේ අහිංසක බලාපොරොත්තුව එයයි. ඔහුට  ඕනෑ සාම්ප‍්‍රදායික විවාහයක්.

එහෙත් හම්සාට එවැනි විවාහයක් ගැන විශාල බලාපොරොත්තුවක් නැහැ. හරන් හින්දු භක්තිකයෙක්. හම්සා පාකිස්ථානු සම්භවයක් ඇති මුස්ලිම් භක්තිකයෙක්. දෙදෙනාම තම තමන්ගේ ආගම්වලට දැඩිව බැඳී සිටිනවා. හරන් සමකාමී තරුනයෙක් වෙද්දී හම්සා අලිංගික අනන්‍යතාවයක සිටිනවා. හම්සාගේ අදහස තමන්ගේ විවාහය සම්ප‍්‍රදායික මුස්ලිම් සංස්කෘතිය අනුව කළ නොහැකි වනු ඇති බවයි. ‘ඒකට කමක් නැහැ.‘ හම්සා කියනවා.

‘සන්ස් ඔෆ් රෝසස්‘ හෙවත් ‘රෝස පුතුන්‘ ඡුායාරූප එකතුව හරන්ගේ සහ හම්සාගේ සිහින වලට පමණක් ආලෝකය සපයන්නේ නැහැ. සාම්ප‍්‍රදායික ලිංගික අනන්‍යතාවයන්ට වෙනස් ලෙස උපත ලද බොහෝ දෙනෙකුගේ සිහිනවලට ආලෝකය සපයනවා. සුන්දර ඡුායාරූප එකතුව රටෙන් පිට සිටින ආසියානුවන් බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුණා. විවිධාකාර අදහස් ඒ ගැන ගලා ආවා. හෙමින් හෝ සංස්කෘතිය ගමන් කරන්නේ ඉදිරියට බව ඒ අදහස් සමඟ දකින්නට ලැබුණා.







www.mustbekismet.com

1 comment:

  1. ඔයවගේ සිදුවීම් පසුපස දේශප‍ාලනයක් තියෙනවා.
    කැනඩාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් ඇති රටක්.
    එහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘති සංස්කෘතියට අභියෝගයක් එල්ලවන්නේ මුස්ලිම් සංස්කෘතියෙන්.
    මුස්ලිම් සමලිංගිකයන් කැනඩාවේ මුස්ලිම් සංස්කෘතිය දුර්වල කිරීමට යොදාගත හැකියි.

    තවදෙයක්,
    මම කියනවට ඔයා ලොතරැයියක් ගන්න.
    ඔයාගේ වෙලාව හොඳයි.
    ඔයා හිඩ්ලර් ගැන මොකවත් කිව්වේ නෑ.

    හිඩ්ලර් කියන්නේ මිනී මරුවෙක් නේද?
    හාමුදුරු කෙනෙක්ට හිඩ්ලර් ගැන කතාකරන්න අයිතියක් තියෙනවද?
    බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පොන්නයා වගේ ඉන්න කියලා නේද? වගේ කතා කිව්වනම් ඔයා අද හිරවෙනවා.

    දැන් ඔයාට බය නැතුව ඔයාගේ පෙම්වතිය (විජයකලා මහේශ්වරන්) වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ගුන ගායනා කරන්න පුළුවන්.

    ReplyDelete